Part 9 💙

සෙමීව නවත්තගත්තු එකේ තරහට ටේහ්යුන්ගෙ වැඩේ හොස්පිට්ල් එකේදි යුන්ගිව දකින දකින වාරයක් පාසා ඔරවන එක. යුන්ගිත් ඔරවන්නෙ ඊට නොදෙවනිව. ලන්ච් එක ගන්න කැෆටේරියා එකට ගිය වෙලාවේ ටේහ්යුන්ට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන්. සෝල් වල වුණු හැම දෙයක්ම ටේහ්යුන් ජිමින්ට කියලා දැම්මෙ ඕප දූපයක් කියනවා වගේ රස කර කර.

" කොට තාරා. මන් ඇත්ත වශයෙන්ම කියන්නෙ ජින් සෙමීව බාර දීලා ගියේ මටනේ. මොන එකකටද අර පූස් තඩියා එයාව අරන් ගියේ. "

" ඇයි උඹට ජෙලස්ද. "

" ඒ මොකටද. "

" කවුද දන්නෙ උඹ සෙමීට කැමතිද කියලා. ඇයි යකෝ දවස් ගානකට පස්සෙ හොඳම යාළුවට කෝල් එකක් ගත්තම හරි නම් උඹ අහන්න ඕනි මගේ ගැනනේ. උඹ කෑවද බන් ඔය පැත්තට සීතලද ආපහු එන්නෙ කවද්ද කියන එව්වනේ. කොහෙද අපිට ඉන්න යාළුවො කෝල් කර ගමන් කියවන්නෙ කෙල්ලො ගැන. "

" හනේව් මගේ තාරා පීප්පෙ. උයා රෑට හබුන් කෑවද පණ. "

" අනේ පල යන්න වහු පැටියා. "

ඒ දෙන්න​ගෙ සංවාදෙ ඉවර වුණාට පස්සෙ ටේහ්යුන් ආපහු ගියේ වැඩට. වැඩ ඉවර වෙලා අටට විතර ගෙදර යද්දි රෑට කන්න කෑමත් පාර අයිනෙ තිබ්බ කඩේකින් ගත්තෙ ගෙදර ගියාම කෑම හදන්න තිබ්බ කම්මැලිකමට. ටේහ්යුන් ගෙදර දොර අරිනකොටම දුවගෙන ආවෙ ටේහ්යුන්ගෙ කෙල බෝලෙ වයිට්.
( වයිට් කියන්නෙ ටේගෙ බල්ලා. )

" හනේව් මා වස්තුවෑ..... මේ ටේහ්යුන් එනකන් කවුරුහරි මග බලන් හිටියනම් ඒ උයා විතරයි සප්තලනේ. ආදරෙයි පැලෙන්න හොඳේ. "

ගේ ඇතුළටවත් නොගිහින් ටේහ්යුන් දොර ගාව බිම වාඩි වෙලා වයිට්ව හුරතල් කරනවා. වයිට් ටේහ්යුන්ගෙ මුළු මූණම එයාගෙ කෙළ වලින් නාවනවා. ටේහ්යුන්ට ඒ වෙලාවෙ මතක් වුණේ මීට දවස් තුනකට කලින් යුන්ගිගෙ වෙඩින් ඇනිවසරි එක දවසෙදි සෙමී එයාගෙ මුළු මූණටම පුංචි පුංචි හාදු වැස්සක් දී ගෙන ගිය හැටි. ටේහ්යුන්ගෙ මූණ එන්න එන්නම රතු වෙද්දි ඇස් දෙක ඇතුළෙ හරියට තරුවක් පායලා වගේ දිලිසුණා. මූණෙ පුංචි හිනාවක් ඇඳෙද්දි එක පාරට ඒ හිනාව නැති වෙලා ගියේ යූරා කම්මුලට දීපු කිස් එක මතක් වෙලා.

" අපිට ඔය කවුරුවත් වැඩක් නෑ බෝලෙ. එන්න අපි රෑට කමු. "

ගෙනාපු කෑම ටික එතනම බිම තියලා වයිට්ගෙ පිඟානත් අරන් ඇවිත් වයිට්ටත් කෑම දාලා එයත් වයිට් ළඟ ඉඳන් කෑම කන්න හැදුවෙ සපත්තු දෙක ගලවලා අත් දිග ෂර්ට් එක වැලමිට ළඟට නවාගෙන. ඔයාගෙ කටෙත් කෑම මගේ කටෙත් කෑම කියලා ටේහ්යුන් ආදරේ වැඩි කමට එයාගෙ කෙල බෝලෙටටත් කෑම කවනවා. ටේහ්යුන් හදිස්සියෙම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණු උගුර පාදන සද්දයට. බලද්දි තමයි දැක්කෙ ටේහ්යුන් දිහා අප්පිරියාවෙන් වගේ බලන් ඉන්න යුන්ගි. මොකද ටේහ්යුන් හිටියෙ වයිට්ට කෑම කවන ගමන්.

