Part 5 💙

වෙලාව රෑ එකයි. ටේහ්යුන්ට එක පාරටම ඇහැරුණෙ මොකක්හරි සද්දයක් ඇහිලා. ටේ එක පාරටම දැක්කෙ කොට්ටෙකුත් බදන් එයාගෙ කාමරේ දොර ගාව හිටගෙන ඉන්න සෙමී.

" ටේහ්යුන්ෂී... මන් ඔයත් එක්ක නිදියන්ක එන්නද. "

ටේ නිදිමරගාතේ ලයිට් එකත් ඔන් කරද්දි සෙමී මූණත් දෙක කරන් ඉන්නවා.

" මේක මගෙ රූම් එක. එහා පැත්තෙ එක ඔයාගෙ. ගිහින් එතන නිදියන්න. "

" මට තනියම නිදා ගන්න බයයි. "

" එහෙනම් අර ආජුම්මා ළඟට යන්නකෝ. "

" එයා කොටියෙක් වගේ හයියෙන් ගොරවනවනේ. "

" ආයිෂ්.... "

ටේහ්යුන් ඔළුවත් කස කස දැන් මොකක්ද කරන්නෙ කියලා කල්පනා කර කර ඉද්දි කෙල්ල ගිහින් ටේහ්යුන්ගෙ ඇඳේ දිගා වෙලා ෂීට් එකත් පොරවන් නිදා ගන්න හදනවා.

" යා යා.... කවුද නිදියන්න කිව්වෙ. අනික මන් පිරිමි ළමයෙක්. ගෑණු ළමයෙක් වුනාම ඔය වගේ හිතුනු හිතුනු වෙලාවට පිරිමි ළමයි ළඟ නිදියන්නෑ. "

" ඒත් ජින්ෂියි ජිමින්ෂියි කිව්වනේ ටේහ්යුන්ෂි මාව හොඳට බලා ගනියි. එයාට බය වෙන්න එහෙම එපා කියලා. "

" ආයිෂ් මේ කොට දොස්තර.... හරි එහෙනම් අදට විතරයි හොඳේ...... "

" හූම්..... "

සෙමී ඇඳේ නිදියද්දි ටේහ්යුන් සෝෆා එකේ නිදියගත්තා. මොනා වුණත් කෙල්ලෙක් එක්ක නිදා ගන්න බෑනේ.

සෙමී උදේ ඇහැරුණේ ආජුම්මා කෙල්ලව ඇහැරවද්දි. කාමරේටම බෙඩ් ටී එකත් ගෙනත් දීලා ආජුම්මා ගියේ සෙමීට බ්‍රෙක්ෆස්ට් එක හදන්න.

" ආජුම්මා ටේහ්යුන්ෂි කෝ. "

" එයා හොස්පිට්ල් එකට ගියානේ වැඩට. චූටි බේබි අද මාත් එක්ක ඉන්නෙ. ගිහින් වොෂ් එකක් දාන් එන්නකො. මන් කෑම ලෑස්ති කරන්නම්. "

සෙමී ටී එකත් බීලා ඊයෙ රෑ අරන් ආපු කොට්ටෙත් තුරුළු කරන් ආපහු ගියේ එයාගෙ රූම් එකට. වොෂ් එකකුත් දාන් ලස්සන රෝස පාට දණ හිස ළඟට දිග චූටි ගවුමකුත් ඇඳන් කෙල්ල කිචන් එකට යද්දි ආජුම්මා කෑම හදලා තිබ්බා. කෙල්ල කෑම ටික පිඟානකට දාන් වාඩි වු​​ණේ ටීවී එක ඉස්සරහා බිම.

" අයියෝ චූටි බේබි. ඇයි මේ බිම. වාඩි වෙලා කන්නකෝ. "

" අනී. මෙහෙම හොඳයි. "

සෙමී ටීවී එකත් දාගෙන කෑම ටික සේරම කෑවා. අහු වෙන අහු වෙන චැනල් එක දාන් කෙල්ල බැලුවෙ එයාට සිහියි නැතුව හිටිය අවුරුදු දහයට ලෝකෙ කොච්චර වෙනස් වෙලාද කියලා හිතන ගමන්.

" ආජුම්මා ටේහ්යුන්ෂි ගෙදර එන්නෙ කීයටද. "

සෙමී දවල් දොළහට විතර කිචන් එකට ගිහින් ආජුම්මගෙන් ඇහුවා.

" රෑ වේවි චූටි බේබි. "

" එහෙමද. "

සෙමී ආපහු ටීවී එක ඉස්සරහින් වාඩි වුණා.

