13 🌸

මින්හා ටේගෙයි සේහගෙයි කතාව හොරාට අහන් හිටියෙ.. හතුරෙක් විදියට මින්හාට සේහාගෙ ප්‍රශ්නය හොද පොයින්ට් එකක් වුනා...


🧟‍♀️: මගේ ටේගෙ කටහඩින්ම උඹට වද ගෑනි කියලා අහගන්න සැලැස්සුවෙ නැත්තන් මම මින්හා නෙවෙයි...


@ club...


🧟‍♂️: baby ඔයා කියන්නෙ ටේහ්‍යුන්ගෙ වයිෆ්ට ලමයි බිහි කරන්න බෑ කියලද..


🧟‍♀️: ඔව්.. ටේ මොකට ඒ ගැනීව බැන්දද මන්දා. ඉන්නකො baby මම ඕකිට වැඩක් දීලා ටේව මගෙ ලගට අරන් ඕකගෙ සල්ලි ටික කඩාගන්න තිබ්බොත් ඒ ඇති මට. කිm ටේහ්‍යුන් කියන්නෙ සල්ලි කදක්....


🧟‍♂️: ම්ම්ම්ම් good girl 😏😏😏😏


Meanwhile sehaa & taehyung :
සේහායි ටේයි ඔෆිස් එකෙන් එද්දි ටිකක් රෑ වුනා.. ටේට මීටින් ගොඩක් තිබ්බ නිසා... ඔක්කොම වැඩ ඉවර කරලා දෙන්නා ගෙදර යන ගමනුයි හිටියේ....


🐯: දැන් මොකද ඔය අහ්.තාම මූඩ් අවුල්..
🌸: අනෙ මන්දා ... මගෙ හිතට හරි නෑ..
🐯: මම කිව්වනෙ මුකුත් අවුලක් හිතට ගන්න එපා කියලා.  ඇයි ඕනිවට වඩා හිතන්නෙ. 


සේහාට නොකිව්වත් ටේත් හිතෙ අවුලෙන් හිටියෙ . මොනා වුනත් ටේගෙ හිත අමුතු දුකකින් පිරුනා. අප්පා එයාගෙන් බලාපොරොත්තු වෙන දේ එයාට බැරි නිසා. ඒත් ඒක සේහා හිතලා කරපු වරදක් නෙවෙයි. තිරිසනෙක් වගෙ දරුවෙක් ඕනිකමට ඒ කෙල්ලව පැත්තකට දාන්නෙ කොහොමද.
ටේ ගෙදර එන ගමන් හිතුවෙ එහෙම. ඒත් ටේ අවුලෙන් ඉන්නෙ කියලා සේහාට පෙන්නුවෙ නෑ.


🌸: ටේ වොශ් කරන් එන්නකො මම ලෑස්ති කරන්නම් කෑම..


🐯: හ්ම්ම්ම්...ලොකු දෙයක් හදන්න එපා සේහා.. ඔයාටත් මහන්සි ඇතිනෙ...


ටික වෙලාවකින් ටේ පහලට එද්දි කෙල්ල සුප් එකකුයි තව කෑම ටිකකුයි හදලා.. බැන්දා කියලා කොල්ලට ඔම්මගෙ අඩුව දැනුනෙ නැත්තෙ සේහාගෙ කෑම නිසා... බදින්න කලිනුත් මහන්සි වෙලා ගෙදර එද්දි ඔම්මත් මේ වගෙ උයලා තියෙන විදිය ටේට මතක් වුනා....


🌸: මොකද මේ චූටි මහත්තයා තනියම හිනා වෙන්නෙ.. අහ් මගෙ කෑම දැක්ක ගමන් බඩ පිරුනා නේද .... ඒකට කමක් නෑ කාලා ඉන්නකො 😁😂


🐯: ලොකුකමනෙ 🙂😏


සේහා ටේ දිහා හිනා වෙවී බලන් හිටියෙ පොඩි දෙයක් හදන්න කිව්ව කොල්ලා කෑම ටික සට සට ගාලා කන හැටි...


🐯: අම්මෝ බඩ පිරුනා.. ඕක අස් කරලා එන්න නිදා ගමු....


