23 🌸

Flashback end ..
Back to present ..


Tae pov


   🐨ටේ... උඹ පිස්සෙක් වගෙ හැසිරෙන එක නවත්තපං.. ඔක්කොම ඉක්මනට හරියයි"


🐯හ්යොං ඒ දෙන්නා ජීවත් වෙයි නේද


තාමත් මන් හන් ගග ලග. වෙච්ච හැමදේම හිතෙ විටින් විට කැකෑරෙද්දි මට දැනෙන දුක කියලා නිම කරන්නත් බැරි තරම්.


එදා සේහාගෙ ඇක්සිඩන්ට් එක දවසෙ ඉදන් මම මගෙ ගෙදරට ගියෙ නෑ. ජිමිනා මට යන්න දුන්නෙත් නෑ. ඒත් මම යතාර්ථය තේරුම් ගන්න ඕනි. දුකට බය වුනා ඇති මම දැන්වත් හැමදේටම මුහුන දෙන්න ඕනි..



____


වෙනදට ගෙදර එද්දි ගෙදරට වැටිලා තිබ්බ එලිය අද නෑ. ගෙදර හරි පාලුවට ගිහින්. මම මගෙ වෙව්ලන අතෙන් දොර ඇරියා.. වෙනදට ලොකු බඩකුත් උස්සන් එන සේහා අද දුවගෙන ආවෙ නෑ. වෙනදට පිලිවෙලට තියෙන ගෙදර අද කිසිම පිලිවෙලක් නෑ..


ලග තිබ්බ ස්විච් එකෙන් ගෙදර ලයිට්ස් ඔන් කරපු මම බැලුවෙ මගෙ කකුල් දෙක ලගින් ගලලා තිබ්බ ලේ ගොඩ . ඒවා වේලිලා..හැමවෙලේම කදුලු පිරිච්ච මගෙ ඇස්වල ආයෙත් කදුලු කැට එකින් එක වැටෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.


මෙච්චර ලේ යන්න තරම්... ඒ කෙල්ල කොහොම දුකක් විදින්න ඇත්ද..
මේ හැමදේම ඔයාගෙ හොද හිත නිසා සේහා. එදා මින්හාව ගෙදරට ගෙන්න නොගත්තනම් අදත් අපි සතුටින් නේද.. එදා මින්හා කියන තිරිසන් ගෑනි සේහාට දෙන්න පුලුවන් දසවද ඔක්කොම දීලා ගෙදරින් පැනලා ගිහින්. කොච්චර හෙව්වත් මම මගෙ ඇස් දෙකෙන් ඒකිව දැක්කෙ නෑ... දවසක හම්බුනොත් මම ඒකිව ඉතුරු කරන්නෙත් නෑ..


මම අපෙ රූම් එකට ගියා. එදා එයා කාපු ඇපල් ගෙඩියෙ බාගයක් තාමත් රූම් එකේ. කලින් දවසෙ රෑ ඇදන් හිටපු ඇදුමත් තාම ඇදේ...


ප්‍රින්සස් සේහාගෙ බඩට එන්න කලින් තනිකර කලු පාටින් ඩිසයින් කරලා තිබ්බ අපෙ රූම් එක සේහාගෙ කීමටම රෝස පාටින් ඩිසයින් කලා.. රූම් එක බලන්නත් ලස්සනයි..



කෙල්ල මාත් එක්ක එකතු වෙලයි හරි ආසාවෙන් ඒ හැම දෙයක්ම කලේ...


ජීවිතේ හරි පුදුමයි සේහා...


මම වොශ්‍ රූම් එකට ගිහින් ඇති වෙනකන් නා ගත්තා.. බාත් ටබ් එක දකිද්දි මට මතක් වුනෙ ඇවිදගන්න බැරි වෙද්දි මම එයාව වොශ් කරපු විදිහ.. එතකොට කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙනවා.. මට ඒ දේවල් මතක් වෙද්දි ඉබේම ලාවට හිනා ගියා...


කන්න පිරියක් තිබ්බෙම නෑ මට. මේ දවස් ගානට දවසටම කෑවෙ එක වේලක් වගෙ. ඒකත් ජිමිනාගෙ කීමට..කුකී හිටියෙ ජියා ළග.. ජියාට හොදටම අසනීපයි කියලා මට ජිමිනා කිව්වා.. ජියා ඇත්තෙ මං තරම්ම දුකින්..


