11 🌸

next day morning :


ටේ උදෙන්ම නැගිටලා office යන්න ලෑස්ති වුනේ වෙනදටත් වඩා සතුටින්. මොකද සේහා එනවනෙ අද එයත් එක්ක office යන්න 🙈


🌸: ටේ යමු නේද මම ලෑස්ති...


ටේ ඉස්සරහට ආපු සේහාව දැක්කම ටේ ඇස් දෙකත් ලොකු කරන් සේහා දිහා බලන් හිටියෙ ටේ සේහාව දකින පලවෙනි වතාව වගෙ..දනිහිස ගාවට ඇදගත්ත ගව්ම, පැත්තට පීරපු කොන්ඩෙ, නෝමල් මේකප් එක කෙල්ලට අමුතු ලස්සනක් එකතු කලා..



🌸: මොකද කන්න වගෙ බලන්නෙ 😒 කැතයිද???


සේහා ගව්ම දිහා බලන ගමන් කතා කලා..


🐯: කොහොමත් උපන් කැත යවන්න බෑනෙ නම්කි 🙂😂


ටේ සේහාට ටොක්කකුත් ඇනගෙන හිනා වෙවී කාර් එකට ගියා..


🌸: ආයිශ් එපා කරපු මනුස්සයා 😐😐😐😐


සේහා ඔලුවත් අත ගගා ටේගෙ පස්සෙන් දිව්වා...
එයාලා වෙනදා වෙලාවටත් කලින් company එකට ආවා.. හැමෝම සේහා දිහා බැලුවෙ පුදුමෙන් වගෙ...


👥: වාව්... බලන්නකො ලස්සන....


👤: මෙ අපෙ ceo ගෙ පුතාගෙ වයිෆ්ද වාහ්හ්හ්හ්හ්හ්හ්


👥: මමනම් හිතුවෙ ceo ගෙ පුතා අර සක්කරවට්ටමව බදී කියලා. මේ කෙල්ල දිහා බලන්නකො අනෙ පුදුම ලස්සනයි.. දෙන්නට දෙන්නා ගැලපෙනවා...


සේහාත් ටේ ත් company එක අස්සට එනකොට සේවකයො ඒ විදියට කතා වෙන හැටි දෙන්නටම ඇහුනා . හැමෝගෙම ගුන වර්නානව ඇහුන සේහානම් මූනත් රතු කරන් බිම බලන් ආවෙ.. ටේටනම් තිබ්බෙ ලොකු ආඩම්බරයක්..



එයා ජීවිතෙන් බාගයක් සාර්තකයි කියලා දැනුනා...


🐯: කෝ එන්න අත අල්ල ගන්න...


ටේ සේහාගෙ ඇස් දෙක දිහා බලන් සේහාගෙ අතක් තදින් අල්ලන් කැබින් එක ඇතුලට ආවා...


🌸: හම්මෝ....


සේහා ටේගෙ කැබින් එකෙ පැත්තකට වෙන්න තිබ්බ සෙටියෙ ඉදන් හති දාන්න ගත්තා....


🐯: මොකෝ....


🌸: එක දිගට හුස්ම ගන්නෙ නැතුව මම මෙතන්ට වෙනකන් ආවෙ.. බලන්නකො අනෙ එයාලා අපි දිහා කන්න වගෙ බලන් හිටපු හැටි.. ඔප්පා ඔයානම් මාරයි ඇහ්... හැමෝම ඔයා දිහා බලන් හිටියා... එයාලා ඔයාට ගොඩක් ගරු කරනවා වගෙ...


🐯: ඔප්පා?


🌸: ඔව් ඔප්පා 😐😐 මම වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්නෙ ඔයා 😒


🐯: අවුරුදු දෙක තුනක් නෙවෙ.. අවුරුදු 10ක් වැඩිමල් වුනත් ඔප්පා කියන්නෙපා. මං ආස නෑ මගෙ වයිෆ් මට ඔප්පා පප්පා ගානවට.. ටේ කියලා කතා කරන්න 😑


🌸: ම්ම් දේ දේ....


ටේයි සේහායි කතා කර කර ඉද්දි එතනට එක පාරම ආවෙ මින්හා...


🧟‍♀️: hey tae baby...


🐯: මින්හා මම එක සැරයක් කිව්වා මට බේබි කියන්න එපා කියලා.. ලිමිට් එකකට වැඩ කරනවා මෙතන වැඩ කරනවනම්..