මේ අතරෙ ආජුම්මට කෝල් එකක් ආවෙ  ටේහ්යුන්ගෙන්.

" කියන්න පොඩි මහත්තයා. "

" ආජුම්මා ඔයාට පුළුවන්ද ගෙදරට බඩු ටිකක් ගේන්න. මන් එද්දි අද රෑ වෙනවා."

" එතකොට සෙමී. "

" එයාව තියලා යන්න. සුපර් මාකට් එක ළඟනෙ තියෙන්නෙ. ටීවී එක බල බල ඉන්න කියන්නකො. එයාට ඊට වඩා දෙයක් නෑනේ. "

" දැනුත් අර ටීවී බලනවා. "

" මන් කිව්වෙ. "

" එයාට ෆෝන් එක දෙන්නද. "

" බෑ ආජුම්මා. මෙහෙ වැඩ ගොඩයි. මන් තියනවා හොඳේ. "

ආජුම්මා කෝල් එක ඉවර වෙලා අනිත් පැත්ත හැරෙනකොට සෙමී හොල්මනක් වගේ රිමෝට් එකත් අතේ තියන් ආජුම්මා දිහා බලන් ඉන්නවා.

" ඒ ටේහ්යුන්ෂිද. "

" ඔව්නෙ. "

" මාත් එක්ක කතා කරන්න බෑ කිව්වද. "

" එයාට වැඩ ගොඩක් තියේලු. ඒකයි බෑ කිව්වෙ. "

සෙමී ආපහු හැරිලා ගියේ ටීවී එක ළඟට. ආජුම්මා දොරවල් සේරම වහලා දාලා සෙමීටත් කියලා ගියේ සුපර් මාකට් එකට බඩු අරන් එන්න.

ටේහ්යුන් සර්ජරි එකක් ඉවර වෙලා එනකොට හවස හතර විතර වෙලා. තාම ලන්ච් එක අරනුත් නෑ.

" ඩොක්ටර් ටේහ්යුන්... අලුත් හෙඩ් ඔයාට එන්න කීවා. "

නර්ස් කෙනෙක් ඇවිත් ටේහ්යුන්ට කිව්වා.

" එයා සැරයි කියලා තමා ජිමින් කිව්වෙ. ජින්ගෙ යාළුවෙක් වුණාට එයා වගේ නෙමෙයි හැබැයි. පොලිසියට යන්න ඕන කෙනෙක් වැරදීමකින් ඩොක්ටර් කෙනෙක් වුණාම මෙහෙම වෙනවා හැබැයි. "

ජින් රට ගිය නිසා ජින් වෙනුවට ආපු අලුත් හෙඩ් තමයි මින් යුන්ගි. ටේ කැබින් එකට යද්දි යුන්ගි හිටියෙ කෝල් එකක.

" ඔයා ටේහ්යුන් නේද. ඇවිත් වාඩි වෙන්න. "

" හරි සර්. "

" මට ජින් කිව්වා ඔයා මෙහෙ හිටිය VIP පේෂන් කෙනෙක්ව දැන් බලා ගන්නවා කියලා. කොහොමද දැන් එයාගෙ තත්වෙ. "

" එයා අවුරුදු දහයක් කෝමා එකක හිටිය නිසා හැසිරෙන්නෙ තාම දරුවෙක් වගේ. මන් හිතන්නෙ එයාට කිසි දෙයක් මතක නෑ. "

" එතකොට එයාගෙ නම සෙමී කියලා දැන ගත්තෙ කොහොමද. "

" ඒක ජින් එදා ඒ ළමයව හොස්පිට්ල් එකට ගෙනෙද්දි කලබලයට ඔය ෆෝම් පුරවන්න දාපු නමක්ලුනේ. "

" ඒකත් එහෙමද. එයා ගැන මට තව විස්තර ටිකක් කියන්නකො. "

" ඒ ළමයට මගෙ කොණ්ඩෙ පෙන්නන්න බෑ. කොයි වෙලෙත් කපුටෙක් වගේ අනිනවා එහෙට මෙහෙට. ඒ මදිවට ඊයෙ රෑ මගෙ ළඟ නිදා ගත්තෙ. සෝෆා එකේ නිදියලා කොන්දක් නෑ වගෙ දැන්. ඊට හපන් ටීවී බලන්න ගත්තම. ඊයෙ උස්සගෙන ගියේ මන්. "

ටේ තොරතෝංචියක් නැතුව කියවගෙන යද්දි යුන්ගි හිනා වුණේ කෙල්ල ටේට හොඳට වද දීලා කියලා හිතිච්ච නිසා.

