Part 17 💙

" යූරා මියානේ. "

" මොකටද. "

යූරා ඇහුවෙ අහස දිහා බලාගෙනමයි.

" මන් දන්නවා ඔයා මට කැමතියි කියලා. "

" මාත් දන්නවා ඔයා කැමති සෙමීට කියලා. "

ටික වෙලාවකින් දෙන්නට දෙන්නා මූණු දිහා බලන් පොඩි ළමයි දෙන්නෙක් වගේ හිනා වුණා.

" යා කිම් ටේහ්යුන්. ඔයාට වඩා තව ලස්සන කොල්ලො ඕන තරම් ඉන්නවා. බලනවකො මන් හොයා ගන්නවා එළකිරි වගේ කොල්ලෙක්. "

" අනේ මේ යනවා යන්න. මන් තරම් හැන්ඩි කොල්ලෙක් හඳෙන් තමා ගේන්න වෙන්නෙ. "

ටේහ්යුන් කොලර් එකත් උස්සන ගමන් කියද්දි ආයිමත් දෙන්නට දෙන්නා මූණ බලන් හිනා වෙන්න ගත්තා.

" දැන් සෙමී දන්නවද ඔයා එයාට ආදරෙයි කියලා. නෑ මන් කිව්වෙ එයා තාම පොඩි ළමයෙක් වගේනෙ. "

" මොන දැන ගන්නද. අද උදේ ඉඳන් තරහා වෙලා මාත් එක්ක. පුදුම ගෑස් එකක් තියෙන්නෙ. "

" යා ටේහ්යුන් ඒ ළමයා තාම පොඩියි හලෝ. "

" දන්නවා දන්නවා. යුන්ගියි ඔයයි ඕක කියලම මට දැන් එපා වෙලා. ඒකි කරන වැඩ වලට මට ඉතින් අමතක වෙනවනෙ ඕක. "

" කෝ එනවා යන්න ඇතුළට. මෙතන ඉදලා උණකුත් එහෙම හදා ගත්තම තව මරු. "













ඊයෙ රෑ ජන්ග්කුක් එයාගෙ අම්මව බලන්න අම්මගෙ ගෙදර යද්දි මිස්ටර් චෝයි ඒ වෙනකොටත් ජන්ග්කුක්ගෙ අම්මා බලන්න ගිහින් තිබ්බා. ඒ වෙනටකාටත් සෙමී කියන්නෙ එයාගෙ දුව කියලා දැනන් ඉදිය අම්මා ජන්ග්කුක් ආව ගමන් ජන්ග්කුක්ව තද කරලා බදා ගත්තා.

" අම්මා අර සෙමී අපේ ජෙනී. අම්මා ඒ අපේ ජෙනී. "

" මන් දන්නවා රත්තරන්. සම්චෝන් මට කිව්වා. අනේ පුතා අපි දැන්ම යමුකො මගෙ කෙල්ලව බලන්න. මන් අවුරුදු කීයක් මැරි මැරි ජීවත් වුණාද පුතා මගෙ කෙල්ල ගැන හිත හිත. "

අම්මගෙ වීල් චෙයා එක ඉස්සරහ දණ ගහ ගත්තු ජන්ග්කුක් එයාගෙ අත් දෙකින්ම අම්මගෙ අත් දෙකම අල්ල ගත්තා.

" අම්මා මේ අහන්නකො. අපි හෙටම යමු එයාව බලන්න. ආ නෑ නෑ. ඔයා හෙටම අපේ ගෙදර යනවා. තේරුණානේ. මන් අපේ ගෙදරටම අපේ ජෙනීව එක්ක එනවා. "

" මන් ඒ ගෙදරින් ගියේ මට ඒ ගෙදර හැම තැනකම පුතාගෙ අප්පගෙයි ජෙනීගෙයි මතක තියන නිසා. ඒත් දැන් මගෙ කෙල්ල ඉන්නවනේ. මාව දැන්ම ඒ ගෙදරට එක්ක යන්න. "

අම්මගෙයි පුතාගෙයි දෙන්නගෙම ඇස් වල කඳුළු. ඒ අවුරුදු ගානට පස්සෙ මුණ ගැහුණු එයාලගෙම ජෙනී නිසා. මීට අවුරුදු දහයකට කලින් මින්සෙන් කිට්ටුව වුණ කාර් ක්‍රෑෂ් එකෙන් ජන්ග්කුක්ගෙ අම්මගෙ කකුල් දෙකම පණ නැති වෙද්දි ජන්ග්කුක්ගෙ අප්පයි ජෙනීයි මේ ලෝකෙන් යන්නම ගියා කියලා තමයි හැමෝම හිතන් හිටියෙ. කඳු සහිත ප්‍රදේශක් වුණු මින්සෙන් වලදි එදා වුණු ඇක්සිඩන්ට් එකෙන් ජෙනීගෙ සිරුරවත් හොයා ගන්න බැරි වුණා. ජන්ග්කුක් අම්මා බොහොම අමාරුවෙන් කාර් එකෙන් එළියට ආවත් ඒ ආපු සැණින්ම කාර් එක පිපිරිලා ගියේ ඇගේ ඇස් ඉදිරිපිටමයි.