" ඔයත් කනවද. "

ටේහ්යුන් අහද්දි යුන්ගි බැලුවෙ තමුසෙට ඔල්මාදෙ හැදිලද කියලා වගේ.

" මන් ආවෙ කන්න නෙමේ. සෙමී කිව්වා  ඔයා අරන් දීපු ඇඳුම් ටික එයාට ඕනි කියලා. ඒ ටික ගෙනත් දෙන්න පුළුවන්ද ඇහුවා. ඒ රෙදි ටික ගෙනත් දෙන්න ඉක්මනට. මට පරක්කු වෙනවා. "

යකෝ මුගෙ ඝනකම. ටේහ්යුන් කිව්වෙ නෑ හිතුව විතරයි. කවුද දන්නෙ ටේහ්යුන් එක්ක තියන තරහට ටේහ්යුන්ගෙ අහිංසක කෙල බෝලෙට යුන්ගි ෆුට් බෝලෙකට වගේ පයින් පාරක් ගැහුවොත් එහෙම. සෙමී හිටිය කාමරේට ගිහින් එයා සෙමීට අරන් දීපු හැම ඇඳුමක්ම බෑග් එකක දාලා යුන්ගිට ගෙනත් දුන්නා.

" එයා මන් ගැන මුකුත් ඇහුවෙ නැද්ද. "

" නෑ. "

ගත්තු කටටම නෑ කියපු යුන්ගි යන්න ගිහින් ආපහු හැරිලා ටේහ්යුන් දිහා බැලුවා.

" තමුන්ට ඕනි නම් මේ ඉරිදා ඇවිත් එයාව බලලා යනවා. හැබැයි කොහෙවත් එක්ක යන්න තහනම්. "

" ඇයි එක්ක යන්න බැරි. "

" මට ආරංචියි ඔයා සෙමීව හොස්පිට්ල් එකෙන් එක්කගෙන ගිය පළවෙනි දවසෙම එයාව ෂොපින් සෙන්ටර් එකකදි අතරමන් වුණා කියලා. "

ටේහ්යුන් හිතින් කොට ජිමින්ට බැන්නෙ ඒවා කියන්න ඇත්තෙ ජිමින් කියලා හිතලා. ඒත් ඇත්තටම ඒවා කිව්වෙ යුන්ගිගෙ හොඳම යාළුවෙක් වුණු ජින්.

ඉරිදා උදේ පාන්දරම නැගිටලා සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි කියලා ලස්සන කළු පාට අත් දිග ටී එකකුයි සුදු පාට ට්‍රවුසර් එකකුයි කළු පාට ෂූස් දෙකකුයි දාලා ටේහ්යුන් මේ ලෑස්ති වෙන්නෙ සෙමීව බලන්න යන්න. කෙල බෝලෙටත් කන්න දීලා කාර් එකෙන් ටේහ්‍යුන් මුලින්ම ගියේ සෙමීට තෑගි අරගන්න. අයිස්ක්‍රීම්, චොකලට්, අලුත් ඇඳුම්, පොඩි පොඩි ස්නැක්, අලුත් ෆෝන් එකක් ඔය වගේ එක එක දේවල් හුඟක් අරන් යුන්ගිගෙ ගෙදරට ගියේ සහරා කාන්තාරෙ ඔටුවෙක් වගේ අතින් කටින් හැම තැනින්ම බඩු එල්ලන්. ටේහ්යුන්ව දැකපු ගමන් සෙමී කුලප්පු වෙච්ච හරකෙක් වගේ දුවගෙන ආවෙ බොහොම අමාරුවෙන් අර බෑග් ටිකකුත් එල්ලන් ඉන්න අහිංසකයා දිහාවට. පැනපු ගමන් වෙනදා වගේම සෙමී ටේහ්යුන්ගෙ බෙල්ලෙ එල්ලෙද්දි දෙන්නත් එක්කම ගෙනාපු බඩු බෑග් ටිකත් එක්කම බිම. සොංයී ඇවිත් සෙමීව ටේහ්යුන්ගෙ ඇගෙන් අයින් කරාම තමා ටේහ්යුන් නැගිට්ටෙ.

