8 🌸

Sehaa pov:


එයා ඇයි මට එහෙම සලකන්නෙ. මම මොනාද කලෙ එයාට. ඒත් එයා මට මුලින්ම කිව්වා එයාට ඕනි මගෙන් පලිගන්න කියලා ඉතින් ඇයි මම එයාට දැන් මේවා කරන්න එපා කියන්නෙ. එයා කරන්නෙ මාව රිද්දන එක.. එදා මම මුගෙ කනට නොගහා අතක් පයක් කැඩුවනම් හොදයි කියලා හිතෙන්නෙ දැන් 🙂 මම දවල් චුට්ටක් ඇඩුවා තමයි මිත්‍රවරුනි.. ඒත් දැන් අඩන්නෑ 😂 ඇයි ටේ මහ මනුස්සයාද එයා මේ කෙල්ලෙක් කිස් කරා කියලා මම අඩන්නෙ.. කෙල්ලෙක් නෙවෙ කෙල්ලො 10ක් කිස් කරපුදෙන්.. අපිට පාන්ද😌
ඒත් මට ඒ යකා එක්ක පුදුම තරහක් තියෙන්නෙ. අනෙ දෙයියනෙ ඕකට දෙකක් දෙන්න ඇත්නම්... ඇයි ඉතින් හීන මව මවා ඉන්නෙ.. ගිහින් දෙකක් අනිමුකො...


මගෙ හිතට එන්නෙ හරි කෲර අදහස් 🙂🙂🙂 එයාට මාව රිද්දන්න පුලුවන්නම් ඇයි මට එයාට චුට්ටක් රිද්දන්න බැරි.. චූටි ගුටියක්නෙ දෙන්නෙ..


මම දුවගෙන ටේ මහත්තයාගෙ රූම් එකට ගියා. එයා මොනාදෝ බැල්කනියෙ ඉදන් අහස දිහා බලන් කල්පනා කරනවා.. අනෙ අර පස්ස පැත්තට දෙකක් අනින්න තිබ්බනම් 🙂 ඉතින් අනිමුකො 🥴🥴🥴🥴


මම හෙමීට අඩිය තිය තියා ටේ ලගටම ගියා. එයා දන්නෑ මම එයා ලග ඉන්නෙ කියලා.. ඒ තරම් කල්පනාව. අත් දෙකට මුලු ඇගේම හයිය දාලා ටේගෙ සූටි පස්සට ගුටියක් දීලා මම එතනින් මාරු වුණා..


🐯: යාහ්හ්හ්හ් පාක් සේහා...



පව්... මහ හයියෙන් මගෙ නම කියලා කෑ ගැහුවා හිතන්න ඇති මං බය වුනා කියලා.. හැබැයි පස්ස රත් වෙන්න ඇති 😂😂 මගෙ අතත් එක්ක රිදෙනවා දුන්න පාරට 😂😂


මම හිනා වෙවී දුවගෙන ඇවිත් නැවතුනෙ සාලෙ. හිනාව නවත්තගන්න බෑ.. දෙයියනේ මගෙ බඩ.... හිනා වෙවී ඉද්දිම මගෙ බඩ වටෙ සමනල්ලු පියාබන්න ගත්තා වගෙ දෙය්ක් මට දැනුනා.. කෙනෙක් මගෙ පිටිපස්සෙන් මගෙ ඉන වටෙ අත් දාලා ඒ කෙනා ලගට ඇදලා ගත්තා....


මම හෙමීට බැලුවෙ ඒ කව්ද කියලා. කව්ද ඉතින් අර ටේ කොල්ලා.. එයත් හිනා වෙනවා 😂 අපි දෙන්නා ලං වුන පලවෙනි වතාව මේක.. එයයි මායි කවදාවත් මූනෙන් මූන බලන් හිනා වෙලා නෑ 😂


🐯: කව්ද දැන් මට ගහලා ගියේ.ම්ම්ම්ම්....


එයා එයාගෙ තොල් මගෙ කනේ ගෑවෙන නොගෑවෙන තරමට රහසින් කතා කලා.. ගෑස්ටික් වැඩි වෙලාද හත්වලාමෙ මගෙ බඩෙ සමනල්ලු පියාබන්නෙ... 🙂


🌸: අහ්.. ම්.. මේ... මම... ස්.. සොරි ඉතින් විහිලුවක් කළේ.....


