6 🌸










සේහාගෙත් කැමැත්ත පිට ටේ සේහාවත් එක්කගෙන ගෙදරට ගියා. ටේගෙ අප්පා ටේටයි සේහටයි ඉන්න වෙනම ගෙයක් අරන් දුන්නා..


හොටෙල් එකේ ඉදන් ගෙදරට එනකන්වත් සේහා ටේ එක්ක කතා කළෙ නෑ. ටේට හිතා ගන්න බෑ ඇයි මේ කියලා..


🐯: සේහා... ඔයාගෙ රූම් එක පෙන්නන්නම් මම. එන්න මගෙ.පිටිපස්සෙන්..


සේහා මුකුත් නොකියා ටේගෙ පස්සෙන් ඇවිදගෙන ගියා...


🐯: මේ තියෙන්නෙ ඔයාගෙ රූම් එක සේහා. ඔයාට මේක හොදයිනෙ..


🌸: අහ් දේ....


🐯: ඒක නෙවෙයි සේහා. මගෙ ඔම්මයි අප්පයි දන්නෑනෙ අපි දෙන්නගෙ රහස්.. මම ඔම්මට කිව්වා ගෙදරට වැඩ කරන්න කෙනෙක් හොයලා දෙන්න කියලා. ඔම්මා මට කැ ගැහුවා අලුත බැදපු ජෝඩුවක් ටික කාලයක් යනකන් තනියම ඉන්න ඕනි කියලා. ටික දවසකින් මම අජුම්මා කෙනෙක් ගේන්නම්. එතකන් ඔයාට උයන්න පුලුවන්ද මම ගේ අස්කරන්නම්...


🌸: හරි....


සේහා ආයෙත් ටේට කතා කරන්න නොදී රූම් එක අස්සට ගිහින් දොර වහ ගත්තා..


-------


Sehaa pov:


ඇත්තම කියනවනම් මට ටේ එක්ක රන්ඩුකරන්න ඕනි.. මට එයාව දකිද්දිත් තරහයි.. ඒත් මොකක්දෝ හේතුවකට මට එයත් එක්ක කතා කරන්න හිතුන්නෑ. මූන බලන්න ඕනි වුනත් මට කෙලින් එයා දිහා බලන්න බෑ. ඒ ඇයි කියලා මම දන්නෑ...


ටේට තවත් කතා කරන්න ඉඩ නොදී මම දොර වහගත්තා..
පොඩ්ඩක් ඉන්න...
උයන්න නේද කිව්වෙ මට... 🙂😂
සේහා ඔය තියෙන්නෙ පලිගන්න චාන්ස් එකක්...


විනාඩි 5ක් විතර රූම් එකෙ ඉදලා ආයෙත් පහලට ගියේ දවල්ට උයන්න. ටේ එතකොට පේන්නවත් හිටියෙ නැ. එක අතකින් මට ඒක සහනයක්... උදේට හොදට කාපු නිසා බඩගින්නකුත් නැති එකේ ස්පෙශන් ලන්ච් එකක් මම ටේ වෙනුවෙන් හදන්න ගත්තා 🙂😅


එයා ඒක කෑවම මට කෑ ගහන හැටි අහන්කන් ඉවසිල්ලක් නෑ....


ටික වෙලාවක් යද්දි මම ලන්ච් එක හදල ඉවර වුන නිසා ඩයිනින් ටේබල් එකෙ කෑම ටික තියලා රූම් එකට දිව්වා..


ටේගෙ ඩීප් වොයිස් එකෙන් කෑ ගහද්දි මුලු ආසියා මහද්වීපෙටම ඇහෙනවනෙ 😂 එයා මගෙ ලන්ච් එක භුක්ති විදලා දෙන රියැක්ශන් එක ඒ නිසා මට ඇහෙයි.. ලග ඉන්න ඕන්නෑනෙ 😅


ටේගෙ කෑගැහිල්ල ඇහෙනකන් මම බලන් හිටියෙ ගොඩක් නොඉවසිල්ලෙන්. ඒත් මට මෙලෝ දෙයක් ඇහුන්නෑ..ඒ නිසා මම උඩ තට්ටුවෙ ඉදන් හොරෙන් බැලුවේ ටේ කෑම කනවද කියලා..


ඒක දැක්කමනම් මට ගොඩක් දුක හිතුනා. ටේ කෑම ටික විසික් කරලා බාජන ටික සෝදනවා..
කොල්ලා බඩගින්නෙද දන්නෑ. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.එයාට මට කෑ ගහන්න පුලුවන්කම තියෙද්දිත් මට කෑ ගැහුවෙවත් නැත්තෙ ඇයි??????


