25 🌸

🐯: අප්පා.. මම එක දෙයක් අහන්නම්.. මට ඒකට විතරක් උත්තර දෙන්න.. ඇයි එහෙනම් සේහාව මට බන්දලා දුන්නෙ..


තමන්ගෙ අප්පා නිසා ටේගෙ ඇස්වල කදුලු පිරුනෙ ඉබේටමයි. මොන දරුවටද මෙහෙම දෙයක් ඉවසන්න පුලුවන්..


👨‍🦳: ඒක ලොකු කතාවක් පුතා...


ටේගෙ අප්පා ලොකු හුස්මක් පහත හෙලුවෙ ලොකු කතාවක් කියන්න මුලපුරලා...


Flashback :


වසන්ත ඍතුව ආරම්භයත් එක්කම සෝල් නගරය දිව්‍ය විමානයක් තරම් ලස්සන වුනෙ මිනිස් හිත්වල නැව්ම් බලාපොරොත්තු ඇති කරමින්.. 
කිම් හීජින්... අවුරුදු 18ක යුවතියක්.. වසන්ත සෘතුවෙ පායපු ටියුලිප් මලක් තරම් කෙල්ල ලස්සනයි.



( හීජින්)


පාසලෙ වගේම යන එන හැන තැනකම හැමදෙනාගෙම හිත දිනාගන්න කෙල්ල දක්ශ වුනා.. කෙල්ලව ආශ්‍රය කරන පිරිස කෙල්ලට කැමති වුනෙ හීජින්ගෙ තියෙන පියකරු බවත් කරුනාවත් නිසා..


වෙනදා වගේම උදෙන්ම ලෑස්ති වෙලා යුනිෆෝම් එකත් ඇදගෙන තමන්ගෙ  අප්පට සමු දීලා කෙල්ල ඉස්කෝලෙට යන්න පිටත් වුනා..


" හීජිනා... "


කෙල්ලට පිටිපස්සෙන් මීටර ගානක දුර ඉදන් කෑ ගැහුවෙ කිම් බෙක් හියුන්..



( baekhyun )


කොරියන් කෝටිපති ව්‍යාපාරක mr කිම්ගෙ එකම දරුවා වුන බෙක් හියුන්ට වෙන පිරිමි ලමයෙක්ගෙන් දකින්න නොලැබෙන අමුතු පෙනුමක් තිබුනා. කොල්ලා අනික් පිරිමි ලමයින්ට වඩා හුඟක් ප්‍රියමනාපයි, ලස්සනයි.. ඒ වගේම හිතත් හොදයි..


" ඔහ් බෙක් හියුන්.. මං ඒත් බැලුවා කෝ කියලා.. කෝ එතකොට ඔයාගෙ නැට්ට"


" එයා ඉස්සරහින් අපිට එකතු වෙයි.. යන්කො අපි"


බෙක් හියුන් හීජින්ගෙ කරට අතදාගෙන පාරෙ ඇවිදගෙන යන්න ගියා.. ඒත් බෙක්හියුන්ගෙ ඇස් තිබ්බෙ හීජින් ළග.. හීනි ඇස් වගේම චෙරි තරම් රතු තොල්වලට ඕනි කොල්ලෙක් වශී වෙනවා. සහෝදරකමක් වගෙ තිබුන හීජින්ගෙත් බෙක් හියුන්ගෙත් යාලුකම බෙක් හියුන් තමන්ගෙ පැත්තෙන් විතරක් ආදරයක් බවට පත් කරගන්නවා..


" හායි"


හීජින් බෙක් හියුන් වෙන්නව බය කරන් එක පාරම මැද්දට පැන්නෙ පාක් ජීහු..



( jihoo)


ඒ තමයි බෙක් හියුන්ගෙ අතිජාත මිත්‍රරයා .. පරම්පරාගත යාලුකමක් ඒ දෙන්නට තිබුනා.. හීජින් ජීහුව අදුරගත්තෙත් බෙක් හියුන් නිසා.


