14 🌸

Tae pov :


සේහාගෙ උපන්දිනෙ දවසෙ මම ඇයි එයාට මෙහෙම කලේ. අර බැල්ලිගෙ කදුලුවලට මම රැවටුනේ කොහොමද.. මම වාහනෙ අරගෙන ගියෙ ඉවසීමෙ සීමාව පනිද්දි. මට තවත් ඉවසන් ඉන්න බැරි වුනා. ජියාගෙ වචනයක් ගානෙ මගෙ හිතෙ මං ගැන කලකිරීමක් ඇති වුනා...
වැස්ස කොච්චර වැඩි වුනත් මම පාරක් පාරක් ගානෙ ඇවිද්දා. සේහා කොතනම හරි ඇති. කොච්චර හෙව්වත් මගෙ ඇස් දෙකට මගෙ සේහාව දැක්කෙ නෑ.. බැරිම තැන පාක් එකෙන් නවත්තලා මහ වැස්සෙ මම පාක් එකට ගියෙ හිතෙ හැටියට මට මගෙ දුක නිදහස් කරගන්න ඕනි නිසා. හවස ඉදන් මගෙ හිතේ කැකෑරෙන දුක මට තවත් දරාගන්න බෑ.


පාක් එක අයිනට වෙන්න තිබ්බ බෙන්ච් එකක ඉදගත්ත මගෙ ඇස් වලින් කදුලු එකින් එක වැටෙන්න ගත්තෙ මටත් නොදැනී...



🐯: සේහා.... මැනික එන්නකෝ.. කොහෙද ඔයා.. කරදරයක්වත්ද.. අනෙ එන්නකො.. චේබල් ..
මම ඔයාගෙන් වැදලා හරි සමාව ගන්නම් ..


මම හිතේ හැටියට කෑ ගැහුවා. මගෙ සේහා කොහෙ ගිහින් ඇත්ද???


එක පාරම මගෙ උරහිසට සීතල අතක් කව්දෝ තිබ්බා වගෙ මට දැනුනා.. දෙයියනෙ හොල්මනක්වත්ද..
මම පිටිපස්ස හැරිලා බැලුවෙ කව්ද මේ මහ රෑ මහ වැස්සෙ මගෙ උරහිසට අත තිබ්බෙ බලන්න.....


සේහා???????


හොදටම තෙමිලා මගෙ කෙල්ල. හොදටම වෙව්ලනවා. කොහෙන්දෝ ඇවිත් මගෙ උරහිසට අත තිබ්බා.


🐯: මැනික... කොහෙද ගියෙ.. දන්නවද මම හැම තැනම ඔයාව හෙව්වා.


එයා ආයෙත් කෑ ගහන්න පටන් ගෙන මාව අත්දෙකෙන්ම බදාගෙන අඩන්න ගත්තා. මම කොහොමද තවත් මේවා දරාගන්නෙ. මම නිසයි එයා අඩන්නෙ.


🌸: ටේ මම.. මම මුකුත් කලෙ නෑ ටේ... මම මින්හාට ගැහුවා තමයි. ඒත් .. ඒත් ටේ එයාට බ්ලීඩ් වෙන්න තරම් ගැහුවෙ නෑ මම... අනෙ මාව විශ්වාස කරන්න ටේ.. මාව ගෙදරින් එලියට දාන්න එපා...



එයා බිදුන කටහඩකින් මාව බදාගෙන කෑ ගහන්න ගත්තා..


🐯: මියන්හේ සේහා.. මමයි මෙතන වැරදි. එන්න යන් අපි ගෙදර. ජියා මාව උයන් කයි තව ටිකක් පරක්කු වුනොත්...


සේහා ගොඩක් වෙව්ලන නිසා එයාව මම වඩාගත්තා. කෙල්ල සීතලට ගැහෙනවා..
සේහාව කාර් එක අස්සට දාලා මම උපරිම වේගෙන් ගෙදරට ගියා.මම යද්දිත් hyung ලා ඇවිත්. ජින් hyung නම් මාත් එක්ක පුපුර පුපුර ඇති...මම ගේ අස්සට ආවෙත් සේහාව අත් දෙකෙන්ම අරගෙන.. අපි එද්දි ජියා හොදටම ජන්ගුකාගෙ පපුවට හේත්තු වෙලා අඩනවා..


