Part 10 💙

අමුතු අමුතු හැඟීම් වලින් හිත පිරෙද්දි ටේහ්යුන්ට ඇහුණෙ ගෙදර බෙල් එක රින්ග් වෙන සද්දෙ. සෙමීව උස්සලා අරන් සෝෆා එකෙන් තියලා දොර දිහාවට ගියේ යුන්ගි ඇවිත් කියලා හිතලා. එත් ඇවිත් හිටියෙ ජන්ග්කුක්.

" ජන්ග්කුක් ඔයා මෙහෙ. "

ටේහ්යුන් ඇහුවෙ පුදුමෙන්.

" මන් ආවෙ යුන්ගිව හම්බෙන්න. ඔයත් මෙහෙද. "

" ඩොක්ටර් යුන්ගි සොංයී නූනා එක්ක හොස්පිට්ල් ගියා. නූනගෙ අම්මට අසනීප වෙලා. "

" ආ එහෙමත් එකක්ද. එහෙනම් මන් පස්සෙ වෙලාවක එන්නම්. "

" අනේ කොල්ලො. ගෙදර අයිතිකාරයා නැති වුණාට මේ මන් ඉන්නෙ. ඇතුළට ඇවිත් මොනවහරි බීලා කතා කර කර ඉමු. මන් පාළුවෙන් හිටියෙ මේ පාළු ගෙදර. අරයත් හොඳටම නිදි. "

දොර ගාව ඉඳන්ම ගේ ඇතුළට බෙල්ල දාලා බලද්දි ජන්ග්කුක් දැක්කෙ සුව නින්දෙ පසුවන සෙමී. සෙමීට නොදැනෙන්න ජන්ග්කුක්තුයි ටේහ්යුන්තුයි ගියේ යුන්ගිගෙ ගෙදර තිබුණු මිනි බාර් එක. සෝමාලියාවට පාන් දැම්මා වගේ ටේහ්යුනුයි ජන්ග්කුකුයි එකතු වෙලා බියර්, විස්කි, වයින්, වොඩ්කා ඔය හැම වර්ගෙන්ම ටික ටික බිව්වා.

හොඳටම මත් වෙලා හිටිය ටේහ්යුන්ට මතක් වුණේ එයාගෙ පරම මිත්‍ර කොට ජිමින්.

" හනේ මා වස්තුවෑ.... උයා ඉන්නවද සප්තලනේ. එන්නෙ නැද්ද මේ පවුකාරයා බලන්න කොරියාවට. "

" ඕයි වහු පැටියා. තමුසෙ බිව්වද. කොහෙද ඉන්නෙ. ගෙදර යනවා දැන්ම මැරුම් නොකා..... නෑ නෑ එක්කො ඉන්න තැනක හෙට වෙනකම් ඉඳපන්. යද්දි ගහකවත් වාහනේ වද්දගත්තොත්. "

" මන් ඉන්නෙ අර නපුරු පූස්ලයි ගෙදර. කුකීත් ඉන්නවා. ආ මගේ අලුත් යාළුවා කුකී. ඔහොම ඉන්න මන් කුකීට කතා කරනකම්. "

ටේහ්යුන් ජන්ග්කුක්ට කතා කරන්න අනිත් පැත්ත හැරෙද්දි දැක්කෙ බිම දණ ගහන් ගේ ඇතුළෙ තිබ්බ සොංයීගෙ රෝස පැලෙන් මලක් කඩන් ඒක දික් කරන් ඉන්න ජන්ග්කුක්.

" I love you baby. I realy love you. Can you be my girlfriend. මම තමුසෙට ආදරෙයි මෝඩියේ...... "

ජන්ග්කුක් එයාගෙ ආදරේ ප්‍රකාශ කරනවා. ඒකත් යුන්ගිගෙ ගෙදර තියන ලී පුටුවකට. ඒ පාර පුටුවට කිස් එකකුත් දුන්නා.