දෙපාරක් නොහිතා මම ටේ ලගට දිව්වා. ගිහින් සෝද සෝද හිටපු භාජන ටික එයාගෙන් උදුරගෙන එයාගෙ අත්වලට දාලා තිබ්බ ග්ලව්ස් දෙකත් මම ගලවලා ගත්තා.. ඊටපස්සෙ ඒවා මම ම සේදුවා. ඒත් මම ටේගෙ මූන දිහා බැලුවෙවත් නෑ...


🌸:"ඉදගන්න... විනාඩි 10ක් ඉන්න කෑම උයන්නම්"


මම එහෙම කිව්වෙත් සොදන භාජන ටික දිහා බලන්. එයා මම දිහා බලන් ඉදලා පොඩි එකෙක් වගෙ ගිහින් සෙටියෙන් ඉද ගත්තා..


මෙයා ඇත්තටම මෙහෙම හැසිරෙනවද? නැත්තන් මෙහෙම රගපාලා මගෙන් බොරු අනුකම්පාවක් අරන් මගෙ හිතෙ පලිගන්න තියෙන සිතුවිල්ල අයින් කරලා එයා මගෙන් පලිගන්න පටන් ගනීද???? අයි ඩෝන්නෝ 😒


බයි ද වේ ලමයි...😌 මට හොදට උයන්න පුලුවන්.. ඉස්සෙල්ලා ටේට චුට්ටක් ලුනු මිරිස් වැඩි කරලා ලන්ච් එක හදලා දුන්නෙ. චුට්ටක් කිව්වට ඉතින් මිරිස් මේස හැදි පහයි ලුනු මේස හැදි 5යි වගෙ 🙂


කොහොම හරි පුලුවන් විදියට මම ඉක්මනට කෑම ටික හදලා ටේගෙ ඉස්සරහින් තියලා ආයෙත් මගෙ රූම් එකට යන්න හැදුවා..


🐯: ඔයා කරන්නැද්ද?


ටේ මම රූම් එකට යන එක නැවැත්තුවා. ඇත්තටම මට බඩගින්නක් තිබ්බෙ නෑ. බඩගිනි වුනත් මම ටේ එක්ක කන්න ආස නෑ....


🌸: අනී... මට බඩගින්නක් නෑ. ඔයා කන්න...


🐯: මට තනියම කාලා පුරුදු නෑ.. මෙහෙන් ඉදගන්න 🥺


අනේ මන්දා.. මගෙ හිත හොද වැඩීනෙ ඉතින්. ඔන්න ඔහේ ඕනි එකක් කියලා මම ටේගෙ එහා පැත්තෙන් ඉදගත්තා.. එයා මම හදලා දුන්න කෑම එකෙ පලවෙනි කට කෑවා. මම දැක්කා එයා හිනා වෙන ගමන් ඇස් දෙකත් ලොකු කරලා මගෙ දිහා බලනවා...


කොච්චර අහක බලන් ටේ දිහා නොබලා හිටියත් ටේ එහෙම බලද්දි මට තවත් අහක බලන් ඉන්න බැරි වුණා...


🌸: මොකද ආ...


🐯: ඔයාට මෙච්චර රසට උයන්න පුලුවන්ද?


🌸: ඔව් ඔයා දැක්කනෙ නේද මීට ටික වෙලාවකට කලින් මම කුස්සියට වෙලා උයනවා..


ටේ නිසා හිනා යන්න ආවත් මම බොරු තරහක් මවා ගත්තා.. මම කෑ ගැහුවත් ටේ ආයෙම හිනා වෙලා මූන කෑම එකේ ඔබා ගත්තා..
වෙස් මාරු කරන සතෙක්ද මේ යකා 😒


ටේ කාලා ඉවර වෙද්දි මම ආයෙත් රූම් එකට යන්න හැදුවා. ටේ මාව නැවැත්තුවෙ නෑ... ඒ නිසා මමත් මගෙ පාඩුවෙ ගියා...


රූම් එකට ආපු ගමන් මම ජියාට කෝල් එකක් ගත්තා..


👸: සේහා ප්‍රශ්නයක් නෑ නේද... කුකී කිව්වා ඔයාලා ගෙදර ආවා කියලා..


🌸: දේ..ආවානම් තමයි.. ඒත් බං මොකාද ඔය කුකී.. උඹ බේකරියක වැඩ කරන මනුස්සයෙක්ව දා ගත්තද 😒


👸: ආයිශ්... jungkook කෙල්ලෙ jungkook ...


🌸: හප්පදබොල... congratulations කෙම්ලෙ.. පාටි ඕනි හොදේ... ඉක්මනට දරු සුරතල් බලන්න ලැවේවා....


