Part 18 💙

ටේහ්යුන්ට ඊළඟට කෝල් එකක් ආවෙ එයාගෙ අම්මගෙන්. ඒත් බර්ත්ඩේ එකට විෂ් කරලා. ඊට පස්සෙ ටේහ්යුන්ගෙ රූම් එකට මල් පොකුරකුත් අරන් ආවෙ යූරා.

" හැපි බර්ත්ඩේ ටේහ්යුන්. "

" ඔයාටත් එහෙනම් මතක තිබුණා නේ."

" නැතුව ඉතින්. "

යූරා ටේහ්යුන්ට මල් පොකුර දීලා ටේහ්යුන්ව හග් කරේ එයාගෙ කොන්ද නොරිදෙන විදියට.

" කෝ තෑගි. "

" ඔය දුන්නෙ. "

ටේහ්යුන් යූරා දීපු මල් පොකුර දිහා බැලුවෙ තෑග්ග මේකද අහන්න වගේ.

" මේක කන්නවත් පුළුවන්ද අනේ. "

( සියල්ලට ප්‍රථම කෑම තමන්ගෙ ප්‍රථම රාජකාරිය කර ගත්තු සෙට් එක හූවක් කියා ගෙන යන්න ළමායි. 😌 )

" යා කිම් ටේහ්යුන්. නිකන් දෙන අස්සයගෙ දත් ගනින්නැතුව ඉන්නවා. මන් කලබලේට ඕකත් අරන් ආවෙ. අර ජන්ග්කුක්ව හම්බුනොත් කියන්න මගෙ ඇස් දෙකට පේන්නවත් එන්න එපා කියලා. ආවොත් මරනවා කියන්න. "

" ඒ මොකද අනේ ඒ. "

" ඊයෙ රෑ මාව ඇදන් ආවෙ මගෙ කාර් එක මහ පාරෙ හායි ගාලා ඇරලා දාලා නේ. අද උදේ යද්දි කාර් එක නෑ. බැලුවම වටේ පිටේ අය කෝල් කරලා පොලිසීයට කියලා අයිතිකාරයෙක් නැති වාහනයක් පාරෙ තියනවා කියලා. දැන් මේ පොලිසීයටත් ගිහින් ආවෙ. "

ටේහ්යුන් හිනාව නවත්තගන්න දැඩි උත්සාහයක. යූරා ජන්ග්කුක්ව මතක් කර කර හොඳටම බනිනවා.

" මන් යනවා. මට වැඩ තියනවා. "

යූරා ගියාට පස්සෙ ටේහ්යුන් ෆෝන් එක දිහා බලන් හිටියෙ සෙමීගෙන් කෝල් එකක්වත් එයිදෝ එයිදෝ කියලා. ඊයෙ ඉඳන් සෙමීගෙ ෆෝන් එක තාම ඕෆ්.












මේ අතරෙ ජන්ග්කුක් සෙමීව එක්කන් ගියේ එයාලගෙ ගෙදරට. සෙමීයි ජන්ග්කුක්තුයි කාර් එකෙන් බහිද්දි එදා ඉඳපු ආජුම්මම අදත් දොරකඩට වෙලා එයාලා දෙන්නව පිළිගන්න වගේ බලන් හිටියා. ජන්ග්කුක් සෙමීගෙ අතකිනුත් අල්ලන් ගේ ඇතුළට එක්ක යද්දි සාලෙ මැද්දෙ වීල් චෙයා එකට වෙලා හිටියෙ ජන්ග්කුක්ගෙ අම්මා. ඊට පිටිපස්සෙන් හිටියෙ මිස්ටර් චෝයි. ජන්ග්කුක් සෙමීව එයාගෙ අම්මා ළඟට එක්ක ගිහින් සෙමීගෙ අත අල්ල ගන්න කියලා අම්මට දෙද්දි සෙමී අම්මා ඉස්සරහින් දණ ගහ ගත්තා.

" අම්මා. "

සෙමීගෙ කටින් ඒ වචනෙ එළියට පනිද්දිම ජන්ග්කුක්ගෙ අම්මා සෙමීව තද කරලා බදා ගත්තා.

" අනේ මගෙ මැණික. අම්මට සමාවෙන්න පැටියෝ. ඔයාව හොයා ගන්න මේතරම් කාලයක් ගත්තට. "

අම්මා අඬ අඬම මොන මොනවදෝ  කියවනවා. ජන්ග්කුක්තුත් ගිහින් ඒ දෙන්නවම තමන්ට තුරුල් කරගත්තෙ දැන් තමන්ගෙ පවුල සම්පූර්ණයි කියලා හිතන ගමන්.

