17 🌸

📞📞
🐯: mr lee.. සෝයාට මගෙ කැබින් එකට එන්න කියන්න...


Few minutes later ..


👩🏻‍💼: sir මට කතා කරාද..


🐯: අහ් ඔව්.. එන්න ඉදගන්නකො..
අද සේහා රෑට ජියාගෙ ගෙදරට එන්න කියලා ඔයාට කියන්න ඇතිනෙ...


👩🏻‍💼: අහ් දේ සර්.. සේහා මට කතා කලා..


🐯: අහ් එහෙනම් අද කලින් ගෙදර යන්න 6.30 වෙද්දි ජිමිනා එයි ඔයාව එක්කන් යන්න...


සෝයා ජිමින්ව අදුරගත්තෙ කලින් තිබ්බ සේහාගෙ ගෙදර dinner එකෙදී. ලොකුවට කතා නොකලත් කෙල්ල ජිමින් අහන දේවල්වලට හිනා වෙලා උත්තර දුන්නා. ජිමින් එනවා කිව්වත් සෝයාට ඒකෙ ලොකු විශේශයක් දැනුනෙ නෑ.. ටේට ඔලුව වනලා කෙල්ල කැබින් එකෙන් එලියට ගියා...


ටේ විනාඩියෙන් විනාඩියට ඔරලෝසුව දිහා බලනවා. කොල්ලට සේහාව බලනකන් ඉවසිල්ලක් නෑ...


Few hours later...


🐨: හෙමීට පලයං මනුස්සයෝ....


🐱: ටේ හෙමීට පලයං .. මරන්නද හදන්නෙ උඹ අපිව...


🐨: යකො අපෙ කාර් දෙකත් දාලා මූ එක්ක ආවෙ අපරාදෙ...


ටේ ඉවසිල්ලක් නැති නිසා සුගාගෙනුයි නම්ජුනාගෙනුයි බැනුම් අහනවා.. කොල්ලා ගිය වේගෙට නම්ජූනා ඇස් පියන් වැදගෙන 🙂😂 සුගාට වමනෙ යන්න ඔන්න මෙන්න..


ටික වෙලාවකින් ජියා ඉන්න apartment එක ලග වාහනෙ නතර කලා....


🐱: හෙමීට පලයං ටේ......


Tae pov:


ආදරේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මගෙ කලින් ජීවිතෙයි මේ ජීවිතෙයි අතර වෙනස දැක්කෙ මගෙ සහෝදරයො ටික විතරයි. ආදරේකට කාවද වෙනස් කරන්න බැරි? මම ඉස්සර හිතුවෙ ජීවිතේ කියන්නෙ සල්ලි විතරයි, ආදරයක් වුනත් සල්ලිවලට ගන්න බැරි නෑ කියලා.. ඒත් අද මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අහම්බෙකින් මගෙ ජීවිතේට ආව මගේ සේහා මට ආදරේ කරනවා.. වැරදි වුනා, අපි ඇඩුවා, විදවව්වා, දරාගත්තා. සීමාවක් නැති අසීමාන්තික ආදරේ මම දැන් ලස්සන ට විදිනවා. විදිනවා කිව්වට ඉතින් තාම පටන් ගත්තා විතරයි 😂


🐯: සේහා.. කෝ මේ කෙල්ල...


මම ජියාගෙ ගෙදරට දිව්වෙ හ්‍යුන්ග්ලාත් මගෙ පස්සෙන් එනවා කියන එක අමතක කරලා. හරියටම දවසක් එක හමාරක් වගෙ මගෙ කෙල්ලව නොදැක්කෙ මං.. ඒත් හිතට දැනෙන අමුතු හැගීමකින් මගෙ හිත පිරිලා ගිහින්..
බෙල් එක ගහපු ගමන් ජියා දොර ඇරියා... මම ජියාගෙ ගෙදරට ආපු පලවෙනි වතාව. මම ගේ අස්සෙ සේහාව්ව් හෙව්වෙ හරියට මෙතන මට හුරු පුරුදු තැනක් වගේ....


Jimin pov:


වෙලාවකට මට හිතෙනවා ටේ වගෙ අසික්කිත අදම පාප මිත්‍රයාට මම බීලා සෝයා ගැන කිව්වෙ අපරාදෙ කියලා. ඒ මනුස්සයා සෝයාට කියලා මම එයාව හවසට එක්කන් යන්න එයි කියලා. මේවා මම කවදා කරපු වැඩද..මොනා වුනත් මම හිත යටින් සතුටු වුනා...