සේහාට මේ ඉන්නෙ එදා ටේ එක්ක ගේ අස්සෙ නාඩගම් නටපු ගෑනි කියලා අදුරගන්න වැඩි වෙලාවක් නෑ.. ටේ බලන් ඉද්දි සේහාගෙ මූන අදුරු වෙලා ගියා..


🧟‍♀️: මම දන්නවා ටේ ඔයාට දැන් මාව පේන්න බෑ කියලා. ස්ටාෆ් එකේ කට්ටිය කතා වුනා ඔයා අද ආවෙ වයිෆ් එක්ක කියලා..එතකොට මෙයාද වයිෆ් එදා servant කියලා පෙන්නුව කෙල්ල නේද....


🐯: කට වහගන්නවා...


🌸: ටේ ඇති දැන්...


🐯: ඔයා ඉන්න සේහා.. මමත් මෙච්චර දවස් ඉවසුවනෙ..


🧟‍♀️: ටේ මේක මතක තියාගන්නවා අදටත් මම තමුන්ගෙ girl.. මේකි ඉන්නෙ සල්ලිවලට ඔයත් එක්ක ... හොදින් හරි නරකින් හරි ඔයාව මම මගෙ කරගන්නවා..


මින්හා ටේටයි සේහටයි ගස්සගෙන එතනින් යන්න ගියා... ටේ කලකිරුන මූනකින් බැලුවෙ සේහා දිහා... සේහා හොරෙන් හොරෙන් කදුලු පිහිදනවා... ටේ ගිහින් කෙල්ලව බදාගෙන ඔලුව අතගාන්න පටන් ගත්තා...


🌸: ඇයි ටේ මට කිව්වෙ නැත්තෙ ඔයාට girl කෙනෙක් ඉන්නවා කියලා...


සේහා බිදිච්ච හඩකින් ටේට කතා කලා.. ටේට දෙන්න උත්තර නෑ.. මොකද මෙතන වැරැද්ද ටේගෙ.. ටේ මැරි කරන එක ගැන මින්හාට නොකිව්ව එකත් ඒ වගේම ටේගෙයි මින්හාහාගෙයි පටලැවිල්ල මැරි කරන්න කලින් සේහාටත් නොකිව්ව එක ගැන ටේ ගොඩක් දුක් වුනා.. ඒත් දැන් මින්හා ගැන ටේගෙ හිතෙ අප්‍රසන්න සිතුවිල්ලක් ඇර වෙන කිසිම හැගීමක් නෑ කියලා ටේට තේරිලයි තිබුනේ...


🌸: ඔයා මින්හා එක්ක ඉන්න ටේ... මම ඔයාලට වදයක් වෙන්නෑ. ඉක්මනට ඩිවෝස් එක දෙන්නම් මම.. වෙන කෙල්ලෙක් වගේනම් මම ඒ කෙල්ලගෙ දත් දෙකක් ගලවලා... එයා ඔයාගෙ girl නිසයි මම ඉවසුවේ..හැබැයි ඉස්සරහටත් එයා මගෙ හිත රිද්දුවොත් මට කරන්න දෙයක් නෑ.. මම කාගෙවත් අතපල්ලෙ වැටිලා නෑනෙ.. මට එහෙමනම් මාත් එහෙමයි....


සේහා ටේගෙන් අයින් වෙලා ඇස්වල කදුලු පිහදාන ගමන් කිව්වා..
ටේ මේවට මොනා කියන්නද.. ටේ හිතුවෙ දවසක හැමදේම හරියයි කියලා...


🐯: සේහා මම දැන් එලියට යන්න ඕනි..ඔයාට මෙහෙට වෙලා තනියම ඉන්න බෑනෙ.. ඉන්න මම අද ඉදන් ඔයාට මෙහෙ ඉදන් කතා කර කර ඉන්න යාලුවෙක් අදුන්වලා දෙන්නම්.....


🐯: 📞📞📞📞 සෝයාට මගෙ කැබින් එකට එන්න කියන්න....


👩🏻‍💼: sir මට කතා කලාද.. අන්‍යොන් මිස්...



(සෝයා)


සෝයා ටේගෙ කැබින් එකෙ දොර ලගට ඇවිත් සේහාටත් ටේටත් ආචාර කලා...
සේයාත් හිතෙ තිබ්බ දුක යටපත් කරන් සෝයාට හිනා වුනෙ සෝයා ගොඩක් හොද කෙල්ලෙක් කියලා සේහාට දැනුන නිසා..