හැමෝම හිතුවේ ඒ පිපිරුම නිසා ජන්ග්කුක්ගෙ අප්පා වගේම ජෙනීත් මැරුණා කියලා. ඒත් කවුරුත් නොදන්න දේ තමයි ඒ ඇක්සිඩන්ට් එක වෙලාවෙ ජෙනී හිටියෙ කාර් එක ඇතුළෙ නෙමෙයි කියන එක. කාර් ක්‍රෑෂ් එක වෙනවත් එක්කම කාර් එක පෙරළුණු වෙලාවෙදි පිටිපස්සෙ ෂීට් එකේ ඉදිය ජෙනී වැටුණෙ පහළ තිබුණ හෙලට. ජෙනීගෙ වාසනාවට ජෙනීව වැටුණෙ පහළින් ගහන් ගිය ඇළ පාරට. ඩොක්ටර් ජින්ට ජෙනී මුණ ගැහුණෙ ඒ විදියට.

ජන්ග්කුක් අම්මා ඒ දවසෙන් පස්සෙ කිසිම දවසක එයාලගෙ ගෙදර වහල යට එක තත්පරයක්වත් ඉදියෙ නෑ. මොකද කියනව නම් එයාට හැම තිස්සෙ එයාගෙ පුංචි ජෙනී ගේ පුරාම කෑ ගහලා දුවනවා වගේ පේන නිසා. දකින දකින හැම තැනකම තමන්ගෙ ආදරණීය සැමියගෙ සහ දියණියගෙ මතක. ඇය ඒ නිසාමයි ඒ ගෙදරින් පිට වෙලා වෙනමම ජීවත් වුණේ. පරණ මතක එක්ක හිත පාර ගන්න බැරි නිසා.

සිදු වුණු අනතුරත් එක්ක තාමත් අවිවාහක ජන්ග්කුක්ගෙ අම්මගෙ මල්ලි වුණු චෝයි කොරියාවට ආවෙ ජන්ග්කුක්ගෙ පවුලෙ බිස්නස් බලා ගන්න. මොකද ඒ සිද්ධිය වෙද්දි ජන්ග්කුක් කියන්නෙ අවුරුදු දොලහක පුංචි කොල්ලෙක් නිසා.

ඊට පහුවදාම ජන්ග්කුක්ගෙ අම්මා එයාලගේ පරණ ගෙදරට ගිහින් ගෙදර ඉන්න වැඩ කරන අයව දම්මලා ජෙනීගෙ පරණ කාමරය ඒ විදියටම ලස්සනට සැරසුවා.



මේ අතරේ යුන්ගිගෙ ගෙදර එකම ගිනි ජාලාවයි.

" යුන්ගිෂී කියන්නෙ මන් ජන්ග්කුකීගෙ නංගි කියලද. "

සෙමී ඇස් දෙකත් බෝල කරන් ඇඳ උඩ නැගලා. යුන්ගි ඔළුව වැනුවෙ ඔව් කියන්න වගේ. ජන්ග්කුක්තුයි සොංයීත් ඔළුව වැනුවෙ ඔව් කියන්න.

" බොරු කියන්න එපා. ඔයාලා නරකයි අනේ. "

" බොරු නෙමෙයි බබා. මේ බලන්න. මේ තියෙන්නෙ අපි දෙන්නගෙ DNA ටෙස්ට් එක. ඒකෙ තියනවා අපි දෙන්නගෙ DNA 99.96% ක්ම ගැලපෙනවා කියලා. "

සෙමී ටික ටික සන්සුන් වෙන්න ගත්තෙ ඒක ඇහුණු නිසා.

" මන් දන්නවා බබා මේක ටිකක් අමුතුයි. ඔයාට මන් ගැන කිසි දෙයක් මතක නෑ කියලත් දන්නවා. බබා ඔයා දන්නවද. ඔයා ඒ කාලෙ මට කතා කරේ ජන්ග්කුකී කියලා. ඔයා මුලින්ම මට එහෙම කතා කරාම මට පුදුම හිතුණා. "

" මන් ඔයාට ඒ කාලෙ කතා කරේ ජන්ග්කුකී කියලද. "

" ඔව්නෙ බබා. මට ඔයාව බදා ගන්න පුළුවන්ද. "

ජන්ග්කුක් අත් දෙක දික් කරලා අහද්දි සෙමී ඇදෙන් බැහැලා ජන්ග්කුක්බ තද කරලා බදා ගත්තා. ජන්ග්කුක් සෙමීගෙ නලලෙන් පුංචි හාදුවක් තියලා සෙමීව තව තද කරලා බදා ගත්තෙ ඇස් වල කඳුළු පුරවන්. සොංයීත් යුන්ගිගෙ ඇගට වාරු වෙලා බලන් හිටියෙ හුඟ කාලෙකට පස්සෙ මුණ ගැහුණ මේ ආදරණීය අයියයි නංගියි දිහා.