Wait.. What??? ටේ කිව්වෙ නිදා ගමු කියලා නේද???
සේහාට පුදුම හිතිලත් කිසිම ගානක් නෑ වගෙ කුස්සියට ගිහින් කෑම ටික් අස් කරලා නිදා ගන්න ආවා.. අද ටේගෙ ලොකු වෙනසක් නිසා කෙල්ල ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ..


🐯: අම්මෝ හෙට දවල් වෙනකන් නිදා ගන්න පුලුවන්. . කෝ එන්න..


ටේ සේහාව ඇදලා අරන් සේහාව එක අතකින් බදාගෙන සේහාගෙ බෙල්ල අස්සෙ ඔලුව හංගගත්තා...


🌸: ටේ..???


🐯: ම්ම්ම්ම්ම්...


🌸: අහ් අනී....


ටේගෙ මේ වෙනස එක පාරම වෙච්ච දෙයක් වුනත් සේහා ඒ දේට ආස කළා.. මොනා වුනත් සේහා ටේට හිතින් ආදරය කරපු නිසා. සේහාගෙ ජීවිතේ සේහා දැනුවත්ව ටේ සේහට ලං වෙච්ච පලවෙනි වතාව මේක.. පලවෙනි වතාවෙ කෙල්ල හිටියෙ නිදාගෙන.. දෙවෙනි වතාවෙ කෙල්ල හිටියෙ හොදටම බීලා..
හරි ඉක්මනට දවස ගෙව්නා . සේහා හැමවෙලේම ප්‍රාර්තනා කලේ එලිය වැටෙන්න එපා කියලා.. ඒත් ඉතින් මක් කරන්නද 🙂
පහුගිය දවසෙ ටිකක් මහන්සි නිසාත් අද ඉරිදා නිසාත් දෙන්නම නැගිට්ටෙ 10 පහු වෙලා.. ඒකත් ටේගෙ ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා.. නැගිටිද්දි සේහා හිටියෙ ටේගෙ පපුව උඩ.. කෝල් එක ආවත් සේහාට එතනින් අයින් වෙන්න ඕනි වුනෙ නෑ. ටේත් ඒක හොදටම දැක්කා...


🐯: අර්ර් මේ වෙලාවෙ මොකාද මේ....
🐯: ජිමින්??? මු මොකද මෙ වෙලාවෙ....


🐥: ටේ...දැන්ම වරෙන් hospital එකට. යුංගි හියුන්ගෙ අප්පාව ඇඩ්මිට් කලා..


🐯: what??? ඇයි බං අංකල්ට. ගොඩක් අමාරුද..


🐥: heart attack එකක් බං .ලොකු අවුලක් නෑ පලවෙනි එක නිසා...


🐯: හිටපං මම දැන්ම එන්නම්....


_______________


🌸: මොකද ටේ....


🐯: යුංගි හ්‍යුන්ගෙ අප්පට අසනීපයි සේහා. මම ගිහින් එන්නම් ඉක්මනට දොරවල් වහගෙන පරිස්සමට ඉන්න...


ටේ පුලුවන් ඉක්මනට ඇදුමකුත් දාගෙන හොස්පිටල් එකට යන්න ගියා.. මේ අතරතුර සේහාව හම්බවෙන්න කෙනෙක් ආවා.   කව්ද ඒ????


🌸: ටේ දැන් ගෙදර නෑ.. එයාව මීට් වෙන්න ඕනිනම් හවසට එන්න...


🧟‍♀️: අනේ.. මම අද ආවෙ ටේව මීට් වෙන්න නෙවෙයි. මිස්ව හම්බවෙන්න..


🌸: මාව???????


🧟‍♀️: ඔව් තමුන්ව.. ලැජ්ජ නැද්ද අයිසෙ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ගෙ ඇගෙ එල්ලෙන්න.. 


🌸: වාහ්හ්හ්හ්හ්.. කව්ද ජරා ගෑනි අහ්.. එතකොට තමුන් හොද එකීද වයිෆ් කෙනෙක් ඉන්න පිරිමියෙක්ගෙ පස්සෙන් එන්න... අනික තමුන් ටේගෙ ex girlfriend ..