" පැටියෝ ඔයාට අපි දෙන්නව කොහොමවත් මතක නැද්ද. "

" සෙමී දුකින් වගේ ඔළුව වැනුවෙ නෑ කියන්න. "

" ඔයා දුක් වෙන්න එපා බබා. පස්සෙ ඔයාට මතක් වෙයි හරිද. "

අම්මා සෙමීගෙ ඔළුව අත ගාලා කියද්දි සෙමී හරි ලස්සනට හිනා වුණා.

" ජන්ග්කුකී මන් අද ඉඳන් මෙහෙද ඉන්නෙ. "

" ඔව්නෙ. "

" එතකොට ඔන්නියි යුන්ගිශියි. තව මගේ ටේහ්යුන්ශියි. "

" එයාලව ඉතින් අපිට මුණ ගැහෙන්න පුළුවන්නේ. අනික එයාලා ඔයාව බලන්න මෙහෙ ඒවි හැමදාම වුණත්. ආ ඒක නෙමේ. දැන් ටේහ්යුන්ශි කොහොමද මගේ ටේහ්යුන්ෂි වුණේ. "

ජන්ග්කුක් ඇහි බැමක් උස්සලා අහද්දි සෙමී ලාවට හිනා වෙලා එයාගෙ ඇගිලි අරන් ආවෙ තොල් වලට.

" ඉතින් ජන්ග්කුකීනෙ කිව්වෙ බෝයි කෙනෙක් ගර්ල් කෙනෙක්ව කක්ස්ස්ජ්...... "

එදා වගේම අදත් සෙමීට අම්මා ඉස්සරහා එතනින් එහාට මුකුත් කියන්න බැරි වුණේ ජන්ග්කුක් කෙල්ලගෙ කට අතින් වහන් හිටිය නිසා.

" ඇයි ඇයි මගෙ පැටියාගෙ කට වහන්නෙ ඔයා. "

අම්මා බොරු තරහක් මවාගෙන් අහද්දි සෙමීයි ජන්ග්කුක්තුයි දෙන්නම ඔළුව වැනුවෙ මුකුත් නෑ කියන්න.

" අම්මා මට සෙමීව ​පොඩි ගමනක් එක්ක යන්න තියනවා. මන් මෙයාව එක්කන් යනවා හොඳේ. "

" කොහෙද යන්නෙ. ඒකත් මේ ආපු ගමන්. "

" ඔයාට ආවම කියන්නම්කෝ. "

ජන්ග්කුක් සෙමීත් එක්ක යද්දි එයාට ආපු කෝල් එකටත් ආන්ස්වර් කරා.

" ආ ඔව් ජිමින්. මන් මේ එන ගමන්. "

" ජිමින් කියන්නෙ ටේහ්යුන්ෂිගෙ යාළුවා නේද. "

" ඔව් ඔව්. "

" එයා රට ගියානේ. එයා ඇවිත්ද. "

" ඔව්නෙ. "

" ඇයි ඒ. "

" මොකද අද ඔයාගෙ ටේහ්යුන්ෂිගෙ බර්ත්ඩේ එකනෙ. අපි යන්නෙ දැන් එයාව සප්‍රයිස් කරන්න. "

" අද එයාගෙ බර්ත්ඩේ එකද. නිකමටත් මට කිව්වෙ නෑනෙ අර ටේහ්යුන්ෂි. "

කෙල්ල මූණත් ඇඹුල් කරගනිද්දි දෙන්නත් එක්කම ගියේ හොස්පිට්ල් එකට.




හොස්පිට්ල් එකේ මෙච්චර වෙලාවක් කම්මැලිකමේ ඉදිය ටේහ්යුන් ඊයෙ වගේම අදත් රූම් එකෙන් එළියට ඇවිත් කොරිඩෝ එක දිගේ ඇවිදන් ගියේ යුන්ගිගෙ රූම් එකට සෙමී ගැන විස්තරයක් දැන ගන්න.

" පව් අනේ මගෙ කෙල්ල. බය වෙලා ඇත්තෙ. ඇයි ඉතින් කවදා හිටපු අයියලද නේ. මන් වගේ ඔය එක්කෙනෙක්ටවත් සෙමීව බලා ගන්න බෑ. මටනම් ජෙනී කියන නමට වඩා සෙමී කියන නම තමයි ලස්සන හූම්. "

කොන්දටත් අතකුත් ගහන් කුන්දු ගගහා යන ටේහ්යුන් දිහා හොස්පිට්ල් එකේ ඉදිය හැමෝම වගේ බැලුවෙ මොකද මේ පිස්සෙක් වගේ තනියම කතා කර කර යන්නෙ කියලා. ඊටත් වඩා ටේහ්යුන්ගෙ අවුල් වුණු කොණ්ඩෙත් එක්ක ටේහ්යුන්ව පෙනුනෙ අමුතුම ලස්සනකින්.