හීජින් කියන්නෙ දුප්පත් කෙල්ලෙක්. තමන්ගෙ අප්පා දවසට හොයන සොච්චමෙන් හීජින් ජීවත් වුනා. පාට් ටයිම් ජොබ්වලට යන්න හැදුවත් අප්පා ඒ දේට ඉඩ නොදුන්න නිසා හීජින් අකමැත්තෙන් වුනත් අප්පගෙ සල්ලිටික අරපරිස්සම් කරන් ජීවත් වෙන්න තීරණය කලා.. ඒත් බෙක් හියුන්, ජීහු කියන්නෙ හීජින්ට වඩා ගොඩාක් වෙනස් දෙන්නෙක්. හරියට අහසයි පොලොවයි වගෙ.. කොල්ලො දෙන්නට නාන්න තරම් සල්ලි තිබුනා..


බෙක් හියුන් තමන්ගෙ ආදරේ හීජින්ට කියන්න උත්සාහා කලත් හැමදාම මොකක් හරි දෙයක් නිසා බෙක් හියුන්ට ඒ දේ කරන්න බැරි වුනා..


" හිජිනා.. ටිකක් කතා කරමුද?"


" කියන්න බෙක් හියුනා.. මොකො"


" මම මේ..."


" ආයිශ්.. ඉන්න බෙක් හියුන් මම ලයිබ්‍රියට ගිහින් එන්නම් ජීහු නෝට් ටික රෙඩි කරලා මට කෑ ගැහුවා ගන්න එන්න කියලා"


බෙක් හියුන්ට තමන්ගෙ හැගීම් කියන්න අවස්තාවක් ලැබුනෙ නැති තරම්. ඒ නිසා බෙක් හියුන් කලෙ තමන්ට හිතෙන දේ හැමදාම අකුරු කරන එක


_______________


අලුත් දවසක් උදා වුනා.. බෙක් හියුන්ට ඇහැරෙන්න පරක්කු වුනෙ කලින් දවසෙ රෑ ඇස් ඉදමෙනකන් ඩයරිය දිහා බලන් අඩපු නිසා.. කොල්ලගෙ අප්පා ඒ කියන්නෙ mr kim බෙක් හියුන්ව ඇහැරවන්න රූම් එකට එද්දි කොල්ලා හිටියෙ අමුතු පොතක් බදාගෙන නින්දට වැටිලා..
ඒ කම්මුල්වල කලින් දවසෙ රෑ අඩපු කදුලුවක සලකුනු mr kim හොදින්ම දැක්කා.. ඩයරිය කියන්නෙ පෞද්ගලික දෙයක් වුනත් තමන්ගෙ දරුවා මෙච්චරටම අඩන එක mr kim ට මානසික වද දුන් නිසා බෙක් හියුන්ට නොදැනෙන ගානට ඩයරිය අරන් මුල ඉදන් කියවන්න ගත්තා..


" 1985.07.04
ආදරණීය දිනපොත,
අදත් වෙනදා වගේම  ලස්සන දවසක්. හීජිනා අද වෙනදටත් වඩා ලස්සනයි. එයාගෙ හිනාව හැමදාම වගෙ අදත් මාව සන්සුන් කලා.. වගේම මගෙ හිතෙ එයා ගැන තියෙන ආදරේ අදත් වැඩි වුනා..
මම අදත් උත්සාහා කලා.. හැමදේම එයාට කියන්න උදේ ඉදන් ඇඟිලි ගැන ගැන හිටියා. ඒත් හැමවෙලේම මොකක් හරි බාධකයක් මැද්දට පැන්නා.. අදත් එහෙමයි..
මට ඕනි මගෙ හැඟීම එයාට කියන්න. මට දැනෙන, මට හරියනම කෙනා එයා.. ඉතින් මට එයාව ඕනි.. මගෙ හීජින්ව ඕනි.. චේබල්.. එයාව ගෙනත් දෙන්න මට...
                                        
                                         Baekhyun...


🌸🌸🌸


බෙක්හියුන්ගෙ අප්පට තමන්ගෙ පුතාගෙ හැගීම් ගැන තේරුම් ගන්න බැරිකමක් තිබුනෙ නෑ. ඒත් හීජින් කියන්නෙ kim පවුලට කිසිම පැත්තකින් නොගැලපෙන දරුවෙක් බව mr kim දැනගෙන හිටියා.. අන්තිමේට බෙක්හියුන්ට වුනෙ තමන්ගෙ අප්පගෙ බලකිරීම නිසා කොරියාවෙන් යන්න.. Mr kim එක්ක කටගහලා දින්නන්න බැරිබව බෙක්හියුන් දැනගෙන හිටිය නිසා අන්තිමේදි බෙක්හියුන් හීජින්ටවත් ජීහුටත් නොකියා කොරියාවෙන් තාවකාලිකව යන්නම යනවා...