මම මොප් එකත් අරන් සුදු ටයිල්වල විසිරිලා තිබුන මගෙ සේහාගෙයි මගෙ දරුවගෙයි ලේ ටික අස් කරලා දැම්මා. මට මගෙ කදුලු පාලනය කරගන්න අමාරුයි.
මම පිරිමියෙක් වුනත් මෙ වෙලාවෙ මගෙ හිත මටවත් පාලනය කරගන්න බෑ. මොන පිරිමියාටද පුලුවන් තමන් ආදරේ කරන කෙනාගෙයි තමන්ගෙ දරුවගෙයි ලේ අස් කරන්න. මම හරි අසරණයි..


මේ ගෙදර හැම තැනකම තියෙන්නෙ ඒ හිනාවෙ මතක... මට ඉක්මනට ආයෙත් එහෙම ඉන්න ඕනි මැනික.. අපි ආයෙත් අලුතින් පටන් ගමු. එක අතකින් හිතට ලොකු සහනයක් ඔයා ජීවත් වෙන එක....


මම නිදාගන්න ගියා.. ඒත් නින්ද අහලකවත් නෑ... ඇස් පියා ගෙන හිටියත් මගෙ හිතට එන්නෙම අපෙ මතක.. ඒ නිසා මම දවස් ගානක ඉදන් මට බලන්න බැරි වුන කම්පැනි එකෙ වැඩ ටික බලන්න ලැප් එක අතට ගත්තා....



Author pov:


📞📞📞📞📞📞📞
කස් අ අ අයිම් ඉන් ද ස්ටාට් ටු නයිට්
සෝ වොච් මී බ්‍රිං ද ෆයර් ඇන්ඩ් සෙට් ද නයිට් අලයිට් ( හේයි)
ශයිනින් තෘ ද සිටි විත් අ ලිට්ල් ෆන්ක් ඇන්ඩ් සොල්
සෝ  ඇම ලයිට් ඉට් අප් ලයික් ඩයිනමයි වෝහ් ඔහ් ඔහ්
( ෆෝන් එකෙ රිගින් ටෝන් එක 😪)


කාලෙකට පස්සෙ කම්පැනි එකෙ වැඩවලට බැස්ස නිසා ටේ කෝල් එක දෙතුන් වතාවක් ආන්සව' කළේ නෑ. අඩුම කෝල් කරන්නෙ කව්ද කියලාවත් කොල්ලා බැලුවෙ නෑ..


ඒත් එක දිගට ෆෝන් එක රින්ග් වෙද්දි කොල්ලා ලැප් එකත් පැත්තකින් තියලා බැලුවෙ ෆෝන් එක දිහා...


🐯: doctor ... එයා මොකද මේ වෙලාවෙ..


ටේට කෝල් එන්නෙ සේහාගෙ ඩොක්ටගෙන්. ඒකත් මේ වෙලාවෙ. කොල්ලගෙ යාන්තමට හැදිලා තිබ්බ හිත වේගෙන් ගැහෙන්න ගත්තා..


🐯: යොබුසේයො...


👩‍⚕️: යොබුසේයෝ mr kim.. මම හිතුවෙ ඔයා නිදි ඇති කියලා. ඒත් ඔයාට මේක දැන්ම කියන්න ඕනි කියලා හිතුන නිසයි මම කෝල් කරෙ ඔයාට..


🐯: ඇයි ඩොක්ට.. සේහාට කොහොමද.. එයා හොදින් නේද..


ටේ ගොඩක් කලබල වෙලා..


👩‍⚕️: අහ් දේ.. බය වෙන්න එපා. එයාට සිහිය ආවා. දරුවා නැති නිසා එයා ගොඩක් ශොක් වෙලා ඉන්නෙ. ඒත් සෞඛ්‍යමය පැත්තෙන් එයාට බොහෝ දුරට හොදයි. මිස්ට කිම් උදෙන්ම එන්නකො එහෙනම්..


කොල්ලට දැනුනෙ පුදුමාකාර සතුටක්. මේ වෙලාවෙ මෙහෙම දෙයක් ඩොක්ට කියයි කියලා කොල්ලා හීනෙන්වත් හිතුවෙ නෑ. කොල්ලා දහස් වාරයක් දෙවියන්ට කන්නලව් කලා. එයාගෙ සේහාට ඉක්මනට සිහිය එන්න කියලා.