🐯: විසදගන්න දෙයක් විසදගමු.. ඒත් සේහාව මම පිහිදලා ඇදුමක් දම්මගෙන එන්නම්...


මම කට්ටිය දිහා නොබලම සේහා එක්ක උඩ තට්ටුවට ගියා.. ගිහින් මම කෙල්ලගෙ ඔලුව හොදටම පිහදැම්මා.. ඒත් මට එයාට ඇදුමක් අන්දන්න බෑනෙ. එයා කොහොමත් එහෙම කරන්න දෙන්නෙත් නෑ.


🐯: සේහා වොශෲම් එකට ගිහින් ඇදුමක් දාගෙන එනවද ම්ම්ම්ම්..


එයා ඔලුව වනලා ගැහි ගැහි වොශ් රූම් එකට ගියා. මමත් හරියට කිරිවල පොගවපු මාරි බිස්කට් එකක් වගෙ. ඒ නිසා සේහා එන්න කලින් මම ඉක්මනට ඇදුමක් දා ගත්තා...


🌸: යමු ටේ පහලට. ජියා බලන් ඇති...


අපි පහලට ඇවිත් ඉදගත්තා. කවුරුත් මගෙ දිහා බැලුවෙවත් නෑ. සේහාත් ඇවිත් බිම බලාගෙන හිටියා..


🐨: මේ අහපල්ලා. ටේ උඹ මෙතන වැරැද්ද කරපු එකා. අද උඹට අපි එකතු වෙලා ගැහුවත් ඉවසන්න ඕනි..



තිබ්බ නිශ්ශබ්දතාවය බිදලා නම්ජුන් හ්‍යුන් කතාව පටන් ගත්තා..


🐹: ටේ.. මල්ලි උඹ උඹෙ වයිෆ්ව උඹෙ ex girl නිසා එලියට දාන්න තරම් පහත් මිනිහෙක් වුනෙ කොහොමද බං. මම උඹට කිව්වෙ මොනාද.. උඹටයි කුකීටයි ජිමිනාටයි මම හැමදාම කිව්වෙ මොන වැරැද්ද කරත් පලවෙනියට කෙල්ලෙක්ට ගරු කරන්න ඉගෙන ගනිල්ලා කියලා.


ජින් හ්‍යුන් මගෙ ඇස් දිහා බලන් කෙලින් කතා කලා. ජින් හ්‍යුන්ගෙ ඇස්වල තිබ්බෙ මං ගැන ලොකු කලකිරීමක්...


🐹: සේහා... මම ඔයාට කිව්වා බුසාන් ගිය දවසෙ ටේට චාන්ස් එකක් දෙන්න කියලා.. ඒත් මම දැන් මගෙ වචන වෙනස් කරනවා. නංගි ඕනි තීරනයක් ගන්න...


🐱: උඹලා දෙන්නට එකට ඉන්න බැරිනම් හෙටම ඩිවෝස් වෙයල්ලා. මට බෑ ටේ උඹ අහිංසක කෙල්ලොන්ට ගහනවා බලන් ඉන්න.. ලැජ්ජ නැද්ද යකො තමුන්ට උදෙ හවස කෑම ටික හරි හදලා දෙන කෙල්ලට වද ගෑනි කියන්න.. උඹට හරියන්නෙ අර මින්හා වගෙ හුචක්කුම තමා...



යුංගි හ්‍යුන් මොනාද මේ කියන්නෙ. අපි ඩිවොස් වෙන්නෙ කොහොමද.. අනෙ මට බෑ...


🦄: මමත් එකගයි යුංගියාගෙ කතාවට. එකට ඉන්න බැරිනම් වෙන් වෙන එක හොදයි. අර අහිංසකී විදවනවට වඩා.


🐥: ටේ උඹ කරෙ හොද වැඩක් නෙවෙයි කොල්ලො. සමාව දෙන්න පුලුවන් වැඩක් නෙවෙයි උඹ කළෙ. අපි මෙ ප්‍රශ්නෙට මැදිහත් වුනෙ උඹ අපෙ එකා වගේම මේ ඉන්නෙත් අපෙ නංගි වගෙ ඉන්න කෙල්ල නිසා.. සේහා.. ඔයා මොකක්ද කියන්නෙ..