මීට කලින් මම ඕනි තරම් කෙල්ලො ආශ්‍රය කරන්න ඇති. ඒත් ඒවා දවසකට නැත්තන් පැයකට දෙකකට සීමා වුන සම්බන්ද.. එතනින් එහා මම ඒ කෙල්ලොන්ව මගෙ ඔලුවට ගත්තෙ නෑ. ඒ කෙල්ලොත් මාව කෙයා කලෙ නෑ. දන්නැද්ද ඉතින් කොල්ලොනෙ 🙂


Flashback :
හරියට 2021.3.2 මම අපෙ ටේ කොල්ලගෙ කම්පැනි එකට ගියෙ මගෙ කම්පැනි එකත් එක්ක කරන කන්ට්‍රැක් එක ගැන කතා කරගන්න. අපි කම්පැනි එකෙන් එලියෙ කිසිම බිස්නස් වැඩක් ගැන කතා කලේ නෑ.. ඒත් කම්පැනි එක ඇතුලෙ බිස්නස් ඇර වෙන දෙයක් ගැන කතා කලෙත් නෑ..


එදා මම කම්පැනි එකට යද්දිම මගෙ ඉස්සරහට ආවෙ මූන බෝල මට වඩා ටිකක් කොට ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්. වෙන කෙල්ලොන්ට වඩා එයා ටිකක් බෝලයි.. හුරතල්...


👩🏻‍💼sir කාව හම්බවෙන්නද ආවෙ...


ලස්සනට හිනා වෙලා ඒ කෙල්ල මගෙත් එක්ක කතා කලා. එතන තව රිසෙප්ශනිස්ට්ලා දෙන්නෙක් හිටියා.ඒ දෙන්නනම් යක්කු වගෙ මේකප් උලාගෙන හිටියෙ.. ඒත් මම මේ කෙල්ලගෙන් දැක්කෙ අමුතු ලස්සනක් එයා එයාගෙ රෝස තොල්වලට ගාලා තිබ්බෙ ලිප්බාම් ටිකක් විතරයි...
අනිත් එව්න් වගෙ ආදරේට රූපෙ බලපාන්නෑ කියන තියරිය මගෙ නෑ 😌 මගෙ කෙල්ල අනිත් අයට ඉරිසියා හිතෙන්න තරම් ලස්සන වෙන්න ඕනි...ං


👩🏻‍💼: excuse me sir?


එයා ආයෙත් මගෙ මූන දිහා බලාගෙන කතා කලා. එයාගෙ බෝල මූන දිහා බලන් හිටපු මට එයාට උත්තර දෙන්නත් අමතක වුනා..


🐥: අහ්.. මට කිම් ටේහ්‍යුන්ව හම්බෙන්න ඕනි. Pj company එකේ ceo ඇවිත් ඉන්නවා කියන්නකො...


👩🏻‍💼: මට විනාඩියක් දෙන්න සර්.


මම හිතන්නෙ එයා ටේට කතා කලා. මොනා වුනත් හොද හැදියාවක් තියෙන කෙල්ලෙක්. මොකද මම ගිය හැම තැනම රිසෙප්ශනිස්ට්ලා මාව දැක්කම ඇඹරෙනවා. ඒත් මේ කෙල්ල ගොඩක් රෙස්පෙක්ටබල්...


👩🏻‍💼: හරි sir.. Taehyung sir එන්න කිව්වා...


ආයිශ් මෙච්චර ඉක්මනට 😐 මට දැන් යන්න වෙනවනෙ.. කමක් නෑ එද්දි හරි දකින්න පුලුවන්නෙ ..මම එයාට හිනා වෙලා ටේව හම්බවෙන්න ගියා..
ටේ එක්ක මම මගෙ කන්ට්‍රැක් එක ගැන කතා කර කර ඉද්දි. වෝහ්.. අර කෙල්ල ටේගෙ කැබින් එක ලග..


👩🏻‍💼: may I coming sir..


🐯: එන්න සෝයා...


වාහ්.. කෙල්ලගෙ නම සෝයා...



🐯: මොකෝ මේ වෙලාවෙ..


