Part 15 💙

" මිස්ටර් ජන්ග්කුක් එතකොට ඔයා මට කියන්නෙ දැන් සෙමී කියන්නෙ ඔයාගෙ නංගි කියලද. "

" මට ඒ ගැන තාම හරියට ෂුවර් එකක් නෑ. ඔයාට මට එයා ගැන මොනවමහරි ඉන්ෆොමේෂන් එකක් දෙන්න පුළුවන් නම් මට ඒක කන්ෆර්ම් කරගන්න තිබ්බා. "

" දැන් එතකොට මිස්ටර් චෝයි මේ ගැන දන්නවද. "

" මම තාම කිසි කෙනෙක්ට මේ ගැන කිව්වෙ නෑ. අනේ මට මේ උදව්ව කොහොමහරි කරලා දෙන්න ප්ලීස්. ඔයා ළඟ සෙමී ගැන කිසිම ඉන්ෆොමේෂන් එකක් නැද්ද. "

" අපිට සෙමීව මුණ ගැහුණෙ කන්දකින් පහළට වැටිලා ඇල පාරක් ගාව ඉද්දි. ඇත්තටම අපි ඒ අනතුර ගැන තොරතුරු හෙවුවට අපිට කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා. මට හිතෙන විදියට එයා ඇල දිගේ ගොඩක් දුර ගහගෙන ඇවිත් තියෙන්නෙ. "

" ඉතින් ඔයාලා හොයලා බැලුවෙ නැද්ද ඒ අවට මොකක්හරි ඇක්සිඩන්ට් එකක් ඒ දවසෙ වුනාද කියලා. "

" අපිට ඒ වෙලාවෙම නම් කරන්න බැරි වුනා. මොකද පේෂන් හිටියෙ ගොඩක් අමාරු සිටුවේෂන් එකක. එයා බේරෙයි කියලා නම් අපි කොහොමවත් හිතුවෙ නෑ. අපි පස්සෙ හොයලා බැලුවත් කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා. "

" මට කියන්න පුළුවන්ද ඔයාලා සෙමීව හොයා ගත්තෙ කොහෙන්ද කියලා. "

" මට නම් ඒ ගැන හරි මතකයක් නෑ. ඔයාට පුළුවන්නම් අපේ හොස්පිට්ල් එකේ පරණ ෆයිල්ස් වලින් ඒ ගැන හොයා ගන්න පුළුවන් වෙයි. "

" හරි ඩොක්ටර්. තෑන්ක් යූ සෝ මච්. "

ජන්ග්කුක්ගෙයි ජින්ගෙයි මේ කතාව ඒ කෑම කඩේ ඉදිය තව කෙනෙකුත් අහගෙන හිටියෙ. ඒ වෙන කවුරුවත් නෙමේ අපේ ටේහ්යුන්ට ආදරේ කරපු යූරා. අද උදේ ටේහ්යුන් සෙමීට ආදරෙයි කියලා ජිමින්ට කියනවා ඇහුණු වෙලේ ඉඳන් කෙල්ල කරේ කාර් එකෙන් එක එක තැන් වලට ගිහින් බලා ගත්තු අත බලාගෙන ඉඳපු එක. අන්තිමේ දවල්ටවත් කාපු නැති නිසා ඇඟට පණ නෑ වගේ දැනුණු නිසා යූරා කෑම කඩේකට ආවෙ මොනාහරි කන්න. ඒ වෙලාවෙ තමයි යූරාට ඇහුණෙ මේ කතාව.

ජන්ග්කුක් එහා පැත්ත හැරෙද්දි දැක්කෙ එයා දිහා අමුතුවට බලන් ඉන්න යුරව. යූරාව දැකපු ගමන් අඳුරගත්තු ජන්ග්කුක් එයා හිටපු පුටුවෙන් නැගිටලා ගිහින් වාඩි වුණේ යූරා ඉඳපු ටේබල් එක ගාවින්.

" ඔයා ඇඬුවද යූරා. "

" ඔව් ඇයි මොකෝ. තමුසෙගෙ නංගි නිසා තමා මන් ඇඬුවෙ. "

ජන්ග්කුක්ගෙ ඇස් දෙක උඩ ගියේ යූරා කොහොමද ඒක දන්නෙ කියලා හිතුණු නිසා.