කාලය හරි ඉක්මනට ගෙව්නා..බෙක්හියුන් අන්තිමේදි කොරියාවට ඇවිත් kim group එකේ CEO තනදුරට හිමිකම් කියනවා.. එදා බෙක් හියුන් රතු රෝස පොකුරක් අරන් හීජින්ව බලන්න ගියෙ නොයිවසිල්ලෙන් ..හීජින් කියන්නෙ තමන්ගෙ එකම ආදරය. ඇමරිකාවෙ හිටියත් බෙක් හියුන්ගෙ හිත තිබ්බෙ හීජින් ළඟ... ඒත් හීජින්ගෙ අප්පා කිව්ව දේ නිසා බෙක්හියුන්ට උන්හිටි තැන් අමතක වුනා..


" බෙක්හියුනා... පුතා තවත් කඩවසම් වෙලානෙ.."


" කෝ අප්පා හීජින්"


" එයාගෙ වෙඩින් එක තිබ්බෙ ගිය සතියෙ. අපෙ ජීහු පුතා එක්ක ඒ දේ සිද්ද වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි පුතා.. එයාලා ටික දවසකට ඉතාලියට ගියා..ඔයත් අපිට නොකියම ගිය නිසා හීජිනා ඔයාව මතක් කර කර හරියට ඇඩුවා"


බෙක්හියුන් හීජින්ගෙ අප්පට බොරු හිනාවක් සංග්‍රහ කරලා ආපස්සට එතනින් ආවා.. කොල්ලට මතක් වුනෙ තාමත් තමන් අතෙ තියන් ඉන්න රෝස මල් පොකුර. බෙක් හියුන් ඒ මල්
පොකුර විසි කරලා පාගලා දැම්මෙ ජීහුගෙත් හීජින්ගෙත් තමන්ගෙත් යාලුකම එදා ඉදන් වෛරයකට පෙරලලා...


ටික කාලයක් යද්දි mr kim ගෙ කැමැත්ත නිසා baekhyun ට සල්ලිකාර කෙල්ලෙක්ව බදින්න සිද්ද වෙනවා. අකමැත්තෙන් බැන්දත් ඒ කෙල්ල තමන්ට ආදරය කරපු නිසා බෙක් හියුන් ඒ කෙල්ලටත් අවස්තාවක් දෙන්න කල්පනා කලෙ තවදුරටත් අතීතයෙ ජීවත් වෙන එක වැඩක් නැති දෙයක් නිසා..
අන්තිමේදි බෙක් හියුන්ගෙ බිරිදට kim taehyung නමින් ලස්සන කොලු පැටියෙක් ලැබෙනවා..


කාලෙ ගෙවෙද්දි NS company ( ජීහුගෙ කම්පැනි එක) වගේම kim company එකත් එකට තමන්ගෙ බිස්නස් කරන්න පටන් ගත්තා.. ජීහු ආදරෙන් තමන්ගෙ යාලුවව පිලිගත්තත් හීජින් හිටියෙ බෙක්හියුන් එක්ක තරහින්. මොකද හීජින් ගොඩක් දුක් වුනා තමන්ගෙ යාලුවා තමන්ටත් නොකියා ගිය නිසා..


ටික කාලෙකින් හීජින් දරුවෙක් බිහි කරනවා.. ඒ තමයි සේහා.. ඔම්මගෙ ගතිගුන, රූපය කෙල්ලට අඩුවක් නැතුව පිහිටලා තිබුනා..


බෙක් හියුන් හීජින්ගෙ සතුට දිහා බලලා හැමදාම දුක් වුනා.. වෛරය දවසින් දවස වැඩි වුනා...