🐯: ඩොක්ට මට දැන්ම එන්න ඕනි...


👩‍⚕️: අහ්... එන්නකො එහෙනම්..


ටේට තේරුනා කොල්ලා පොඩි එකෙක් වගෙ කතා කරපු නිසා ඩොක්ටටත් හිනා ගියා කියලා.. කොල්ලා පටගලා ෆෝන් එක ඇදට විසික් කරලා වොශ් එකක් දාගෙන කබඩ් එකෙන් අහු වෙච්ච ඇදුමක් ඇදගෙන කාර් එක ඩ්‍රයිව් කලා...


මහ රෑ නිසා කොල්ලට හිතෙ හැටියට වේගෙන් යන්න පුලුවන් වුනෙ පාරක මනුස්සයෙක් දකින්නවත් නැති නිසා...
හොස්පිටල් එක ඇතුලට ගියෙත් දුවගෙන....
ටික වෙලාවකින් ටේ සේහා හිටපු රූම් එක ඇතුලට ගියා...


සේහා හිටියෙ ඇදට වෙලා ජන්නෙල්ලෙන් එලිය බලන්. කෙල්ල අඩලම හෙම්බත් වෙලා ඉන්නෙ කියලා දැනගන්න කොල්ලට වැඩි වෙලාවක් ගියෙ නෑ..



🐯: මැනික...


ටේ කතා කලේ වෙව්ලන කටහඩකින්.. ටේගෙ කටහඩ ඇහුන ගමන් කෙල්ල ටේ දිහා බැලුවා. කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුනා..


ටේ තවත් පරක්කු නොවී සේහාව බදාගත්තා.. සේහා මීටකලින් දැකලා නැති විදියට විලාප තියන්න ගත්තා...


🌸: ටේ එයා ගිහින් ටේ... මට දැනුනා එදා පඩිපෙලෙන් වැටෙද්දි මගෙ ඇගෙන් ලේ යනවා. ඒත් මම හිතුවෙ එදා ඉවසගනී කියලා ටේ.. එයාට ගොඩක් රිදෙන්න ඇති.. අපෙ ප්‍රින්සස් අපිව දාලා ගිහින් . මම කොහොමද ජීවත් වෙන්නෙ. මින්හා හැමදේම නැති කලා ටේ... මියන්හේ. මට ඔයාට ප්‍රින්සස්ව දෙන්න බැරි වුනා.. මියන්හේ රත්තරං..


කෙල්ල කෑ ගහන්න ගත්තෙ ටේගෙ පපුවට තවත් තුරුල් වෙලා. මෙච්චර වෙලාවක් හරි අමාරුවෙන් දරාගෙන හිටපු දුක ටේට තවත් දරාගෙන ඉන්න පුලුවන් වුනෙ නෑ.. කොල්ලා පොඩි එකෙක් වගෙ සේහාව බදාගෙන අඩන්න ගත්තා..


🐯: අඩන්න එපා මැනික චේබල්... එයා ආය අපි ලගටම එයි හාද. දැන් අඩන්න එපා .. මම ඉන්නවනෙ ඔයා ලග...


කොල්ලා සේහාගෙ ඔලුව හරි හෙමීට අත ගෑවා.. කොල්ලගෙ වචනවලට සූහි නිකන්ම සන්සුන් වුනා..


🐯: ඔහොම ඉන්නකො මම ඩොක්ටව හම්බවෙලා එන්නම්. එතකන් අඩන්නෙ නැතුව ඉන්න හොදේ. මම කන්නත් අරගෙන එන්නම් ඔයාට..



ටේ ඩොක්ටව හම්බවෙන්න ගියා..


👩‍⚕️: mr kim මට හරියටම කියන්න බෑ ඔයාලාට තව පාරක් දරුවෙක් හදන්න පුලුවන් වෙයිද කියලා. සේහාගෙ ගර්භාශෙ ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නෙ. බෙහෙත්වලින් ඒ දේවල් සනීප කරන්න පුලුවන් අපිට .. ගිය පාර වගෙ දෛවයට හැමදේම බාර දෙන්න. හැමදේම හරියයි..