🌸: ම්ම්ම් මේකයි. මගෙ හිතෙ දැන් තියෙන්නෙ හිස් හැගීමක්.. කෙලින්ම කියනවනම් මට ටේව ඕනි නෑ. මම කවදාවත් එයාව මගෙ හස්බන්ඩ් හැටියට දකින්නෑ. ඔප්පා මෙයා කැමතිනම් ඩිවෝස් වෙන්න මම දැන්ම ඩිවෝස් එක දෙනවා. ඒත් එයාට බැරිනම් මම ඉන්නවා. මොකද තාම මාස 2 හමාරක් වගේනෙ මම ඇවිත්. මෙච්චර ඉක්මනට මම ඔම්මා අප්පා ලගට ගිහින් එයාලට ලැජ්ජ කරන්න බෑ..


👸🏻: සේහා... තව එක පාරක් හරි මේ මිනිහා ඔයාට අතක් හරි තිබ්බොත් මම නිකන් ඉන්නෙ නෑ..


සේහා කිව්ව වචන කීපයට මගෙ හිතෙ තිබ්බ දුක තවත් වැඩි වුනා.. ඒ කියන්නෙ එයාට ඕනිම වෙලාවක මාව අතාරින්න පුලුවන්ද?
මම පිලිගන්නවා මම වැරැද්දක් කලා.. ඒත් ... අනෙ මන්දා...
ටික වෙලාවකින් හියුන්ලා හැමෝම ගියා. ජියා මට අන්තිම ජරා විදියට බැනලයි ගියෙ. මම ඉවසුවේම සේහා නිසා..
කට්ටිය ගියාමත් සේහා සෙටියට වෙලා ඔහේ බලන් හිටියා....


Sehaa pov:


මට ටේ එක්ක තිබ්බෙ තරහක්.. තාවකාලික තරහක් මිසක් වෛරයක් නෙවෙයි. උදේ ඉදන් මම කකුලට ස්ලිපර්ස් දෙකක්වත් නැතුව යන එනමක් නැතුව ඇවිද්ද හැටි, වැස්සෙ තෙමිච්ච හැටි මතක් වෙද්දි මට මං ගැනම දුක හිතෙනවා. මට ඕනි වුනෙ ටේගෙ හිත රිද්දන්න. ඒකයි මම හැමෝම ඉස්සරහා හිතක් නැති එකියක් වගෙ කතා කළෙ. මට තේරෙන්නෑ ටේ මෙච්චර දෙයක් කරලත් මගෙ හිතෙ ටේ ගැන තියෙන ආදරේ අංශු මාත්‍රයක්වත් අඩු නිවෙන්නෙ කියලා.


ටික වෙලාවකින් ඔප්පලා හැමෝම යන්න ගියා. මම එතනම ඔහෙ ඉදගෙන හිටියෙ මේ වගේ සිටුවේශන් එකක මම මොකක්ද කරන්න ඕනි කියලා නොතේරුන නිසා....


🌸: අව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්


මම එක පාරම ගැස්සුනෙ මගෙ යටිපතුලෙන් ආපු වේදනාව නිසා..
ආයිශ් උදෙ ඉදන් ගල්වලට හැප්පිලා මුලු යටි පතුලම තුවාල වෙලා..
මම කෑ ගහපු පමාවට ටේ මගෙ ලගට ඇවිත් ඉදගෙන කකුල් දෙක එයාගෙ ඔඩොක්කුවට ගත්තා..


🐯: ගොඩක් තුවාල වෙලානෙ සේහා.. ඉන්න ටිකක්.


එයා දුවගෙන ගිහුන් බෙහෙත් ටිකකුයි ප්ලාස්ටර් ටිකකුයි ගෙනවා.. අනේ!!!! එයා මගෙ යටිපතුල් දෙකට පිඹ පිඹ බෙහෙත් ටික ගානවා. වේදනාව කොච්චර වැඩි වුනත් මට ඒක ගානක් වුනෙ නැත්තෙ මම ටේගෙ මූන දිහා බලන් හිටපු නිසා... මේ වගේ කෙනෙක් කොහොමද අච්චර නපූරු වුනෙ?
මට ආයෙත් ටේ ගැන හිතුනෙ තරහක්. එයාට දුක කියන්නෙ මොකක්ද කියලා උගන්වන්න ඕනි. එයා හැමෝටම දුකක් දෙන්නෙ හිතුමනාපෙට.. හරියට එයාට ලොකු අයිතියක් තියෙනවා වගේ. එයා මට්ටු වෙන්නෙ මගෙනුයි.. මම මගෙ ආදරෙ යටපත් කර ගත්තා. මට ඕනි ටේව හදාගන්න. හරි එහෙනම් අපි පටන් ගමු කිම් ටේහ්‍යුන් 😏😏😏