බෙක් හියුන් එන්න එන්න වයසට යද්දි තමන්ගෙ පුතා තමන්ගෙ වගකීම් එයාගෙම කරන් හැමදේම ලස්සනට කරන හැටි බෙක්හියුන් බලන් හිටියෙ හරි සතුටින්..


" අන්න පුතා කෙල්ලෙක්ට කැමතිලු"


" කව්ද ඒ"


" NS එකෙ ජීහුගෙ දුව"


පිය සෙනෙහසට වඩා වෛර දලුලද්දි බෙක්හියුන්ට ඕනි වුනෙ තමන්ගෙ දරුවා ලවා ඒ පවුලට අමතක නොවෙන දුකක් දෙන්න..


අවසානයේ බෙක්හියුන් ඒ දේ කලා.. අසීමිත වෛර නිසා තමන් ආදරය කරපු කෙල්ලගෙ දරුවගෙ දරුවව මරලා දාලා තමන්ගෙ පලිය සම්පූර්ණ කරගත්තා..ආදරය කියන වචනය විහිලුවක් වෙද්දි බැඳීම් කියන දේවල් බොරුවක් වෙද්දි බෙක්හියුන් සල්ලිවලට කෑදර වුන නිසා තමන්ගෙ බිරිද, දරුවා වගේම වටේ ඉන්න හැමෝම බෙක්හියුන් නිසා විදවනවා


( ලමයි කතාව තේරුනාද මන්දා බෙක්හියුන් කියන්නෙ ටේගෙ අප්පා හීජින් වගේම ජීහු කියන්නෙ සේහාගෙ ඔම්මයි අප්පයි. ටේගෙ අප්පා ඒ කියන්නෙ බෙක්හියුන් හැමදේම කලෙ හිතෙ තියෙන වෛර නිසා)


_____


Flashback end..


Mr kim ලොකු හුස්මක් පහල හෙලුවෙ තමන්ගෙ ජීවිත කතාවෙ තමන් අකමැතිම පරිච්ඡේදය ගැන ලොකු පාපොච්චාරණයක් කරලා.
ටේට තමන්ගෙ අප්පා ගැන අනුකම්පාවක් දැනුනත් ටේට හිතුනෙම තමන්ගෙ අප්පා අපරාධකාරයෙක් කියලා..


මොකද හීජින්ට.. ඒ කියන්නෙ සේහගෙ ඔම්මට තමන්ගෙ හැගීම කියන්න බැරි වුන එක සේහගෙ ඔම්මගෙවත් අප්පගෙවත්(ජීහු) වැරැද්දක් නෙවෙයි. එදා ටේගෙ අප්පා තමන්ගෙ හැගීම කොහොමහරි කිව්වනම් අද මෙ හැමදේම වෙනස් වෙන්න තිබුනා..


ඒත් ඇයි තමන්ගෙ ආදරය තව කෙනෙක්ට හිමි වුනාම මෙච්චර තරහක් හිතට එන්නෙ.. ආදරය කියන්නෙ පරිත්‍යාගයට .. තමන්ගෙ ආදරෙ තමන් ලග නොහිටියත් වෙන තැනක සතුටින් ඉන්නවනම් ඇයි හිතෙ වෛරයක්.. සතුටු වෙන්නයි ඕනෙ. ආදරයයි ආකර්ශනයයි පටලගත්තු හැමෝම නැවතුනෙ හිතෙ වෛරයකුයි කලකිරීමකුයි ඇති කරගෙන..


ටේ එතනින් යන්න හැදුවා..


" පුලුවන් ඉක්මනට ඩිවෝස් කරනවා.. සේහාගෙ මළකද නැත්තන් තමුන් ඉස්සරහා තියෙයි"


ටේගෙ අප්පා ආයෙත් ඒ වචන ටික කියද්දි ටේ ඔම්මා දිහාවත් නොබලා ගස්සගෙන ආවා..


" එහෙම වෙන්න දෙන්න බෑ. අප්පා මෙච්චර දෙයක් කරානම් මේ දේ නොකර ඉදීද... අන්ද්වේ.. සේහා මියන්හේ මට වෙන කරන්න දෙයක් නෑ"


ටේ අඩන්න ඕනි වුනත් ඇඩුවෙ නෑ.. ටේ අන්තිමේදි තීරනය කලා බෙක්හියුන්ගෙන් තමන්ගෙ සේහාව රැකගන්න...