" කොට ජිමින් මන් ඔයාට පස්සෙ ගන්නම්. මගේ යාළුවා මේ අවස්ථාවෙ එයාගෙ ආදරේ ප්‍රකාශ කරන ගමන් ඉන්නෙ. "

ටේහ්යුන් ගිහින් ජන්ග්කුක්ව ඇදන් ඇවිත් පුටුවකින් වාඩි කෙරෙව්වා. ජන්ග්කුක් රෝස මලත් කටේ ගහන්.

" යා ජන්ග්කුක්....... ඇයි තමුසෙ අර පුටුවට අච්චර ආදරේ... "

" මොන පුටුවක්ද. ඒ මගේ කෙල්ල බන්. එයා ලස්සනයි නේ. ටිකක් නපුරුයි. ඒත් හුරතල්. "

" මන් හිතන්නෙ ඔයාට ටිකක් වැඩියි වගේ. "

" ටේගෙ කෙල්ල කොයි වගේද. "

" මො....කක්.... මේ මට කෙල්ලෙක් නෑ. "

" ඒකත් හොඳයි. මන් හිතුවෙ ඔයා සෙමීට කැමතියි කියලා. එහෙනම් ඒකත් හරි. "

" මොකක්ද කියන්නෙ ඔයා... "

ටේහ්යුන්ට කියන්න වුණේ එච්චරයි. ඒ දෙන්න හිටිය තැනට එක පාරටම ආවෙ සෙමී.

" ටේහ්යුන්ෂී ඔයා මොනවද කරන්නෙ. ආ ජන්කුකීත් ඇවිත්. "

" අපි මේ නිකන් හිටියා. "

ටේහ්යුන් ඔළුව කස කස කියද්දි ජන්ග්කුක් හිටියෙ සෙමී දිහා කටත් ඇරගෙන බලාගෙන. පුටුවෙන් නැගිටලා අතේ විස්කි වීදුරුවක් තියාගෙනම ජන්ග්කුක් ගියේ සෙමී ළඟට.

" ඔයා දැන් කිව්වෙ ජන්කුකී කියලද. "

" හුම්. ජන්කුකී ළඟ අමුතු සුවඳයි. එහාට වෙනවද. මන් ඒ සුවඳට ආස නෑ."

ජන්ග්කුක් යන්න හැරෙද්දිම බැලන්ස් නැතුව වැටෙන්න යද්දි දන්න සේරම ජිල් මාට් දාලා නොවැටී බේරුණත් අතේ තිබ්බ වීදුරුවෙ තිබ්බ විස්කි ටික සේරම සෙමීගෙ ඇඟේ. සෙමී ෂර්ට් එකත් බඩ පේන විදියට උස්සන් ඇඟ පිහිදෑවෙ පරණ පුරුද්දට. ඒ වෙලාවෙ ජන්ග්කුක්ගෙ ඇස් ගියේ සෙමීගෙ සුදුම සුදු පාට රෝස පෙති වගේ සිනිඳුවට පෙණුනු බන්ඩිය දිහාට. ජන්ග්කුක්ගෙ මේ හැසිරීම දිහා ටේහ්යුන් බලන් හිටියෙ තරහෙන්.

" සෙමී මන් තමුන්ට එදත් කිව්වා පිට අය ඉස්සරහ ඔය විදියට ඇඟ පේන විදියට ඉන්න එපා කියලා. ඕක පහළට දාගන්නවා. "

සෙමී බය වෙච්ච පාර උඩට උස්සන් හිටිය ෂර්ට් එක ඉබේටම අතෑරෙද්දි කෙල්ලගෙ ඇස් වලින් එක දිගට කඳුළු බේරෙන්න ගත්තා.