" ඇස් දෙක බෝල කරන්න ඕන නෑ හලෝ. මට සේරම ඇහුණා ඔයා දැන් ඩොක්ටර් ජින් එක්ක කතා කරපු. සෙමී ඔයාගෙ නංගි තියා කවුරු වුණත් මන් එයාට පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද එයා මගෙන් ටේහ්යුන්ව උදුර ගත්තා. "

" ඉතින් ඔයාට ටේහ්යුන් කොහොමත් කැමති නෑනේ. "

ඒක කිව්ව විතරයි යූරා එයාගෙ අතේ තියන චොප්ස්ටික් දෙක ජන්ග්කුක් දිහාට එල්ල කරේ හරියට ඒකෙන් ඇනලා ජන්ග්කුක්ව මරලා දාන්න වගේ.

" යා යා.... ඔය කෝටු කෑලි දෙක එහාට කරනවා. හදිස්සියෙන් ඕක කොහෙ හරි ඇනිලා හිල් වෙලා ගියොත් මොකද කරන්නෙ. "

යූරා ආපහු චොප්ස්ටික් දෙක ජන්ග්කුක්ගෙන් එහාට කරන් එයාගෙ කෑම එක කන්න ගත්තා.

" මන් හිතාගෙන හිටියෙ දුක හිතුණම ගෑණු ළමයි කරන්නෙ අඬන එක කියලා. ඒකට බලන්නකො මෙයා දිහා. පුස් ඊරියෙක් වගේ කන හැටි. "

( දුක හිතුණම බඩ පැලෙන්න කන සෙට් එක හූවක් තියන් යන්න ළමායි 😌 )

යූරා ආපහු ජන්ග්කුක් දිහාට චොප්ස්ටික්  දෙක දික් කරේ මැරෙන්න ආසද කියලා අහන ගමන්.  ජන්ග්කුක් බලාගෙන හිටියෙ කටේ කෑම පුරවන් කන යූරා දිහා.

" මොකද බලන් ඉන්නෙ. බඩගිනි නම් මොනවහරි ඕඩර් කරන් කනවා. මගේ කෑම එකට කෙල හලන්නෙ නැතුව. "

ජන්ග්කුක් ඔළුවත් කස කස හිනා වුනේ එයා බලන් හිටියෙ යූරා දිහා මිසක එයාගෙ කෑම එක දිහා නොවුණු නිසා.

" මේ සුදු නංගී.. ඔයාට මට පොඩි උදව්වක් කරන්න බැරිද. "

යූරා ඇස් දෙකත් හීනි කරන් බැලුවෙ මූ එන්නෙ මොකටද කියලා බලන්න වගේ.

" හොඳ ළමයා වගේ මාත් එක්ක දැන් ඔයාලගෙ හොස්පිට්ල් එකට යන්න එන්නකො. මාව අර පේෂන්ලගෙ ඩීටේල්ස් තියන තැනට එක්ක ගිහින් සෙමී ගැන තොරතුරු ටිකක් හොයලා දෙනවකො. ඩොක්ටර් ජින් තමා කිව්වෙ. අනේ සුදූ... "

" මට බෑ. "

" ඇයි වදේ... ඒ මොකද අනේ. "

ජන්ග්කුක් හුරතල් මූණක් හදන් යූරගෙ අතින් අදිද්දි යූරා ජන්ග්කුක්ගෙ අත ගසලා දැම්මා.

" මන් කිව්වනෙ මන් ඔයාගෙ නංගිට කැමති නෑ කියලා. "

" ඉතින් මන් ඔයාට කැමතියිනේ. "

" මොකක්... "

යූරාට කකා ඉදිය කෑම ටිකත් පිට උගුරේ ජන්ක්කුක් කිව්ව කතාවට.

" විහිළුවක් කරේ සුදූ. කෝ කෝ යමූ. "

බාගෙට කකා හිටපු කෙල්ලවත් ඇඳන් කෙල්ලගෙ කාර් එකේ කඩේ ගාවම තියෙද්දි ජන්ග්කුක් යූරව එයාගෙ කාර් එකේ දාන් ගියේ හොස්පිට්ල් එකට.