________________
________________


🌸: කොහෙද ගියේ..


ටේ ඇතලට ආවෙ හරියට ඩයිනමයිට් එකක් ගිලලා වගෙ..


🐯: තමුන්ට මොකටද ඒක.. හැමදාම ඕනි එකයි එපා එකයි.. මොන මගුලක්ද මේක.. ගිහින් වැඩක් කරගන්නවා..


සේහා ගැස්සිලා ගියා.. ටේ අහේතුකව මෙහෙම කෑ ගහපු එක නිසා කෙල්ලට දැනුනෙ මහ දුකක්.. " ඔයා යන එන තැනක් ගැනවත් මට දැනගන්න අයිතියක් නැද්ද ටේ" සේහාගෙ හිතට ආවෙ ඒ දේ විතරයි...


තමන්ගෙම අප්පා ආදරෙ අහිමිවීම නිසා තමන්ගෙ ආදරෙන්ම පලිගනිද්දි ටේ තමන්ගෙ ආදරෙ අහිමිවෙනවට බය නිසා ඒ ආදරෙ රැකගන්නවා... එකම ලේ වුනත් ඒ හිත් දෙක එකිනෙකට හරි වෙනස් .  තමන්ගෙ ආදරෙ කරන කෙනාගෙ මළකඳ දකිනවට වඩා දුරස් වෙලා හරි එයා ජීවත් වෙන විදිය බලන්න ටේ තීරණය කලා..


ඉතින්,


සේහාව ඩිවෝස් කරන්න ඕනි.. ඉතින් ඒක කොහොම කරන්නද .. සේහාට තමන්ව එපා කරවන්න ඕනි. එතකොට ඒ කෙල්ලම යන්න යයි..


කෙල්ලට කෑගහලා ටේ ටවල් එකත් අරන් බාතෲම් එක අස්සට ගිහින් දොරවහගෙන මෙච්චර වෙලාවක් හිර කරන් හිටපු කදුලුවලට ඔහේ ගලන්න ඉඩ දුන්නා.. ටේට මැවි මැවි පෙනුනෙ කෑ ගහද්දි කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුනු විදිය. දරුවෙක් වගෙ උපරිම ආදරේකින් බලාගත්තු සේහාට මෙහෙම බනින්න සිද්ධ වුනේ තමන්ගෙම අප්පා නිසා කියලා ටේට හිතෙද්දි, තමන්ගෙ අප්පා ගැන ටේගෙ හිතෙ ඇතිවුනෙ වෛරයක්..


____________________________
____________________________


Sehaa pov:


දවස් ඉක්මනට ගෙව්නා.. මේ ගෙව්න කිසිම දවසක ටේ මගෙ මූණ දිහා නොබලපු තරම්. ගෙදර ආවෙත් හොදටම බීලා රෑ වෙලා..සමහර දවස්වලට ගෙදර ආවෙ ක්ලබ් අස්සෙ රිංගලා ඒවගෙ ඉන්න කෙල්ලොන්වත් එක්කගෙන..
ඉස්සර ටේයි මමයි තුරුල් වෙලා හිටපු ඇඳ අද ටේ දවසකට විතරක් සීමා වෙච්ච ගෑනු ලග ගෙවනවා..


ඉවසුවා.. හුඟක් මම ඉවසුවා. එයා සැරින් සැරෙ කිව්වෙ ඩිවෝස් වෙන්න කියලා. මම එයාට කවදාවත් බිරිඳක් හැටියට කිසිම අඩුවක් කළෙ නෑ. එයා හැමදාම මට බැන්නෙ " දරුවා මරාගත්තු එකී" කියලා.. මේ මාසෙට මම අනන්තවත් ගුටි කන්න ඇති. මගෙ කලවා නිල් වෙනකන් ටේ මට පයින් ගහලා ඇති. එයා මට මෙච්චරටම වද දෙන්නෙ ඩිවෝස් එක වෙනුවෙන්නම්.. හරි මම එයාට ඩිවෝස් එක දුන්නා. හෙට එයාගෙයි මගෙයි දික්කසාද නඩුව..