" දැන් කාමරේට ගිහින් ඇඳුම මාරු කර ගන්නවා. "

ටේහ්යුන් හිතක් පපුවක් නැතුව ආපහු සෙමීට බනිද්දි කෙල්ල අඬ අඬම කාමරේට යන්න හදද්දි හැප්පුණේ යුන්ගිගෙ ඇඟේ. මීට ටික වෙලාවකට කලින් හොස්පිට්ල් ඉඳන් ආපු යුන්ගියි සොංයීයි දැක්කෙ එයාලා එනකොට සෙමීට හොඳටම බනින ටේහ්යුන්ව. සෙමීව සොංයී කාමරේට එක්කන් යද්දි යුන්ගි බර අඩි තිය තිය ආවෙ ටේහ්යුන් ළඟට.

" මන් තමුන්ට කිව්වෙ එයාව බලා ගන්න කියලා මිසක් අඬවන්න කියලා නෙමේ ටේ_හ්_යු_න්_ "

අන්තිම වචන ටික මහ සද්දෙන් කියද්දි යුන්ගිගෙ අත නැවතුණේ ටේහ්යුන්ගෙ කම්මුලේ.

" තමුසෙට හැමදාම මතක් කරන්න ඕනද ඒ කෙල්ල අර වගේ ලොකු කෙනෙක්ගෙ පෙනුම තිබ්බට තාම අවුරුදු දහයක ළමයෙක් කියලා මනසින්. තමුසෙ ඩොක්ටර් කෙනෙක් නිසාවත් තේරුම් ගන්න බැරිද. තමුසෙ ආවොත් ඒ කෙල්ලව අඬවලමයි පස්ස බලන්නෙ. අපරාදෙ මට යද්දි සෙමීව එක්ක යන්න තිබුණේ. ආයෙ තමුසෙට සෙමීව බලන්න එන්න තහනම්. තමුසෙ සෙමී දිහා නිකමට හරි බලනවා දැක්කොත් මන් තමුසෙගෙ ඇස් දෙක ගලවලා අතට දෙනවා ජිල් බෝල ගහන්න. දැන් යනවා යන්න. මතක ඇතුව තමුසෙ ගෙනාපු බඩු මුට්ටු ටිකත් අරන් යනවා. මට පුළුවන් සෙමීව බලා ගන්න. "

තාමත් ලිවින් රූම් එකේ සෝෆා එක උඩ තිබ්බ ටේහ්යුන් සෙමීට ගෙනත් දීපු බඩු මල්ල ටේහ්යුන්ගෙ ඇඟට විසි කරලා දාද්දි ටේහ්යුන් යන්න ගියේ ජන්ග්කුක් දිහාවත් නොබලා. ජන්ග්කුක් හොඳටම බය වෙලා ඉන්නෙ යුන්ගි ටේහ්යුන්ට අර විදියට බැන්න නම් ග්ලාස් එකත් අතේ තියන් ඉන්නවා දැකලා එයාව ගෙදරින් ගහලම පන්නයි කියලා.

" යුන්ගි මම මේ.... "

" මට මිස්ටර් චෝයි කතා කළා. ඒකයි මන් හොස්පිට්ල් එකෙන් ඉක්මනට ආවෙ. කොහෙද ඒ ෆයිල් ටික. "

ජන්ග්කුක් මුකුත් නොකියා අත දික් කළේ ස්ටූල් එක දිහාට.

" මම එහෙනම් යනවා. "

ජන්ග්කුක් ගොත ගගහා වගේ කියද්දි යුන්ගි ඔළුව වැනුවෙ හා කියන්න.

" ආ ජන්ග්කුක්... මන් ටේහ්යුන්ට කියපුවා ගනන් ගන්න එපා. එයාට කිසිම වගකීමක් හරියට කරන්න බෑ. ඒකයි මන් බැන්නෙ. "

" හ්ම්ම්ම්ම්.... "

ජන්ග්කුක් එයාගෙ කටින් වචනයක්වත් එළියට දැම්මෙ නැත්තෙ හදිසියෙන් වැරදි දෙයක්වත් කටින් එළියට පැන්නොත් කලින් කිව්වා වගේ එයාගෙත් ඇස් දෙක උගුල්ලලා ජිල් බෝල ගහන්න දෙයි කියලා බයට. මොකද ජන්ග්කුක් ජිල් බෝල ගහන විදිය දැන ගෙන හිටියෙ නෑ.