අද දවසෙම සෙමී ගැන හිත හිත ඉදිය ටේහ්යුන්ට නින්ද ගිහින් තිබුණෙ එයාටත් නොදැනිම. ගෙදර යන්න කලින් ටේහ්යුන්ව බලන්න කියලා ගියපු යුන්ගිට එක පාරටම ලොකු සද්දයක් ඇහුණෙ ටෙිහ්යුන්ගෙ රූම් එකට ටිකක් එහාට වෙන්න තිබ්බ පරණ ස්ටෝරූම් එකෙන්.













" සෙමියා... පහළට එන්න කෑම කන්න. "

රෑ දහයට කිට්ටු වුණත් සෙමී තාම කෑම කෑවෙ නැති නිසා සොංයී කෑම පිඟානත් අරන් ගියේ සෙමීගෙ රූම් එකට. යද්දි සොංයී දැක්කෙ ඇඳේ වාඩි වෙලා මූණ විතරක් පේන විදියට මුළු ඇඟම ෂීට් එකකින් වහගෙන ඉන්න සෙමීව.

" පැටියෝ ඔයාට අසනීපයක්වත්ද. ඔයාට සීතලද. "

සොංයී සෙමීගෙ ඇඟට අත තියලා උණවත් හැදිලද කියලා බැලුවට කෙල්ලට කිසිම අසනීපයක් තිබුණෙ නෑ.

" මොකද වුනේ. "

සොංයී කියන දේ ඇහුන්නැති ගානට සෙමී තාමත් ඔහේ බලන් ඉන්නවා. ඒ අතරෙ කෙල්ල එයාගෙ ඇඟිලි වලින් එයාගෙ චූටි තොල් දෙකත් පිරිමදිනවා.

" ඇයි පැටියෝ ඔයා ආපු වෙලේ ඉඳන් තොල් දෙක අල්ලන් ඉන්නෙ. තොලට මොනා හරි වුණාද. "

සෙමී ඔළුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න.

" එහෙනම්. "

" මුකුත් නෑ... "

" හරි එහෙනම් මට කියන්නකො අද ජන්ග්කුක්ශී එක්ක කොහෙද ගියේ කියලා. "

ඒක අහද්දි නම් කෙල්ලගෙ ඇස් තරු වගේ දිලිසුණා.

" ඔන්නි. අපි ගියානෙ ජන්ග්කුකීගෙ අම්මව බලන්න. එයා හරි හොඳයි අනේ. මගෙ ඔළුවත් අත ගෑවා. මට ආපහු දවසක යන්න ඕනි එයාව බලන්න. එයා හරි ලස්සනයි අනේ. "

සෙමී ජන්ග්කුක්ගෙ අම්මා ගැන කියන අතරෙම සොංයී බොහොම අමාරුවෙන් කෙල්ලට කෑම කටවල් දෙක තුනකුත් කවා ගත්තා.

" දැන් ඉතින් කියන්නකො ඔයාගෙ ටේහ්යුන්ෂී ගැනත් මොනවහරි. එයාව බලන්න අද ඔයා හොස්පිට්ල් ගියානෙ. "

ටේහ්යුන්ව මතක් කරා විතරයි කෙල්ලගෙ ඇඟිලි ටික ආපහු පාරක් ගියේ එයාගෙ තොල් දෙකට.

" මොකද පිස්සියේ වෙලා තියෙන්නෙ. තොල් දෙක අල්ලන් හිනා වෙන්නෙ. "

සෙමී මුකුත් නෑ කියලා හිනා වීගෙනම ඇඳේ දිගෑරිලා ෂීට් එකෙන් මූනත් වහ ගත්තා. සොංයීත් කෙල්ලට ගුඩ් නයිට් කියලා රූම් එකේ ලයිට්ස්තුත් වහලා ආවෙ අද දවසෙම එහෙ මෙහෙ ඇවිද්ද නිසා සෙමීට මහන්සියි කියලා තේරුණ නිසා.