දුකයි.. එයා මට ආදරේ නොකලත් එයාට මං හුඟක් ආදරෙයි. එයාගෙ ආදරෙ මතක් වෙද්දි මට තවත් දරාගන්න අමාරුයි එයාගෙ මේ වෙනස.. ඒත්,


වෙනදා වගෙ ජියාවත් ඔප්පලාවත් කුකීවත් ටේට වචනයක්වත් කිව්වෙ නෑ. එයාලා හිටියෙ මෙ ප්‍රශ්නෙදි ගොඩක් නිශ්ශබ්දව. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. මොකද ජියා කියන්නෙ මට වැරැද්දක් වෙනවට ආස කෙල්ලෙක් නෙවෙයි. අනික ජින් ඔප්පා මට කවදාවත් වැරැද්දක් වෙන්න දුන්නෑ.. මේක හරියට එයාලා දන්න මම නොදන්න ලොකු කතාවක් මෙතන තියෙනවා වගේ..


ඒත් දැන් හැමදේම ඉවරයි. මම ඔම්මලා එක්ක ඉන්නවට වඩා ජියා ළඟ ඉන්න එක සහනයක් නිසා මගෙ බඩුටික අරන් ජියාගෙ ගෙදර ආවා. දැන් මම ඉන්නෙ එයාගෙ ගෙදර..


අන්තිමේදි අපි වෙන් වෙනවා...!!!!!!!


Next day morning ...


අද මගෙයි ටේගෙයි දික්කසාද නඩුව.. මම උසාවියට ගියෙ ජියා එක්ක.. අද සෝයාත් හිටියනම් එයත් එයි.. ඒත් එයා අපිව දාලා ඕස්ට්‍රේලියා ගියා.. ජිමින් ඔප්පා තනිකරම පිස්සෙක් වුනා..


මම යද්දිත් ටේ ඇවිත් හිටියා .. කුකියයි ජිමින් ඔප්පයි එක්ක.. වෙනදට තිබ්බ නපුරුකම පිරිච්ච ඇස්වෙනුවට එයාගෙ ඇස්වලින් මම දැක්කෙ දුක, කලකිරීම .. කාලෙකට පස්සෙ ඒ ඇස්වලින් ආයෙත් මම ආදරේ දැක්කා...


"ඇයි ටේ ඔයා ඔහොම කරන්නෙ? මොකක්ද වුනෙ ඔයාට?"


මට එහෙම අහන්න ඕනි වුනත් මට කොහෙන්ද එහෙම අයිතියක්. මම ටේගෙ ex wife නෙ.


ටික වෙලාවකින් අපි දෙන්නා නීතියෙන් සදහටම වෙන් වුනා.. ඒත් මගෙ හිතෙ තියෙන ඒ ආදරය අංශුමාත්‍රයක්වත් අඩු නොවී රැකගන්න මම මටම පොරොන්දු වුනා...


🐥: සේහා.. දැන් කොහෙද යන්නෙ..


ජිමින් ඔප්පයි කුකියයි ටේයි අපි ලඟට එද්දි මට දැනුනෙ මගෙ කකුල් පණ නැති වෙනවා වගෙ.. ටේ එක එල්ලේ මගෙ දිහා බලන්..
වෙන්න බෑ..
ඒ ඇස් වල කදුලු පිරිලා..
මම පුලුවන් තරම් උත්සාහා කළා මගෙ කදුලු නොවැටී තියාගන්න. මගෙ උත්සාහය අසාර්ථකයි ... කාලෙකට පස්සෙ වැටෙන වැස්සක් වගෙ ලොකු කදුලු කැට මගෙ ඇස් දෙකෙන් වැටෙන්න ගත්තෙ මගේ ටේ මගෙ දිහා බලන් ඉද්දිමයි..


🐰: යා අඩන්න එපා...


කුකී එක අතකින් මගෙ උරහිස අල්ලලා සනසවන්න ගත්තා.. මට ටේගෙ හැසිරීම අදුරගන්න අමාරු වුනෙ නෑ.. එයාගෙ හිත මගෙ ඇස්වලට වඩා අඩනවා..


🌸: අහ් අනී.. කුකී දැන් ඉතින් අපි කොහේ යන්නද.. ගෙදර තමා..