" ජන්ග්කුකී එතකොට මගේ ඇත්ත නම මොකක්ද. සෙමී කියන්නෙ මට ජින්ශී දාපු නමනේ. "

" ජියොන් ජෙනී. ලස්සනයි නේ. "

" හූම්. "

" ඔයාට අම්මව බලන්න යන්න ඕනිද. එයා ඔයා එනකන් මග බලන් ඉන්නවා. "

සෙමීට මතක් වුනේ එයා එදා ගියේ ජන්ග්කුක්ගෙ අම්මව බලන්න නේද කියලා.

" ජන්ග්කුකී අපි දෙන්නා එදා ගියේ මගේ අම්මව බලන්නද. "

" ඔව්නෙ බබා. ආපහු පාරක් යමුද. "

කෙල්ල ඔළුව වැනුවෙ ඔව් කියන්න.













ඊයෙ හුඟක් රෑ වෙනකන් ඇහැරිලා ඉඳපු නිසා ටේහ්යුන්ට ඇහැරුණේ උදේ නවයට විතර ජිමින්ගෙන් ආපු කෝල් එක නිසා.

" හැපි බර්ත්ඩේ සුදු මහත්තයා. "

ටේහ්යුන් නිකන් කරකවලා අතෑරියා වගේ. ෆෝන් එකේ කැලැන්ඩර් එක බැලුවම තමයි දැක්කෙ අද එයාගෙ බර්ත්ඩේ එක කියලා.

" අනේ මගෙ පී පී තාරා. ඔයාට විතරයි පණ මාව මතක් වුනේ. ආදරෙයි අහස තරම් සූකිරි බට්ටෝ. "

" අනේ අනේ පල යන්න වහු පැටියා බොරුවට බටර් ගාන්නැතුව. "

" ඒක නෙමෙයි. තමුසෙ දැන් එන්නැද්ද හලෝ. දැන් මාස තුනටත් කිට්ටු නැද්ද. "

" දැන්ම නම් බැරි වෙයි හලෝ. "

" ආ ඒක නෙමේ. තමුසෙ දන්නවද සෙමී කියන්නෙ අර ජන්ග්කුක්ගෙ නංගි. ජන්ග්කුක් කියන්නෙ බන් අර මිස්ටර් චෝයිගෙ පුතා. අර අපේ හොස්පිට්ල් එකට ස්පොන්සර් කරේ. "

" මන් ඊයෙම දන්නවා හලෝ. මට ජින් කිව්වා. "

" සන්නිවේදනය හරිම දියුණුයි නේ. "

" ආ ඒක නෙමේ. දැන් සෙමීට කිව්වද තමුසෙ එයාට ආදරෙයි කියලා. "

" මොන පිස්සුද හලෝ. අර කිස් සීන් එකෙන් පස්සෙ මන් ඉන්නවද නැද්ද බලන්න පැත්ත පලාතක ආවෙ නෑ. බලනවා ඒකෙත් හැටි. මන් මෙච්චර කාලයක් මලක් වගේ වතුර දාලා බලා ගත්ත කෙල්ල අයියව හම්බුණාට පස්සෙ වෙනස් වුණ හැටි. "

" මන් දන්නැද්ද උඹ මල බලා ගත්තු හැටි. පලවෙනි දවසෙම ඒ ළමයව ෂොපින් සෙන්ටර් එකේදි මග ඇරවා ගත්තා. ඊට පස්සෙ කෙල්ල දවසක් ගෙදරිනුත් පැනලා ගියා. "

" හරි ඉතින්. ඒක වෙනම කතාවක්. "

" හරි හරි මන් තියනවා. මට වැඩ. "

" හුම්. "

ටේහ්යුන්ට ඊළඟට කෝල් එකක් ආවෙ එයාගෙ අම්මගෙන්. ඒත් බර්ත්ඩේ එකට විෂ් කරලා. ඊට පස්සෙ ටේහ්යුන්ගෙ රූම් එකට මල් පොකුරකුත් අරන් ආවෙ....


මල් පොකුරක් අරන් ආවෙ කවුද දන්නෑ නේද ළමායි. 😌

ඔන්න අනිත් කොටසින් නම් කතාව ඉවර කරන එක මම  ඉවර කරනවාම තමයි  ළමායි. 😂💔

එහෙනම් අන්තිම කොටසින් මුණ ගැහෙමු. ❤️

#කම්මැලි ඕතර් 💜🌟

Comment