🐯: ඔව් මම කතා කලා.. එන්නකො ඇතුලට.. මේ ඉන්නෙ කිම් සේහා . මගෙ වයිෆ්. එයා අද ඉදන් දිගටම මාත් එක්ක මෙහෙට එනවා .. මට company එකේ වැඩවලට එලියට යන්න සිද්ද වෙන වෙලාවල් වලදි මට මෙයාවත් එක්කන් යන්න බෑ..
මම ඉතින් හිතුවා සේහා තනියම ඉන්න වෙලාවට ඔයා එක්ක ඉන්න එක හොදයි කියලා.. මට මෙතන විශ්වාසවන්තම සේවිකාව ඔයා.. මම හිතනවා ඔය දෙන්නා හොද යාලුවො වෙයි කියලා...


සේහාට වගේම සෝයාටත් ගොඩක් සතුටු හිතුනා.. සේහා හිතුවෙ මෙතනට ඇවිත් තනියම ඔහේ බලාගත්තු අත බලන් ඉන්න වෙයි කියලා.
ඒ වගේම සෝයා කියන්නෙත් හිත හොද කෙල්ලෙක්.. කෙල්ලත් සතුටු වුනා කෙල්ලට හොද යාලුවෙක් ලැබෙන නිසා...


👩🏻‍💼: දේ sir.. මම මැඩම්ව හොදට බලාගන්නම්කෝ...


🌸: අනේ සෝයා මට සේහා කියලා කතා කරන්න...


🐯: අහ් දෙන්නා දැනටම හොද යාලුවො වෙලානෙ. එහෙනම් මම වැඩකට ටිකක් එලියට ගිහින් එන්නම් . සෝයා එතකන් සේහා එක්ක ඉන්නකො..


ටේ ගියෙ ජියාව හම්බවෙන්න.. මේ අතරේ සේහා සෝයා එක්ක කතා කරන්න පටන් ගත්තා...


🌸: ඉතින් මගෙ අලුත් චිංගු.. කියන්න බලන්න විස්තර ටිකක්....


👩🏻‍💼: මැඩම් මම kim soyaa.. වයස 23යි.. මම මේ company එකේ receptionist ලාගෙන් එක්කෙනෙක්..


🌸: වාහ්හ්හ්හ්හ් අපි එකම වයසෙ.. ඒක නෙවෙයි මෝඩියේ ආය මට මැඩම් කිව්වොත් දෙනවා දෙකක් මම... සේහා කියනවකො අප්පා 😑😑😑


👩🏻‍💼: අහ් ද්... දේ සේහා....


සෝයා , සේහා ගොඩක් හොද යාලුවො වුනා.. විනාඩි 10කින් 🙂😂 ඒ දෙන්නා හැමදේම කතා කලා හිනා වුනා... මේ දිහා බලන් හිටපු වැඩ කරන අනිත් කෙල්ලොන්ටනම් ඉරිසියා හිතුනා...
සෝයා කියන්නෙ කම්පැනි එකේ පාඩුවෙ වැඩ කරන කෙල්ලෙක්.. කෙල්ලට ජොබ් එක දුන්නෙත් ටේ.. සෝයාගෙ අප්පා දරුනු වකුගඩු රෝගියෙක්..


මීට අවුරුද්දකට කලින් ටේ වැඩකට හොස්පිටල් එකට යද්දි සෝයා වගේම සෝයාගෙ නංගිත් හොස්පිටල් එකේ ඉදගෙන අඩනවා ටේ දැකලා තියෙනවා.....
ටේ ඇයි ඇහුවම සෝයා කියලා තිබ්බෙ සෝයාගෙ අප්පට වකුගඩුවක් බද්ද කරන්න ඕනි ,වකුගඩුවක් හම්බවුනත් ඒක ගන්න සෝයා ගාව සල්ලි නෑ කියලා.. ටේ එවෙලෙම සෝයාගෙ අප්පට වකුගඩුව ගන්න සල්ලි දීලා අප්පගෙ ඔපරේශන් එකත් කරවව්වා.. අප්පා හොස්පිල් එකෙන් ඩිස්චාජ් වෙද්දිත් හොස්පිටල් එකේ බිල ගෙව්වෙත් ටේ.. ඒ විතරක් නෙවෙ සෝයාගෙ අවුරුදු 14 නංගිට අදටත් ඉගෙන ගන්න උදව් කරන්නෙ ටේ..සෝයාටත් යන එනමක් නොතිබ්බ නිසා ඕනි කරන අද්‍යාපන සුදුසුකම් පවා සෝයාට තිබ්බ නිසා ටේ සෝයාට මේ රස්සාව දුන්නා...