👩🏻‍💼: sir mr lee ඔයාට මේ ෆයිල්ස් ටික දෙන්න කිව්වා.මම හිතන්නෙ එයා hotel එක බලලා එන ගමන් මට ඔය ටික දීලා ආයෙත් ලොකු sir ව බලන්න යන්න ඇති...


Whaat ? ලොකු සර් ..? එතකොට මේ කෙල්ල ටේගෙ අප්පට කියන්නෙ ලොකු සර් කියලද.. අනේ කියොප්තා 🥺🥺


🐯: ආ ඔතනින් තියන්න සෝයා.. අහ් කුමාවෝ හොදේ.. දැන්...කොහොමද අප්පට...


👩🏻‍💼: sir ට ස්තූති වන්ත වෙන්න අප්පා දැන් නැගිටලා ඉන්නවා සර්. මගෙ නංගිත් දැන් හොදට ඉගෙන ගන්නවා. කම්සාහම්නිදා සර්...


🐯: අයිගෝ.. මට ස්තූති කරන්න ඕන්නෑ. දැන් යන්නකො වැඩ ටික කරන් පරිස්සමට ගෙදර යන්න. අප්පාවයි නංගිවයි මතක් කරා කියන්නකො. මං එන්නම් කට්ටියව බලලා යන්න. අහ් තව දෙයක් මට කම්පැනි එකෙ යන කටකතා ආරාංචි වෙනවා. ඕවා කනටවත් ගන්නැතුව හොදට වැඩ ටික කරගන්න ඕනි.. අරස්සෝ.


යාහ්.. මූ මොකාටද එන්නෙ.. වැරදිලාවත් ටේ මෙයාට කැමතිද.. නැත්තන් දෙන්නා සෙට් ද...


👩🏻‍💼: දේ සර්..


එයා මටයි ටේටයි ඔලුව නමලා යන්න ගියා. මගෙ හිතෙ ප්‍රශ්න ගොඩක් එනවා. මෙතන මම නෙවෙ මොකා හිටියත් ප්‍රශ්න ඔලුවට එනවා. ඒ නිසා ඔන්න ඔහේ ටේගෙන් අහනවා..


🐥: යා ටේ ඒ උඹෙ කෙල්ලද...


🐯: පිස්සුද මිනිහෝ.. ඒ අහිංසකී මෙතන පාඩුවෙ වැඩ කරන කෙනෙක්. පව් බං මම කෙල්ලට ආදායම් මාර්ගයක් නැති නිසා මේ රස්සාව දුන්නා. ඒ කෙල්ලගෙ අප්පත් අසනීපෙන් ඉන්නෙ.. මෙතන ඉන්න උඩැක්කියො ටික ඒ කෙල්ලට අනන් මනන් කියනවා ඉතින්. පව් බං අහිසකයි ඒ කෙල්ල.. ඒකයි මං වචනයක්වත් කියලා සැර නොකරන්නෙ.


මට එතකොටනම් ටිකක් දුක හිතුනා. කෙල්ල ගොඩක් දුක් විදලා. මගෙ හිතෙ දැනටත් තියෙන්නෙ ඒ කෙල්ල ගැන ආකර්ශනයක් විතරයි..
දවසින් දවස ගෙවෙද්දි මට ඒ කෙල්ලව දකින්න ඕනි වුනා. ඒ නිසා උදේ හවස මම ටේගෙ කම්පැනි එක ඉස්සරහට ආවා. සමහර දවස්වලට ඒ කෙල්ල ගෙදර යද්දි මමත් ඒ කෙල්ලගෙ පස්සෙන් ගියා. මම කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම කරලා තිබ්බෙ නෑ.. මේ කෙල්ලගෙ මොකක්දෝ විශේශයක් නිසා මම ඒ කෙල්ලට ආදරය කරන්න අරන්. ඒත් ඒ කෙල්ලට මගෙ මූනවත් මතක නැතුව ඇති. මට ඒ කෙල්ලට ලං වෙන්න කිසිම ක්‍රමයක් තිබ්බෙත් නෑ. ඇයි අපිට තනියම කෙනෙක්ට ආදරේ කරන්න බැරි. ඒකපාර්ශ්වික ආදරේ ලස්සනයි. රිදීම් නෑ අනිකාගෙ සතුට දිහා බලන් හිනා වෙන්න පුලුවන්. හිත් රිදීම් නෑ. මේ ටික කාලෙකට මම ඒ කෙල්ලගෙ හැමදේම හොයාගත්තා. දුප්පත් අහිංසක හරි ලස්සන කෙල්ලෙක්. ඒ තමයි මට හරියට හොදම කෙනා.