ඩොක්ටගෙ වචන ටිකට ටේගෙ හිත යාන්තමට රිදුනත් කොල්ලා පොඩි හිනාවක් පෙන්නලා එතනින් ගිහින් සේහාට කෑම අරගෙන ආයෙත් සේහාව බලන්න ගියා..
යද්දි කෙල්ල තමන්ගෙ බඩ දිහා හරි දුකෙන් බලන් ඉන්නවා..



🐯: මැනික..


🌸: ම්ම්ම්ම්ම්...


🐯: දැන් කමුද..


🌸: බඩගිනි නෑ ටේ...


🐯: යා.. වක්කඩ කෙල්ල.. කනවද නැද්ද..


සේහාට හොදටම තේරුනා ටේ බොරු තරහක් මවාගත්තා කියලා. සිහිය ආපු වෙලාවෙ ඉදන් අඩ අඩා හිටපු කෙල්ලට හයියෙන් හිනා ගියා..


🌸: ආආආආආආ...


කෙල්ල ටේ කෑම කවද්දි කට ඇරියෙ හරියට පොඩි දරුවෙක් වගෙ.. ටේට ඒක සහනයක් වුනා..


🐯: මැනික.. ඩොක්ට කිව්වා අපිට තව පාරක් ට්‍රයි කරන්න පුලුවන් කියලා..


කෙල්ල කලේ හෙමීට හිනාවුන එක විතරයි. හරියට කදුලු හංගගන්න හිනා වෙනවා වගෙ.


🐯: දුක් වෙන්න එපා.. අපි අපෙ ප්‍රින්සස්ව ආය අපෙ ලගටම ගමු හාද...


ටේ කෙල්ලගෙ ඔලුව අතගාලා. කොල්ලා හිටියෙ සතුටින්. කෙල්ල හිතුවටත් වඩා හොදින් ඉන්න නිසා. ටේට ඕනි වුනෙ සේහාගෙ හිතෙ තියෙන දුක නැති කරන්න..


ආදරේ එහෙමයි...


උදේ වෙනකන් ටේයි සේහායි කතා කලා. දෙන්නම වෙලාවකට ඇඩුවා.. වෙලාවකට හිනා වුනා..
එලිය වැටුන ගමන් ටේ ඔම්මලාටයි ජියාටයි හ්යොංලටයි කුකීටයි කතා කරලා සේහාට සිහිය ආපු එක ගැන කිව්වා..


කිව්ව ගමන් සේහාගෙ ඔම්මයි අප්පයි ඇවිත් සේහාව බැලුවා.. ඊටපස්සෙ කුකී ජියා වගේම හ්‍යොංලත් ආවා.
ඒත් සේහාට වගේම ටේටත් දුක හිතුනෙ ටේගෙ ඔම්මයි අප්පයි සේහාව බලන්න එන්න බෑ කිව්ව නිසා..


____________________________


අද පොඩි චැපියක්.. ඉතිරි ටික අලුත් චැපියකින් ලියන්න ගත්තනම් හොදයි කියලා හිතුවා. අද පොඩි එකක් නිසා falling for the bad boy එකෙ බෝරා බෝරා ට්‍රිප් එක අදම යන් 😪 ලමයි මම මේකෙ 22 දැම්මා. ඔයාලා කියවව්වෙ නැත්තන් කියවන්න ඒක.. මෙ දවල්වල වට්පැඩ් නොටිෆිකේශන්ස් වැඩි නිසා කට්ටියට අලුත් චැපිවල නොටිෆිකේශන්ස් පේන්න නෑ.. Falling for the bad boy එකෙත් චැපියක් ඊයෙ දැම්මා. මේක කියවන forever & always කියවපු ලමයි ඒකෙ තියෙන පසුවදන කියවන්න. මම අලුතින් පසුවදනක් ලිව්වා. හිතනවට වඩා අවසානය මම ඒකෙන් වෙනස් කලා..
අද කොටස ගැන මගෙ හිතෙ ලොකු ඉන්ට්රස්ට් එකක් නෑ ලමයි. සෙන්සිටිව් මදී වගෙ මටනම්. හොදට ලියන්න උපරිම ට්‍රයි කරන්නම් හාද..එහෙනම් මං ගියා..
බායි.. පරිස්සමට ඉන්න...


Jinshi_0811 🐯🌸

Comment