" සෙමී පැටියෝ. මන් කිව්වනෙ ටේහ්යුන්ෂිට කරදර කරන්න එපා කියලා. "

සොංයීගෙ කතාව සෙමීට නම් ඇහුණෙවත් නෑ. ටේහ්යුන්ගෙ කොණ්ඩෙට අඩත්තේට්ටම් කරනවා.

" ටේහ්යුන්ෂි.... ඔයා මේවා මටද ගෙනාවේ. "

බිම වැටිලා තිබ්බ බෑග් ටික පෙන්නලා අහද්දි ටේහ්යුන් ඔළුව වැනුවෙ නෑ කියන්න.

" එහෙනම්. "

" සොංයී නූනට. ඔයාට මාව මතකවත් නෑනේ. මන් මොකටද ඔයාට තෑගි ගේන්නෙ හූම්. "

ටේහ්යුන් බොරු තරහක් පෙන්නලා කතා කරද්දි සෙමී හිතුවෙ ඒ ඇත්තට කියලා.

" ඉතින් යුන්ගිෂී මාව ඔයා බලන්න එක්ක යන්න බෑ කිව්වනේ. මන් ටේහ්යුන්ෂිගෙ ගෙදරට යන පාර දන්නෑනෙ ඉතිම්. "

මහකනදරා වැව වාන් දැම්මා සෙමී හෝ ගාලා අඬනවා.

" යා යා.... සෙමී බොරුවක් කළේ. ආ මේ සේරම ඔයාට. "

සුරුස් ගාලා හොටු ටිකක් උඩට ඇදපු සෙමී ටේහ්යුන් ගෙනාපු බෑග් ටිකත් අරන් ගේ ඇතුළට දුවගෙන ගියා.

" ටේහ්යුන් එමු ඇතුළට. මන් බොන්න මොනාහරි හදන් එන්නම්. "

සොංයී කිචන් එකට ගිය වෙලේ ටේහ්යුන් සෙමීට අලුත් ෆෝන් එකේ වැඩ  කරන විදිය කියලා දුන්නා.

" ටේහ්යුන්ෂී මට ඔන්නි ඉංග්ලිෂ් කියලා දුන්නා. මන් ඔයාට කියලා පෙන්නන්නද ටිකක්. "

" හාකෝ. "

" My name is Semi.
   I'm 20 years old.
   My best friend is Taehyungshi.
   He is a doctor.
   He has a beautiful hair.
   I love his hair. "

" අයියෝ පැටියේ. ඔයා ටේහ්යුන්ෂි ගැන විතරනේ කිව්වෙ. "

කූල් ඩ්‍රින්ක්ස් අරන් එන ගමන් හිටිය සොංයිටත් ඇහුණා. ටේහ්යුන් ටිකක් රතු වෙලා. මොකද සෙමීගෙ කතාවෙ බාගෙට බාගයක් තිබුණෙ එයා ගැන නිසා. කුල් ඩ්‍රින්ක්ස්තුත් බීලා අයිස්ක්‍රීම්තුත් දෙන්නත් එක්ක කාලා බිම වාඩි වෙලා දෙන්නත් එක්ක බෙන්ටෙන් බල බල ඉද්දි එතනට ආවෙ යුන්ගි.

" යුන්ගිෂි... මේ බලන්න මාව බලන්න ටේහ්යුන්ෂි ඇවිත්. එයා මට අයිස්ක්‍රීම් ගෙනත්. තව ෆෝන් එකකුත් දුන්නා. "

" ආ එහෙමද. හොඳයිනේ. "

එහෙම කියපු යුන්ගි ටේහ්යුන්ට ඇස් වලින් කතා කරලා එයා ළඟට එන්න කිව්වා. ( ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා )

" සොංයීගෙ අම්මට අසනීප වෙලා හදිසියෙම. එයාට සර්ජරි එකක් කරන්න වෙන නිසා මටයි සොංයිටයි යන්න වෙනවා. අපි එනකන් තමුන් මෙතනට වෙලා කොහොවත් යන්නැතුව සෙමීව බලා ගන්න ඕන හරිද. මොකක්හරි විනාසයක් කරලා තිබ්බොත් බලාගමු. "

" යකෝව් එයාගෙ සැර. මන් නිකන් සෙමීව උස්සන් යයි වගේනෙ එයාගෙ කතාව හූම්. "