Flashback end..


මම මගේ ආදරේ ගැන මතක් කර කර එද්දිම සෝයා ගෙදරින් එලියට ඇවිත් හිටියා. මේ වෙනකන් කලු පාට ටයිට් ස්කර්ට් එකටයි සුදු බ්ලව්ස් එකටයි විතරයි මම කෙල්ලව දැක්කෙ. මගෙ සෝයා අද බෝනික්කෙක් වගේ ලස්සන ගව්මක් ඇදලා....



Meanwhile jk..


මම තාමත් අපෙ ගෙදරට පොඩි එකා. ඔමොනි මාව පොඩි කාලෙ ඉදන් බලාගත්තෙ හරියට කෙල්ලෙක්ව බලාගන්නවා වගෙ. ඒ නිසා අදටත් රෑට එලියට යන්න වදින්න ඕනි. කොහොම කොහොම හරි හැල්මොනීගෙ උදව්වෙන් මම එලියට බැස්සා...
යාහ් හ්‍යුන්ග්ලා ඉන්න තැන 7 ක් නැත්තන් එතන අස්ම්පූර්නයි. ගිය ආත්මෙ අපි එකම අම්මගෙ දරුවො වෙන්න ඇති. මේ ආත්මෙත් එකම අම්මගෙ දරුවො නොව්නත් අපි ඊටත් වඩා බැදිච්ච සහෝදරයො වගෙ . ඒ නිසයි මම ඔම්මා යන්න එපා කිව්වත් මගෙ හ්‍යුන්ලා ගාවට දුවගෙන එන්නෙ.. අනික ජියාත් ඉන්නවනෙ 🤭


ජියා කියන්නෙ හරියටම මගෙ 56 වෙනි ආදරෙ. 56ද කියලා ශුවර් නෑ මතක විදියට 56 හෝ 58.. දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා..
ඒ කෙල්ලට හිත ගියෙ එදා කෙල්ල ටේ හ්‍යුන්ගෙන් කැමැත්ත අහද්දි. වැඩි කතා බහක් නැති කෙල්ල තරමක් ගුප්තයි. ඒත් මාත් එක්ක කතා කරන්න පටන් ගත්තම ආයෙ නවත්තන්නෙ නෑ. කොන්ඩෙ කොටට කපලා හූඩියට ටයිට් ලෙගින් එක අදින කෙල්ලගෙ හුරතලේ නිසාමයි මට කෙල්ලට හිත ගියෙ.



ඒත් තාම උත්තරයක් නෑ. එයා කියන්නෙ එයාගෙ පව්ල අපිට වඩා ටිකක් පහලින් නිසා මගෙ අප්පලා අකමැති වෙයිලු.. මම දවසට කීප සැරයක්ම එයාගෙන් කැමැත්ත ඇහුවා. කවදා මේ කෙල්ල මට උත්තරයක් දෙයිද මන්දා 🙂 ඉවසනවා ඉතින් මගෙ පරම පිවිතුරු ආදරේනෙ..


-----------------------
Tae pov:


👸🏻: යා ටේ ඔප්පා ගේ හැම තැනම හෙව්වට වැඩක් නෑ සේහා නානවා. එයා හිතුවෙ එන්න රෑ වෙයි කියලා ඔයාලා.


🐯: යකෝ 7යි වෙලාව 🙂අපි ආවෙ ඩිනර් එක ගන්න.. බ්‍රෙක්ෆස්ට් ගන්න නෙවෙයි...


මට ජියාටත් ඔරවලා ඉදගත්තා. අනෙ දැන්නම් මටත් සේහාව හොයන් වොශෲම් එක අස්සට යන්න හිතයි. අතක් කකුලක් කඩා ගන්න බැරිම නිසා මම ඉවසුවා..


🌸: එයාලා කීයටද එනවා කිව්වෙ ජියා..