" ඕක හරියයි. අනික තව මාස දෙක තුනකින් ජින් එනවනේ. "

ඒත් එක්කම ටේට කෝල් එකක් ආවෙ ආජුම්මගෙන්. කොල් එක ආන්සර් කරලා විනාඩියක් යන්න කලින් ටේ නැගිට්ටෙ වාඩි වෙලා හිටිය පුටුවත් පෙරළන්.

" ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද. "

" සෙමී..... "

" ඔව් ඉතින්..... "

" එයා ගෙදර නෑලු. "

ටේ පණ කඩා ගෙන දුවලා ගියේ කාර් පාක් එකට. කාර් එකත් අරන් කෙළින්ම ගියේ ගෙදරට. යද්දි ආජුම්මා දොර ගාව වාඩි වෙලා හොඳටම අඬනවා.

" ආජුම්මා කෝ සෙමී. කියන්නකො මට."

" අනේ පොඩි මහත්තයෝ. මන් බඩු ගේන්න ගිහින් එන ටිකට කෙල්ල නෑනේ. මන් හැම තැනම බැලුවා. මේ අහළ පහළත් බැලුවා. "

" ආයිෂ්.... "

ටේහ්යුන් දොරට පයින් ගහපු පාරට ආජුම්මා හොඳටම බය වුණා. ඒ අතරෙ කඳුළු බේරි බේරි ආජුම්මා වෙව්ලන අතින් ටේහ්යුන්ට පොඩි කොලයක් තිබ්බා. ඒක ලියලා තිබ්බෙ සෙමී.

ටේහ්යුන්ෂී,

මට ඊයෙ රෑ මෙහෙ ඉන්න දුන්නට කුමාවෝ. මන් දන්නවා මන් ඔයාට කරදරයක් කියලා. මට ඊයෙ ඇහුණා ඔයා ජිමින්ෂිට කියනවා මන් ඔයාට වදයක් කියලා. මන් ආයිමත් ඔයාට කරදර කරන්න එන්නෑ. ඔයා අරන් දීපු ඇඳුම් සේරම කාමරේ තියනවා. මන් හොස්පිට්ල් එකෙන් එදා දීපු ඇඳුම ඇඳන් ගියා. ඔයාගෙ හොස්පිට්ල් එකේ අය මට බනින එකක් නෑ නේද ඒක ගත්තා කියලා.

සෙමී.

ටේහ්යුන්ට නෝට් එක කියවලා ඉවර කරනකොට දැනුණෙ ලොකු වේදනවක්... පසුතැවීමක් ඒ වගේම තමන් ගැනම තරහක්.

" ආයිෂ් මන් මොකක්ද මේ කරේ. එයා තාම පොඩි කෙල්ලෙක්. මන් කියපුවට දුක හිතෙන්න ඇති. මන් දැන් කොහෙන්ද එයාව හොයන්නෙ. "

ටේහ්යුන් පිස්සෙක් වගේ කියව කියව සෙමීගෙ රූම් එකට යද්දි ඇඳ උඩ කෙල්ලට එයා අරන් දීපු ඇඳුම් සේරම තිබ්බා.

කර කියා ගන්න දෙයක් නැති ටේහ්යුන් කාර් එකත් අරන් ගියේ මොන ලෝකෙන් හරි සෙමී හොයා ගන්නවා කියලා.

වෙලාව රෑ හතයි. පැය දෙක හමාරක තිස්සෙ ටේහ්යුන් තාම කෙල්ල හොයනවා. සෝල් වල තියන හැම චිල්ඩ්‍රන් පාක් එකකටමත් ගියේ කෙල්ල තාම පොඩි නිසා ඒ වගේ තැනක හිටියොත් කියලා බලාපොරොත්තුවෙන්.

මේ අතරෙ ටේට කෝල් එකක් ආවෙ යුන්ගිගෙන්.

" අර ගර්ල්ව හොයා ගත්තද. "

" නෑ. අනේ සර් මන් කොහොමද එයාව හොයා ගන්නෙ. මේ සේරම මගෙ වැරදි. මට එයාව හරියට බලා ගන්න බැරි වුණා. "

" ටේහ්යුන් මන් කියන දේ අහන්න. කලබල වෙන්න එපා. ඉක්මනට හොස්පිට්ල් එකට එන්න. "

" ඇයි. සෙමී ඉන්නවද.... "

" ඔයා ඉක්මනට එන්නකො. ආවම කියන්නම්. "

" ඒත්. ... "

To be continued....

සෙමී කොහෙද ඉන්නවා ඇත්තෙ. 😁

කට්ටිය පන්සල් ගියාද අද. Happy Vesak Poya Day 💙

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ.

Coma By Estar
2022/05/15

Comment