ඒත් ඇයි මම මේ වචන පටලවන්නෙ.. ඔක්කොටම කලින් මේ විසාල අත් දෙකෙන් ගැලවෙන්න එපැයි දෙකක් කතා කරන්න..
මම ටේගෙ අත් කොච්චර අයින් කරන්න මහන්සි වුණත් එයාගෙ අත් හෙල්ලුනේවත් නෑ.. මම ඔම්මා කියපු දෙ අහලා නිවිති කෑවනම් අද මම මෙහෙම මේ අත් දෙක අතාරින්න  මහන්සි වෙන්නෑනෙ 🙂
ඒත් මට මේ මනුස්සයට දෙකක් කියන්නමයි ඕනි...


🌸: යහ් කිම් ටේහ්‍යුන් ... අත ගන්නවකො.....


🐯: මට මතකයි දවල් කව්දෝ කෙල්ලෙක් අඩාගෙන ඇවිත් මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා...


🌸: ඉතින් ඇයි ඔයා මට බැල්ලි කිව්වෙ. මට දුක හිතුනා...


මම ඒක කිව්ව ගමන් එයා අත්දෙක ලිහිල් කරගත්තා.. සමහරවිට ආය තරහා යන්න ඇති.. ඒත් මම එයා දිහා බලද්දි එයා බිම් බලාගෙනයි හිටියේ..


🐯: සේහා.. මියන්හේ... මම හිතලා නෙවෙයි කිව්වෙ....


එයා මගෙන් සමාව ගත්තා....


🌸:  මොකක්... හිතලා නෙවෙයි කිව්වෙ? අහන්න ටේහ්‍යුන් කොච්චර කෑ ගහලා හිනා වෙලා හිටියත් මටත් දුක හිතෙනවා. කටට එන දේ කියන්න කලින් දෙපාරක් හිතන්න. මට මීට කලින් මෙහෙම කවුරුත් කතා කරලා නෑ. අහ් අමතක වුනා... පලිගන්නනෙ මාව මැරි කලේ.. මම ඉවසන්නම් .. ඔයා පලිගන්න...


මම කියන්න ඕනි ටික කියලා ආයෙත් මගෙ රූම් එකට ඇවිත් දොර වහගත්තා. කොච්චර හිනා වෙන්න ට්‍රයි කරත් ටේ මට කිව්ව වචනෙ නිසා මගෙ හිත ගොඩක් රිදුනා...


Next day morning:


මම උදෙන්ම නැගිටලා ටේට කෑම හදලා ලෑස්ති වුනෙ ජියාව හම්බවෙන්න යන්න. මට මේ ගෙදර තනියම ඉන්න එක එපාම කරපු වැඩක්...
මම ලෑස්ති වෙලා පහලට එද්දි ටේ කෑම කන ගමන් හිටියේ..


🐯: කොහෙද යන්නෙ...


🌸: ජියාව හම්බවෙන්න...


🐯: ඇයි ඒ?


ඇයි ඒ? මේ මිනිහා මගෙන් ඇහුවෙ ඇයි කියලද 🙂 අනෙ මගෙ ලේ රත් වෙනවා දෙයියනේ.. මූට මොකද මම මොන අම්බලමෙ ගියත්.


🌸: මේ ඕයි 🤬🤬🤬🤬


🐯: ඇයි මොකද


🌸: තමුන් උදේ ඉදන් හවස් වෙනකන් ඉන්නෙ ගෙදරින් පිට. තමුන් දන්නවද මේ ගුහාව අස්සෙ ඉද්දි මට දැනෙන පාලුව කොච්චරක්ද කියලා. මම යනවා මගෙ යාලුවව හම්බවෙන්න....