🐰: එහෙනම් යන්. මම ඔයාලව ඩ්‍රොප් කරන්නම්. ජියා .. බබා යන්..


කුකී අපිවත් එක්කගෙන එතනින් යන්න ගියා.. මම ටේ දිහා ලාවට බලලා ආයෙත් හැරුනෙ ටේගෙ ඇස් ආයෙත් දකින්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්තනා කරන ගමන්..


අපෙ ආදරෙ හරි අසාධාරණව, අහේතුකව මේ විදියට ඉවරයක් වුන එක ගැන හිත විලාප තිබ්බත් ටේගෙ සතුට වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ.. ඉතින්...
මම එයාගෙ කැමැත්තට ඉඩ දීලා පැත්තකට වුනා.... ඒත් ඇයි මට ටේගෙ මූනෙන් සතුටක් පේන්නෙ නැත්තෙ..


_______________________
_______________________


👸: නැගිටපල්ලා..


🌸: වේ...


👸: වේ වේ කියන්නෙ. යකො එකොලහයි වෙලාව. නැගිටලා නා ගනින් හඩ්ඩි. ..


මම නිදාගත්තෙ උදේ හයට විතර.. එතකන් මම හිටියෙ මගෙයි ටේගෙයි මතක හිතින් අලුත් කරකර.. මට මේක දරාගන්න ගොඩක් අමාරුයි...
සැප නින්දක හිටපු මාව අර මල යස්සනී ඇවිත් ඇහැරවලා දැම්මා.. ආයිශ් පොල්මල් කරවලී. දෙන්න හිතයි බොකුටු කොන්ඩෙ උඩින් විසික් වෙලා යන්න..


👸: ලෑස්ති වෙනවා ගමනක් යන්න..


🌸: කොහෙද?


👸: කාලෙකින් මම ගෙදර නොගිය නිසා අප්පට යකා නැගලා. ඒ නිසා අද එන්න කිව්වා දවස් දෙකක් ඉඳලා යන්න. ලෑස්ති වෙයන්..


🌸: ඉතින් මම එන්නෙ ඇයි


👸: තනියම ඉන්නෙ කොහොමද උඹ..


🌸: මට ඉන්න පුලුවන්..


මම තවත් මුකුත් නොකියා බාතෘම් එක අස්සට රිංගගත්තා.. ජියාගෙ ඔම්මා අප්පා මට සලකන්නෙ එයාලගෙම දරුවෙක්ට වගෙ. එහෙ ගියොත් මට ප්‍රශ්න දාහකට උත්තර බඳින්න සිද්ද වෙනවා. අනික එයාලා මට අනුකම්පා කරාවි.. මට මගෙ ඔම්මගෙන්වත් අනුකම්පාවක් ඕනි නෑ.. ටික දවසක් යනකන් තනියම ඉන්න එකයි හොද...


ජියා මගෙ සෝශල් මීඩියා අකව්න්ට්ස් ඔක්කොම ඩිලිට් කලා. සමහර විට ඩිවෝස් එක ගැන හැමතැනම කතා වෙන නිසා වෙන්න ඇති.. අඩුම ටීවි බලන එක පවා තහනම් කරලා තිබ්බෙ.. මට තේරෙන්නෑ ඒ ඇයි කියලා. හැමදාම ජියා කිව්වෙ හේතුවක් නැති දෙයක් නෑ සේහා ඉක්මනට හැමදේම හරියයි කියලා..


හරියයි... හහ්.. මගුල තමයි..


ජියා ඇදුම් ටිකකුත් අරන් එයාගෙ ගෙදර ගිය නිසා මම තනි වුනා . ජියා නැතිව තනියම ඉන්නකොට තමයි මට පාලුව කියන්නෙ මොකක්ද කියලා තේරුනේ...


මට ඔයාව ගොඩක් මතක් වෙනවා රත්තරන්... 😔


මට එයාව මතක් වෙනවා හුඟක්.. ඒත් මම ටේ නැතුව ඉන්න හිත හදාගන්න ඕනි.. කල්පනා කර කර ඉන්නවට වඩා මම ගේ අස් කලා.. පොතක් කියෙව්වා .. සමහර වෙලාවට නැටුවා..