මේ අතරෙ ස්ටෝරූම් එකෙන් ආපු සද්දෙ මොකක්ද බලන්න කියලා ඒ පැත්තට ගියපු යුන්ගි දැක්කෙ ස්ටෝරූම් එක ඇතුළෙ කවුරුහරි ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් ඒකට වැඩිය කවුරුත් යන්නැති නිසා කළුවරේම ස්ටෝරූම් එකට ගිහින් බොහොම අමාරුවෙන් අත පත ගාලා ස්විච් එක දාලා ලයිට්ස් ඔන් කලා.

යුන්ගි දැක්කෙ බිම වාඩි වෙලා පරණ දූවිලි ගැහුණු ෆයිල් ගොඩක් වට කරගෙන ෆෝන් එකේ ෆ්ලෑෂර් එකත් ඔන් කරන් ඉහේ සිට පාදාන්තය දක්වා මකුළු දැල් වලින් පිරිලා ඉන්න ජන්ග්කුක්වයි යූරවයි. යුන්ගි දැකපු ගමන් දෙන්නම යුන්ගි දිහාට මරි මොංගල් හිනාවක් දැම්මෙ දෙන්නව අතටම අහු වුණ නිසා.

" සර් මන් මේ.. මන් මේ... මේ ජන්ග්කුක් තමයි සර්. මාවත් ඇදන් ආවෙ.. "

යූරා බයෙන් වචන අහුල අහුල කියවද්දි ජන්ග්කුක් යූරට ඔරවනවා.

" ඔයාලා දෙන්නා සෙමී ගැනද ඔය හොයන්නෙ. "

ඒක ඇහුණ විතරයි ජන්ග්කුක්තුයි යූරයි දෙන්නට දෙන්නගෙ මූණ දිහා බලා ගත්තා.

" මට ජින් කෝල් කරලා කිව්වා. ඔයාලට මොනාහරි උදව්වක් ඕනද මගෙන්. "

දෙන්නම ඔළුව වැනුවෙ ඔව් කියන්න. තුන් දෙනාම එකතු වෙලා පැය බාගයක් විතර හෙව්වත් එයාලට සෙමීගෙ ෆයිල් එක හොයා ගන්න බැරි වුණා.

" යා.............. "

එතන තිබුණු කබඩ් එකක් ඉස්සරහ ඉඳන් යූරා කෑගහපු කෑගැහිල්ල ඇහිලා යුන්ගියි ජන්ග්කුක්තුයි එතනට දුවගෙන ගියේ මොකද බලන්න. යූරගෙ වොයිස් එක කොයි කරම් ප්‍රබලද කියනවනම් ඊට රුම්ස් දෙක තුනක් එහාට වෙන්න ඉදිය ටේහ්යුන්ටත් ඒ සද්දෙට ඇහැරුණා.

" හැල්මුනීට හාල් ගරන්න මෙන්න මේ හූණා මගේ මූනට පැනලා.... "

යුන්ගියි ජන්ග්කුක්තුයි යූරා ළඟට යද්දි දැක්කෙ බිම වැටිලා ඉන්න හූණු පැටියෙක්ව. එවෙලෙ තමයි තේරුණෙ යූරා කෑගහලා තියෙන්නෙ හූණට බය වෙලා කියලා.

ඒත් එක්කම වගේ ආපහු පාරක් ස්ටෝරූම් එකේ දොර දිහාවෙන් මොකක්හරි වැටෙන සද්දයක් ඇහෙන සද්දයක් ඇහෙද්දි තුන් දෙනාම එතනට යද්දි දැක්කෙ.........


හේ හේ.... මොනාද කියන්න බලන්න දැක්කෙ. අද ඔයාලගෙ ඕතර්ට පොඩි චූන් එකක් ඇවිත්. ඒකයි මේ ඩබල් අප්ඩේට් දෙන්නෙ. 😁😁

පුළුවන් වුණොත් අද දවස ඇතුළත කතාව ඉවර කරනවා. ( මන් දෙන පොරොන්දු = හෙලවෙන මනස ) බුහ්හාහා.... 😂💔

#කම්මැලි ඕතර් 💜🌟

Comment