මගෙ කටින් ඒක චුට්ටක් හයියෙන් කියවුනා.. කොච්චර හයියෙන් කිව්වද කියනව නම් අර උගුඩුව කකා හිටපු කෑම ටිකත් හිර කරගත්තා..
ඒ අස්සෙ මේ යකා කහිනවා.. දැන් ගිහින් වතුර පොවලා පිටට තට්ටු කරපංකො 🙂
කොහොම කොහොම හරි ඒ මනුස්සයගෙ කැස්සත් නවත්තලා මම බැක්පැක් එකත් අරන් එලියට බැස්සෙ මගෙ ජියා කෙල්ලව හම්බවෙන්න 🙂
මැරි කරාට මොකෝ හෑන්ඩ් බෑග් මට සෙට් වෙන්නෑ මිතුරනි බැක්පැක් එක තරම්ම්...


🐯: ඔහොම ඉන්නවා මම ඩ්‍රොප් කරන්නම්...


🌸: අනේ ඔයා මට එච්චරටම ආදරෙයිද 🙂


🐯: මගෙ කම්පැනියෙ වැඩ කරන මිනිස්සු තමුසෙ බස් ගානෙ රිංගන් යනවා දැක්කොත් මටයි හරි නැත්තෙ. නගිනව කාර් එකට..


🌸: චික් මෙ චිම්පන්සියා 😑


බැනුම් අහගෙන හරි මට හම්බුනෙ හොද චාන්ස් එකක්. බස් එකෙ සෙනග අස්සෙ තෙරපෙන එක තරම් දුකක් මේ ලෝකෙ තව නැතුව ඇති...
කොහොමහරි ඉතින් ටේ මහත්තයා මාව ජියා හිටපු කැෆේ එක ලගින් දැම්මා..


🐯: තමුසෙලා දෙන්නා උදෙ පාන්දර කැෆේ ගානෙ රිංගන්නෙ ඇයි. ගෑනුනෙ ඉතින්..


🌸: චික් මූ යන්නැතුව තව කියවන්නත් එනවා


🐯: මොනාද රහසින් කියවන්නෙ?


🌸: අහ් අනී 😐😐😐😐😐


ටේ මගෙ මූනවත් නොබලා ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරා.. කාර් එකටත් විරිත්තලා මම කැෆේ එක ඇතුලට ආවා. මම එද්දිත් ජියා ඇවිත්..


🌸: හේයි සෙස්සි කෙම්ලේ.....


👸🏻: 😂😂😂 මොකද දැන් ඔය දරුවා මට උදෙන්ම මීට් වෙන්න එන්න කිව්වේ..ං


🌸: මෙහෙමයි...........


මම ඊයෙ වෙච්ච හැමදේම ජියාට කිව්වා. දුක සැප බෙදාගන්නයි අපිට හොදම යාලුවෙක් ඕනි. තව දෙයක්... හිතේ දුකින්නම් ඉන්නෙ අපි ඒ දේ තව විශ්වාසවන්ත කෙනෙක්ට කියලා හිත නිදහස් කරගන්න ඕනි.. ජියා මම කිව්ව හැමදේම තරහෙන් අහන් හිටියා..


🌸: ඔන්න ඕකයි වුනෙ ජියා...


👸🏻: අනේ මට තරහා යනවා 😭😭😭 සේහා මට ඔය මිනිහට දෙකක් අනින්න ඕනි ඒ තරම් මට තරහයි. ගෑනියෙක් ගෙදරට ගෙන්නගෙන, ඒ මදිවට ඔයාට බැල්ලි කියලා...



🌸: එයා එහෙම කරන එකෙ වැරැද්දක් නෑ. ඔයා නිසයි මම එයාගෙන් පලිගන්න එක නැවැත්තුවෙ.. ඒත් එයා ඒක නැවැත්තුවෙ නෑනෙ..


👸🏻:ම්ම්ම්ම්... ඒක අමතක කරන්න. .. ඔන්න ඔහොම හැමදේම මට කියන්න.. අහ් ඒක නෙවෙ කුකී අද අපිට එයා ගානෙ ලන්ච් එක දෙනවා කිව්වා... 😍


🌸: අඩෙ ඇත්තට 🥺 අන්න කොල්ලො.. උඹට හරියන්නෙ අන්න එහෙම කොල්ලෙක් ජියා... 🙂


👸🏻: 😒😒😒😒😒😒😒😒😒😒😒😒😒



Time passed:


ජියයි මායි ගියේ කුකී අපිට එන්න කියපු restaurant එකට. Seoul වල තියෙන ලොකුම restaurant එක ඒක.. කුකී කිව්ව විදියට ඒකේ අයිතිකාරයා ජින් ඔප්පා. මම කොච්චර එයාලා එක්ක ලගින් හිටියත් කවදාවත් එයාලගෙ business life එක ගැන හොයලා නෑ. අනික ඉතින් මට එව්වා වැඩකුත් නෑනෙ 🙂 ඒත් ටේ ඇතුලුව කොල්ලො හත් දෙනාම කොරියාවෙ ඉන්න කෝටිපතියො 7ක් .. ඒකත් මම දැනගත්තෙ ජියාගෙන්....


මම හිතුවෙ අද කුකී විතරයි එන්නෙ කියලා.. ඒත් 🥺🥺🥺 අනෙ හැමෝම ඇවිත්.. නම්ජුන් ඔප්පා, ජින් ඔප්පා, යුංගි ඔප්පා, හේසොක් ඔප්පා, ජිමින් ඔප්පා, කුකී 😍😍😍😍 කාලෙකින් අපි කට්ටිය හම්බුනෙ..ං


🌸: අන්‍යොන් 🥰🥰🥰


🐨: අහ් සේහා ... කාලෙකින් අපෙ නංගි ඇවිත් ...


🐹: මියන්හේ සේහා ඒ වගේම ජියා.. මේ දවස්වල අපි හැමෝම බිසී. ඔය දෙන්නව ටිකක් මිස් වුනා අපිට. අද දවස කොහොමහරි ෆ්‍රී කරන් ඔයාලා දෙන්නා එක්ක ලන්ච් එක ගන්න අපි හිතුවා..


🌸: අයිගූ.... ඔයාලා වැඩ කරගන්න අනෙ. අපි හොදින්...


🐱: අහ් සේහා හිටගෙන ඉන්නෙ ඇයි.. ඉදගන්න..


මම ගිහින් ජින් ඔප්පා ලගින් ඉදගත්තා.. කුකී ජියාට ඇහෙන් එයා ලග ඉදගන්න කියලා සන් කරනවා මම හොදට දැක්කා. ජියා ගිහින් කුකි ලගින් ඉදගත්තා.... අපි ගොඩක් වෙලා කතා කරා, හිනා වුණා.. ජියාටයි කුකීටයි විහිලු කරා..  ටේ නිසා මට හම්බවෙච්ච හොදම මේ මගෙ ඔප්පල ටිකයි කුකියයි.. මේ මිනිස්සු මෙච්චර හොද වෙලා කොහොමද දෙයියනෙ අර මිනිහා විතරක් අච්චර දුශ්ට වුණේ...


අහ් තව දෙයක් අපි දෙන්නා මෙතනට ඇවිත් ගොඩක් වෙලා.. ඒත් කවෘත් කෑම ගෙනාවෙ නෑ. බඩගින්නෙත් බෑ 🙂


🐰: jin hyung කෝ tae එන්නෙ නැද්ද ?


🐹: අහ් ඒකා මහ එනවා.. ට්‍රැෆික් එකට අහු වෙලා පොර 😂😂😂😂😂


Wait... Wht????? ඒ කියන්නෙ අර බූතයත් එනවද?


🐯: මම පරක්කුයිද?


පෙට්ටි හිනාවකුත් දාගෙන අර මනුස්සයා කෑ ගහගෙන එතන්ට ආවා...



🐯: යා ...මෝඩ කෙල්ල... තමුන් ඇයි මෙහෙ?


🌸: මොනාද ඕයි කියන්නෙ.. කව්ද මෝඩ කෙල්ල අහ්... අනික මම මෙහෙ හිටියත් තමුන්ට මොකද.. මේක ජින් ඔප්පගෙ තැන..


මම ජින් ඔප්පගෙ අතෙ එල්ලිලා කින්ඩියට වගේ ටේට ඇහැකුත් ගැහුවා.. එතන හිටපු හැමෝම හිනා ජියාට ඇරෙන්න.. ටේයි මායි මැරි කරපු දවසෙ ඉදන් ජියා ටේ දිහා බැලුවෙවත් නැ. .. ඒ තරමට ජියාට ටේව අප්පිරියයි....