එයා මගෙ කකුලට බෙහෙත් දැම්මා.. ඇගට දැනෙන මහන්සිය... අනෙ මට නිදා ගන්න ඕනි.. වැඩක් නෑ!!! මගෙ බඩගින්න නිදිමතට වඩා ඉස්සර වුනා.
මම කකුලත් ඇද ඇද මම කිචන් එකට ගියා. මගෙ අතට බෙහෙත් දාලා ටේ කොහෙටද ගියා. මම දැක්කෙ නෑ පොර කොහෙද ගියෙ කියලා . සමහරවිට රූම් එකට යන්න ඇති....


මොකාක්????? මේ මනුස්සයා උයනවද මේ????


🐯: සේහා ටිකක් ඉන්න තව චුට්ටයි...


එයා බරටම වැඩ.. මොනාදෝ පන දාගෙන උයනවා. මට හිනා යන්න ආවත් මම හිනාව හංගගෙන ගිහින් ඩයිනින් ටේබල් එකෙන් ඉදගත්තා..වෙලාවකට මට දුකත් හිතෙනවා මෙයාගෙ වැඩ දැකලා.. ඒත් ඇයි මම ඉවසන්නෙ. ආදරේ කියන දේ ඉස්සරහට දාලා ඇයි තවත් මම ඉවසන්නෙ. එයා ලග ඉන්න එකත් හොද වැඩී එයාට. එයාට පාඩමක් උගන්වන්න ඕනි..


🐯: ඔන්න අපේ dinner එක රෙඩි...


ටේ ඇවිත් කෑම තොගයක් මගෙ ඉස්සරහින් තිබ්බා.. වාහ්!!!!!



වැඩ්ඩෙක්නෙ මේ යකා... දැන් ඉතින් කන්න තමා තියෙන්නෙ..
ඒත්.. ටේ කන්නෙ නැද්ද? එයත් අනිවාර්යයෙන් මුකුත් නොකා ඇත්තෙ..


🌸: හ්ම් ඔයත් එන්න.


ටේ පොඩි එකෙක් වගෙ මට ඉස්සරහින් තිබ්බ චෙයා එකෙ ඉදගත්තා... එයා කනවට වඩා කළෙ මම දිහා හිනා වේගෙන කන්න වගෙ බලන් හිටපු එක.. බඩ පිරෙන්න ඇති ඉතින් මම කෑල්ලනෙ 🙂


🐯: සේහා.. උදෙ වෙච්ච දේ ගැන මම ගොඩක් පසුතැවෙනවා.. මියන්හේ සේහා.. චොම්මල් මියන්හේ..


🌸: අනෙ ඇති ටේ. උදේ වෙච්ච දේවල් ආය මතක් කරන්න එපා. මට මතක් වෙද්දි කන්නවත් හිතෙන්නෑ..


මම මගෙ කටට ආපු දේ කියලා දැම්මා.. අනිවාර්යයෙන් එයාගෙ හිත රිදෙන්න ඇති.. ඒත් එයාට උදේ මට අත උස්සද්දි දැනුන්නෑනෙ මම විදවපු හැටි.. ඒත් ඇයි මම මගෙ වචනයක් වැරදිලා ටේට දුක හිතුනත් දුක් වෙන්නෙ... අර්ර්ර් මේ ආදරේනම්....


මම කෑම ටිකත් කාලා ආයෙත් රූම් එකට යන්න ලෑස්ති වුනා.. අම්බේ නිදිමත.. ඒත් ලැජ්ජ නැතුව අර යකාගෙ රූම් එකෙ නිදාගන්නෙ කොහොමද මම...


🌸:ටේ පුලුවන්නම් මගෙ කලින් රූම් එක හදලා දෙනවද මට.. කකුල බැරි නිසා ටිකක් අමාරුයි තනියම කරන්න...