ජන්ග්කුක් යුන්ගිගෙන් ගෙදරින් එළියට බැහැලා යද්දි ටේහ්යුන්ගෙ කාර් එක තිබුණෙ නැති නිසා එයා දැන ගත්තා ටේහ්යුන් දැනටමත් ගෙදර යන්න ඇති කියලා. ජන්ග්කුක් එයාගෙ ගෙදර යන්නැතුව අද ගියේ වෙන තැනකට.

කළු පාට ලොකු ගේට්ටු වලිනුත් උසම උස තාප්පයකිනුත් වට වෙලා තිබ්බ ගෙදර ඉස්සරහට ගිහින් කාර් එකේ හෝන් එක දෙපාරක් තුන් පාරක් සද්ද කරද්දි බොඩිගාඩ් කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියෙ ජන්ග්කුක්ට ඇතුළට යන්න. කාර් එක ගේ ඉස්සරහා ගාඩ්න් එකේ නවත්තලා කාර් එකෙන් බැහැපු ජන්ග්කුක් ගේ ඇතුළට දුවන් ගියේ හරි සතුටින්.

" පුංචි මහත්තයා හුඟ කාලෙකින්. මොකද අද මේ තරම් සතුටක් මූණේ. "

" නෑ ආජුම්මා නිකන් ඉතින්. "

" ලොකු මැඩම් රූම් එකේ ඉන්නවා. ගිහින් බලන්න එයාව. "

ජන්ග්කුක් පඩි පෙළත් නැගගෙන උඩට ගිහින් එතන තිබුණු කොරිඩෝ එකේ අන්තිමට තිබුණු කාමරේට යද්දි අවුරුදු පනස් පහක් විතර වයස ගෑණු කෙනෙක් රෝද පුටුවක වාඩි වෙලා පොතක් කියවන ගමන් හිටියෙ.

" අම්මා... මන් ආවා. "

" අයිගූ.... මගෙ ජන්කුකී ආවද. "

ජන්ග්කුක් ගිහින් අම්මා ඉස්සරහා දණ ගහන් අම්මව බදා ගත්තෙ ඒ උණුහුමට තුරුල් වෙන ගමන්.

" ඒයි මෝඩ කොල්ලා. මොකක්ද මේ එන ගඳ. "

" දන්නැද්ද ඉතින්... යාළුවෙක් එක්ක පොඩ්ඩක්... "

" ආපහු බීලා අහු වුණොත් බලා ගමු. "

" අම්මා ඔයාට කියන්න දෙයක් තියේ. ගෑණු ළමයෙක් ගැන. ඩොක්ටර් යුන්ගිගෙ ගෙදර ඉන්න අර ගෑණු ළමයා. එයාගෙ නම සෙමී. හරි ලස්සනයි. හා පැටියෙක් වගේ. එයා දකින ඕන කෙනෙක්ට ආදරේ හිතෙනවා. මාත් එයාට හුඟක් ආදරෙයි අම්මා. මන් යුන්ගිගෙන් අහලා එයාව දවසක් මෙහෙ එක්ක එන්නම්. අම්මත් ආස වෙයි එයා දකින්න. අම්මට සතුටු හිතෙයි එයාව දැක්කම. මන් එයාව එක්කන් එන්නද. "

ජන්ග්කුක්ගෙ අම්මා එයාගෙ පුතාගෙ මූණෙන් මේ තරම් අව්‍යාජ සතුටක් දැක්කෙ අවුරුදු ගානකට පස්සෙ. ඒ ඇස් දිලිසෙනවා. හරියට තරු වගේ. ඒ ගෑණු ළමයා ගැන කියද්දි මේ තරම් ලස්සන හිනාවක් එයාගෙ පුතාගෙ මූණෙ තියනවා දකිනකොට එයාටත් ඒ ගෑණු ලමයා බලන්න ලොකු ආසාවක් ආවා. අම්මත් කැමති නිසා ජන්ග්කුක් සෙමීව තවත් දවස් දෙකකින් විතර අම්මව බලන්න එක්කන් එන්න පොරොන්දු වුණා.