🦄: හා හා.. දැන් ඇති ඔය උඹලගෙ වලි.. ඇවිත් ඉදගනිල්ලා 🙂


හෝසොක් ඔප්පගෙ කීමට ටේ මට ඔරව ඔරව ඇවිත් ඉදගත්තෙ මට එහා පැත්තෙන්...
ටේ ආවා විතරයි වේට' කෙනෙක් ඇවිත් කෑම ගොඩක් ටේබල් එකෙන් තියලා ගියා...
මට තේරුනේ මෙයාලා 7දෙනාගෙන් එක්කෙනෙක් හරි පරක්කුයිනම් මෙයාලා ඒ කෙනා එනකන් කෑම කන්නෑ කියලා... ඒකට ජියා 🙂 මං එන්න පරක්කු වුනොත් මගෙ ටිකත් එක්ක කනවා 🙂


මමයි ජියයි කෑම එකේ මූන ඔබාගෙන ඔහේ කෑවා.. ඒත් අර 7 දෙනාගෙ මූනෙ හිනාව නැති වෙලාවක් දැක්කෙ නෑ මම.. මම නිකමට වගෙ ටේ දිහා බැලුවා..


එයා ලස්සනට හිනා වෙනවා.. අනෙ එයා හිනා වෙද්දි ලස්සනයි...



මම එයා දිහාම බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්.. එයා මාත් එක්ක ඉද්දි ඉන්නෙ වෙනම මනුස්සයෙක් වගෙ. ඒත් එයා අනිත් අය එක්ක ඉද්දි ඉන්නෙ වෙනම මනුස්සයෙක් වගෙ.. මම මේ දැන් දකින මනුස්සයට ගොඩක් ආදරෙයි.. මට ඕනි හිනා වෙන ටේ කෙනෙක්ව........
මම පියවි සිහියට ආවෙ jk ගෙ කටහඩ ඇහිලා...


🐰: hyung ලා අද දවසම ෆ්‍රීනම් අපිට ඇවිදලා කරලා පාටියක් දාලා එන්න පුලුවන්...


🐹: අඩෙ ... ඒකනම් මරු... මොකද කියන්නෙ අනිත් කට්ටිය..


🐥: ඕකේ....


🐱: මටත් අවුලක් නෑ ..


🦄🐨: අපිත් ඕකෙ.. අද අපිටත් ලොකු වැඩක් නෑ


🐯: මට බෑ..


🌸: මටත් බෑ... 😐😐😐


🐰: අහ් ඔයාලා ඉන්න එහෙනම් අපි යන් hyung ... අහ් ජියා ඔයා එනවනෙ?


ජියා ඔලුව වැනුවා. චික් මූ වගෙ මිත්‍ර ද්‍රෝහියෙක්.. යකො jk වෙනුවෙන් මාව පාවලා දුන්නනෙ මේකි....දැන් ඉතින් මොනා කරන්නද මටත් යන්න වෙනවා.. අරයත් එයි..



Tae pov:


සේහාටනම් කොහොමද දන්නෑ ඒත් මං අකමැත්තක් පෙන්නගෙන හිටියත් මේක හොද චාන්ස් එකක් සේහාගෙන් සමාව ගන්න... අපි හැමෝම ගියෙ ජිමිනාගෙ බූසාන්වල තිබ්බ ගෙදරට. දුර ගමනක් වුනත් කාර් 3ක හැමෝම එකට ගිය නිසා වෙලාව යනවා දැනුනෙවත් නෑ..


ගිය ගමන් හැමෝම රෙස්ට් කළා... මටත් ඩ්‍රයිව් කරපු නිසා ටිකක් ඇගට තෙහෙට්ටුවක් දැනුනා. සේහටනම් කිසිම මහන්සියක් තිබ්බෙ නෑ එයා එයාගෙ යාලුවා එක්ක වටේම ඇවිද්දා..