මම බැරිම තැන ටේගෙන් උදව් ඉල්ලුවා. මගෙ කකුල අඩියක් තියන්නවත් බෑ ඒ තරම් කැක්කුමයි..


🐯: ඇයි ඒ රූම් එක???


🌸: වෙන මොකටද ඉතින් නිදා ගන්න...


🐯: ඒවා කොහෙද මාත් එක්ක..


ආයෙත්!!! අනේ 😣😣😣 ටේ මාව වඩා ගත්තා.. එයා මාව එයාගෙ රූම් එකට එක්කන් ගිහින් ඇදෙන් තියලා එයත් හාන්සි වුනා.. එයා හිනා වෙවී මගෙ දිහා බලන් හිටියෙ මාව කන්න වගේ.. අනෙ මමනම් බැලුවෙ නෑ ඔය උලමා දිහා...
එයා ටික වෙලාවක් හිනා වෙවී මගෙ දිහා බලන් ඉදලා ලෑම්ප් එකත් ඕෆ් කරා...
ආයිශ් 😩😩 අනෙ එයා මාව තුරුල් කරගත්තා..
මම කොච්චර එයාගෙන් ගැලවෙන්න හැදුවත් නිවිති නොකා හැදුන මගෙ කෝටු අත් එයාගෙ තඩි අත් එක්ක හැප්පෙන්න තරම් ශක්තිමත් නෑ... බැරිම තැන මාත් දගලන එක නැවැත්තුවා. කොහොම වුනත් මම ඒ උනුහුමට ආයෙත් හීලෑ වුනා. දවසම සීතලෙ හිටපු මට ඒ රස්නෙ වැදෙද්දි දැනුනෙ පුදුමාකාර සනීපයක්.. ආත්මගරුත්වෙ පැත්තකට දාලා මමත් ටේගෙ පපුවට ගුලි වුනා..



ටික වෙලාවක් යද්දි මගෙ නලලට තෙතක් දැනුනා.. ඔව් ටේ මගෙ නලලට එයාගෙ තොල් බර කලා. එයා හිතන් ඉන්නෙ මම නිදි කියලා...


🐯: මියන්හේ රත්තරන්.. ඔයාට මං වගෙ තිරිසනෙක් සුදුසු නෑ. ඒත් ඔයාව නැති කරගන්නත් මට බෑ. මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා....


ටේ මම නිදි කියලා හිතන් කතා කරන්න ගත්තා.. එයා හැදිලද??? අනෙ මන්දා... ඒත් මගෙ හිතට මොකක්දො සතුටක් දැනුනා.. හිනා යන්න ආවත් හිනා නොවී මම මාව කන්ට්‍රෝල් කරගත්තෙ ටේ මං ඇහැරිලා ඉන්නවා කියලා දැනගත්තොත් අපි දෙන්නටම ඒක අපහසු දෙයක් නිසා...






_________


හලො හලො.. මම දුක් මහන්සියෙන් ඔන්න අද එකත් දුන්නා... කෙල්ලො ටික. .. අනෙ මට හුස්ම ගන්න පවා අමාරුයි. මගෙ පෙනහලු වීක් වෙලාලු 🥺 මට රෙස්ට් එක ඕනි. ඉතින් ඇදෙ තමා ඉන්න වෙන්නෙ. හෙට ඉදන් සට පට ගාලා අප්ඩේට් දෙන්නම්. මොකද ඉතින් නිදාගෙනම දැන් හති මට.. හෙට අප්ඩේට් දුන්නැත්තන් මං මලා කියලා හිතා ගන්න 🙂 හුස්ම හිරවෙනවා අප්පෙහ්....




අනේ මයෙ අලුත් කවර් එක 😭😭🌸 JinNu97 කුමවෝ මගෙ හොටු ඔන්නි.. කෙල්ලො ටික මේ අක්කගෙත් ff කියවන්න. හැබැයි ඇබ්බැහිවෙන සුලුයි 🙂 ඔන්න කලින්ම කිව්වා.. එහෙනම් මම ගියා. අද අමාරුවෙන් හරි චැප්ට එක දුන්නෙ ජින්නු ඔන්නි මට දුන්න අලුත් කවර් එක නිසා.. බායි...


🌸🐯 ජින්ශි.....

Comment