ස්මූත් ලෛක් බටර්ර්ර්ර්ර්ර් ඕයේ.. යෑහ්.... 😎


දවසම මහන්සි වෙලා මම වොශ් එකක් දාගත්තා. ගෙදර කවුරුත් නැති නිසා හිතේ හැටියට සිංදුවක් කිය කිය නාගෙන මම බාත් රොබ් එක පිටින්ම කිචන් එකට ඇවිත් රාමෙන් එකක් හදාගත්තා..


ඩිං ඩොං..
( author : මට ඒ සද්දෙ නිකන් ඇහෙනවා ඇහෙනවා වගෙ 😂)


මේ වෙලාවෙ කව්ද? අනිවාර්යයෙන් ජියා වෙන්න ඇති.. ඕකි අංකල් එක්ක වලියක් දාගෙන ආයෙත් එන්න ඇති..


මම හිනාවෙවී ගිහින් දොර ඇරියා.. ඉන්නෙ බාත්‍රොබ් එක පිටින් කියලවත් මට ගානක් වුනෙ නෑ.. ජියා ඉතින් තව මේකෙ මොනා දකින්නද .. අපි දෙන්නා බාතෲම් එකෙ dj එකක් දාගෙන නාන ගමන් නටලත් තියෙනවා...


මම දොර ඇරියා...


මොකක්????


මගෙ ඉස්සරහින් හිටියෙ...



___________________________


ඔහ් හෝ... ඉවරායි... අදට ඇති නෙහ්.. අයිගූ බලන්නකො ටේයි සේහායි ඩිවෝස් වුනානෙ. අනෙ මමනම් දන්නෑ ඕවා.. මම බබා 😗
ලමයි කතාව කියවනවා වගෙ නෙවෙයි.. කියන වචනයක් ගානෙ හොදට මතක තියාගන්න. මනඃකල්පිත වුනත් ff එකකින් ගන්න දෙයක් තියෙනවනම් ඒ දේ ඔයාලගෙ ජීවිතේට ගන්න..


උදාහරණයක් විදියට අපි මින්හාට ගැන හිතුවෙ කොහොමද?? ඒත් එයාගෙ ජීවිතෙ කවුරුවත් නොදන්න කතාවක් තිබුනා.. ඒ වගේම ටේගෙ අප්පගෙත් එහෙමයි. පිටින් බලන දේට වඩා ජීවිතවල කතාව අපි හිතනවට වඩා වෙනස්


ආදරේට ආදරෙ කරන්න .. දාලා ගියා කියලා සාප කරන්නයි වෛරකරන්නයි එපා..


බෙක්හියුන් ගැන මොකද හිතෙන්නෙ. කොල්ලා පව්.. ඒත් කරපු වැඩෙ වැරදි.. අද මම කතාව ඇතුලෙන් කතාවක් දුන්නා..


ඉස්සරහට මොනා වෙයිද. හිතුවෙ නැති දේවල් වෙනවා නේද.. සොරි ඉතින්.. කතාව අවුල්ද.. මේක මගෙ දෙවෙනි ff එක නිසා අඩුපාඩු ලොට් එකක් ඇති.. මියාන් 🙂


අනික් දේ මම හොස්පිටල් ඉන්නෙ. කම්මැලි නිසයි ටයිප් කලෙ. අතෙ කට්ටකුත් ගහලා දොස්තරයා.. ඒකත් රිදෙනවා.. කොරෝනා වෝඩ් එකට එහා වෝඩ් එකෙ ඉන්න නිසයි මයින්ඩ් රිලැක්ස් කරගන්න ලිව්වෙ මේක.. නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති..


කතාව ගැන වචනයක් හරි කියන්න.. දාන කමෙන්ට් එකකින් තමා ඊළග ff එක ලියන්න හිතක් පහල වෙන්නෙ 😽😽   ඊලගට කාගෙ ff එකක්ද ලියන්නෙ... මොව්ල්ලා 😗.. මම දැන් නිදාගන්ඩෝනි... බායි... පරිස්සමට ඉන්න හාද 🤭 ඕතරී ආදරෙයි.. 🥰🥰




I' m so proud of them 😍🖤 our legends 💜💜💜



Jinshi_0811 🐯🌸

Comment