මේ අතරෙ යුන්ගිගෙ ගෙදරින් එළියට බැහැපු ටේහ්යුන් පරණ පුරුද්දට කාර් එක කෙළින්ම ඩ්‍රයිව් කරන් ආවෙ හන් ගඟ දිහාවට. සෙමීට අර ගත්තු බඩු තිබ්බ බෑග් එක ළඟ තිබ්බ ඩස්බින් එකට විසි කරලා කොල්ලා වාඩි වුනේ කාර් එකේ බොනට් එකෙන්. වාඩි වෙලා ඉන්න අතරෙදි ටේහ්යුන් හිතුවෙ යුන්ගි එයාට කියපු දේවල් ගැන. කොටින්ම කිව්වොත් ඒ හැම දෙයක්ම ඇත්ත කියලා ටේහ්යුන්ට තේරුණා. සෙමී එයත් එක්ක ඉන්න හැම දවසකම ටේහ්යුන් නිසා සෙමීගෙ හිත රිදෙනවා.

" මන් ඉතින් හිතලා එයාගෙ හිත රිද්දන්නෑනේ.. මට ඉතින් කේන්ති ගියා එයා ජන්ග්කුක් ඉස්සරහා අර විදියට එයාගෙ සූටි බන්ඩිය පේන විදියට ෂර්ට් එක ඉස්සුවම. "

තමන්ටම එක එක ඒවා මුමුණ මුමුණ හිටිය ටේහ්යුන්ට අදත් කාර් එක ඇතුළෙම නින්ද ගියා.

පහුවදා යුන්ගි හොස්පිට්ල් එකේ වැඩට ආවත් එයා එදා දවසෙම ටේහ්යුන් ඇහැටවත් දැක්කෙ නෑ.

" ඔව් ඉතින්. මට පේන්න එන්නෙ නැතුව ඇති. "

යුන්ගි හිතුවෙ එයාට බයේ ටේහ්යුන් එයාට පේන්න නැති විදියට හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා. මේ විදියට යුන්ගි හොස්පිට්ල් එකට ආවත් ටේහ්යුන්ව දැන් දවස් තුන හතරක ඉඳන්ම දැක්කෙ නෑ. යුන්ගි නර්ස් කෙනෙක්ට ටේහ්යුන්ට එයාගෙ කැබින් එකට එන්න කියලා අඬ ගහන් එන්න කිව්වෙ එදා ටේහ්යුන් සෙමීට අරන් දීපු ෆෝන් එක ආපහු ටේහ්යුන්ට දෙන්න.

" සර් ඩොක්ටර් ටේහ්යුන් දැනට දවස් හකරක් තිස්සෙ හොස්පිට්ල් එකට ඇවිත් නෑ. "

" what the fuck.. "

යුන්ගිගෙ කටින් ඒ වචන තුන එළිය​ට පැන්නෙ ඉබේටමයි.


To be continued ....

හායි ගායිස් ඔන්න අප්ඩේට් එකක් දුන්නා. සෙමීගෙ ටේහ්යුන්ෂිට ඇත්තටම මොකද වුණේ. 😒

එතකොට අපේ ජන්කුකීයි සෙමී ගැනයි මොනාද හිතෙන්නෙ ඔයාලට 😋

හේ හේ බාල්දි ඊස් කමින් සූන් ළමායි😌

එහෙනම් අපි ගියා ටටා බායි. 🌷

Coma by Estar
2022/07/19

Comment