ඒත් company එකේ වැඩ කරන අය සෝයා ගැන හිතුවෙ නරක විදියට.. ඒ මින්ස්සු හිතුවේ ටේව රවට්ටගෙන සෝයා මේ ජොබ් එක ගත්තා කියලා.. සෝයා හැමදේම තනියම දරාගත්තා..
ඒ වගේම කෙල්ල ටේ දෙන ඕනි වැඩක් හිනා වෙලා බාරගත්තා.. සෝයා වගේම සෝයගෙ පවුලත් ටේට උදේ හවස පිං දුන්නා..


සෝයා මේ හැමදේම සේහාට ඇකුරක් නෑර කිව්වා..


👩🏻‍💼: ඔයාට ඉන්නෙ හොද හස්බන්ඩ් කෙනෙක් සේහා.. පිට මිනිස්සු කියන කතා අහලා කවදාවත් sir ව නැති කරගන්න එපා ....


🌸: ම්ම්ම්ම්ම්ම්...


මේ අතරේ ටේ ජියාව හම්බවෙන්න ගියේ jin ගෙ restaurant එකට..


🐯: ජියා මියන්හේ මම කරදර කරානම්.. මම දෙයක් ගැන කතා කරන්න ආවෙ...


👸🏻: අහ් කියන්න ඔප්පා..


🐯: අහන්නකො.. මට සේහා ගැන ටිකක් කියනවකො.. මම එයා ගැන දන්නවා මදි වගේ..


👸🏻:ඔයා එයත් එක්ක කතා කරන්න ඉතින්..


🐯: ඒත් කොහොමද?


👸🏻: මෙහෙමයි ... සේහා කියන්නෙ කතා කරන්න ආස කෙනෙක්. මම වගෙ ගුප්ත කෙල්ලෙක් නෙවෙයි.. ඔයා direct එයාගෙන් අහන්න... නොදන්න හැමදේම.....එයා හැමදේම කියයි.. මම දැන් කියන්න ගත්තොත් සේහා ගැන ඔයාට අද මෙතනින් යන්න වෙන්නෑ ටේ ඔප්පා.. ඒත් මම එකම එක දෙයක් කියන්නම්.. ඉක්මන් තීරන අරන් සේහාව නැති කරගන්න එපා.. දවසක ඔයාම විදවයි..


🐯: හ්ම්ම්ම්ම්ම්ම්


ටේ ලොකු හුස්මක් පිට කලා..


👸🏻: දැන් මාව මෙතන්ට ගෙන්නගෙන මාව බඩගින්නෙ යවන්නද හදන්නෙ.. සේහා දැනගත්තොත් මාව බඩගින්නෙ මෙතනින් යැව්වා කියලා ඔයාට විසුමක් වෙන්නෑ 🙂



🐯: යාලුවා වගේම නැතෑ ඉතින් 😂😂😂😂😂😂😂


ටේ ජියාටත් කන්න දීලා ආයෙත් company එකට ආවා.. ටේ එද්දිත් සේහා සෝයා එක්ක බර කතාවක...


🐯: ඔන්න මම ආවා...


👩🏻‍💼: sir.....


සෝයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා ටේට ආචාර කලා..


🐯: ඉදගන්න සෝයා....ඉතින් කොහොමද සේහා යාලුවා හොදද..


🌸: ම්ම්ම්ම් මටම ගැලපෙනවා.. ජියා වගේම නැතෑ . දන්නවද ටේ අපි දෙන්නා කන්න ආස කෑමත් එක වගෙ ආස පාටත් එක වගේ.. අපි දෙන්නට දෙන්න ගොඩක් සමානයි...


👩🏻‍💼: thank you sir මට හොද යාලුවෙක් හොයලා දුන්නට....


🐯: හරි හරි.. සේහා තව පැයකින් ගෙදර යන්න ඕනි අපි...


🌸: ඒ ඇයි...


🐯: අහ් dinner එකට hyung ලයි ජිමිනයි කුකී අද අපෙ ගෙදර එනවා.. අහ් සෝයා ඔයාටත් ඔන්න මම ඉන්වයිට් කලා.. එන්න හොදේ... අහ් සේහා මම ජියාටත් කිව්වා


👩🏻‍💼: අනේ සර්... මම කොහො........


🌸: එන්න හොදෙද. ....


👩🏻‍💼: ම්ම්ම්ම් ......






____________________


කතාව දෙන්න හිතුවෙ නෑ කොහෙද ඉතින් එක යක්ස පැටියෙක් මට ඉන්න දුන්නෑනෙ 🙂
රෑට forever & always දෙනවෝ...


ජින්ශි 🥰

Comment