" ටේ... යුන්ගි ගැන තරහක් හිතන්න එපා. එයාටත් නංගි කෙනෙක් ඉදලා තියනවා සෙමීගෙ වයසෙ. එයා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. ඒකයි ඔය සෙමීට එච්චර ආදරේ. "

ටේහ්යුන් දැන් තමයි දන්නෙ යුන්ගිට නංගි කෙනෙක් හිටියා කියලා. යුන්ගියි සොංයීයි යද්දි ටේහ්යුන්තුයි සෙමීයි විතරක් ගෙදර තනියම ඉතුරු වුණා. මුළු දවසෙම දෙන්නත් එක්ක කාටූන් බල බල ඉඳලා දෙන්නටම නින්ද ගියේ ටීවී එක ඉස්සරහ බිමමයි. සෙමීගෙ ඔළුව තිබුණෙ ටේහ්යුන්ගෙ උරහිස උඩ. සෙමී ටේහ්යුන් ළඟට තව තවත් ගුලි වු​ණේ ටේහ්යුන් ළඟින් දැනුණු උණුසුමට වෙන්නැති. ඒත් ටේහ්යුන්ට නම් හිතු​ණෙ සෙමීට කිරි පණු ගාය කියලා. එහෙට වෙනවා මෙහෙට වෙනවා. සෙමීගෙ කෙලවරක් නැති දැඟලිල්ල අස්සෙ ටේහ්යුන් ඇස් දෙක ඇරලා වෙලාව බලද්දි රෑ හතයි.

බිම වාඩි වෙලා හිටිය තැනින් නැගිටින්න හැදුවත් ඒකට හිත නොදුන්නෙ හා පැටියෙක් වගේ එයාගෙ අස්සෙ ගුලි වෙලා ඉන්න සෙමී දැකලා. මූණෙ ගෑවෙන කරමට දිග ඇස් පිහාටු.... ඒ තරම් දිග ඇස් පිහාටු ටේහ්යුන් දැකලා නැති තරම්..... රෝස පාට තොල්..... ඒවා හරිම ස්වාභාවිකයි... කිසිම මේකප් එකක් නැති ඒ හුරුබුහුටි මූණ හැම වැඩක්ම පැත්තක දාලා ඒ මූණ දිහා බලන් ඉන්නම හිතෙන තරම් ආකර්ෂණීයයි.....  සෙමීගෙ කොට කොණ්ඩෙ ඉස්සරහට වෙන්න තිබ්බ අකීකරු කෙස් රැලි ටිකක් සෙමීගෙ හුරතල් මූණෙන් හතරෙන් එකක්ම ආක්‍රමණය කරලා. ටේහ්යුන් ඒ කොණ්ඩ කැරලි පිටි පස්සට කරේ තව හොඳට ඒ මූණ බලා ගන්න. කොණ්ඩෙ අයින් කරද්දිම මෙච්චර වෙලා ටේගෙ ටී එක අල්ලන් හිටිය සෙමීගෙ චූටි ඇඟිලි වල ග්‍රහණය තව වැඩි වුණා.

අමුතු අමුතු හැඟීම් වලින් හිත පිරෙද්දි ටේහ්යුන්ට ඇහුණෙ ගෙදර බෙල් එක රින්ග් වෙන සද්දෙ. සෙමීව උස්සලා අරන් සෝෆා එකෙන් තියලා දොර දිහාවට ගියේ යුන්ගි ඇවිත් කියලා හිතලා. එත් ඇවිත් හිටියෙ......

To be continued ....

කවුද ආවෙ කියලා කියන් යන්න බලන්න කස්ටිය හූම්.

මන් කලින් චැප්ටර් එකේ කිව්වනේ රීඩර්ස්ලට දාන්න නම් ටිකක් කියන් යන්න කියලා. ඔන්න නම් තුනක් තුන් දෙනෙක් මට එවලා තිබුණා. මන් ඒ නම් තුන යටින් දානවා. ඔයාලා වැඩිපුරම කැමති නම ළඟ ❤️ ඔන්න ඔය වගේ රතු හාට් එකක් කමෙන්ට් කරන්න යන්න.

1 . පපීස්.  

2. ෆිලෝව්ස්.

3. චිම්පන්සීස් 😂💔

කැමති නමට කමෙන්ට් එකක් හලන් යන්න. එහෙනම් ගියා. ටටා බායි ❤️🌷

Coma by Estar
2022/07/15

Comment