හැමෝම් තම තමන්ගෙ වැඩවල යෙදිලා හිටියෙ...
ටික ටික හවස් වෙන්න ගත්තෙ අපිට නොදැනීමයි.. ඒ නිසා අපි හැමෝම එකතු වුණා.. කාලෙකට පස්සෙ hyung ලා එක්ක නිදහසෙ ඉන්න ලැබුන එක ගැනත් මට සතුටුයි



සේහානම් අපෙ මෙ ගමන උපරිම භුක්ති වින්දා.. කුකී, ජිමිනා , මගෙ hyung ලා එයාට එයාලගෙම කෙනෙක් වගෙ සැලකුවා.. එයා සතුටින්. ........


හැමෝම එක එක ඒවා කතා කළා.. වෙලාවකට සෙට් එකෙ කතා නයිකාව සේහා.. එයා එයාලා කොලේජ් ගිය කාලෙ සිද්ද වෙච්ච දේවල් ගැන කතා කලා... මම මේ හැමදේම අහන් හිටියා...


🐨: සේහා එතකොට ඔයාගෙ first love එකට මොකද වුනෙ?


නම්ජුන් hyung ඇත්තටම ඇහුවෙ හොද ප්‍රශ්නයක්... 😌😌😌


🌸: අහ්... මට එහෙම එකක් තිබිලා නෑනෙ 🙄😶


🦄🐥🐱: අහ් මොකක්???


🌸: ම්ම්ම්ම්... මට වුවමනාවක් තිබ්බෙ නෑ. ඒ වගේම ජියාටත්... අපි දෙන්න කවදාවත් affire එකක් කරගෙන ගිහින් නෑ...


මෙයා ඇත්තමද මේ කියන්නෙ. මෙච්චර ලස්සන කෙල්ලෙක් 🥺 ... හැබැයි මොනා වුනත් කොල්ලොනම් ට්‍රයි කරන්න ඇති..
හොදම දේ මේ වෙලාවෙ jk ගෙ මූන බලන්නම වටිනවා 😅 ජියාට first love එකක් නෑ කිව්වම බලන්න එපැයි කොල්ලගෙ හිනාව 😂😂😂



🐥: එතකොට සේහා ඔයා කන්න ආසම කෑම, කරන්න ආස දේවල්, යන්න ආස තැන් එහෙම අහ් තව ආදරෙ කරන කෙනා මොන වගේ කෙනෙක්ද වෙන්න ඕනි ...?


යකො මුන් ටික මට උදව් කරනවාවත්ද 😅 මට සේහාගෙන් අහන්න තිබ්බ හැමදේම කස්ටිය සට සට ගාලා අහන් යනවා..


🌸: ම්ම්ම්ම්ම් මම ආසම කෑම එකක් කියලා නෑ මං හැම කෑමටම ආසයි 😅 අහ් යන්න තැන් කියන්නෙ මට ආසයි පැරිස් යන්න. මේ වෙනකන් මම ගිහින් නැත්තෙ එහෙට විතරයි. ඉස්සර අප්පා බිස්නස් වැඩවලට වෙන රටවල්වලට යද්දි ඔම්මවයි මාවයි එක්කන් යනවා ❤️❤️ කරන්නන ම් ආස දේවල් ගොඩයි.. ලොකුම ආසාව ගේ අස්සට වෙලා තනියම ඉන්නැතුව ඇවිදින්න යන්න... අහ් ආදරෙ කරන කෙනා.. එයා ලග ඉද්දි මට සැනසීමක් දැනෙනවනම් .. සල්ලිවලට සීමා නොවෙච්ච හදවතින්ම මම වෙනුවෙන් ඉන්න.. මගෙ සිටුවේශන් එක තේරුම් ගන්න කෙනෙක්වයි මට ඕනි 😊😊😊😊


🐹: වාආආහ්හ්හ්හ්හ් 🥺🥺🥺🥺🥺


-----------------


ඔන්න අද එක දුන්න ලමයි.. ටයිපින් මිස්ටේක් තිබ්බොත් ගනන් ගන්න එපා හාද 🥺 අහ් හෙට කතාව දෙන්න වෙන්නෙ නෑ.. ආය දෙන්නෙ දවසක් ඇර දවසක්.. වැඩ ගොඩ ගැහිලා තියෙන්නෙ 🥺😭


🐯🌸ජින්ශි

Comment