👸: යා සේහා... එයා මගෙ යාලුවෙක් විතරයි හාද...😒


🌸: හා හා ඔහොම යන්කෝ 😌😌😌😌😌😌


ඇත්තටම ජියාට කතා කරාම මගෙ හිත ගොඩක් සැහැල්ලු වුණා... පොඩි කාලෙ ඉදන් මම තනි වුනාම, හිත් රිදුනම සැනසීම ගෙව්වෙ එතන. මගෙ අප්පගෙ ලේකම්ගෙ දුව තමයි ජියා. ජියාගෙ අප්පා මගෙ අප්පගෙ ලගින් හැමදාම හිටියා අදටත් ඉන්නවා. ඒ වගේමයි ජියත් එදා ඉදන් අද වෙනකන් වෙනස් නොවී මාත් එක්ක දුක සැප බෙදා ගත්තා....


ඉක්මනින් හවස් වුණා. වොශ් එකකුත් දාගෙන මම වැහෙන්න ඇදුමක් ඇදගත්තා 😒 ඇයි හත්තිලව්වෙ... කොල්ලෙක් එක්ක මම මෙ ගෙදර තනියමනෙ... ආත්මාරක්ෂාව තමා වැදගත් 😌...


අන්න එහෙම ඇදුමකුත් දාගෙන.. මගෙ සූටි බන්ඩියත් චුට්ට චුට්ට අඩන්න ගත්ත නිසා මම රෑට උයන්න ගියා...හිතේ හැටියට උයන්න පිහන්න මේ ගෙදර බඩු තිබ්බ එකත් එක අතකට මට සහනයක්...
උයලා කැම ටික ටේබල් එකෙන් තියද්දිම ටේත් පහලට දුවගෙන ආවා. සුවද දැනිලා 😌😂


ටේ පහලට එද්දි මගෙ හිත චුට්ටක් ගැස්සිලා ගියේ ටේගෙ පෙනුමට.. හැමදාම මම ටේව දැක්කෙ ෆුල් සූට් එකෙන් නැත්තන් පිජාමා එකකින්. ඒත් එයා අද නාපු ගමන් ශෝටකුයි , සුදු ටී එකකුයි අදගෙන පහලට දුවගෙන ආවා...


කොල්ලා මගෙ ලගට ආපු නිසා මම ඇරන් හිටපු කටන් ශේප් එකෙ වහගත්තා...


🐯: අම්මො..සුවද... එන්න කමු...


ටේ මටත් කන්න කතා කලා. බඩගින්නෙත් හිටපු නිසා මම ටේබල් එකෙ ටේ ගෙ ඉස්සරහින් ඉද ගත්තා..
ටේ නම් ඔහේ කෑම එක දිහා බලන් කනවා...මමත් ඉතින් මගෙ රස කෑම ටිකක් මගෙ බන්ඩියට දා ගත්තා...


🌸: ටේ ඔයා වැඩ කරගන්න. මම ඔය ටික අස් කරන්නම්..


ටේ කාලා ඉවර වෙලා කුස්සියට ගිහින් කුස්සිය අස් කරන්න ගත්තා. කෙල්ලෙක් වෙලත් ඒවා බලන් ඉන්න එක මගෙ හිතට හරි ගියෙ නැති නිසයි එහෙම හරි මම ටේට කතා කලේ...


ඒ වෙද්දිත් මගෙ හිතෙ ලොකු ප්‍රශ්නයක් තිබ්බා...ඇයි ටේහ්‍යොන් මගෙ එක්ක එක පාරම ලෙංගතු.. එයාමයි පලිගන්නම හිතන් මාව මැරි කලේ.. මෙයාගෙ මේ වෙනස්වීමනම් හොද දේකට වෙන දෙයක්නම් නෙවෙයි....


මම ටේ දිහා බලන් හිතුවා...


ටේට අස් කරන්න නොදී මම අස් කරන්නම් කිව්වත් ටේ බෑ කියලා ආයෙත් අස් කරන්න ගත්තා. මමත් ටිකක් ඒක බලන් ඉදලා මගෙ රූම් එකට ගිහින් btsලගෙ සින්දුවක් දෙකක් අහලා ඔලුව රිලැක්ස් කරන් නිදා ගත්තා...


ඔයාලට කියන්න රීඩර්වරුනි මට මෙච්චර ප්‍රශ්න ආවා.. ඒත් මං නිදා නොගත්ත නැති දවසක් නෑ , නොකෑව දවසක් නෑ.. හැමදාම කෑවා , නිදාගත්තා 😌😂සැප ජීවිත ඉතින් මෙව්වා 🙂....











------------=
-------------






___+++++_____+++____++++___+++++


ඔන්න අද ඩබල් අප්ඩේට්.. අනෙ අදට ඇති.. මට හති 😒... ආය ඉතින් හෙට රෑට තමා... ගුඩ් නයිට් බබූලා.....


Comment