එයා ටවල් එක පිටින් රූම් එකේ ඉදන් ලිවින් රූම් එකට ආවා.. දෙයියනෙ දෙයියනෙ මගෙ ඇස් දෙක. තාම කොන්ඩෙ තෙත පිටින් නිසා කෙල්ලගෙ කෙස් ඇත් දල පාටට පෙනුන කෙල්ලගෙ බෙල්ලට ඇලිලා..
අනික සේහාට තිබ්බෙ තරමක් මහත ඇගක්. හැමවෙලේම කන නිසා කෙල්ල බෝලයි.. පිරිපුන්.. හැම කොල්ලෙක්ම හීන මවන්නෙ මේ වගෙ කෙල්ලෙක්ව..


මේ අතරෙ ජියා එයා දිහයි මගෙ දිහයි මාරුවෙන් මාරුවට කටත් ඇරන් බලන් ඉන්නවා 😂 සේහාත් ගල් ගැහිලා වගෙ.. හයියෙන් හිනා යන්න ආවත් මට හිනාව ගිල ගත්තෙ මේ වගෙ සිටුවේශන් එකක හිනා වෙන එක හරි නැති නිසා.
මම මගෙ පුරුශ දෛර්‍ය අරන් සේහාගෙ එක අතකින් ඇදගෙන එයාගෙ රූම් එකට ගියා..


🌸: අනෙ මොනාද ටේ කරන්නෙ..


🐯: මට ඕනි දෙයක් කරන්න පුලුවන්...


🌸: ආශ් වලත්තයා.. අනෙ යන්නකො මට ඇදුමක් දාගන්න ඕනි..


🐯: ඉතින් මාත් ඉන්නම්..


🌸: හ්‍යුන්ග්ලා ඉස්සරහා දතක් නැතුව ඉන්න ආසද..


මට හිනා 😂😂😂 මම ගිහින් මට පිටුපාලා හිටපු සේහාගෙ ඉනෙන් බදාගෙන මගෙ ඇගට හේත්තු කරගත්තා.. මම කෙල්ලගෙ බෙල්ලට හෙමින් හාදු තියන්න ගත්තා. මමත් පිරිමියෙක්, මටත් හඟීම් දැනීම් තියෙනවා. අනික සේහා කියන්නෙ මගෙ පන. එයාව මටයි අයිති..


මම එයාගෙ බෙල්ල මගෙ සීතල තොල්වලින් තෙත් කරද්දි සේහාගෙන් පොඩි කෙදිරිල්ලක් පිටවුනේ මට මාවත් පාලයක් නැති වෙද්දි. කොහොමහරි ඉවසගෙන කෙල්ලගෙ තොල්වලින් මම ඈත් වුනේ මේ වෙලාව එහෙම දේකට සුදුසු නැති නිසා. මම තාමත් සේහාව බදාගෙන. ඒත් කෙල්ල කතා කලේ නෑ..


🐯: දවල් කිව්ව එක ආය කියන්න..


🌸: ඕකනෙ බැරි..





🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


ඔන්න දුන්නා බබාලා. අද ටිකක් කුකියවයි ජිමිනාවයි මේ චැප්ට එකේ හයිලයිට් වෙන්න ඇති. මොකද මට ඕනි වුනා ජිමිනගෙයි කුකියගෙයි love story එක ගැනත් සම්පූර්නයෙන්ම ඔයාලට කියන්න. මොකද ඔයාලා දන්නෑනෙ ඒවගෙ අගක් මුලක්..


අනික් දේ ඊලගට 18+ කොටස් තියෙයි.. මොන්ටිසෝරි + වගෙද මන්දා 😂😂 මට ඒවා ලියන්න අමාරුයි. රොමෑන්ටික් විදියට කතාව ලියන්න උපරිම උත්සාහා කරන්නම්..


කට්ටිය පරිස්සම් වෙන්න කොවිඩ් ගැන සුලුවෙන් තකන්න එපා හැදිලා හොද වෙලත් මම තාම ඇදක් උඩ. ඇවිදගන්නවත් පනක් නෑ මගෙ පෙනහලු දුර්වල වෙලා. පරිස්සමට ඉන්න පැටව්..
අහ් මේක 25 න් ඉවරයි. ඊලගට මම ලියන්න යන ff එකේ මේන් රෝල් එක කව්ද කියලා ගෙස් කරන්නකො..


අහ් තව දෙයක් කතාව ශෝයි නේද.. 🤭 කුනාටුවක් එන්න කලින් මුහුද හරි සංසුන් කියලා කියවනෙ 🤭


බෝරාහේ 💜💜💜


ජින්ශි 🌸🐯

Comment