සේහාගෙ ඉවසන්න ට්‍රයි කලත් මින්හාගෙ වචන නිසා සේහාට ගොඩක් තරහා ගියා.. මින්හාගෙත් රතු කට්ට පැන්නෙ සේහා බයක් සැකක් නැතුව කියන්න ඕනි ටික කියලා දැම්ම නිසා. මොකද මින්හා හිතුවෙ සේහා කියන්නෙ ගොඩක් සෙන්සිටිව් පාඩුවෙ ඉන්න කෙල්ලෙක් කියලා...


🧟‍♀️: this bitch !!!!! ඕයි වද ගෑනි උඹ කවුරු කියලද හිතන් ඉන්නෙ අහ්... උඹ දන්නවද ටේ මාත් එක්ක ඉස්සර ප්ලෑන් කරපු දේවල්.. එයාට බබාලා 5ක් ඕනි කිව්වා...  එයා ලමයිට දාන නම් පවා මාත් එක්ක ප්ලෑන් කලා.. කෝ ටේ කවදාවත් උඹත් එක්ක ඒවා ප්ලෑන් කරාද. අඩුම ටේ එක දවසක්වත් උඹත් එක්ක නිදාගෙන තියෙනවද.. උඹ දන්නවද උඹ මේ ගෙදරට එන්න කලින් උඹ නිදා ගන්න ටේගෙ ඇදේ මමයි ටේ එක්ක නිදා ගත්තෙ. කො කවදාවත් ටේගෙ කටින් උඹට ආදරෙයි කියලා තියෙනවද.. මොකක්ද උඹලගෙ රිලේශන් ශිප් එකෙ තියෙන්නෙ 😂😂😂  වාව්..... 😪🤣


ඒ වචන ටික සේහාගෙ පපුවට පිහි තුඩකින් අනිනවා වගෙයි දැනුනේ.... මින්හා කියපු හැමදේම ඇත්ත.. එත් මින්හා වගෙ ගෑනියෙක්ගෙන් එහෙම අහගන්න තරම් සේහා කරපු වරද මොකක්ද? ගෑනියෙක් කොහොමද තවත් ගෑනියෙක්ට අපහස කරන්නෙ? ඔව්. . පිරිමියෙක් ගැහැනියක්ව ලස්සනක් දැක්කට කවදාවත් ගැහැනියකට බෑ තවත් ගැහැනියකගෙ ලස්සනක් දැක්කත් ඒක කියන්න.. 98% ක්ම එහෙමයි...


🌸: යා කටවහ ගන්නවා.....


සේහා ඉවසීමේ සීමාව පැන්න තැන මින්හාගෙ කම්මුල හරහා එකක් ගැහුවා..... ඉවසනවා කියලා කොහොමනම් ඉවසන්නද.....


🐯: යා... සේහා....


සේහා එක පාරම ගැස්සිලා ගියෙ ටේගෙ කටහඩට. කොල්ලා ෆෝන් එක ගෙදර දාලා ඇවිත් නිසා ආයෙත් වාහනෙ හරවන් ගෙදර ආවා. එද්දි කොල්ලා දැක්කෙ පැත්තක ඉදන් අඩ අඩා අතෙන් බ්ලීඩ් වෙන මින්හාව...


🌸: ටේ ඔයා ඇයි දැන් ...


🐯: කටවහගනින් බැල්ලි. මම හිතුවෙ උඹ හොද කෙල්ලෙක් කියලා.. බලපං අර කෙල්ලට වෙලා තියෙන දේ...


සේහා එතකොටයි දැක්කෙ බොරුවට අඩ අඩා ඉන්න මින්හාව? ඒත් කොහොමද අතෙන් බ්ලීඩ් වෙන්නෙ. කනෙ පාරකට මීටර් 2ක් විතර ඈතෙන් තිබ්බ ලොකු මල්වාස් එකත් පෙරලන් බිම වැටෙන්නෙ කොහොමද.. මේකත් ඉතින් මින්හගෙ ප්ලෑන් එකක්...


🌸: අනෙ ටේ... මම මුකුත්....


🐯: වද ගෑනි... තෝ ආය වචනයක් හරි ඔය ජරා කටෙන් කිව්විත් තෝව මරනවා මම.. මින්හාව මට ඕන්නෑ කියලා මම උඹට කිව්වා. ලැජ්ජ නැද්ද යක්ල් තවත් කෙල්ලෙක්ට අත උස්සන්න.. පලයන් මේ දැන්ම..


🌸: අනේ මම මුකුත් කලෙ නෑ ටේ...

Comment