" ටේහ්යුන්ෂී.... "

" මගෙ වහු පැටියෝ.... "

එක පාරටම ඇහුණු සද්දෙ දිහාට හැරුණු ටේහ්යුන් දැක්කෙ දුර තියාම එයාගෙ දිහාවට දුවගෙන එන සෙමීවයි ජිමින්වයි.

" රට ඉඳපු මිනිහා මෙහෙ කොහෙද. "

ටේහ්යුන්ට තවත් වචනයක්වත් කියන්න වුන්නැත්තෙ ජිමිනුයි සෙමීයි පැනපු ගමන් ටේහ්යුන්ව බදා ගත්තු පාර තුන් දෙනාම බිම පත බෑවුණු නිසා.

" යා යා... අයින් වෙනවා ඔය කොල්ලෙගෙ ඇගෙන්. දැන් හරිනෙ. ආපහු පාරක් කොන්ද ඇන ගත්තනෙ. මන් කියලා ගියේ දඟලන්නැතුව ඉන්නවා කියලා. කොහෙද ඉතින් කඩිකුලප්පුවනේ. "

යුන්ගි බැන බැනම ඇවිත් ටේහ්යුන්ගෙ ඇඟ උඩින් ජිමින්වයි සෙමීවයි එහාට කරලා දැම්මා.

" අඩෝ සොරි බොක්ක. තමුසෙ කිව්වෙවත් නෑ කොන්ද කැඩුණා කියලා. කෝ බලන්න රිදෙනවද කියලා. "

" ටේහ්යුන්ෂි... ඔයාට ගොඩක් රිදෙනවද අනේ. "

ජිමිනුයි සෙමීයි ටේහ්යුන්ගෙ කොන්ද අල්ල අල්ල රිදෙනවද අහනවා.

" ඔය දෙන්නා මට අතක්වත් තියන්න එපා. ඇයි අනේ.... තිබ්බ කොන්දත් ආපහු කැඩුවා. "

ටේහ්යුන් අමාරුවෙන් කියද්දි යුන්ගි ගිහින් ටේහ්යුන්ව එයාගෙ ඇඟට වාරු කරගත්තෙ ඇත්තටම ටේහ්යුන්ට ටිකක් අමාරු නිසා.

සෙමී අඬන්න ඔන්න මෙන්න. ඇස් දෙක බෝල කරන්. ජන්ග්කුක්තුයි යූරායි ජිනුයි පැත්තකට වෙලා මේ නාඩගම දිහා බලන්.

" අපි මේ ඔයාව සප්‍රයිස් කරන්න හැදුවෙ මස්සිනා. "

ජන්ග්කුක් ටේහ්යුන් ළඟට ඇවිත් කියද්දි ටේහ්යුන් ජන්ග්කුක් දිහාවට දැම්මෙ දැන් සප්‍රයිස් කරානෙ වගේ බැල්මකින්.

" කෝ එන්න මගෙ වහු පැටියට මන් උම්ම එකක් දෙන්න. "

ජිමින් ටේහ්යුන්ගෙ කම්මුලට හාදුවක් දෙන්න යද්දි එයාට දැනුණෙ කවුරුහරි පිටිපස්සෙ එයාගෙ කොණ්ඩෙන් හයියෙන් ඇදලා ගන්නවා වගේ. පිටිපස්සෙ හිටපු සෙමී ජිමින්ගෙ කොන්ඩෙන් ඇදපු පාර ජිමින් අඩි දෙකක් විතර පස්සට වුණේ හයියෙන් කෑ ගහන ගමන්.

" ඔයාට එයාව කිස් කරන්න බෑ. එයා මගේ. ඔයාට තේරුණාද ජි_මි_න්_ෂී__ "

සෙමී කෑ ගහපු පාර මුළු හොස්පිට්ල් එකේම අවධානය ආවෙ එයාලා දිහාවට.  ජිමින්ගෙ කොණ්​ඩෙ අතෑරපු සෙමී දුවලා ගිහින් ටේහ්යුන්ගෙ තොල් වලට චූටි කිස් එකක් දුන්නා.

ටේහ්යුන් තාමත් කන්ෆියුස්. ටේහ්යුන් එයාව මේතරම් වෙලාවක් ඇඟට වාරු කරන් ඉදිය යුන්ගි දිහා බැලුවෙ මොකක්ද මේ වුණේ කියලා අහන්න වගේ. යුන්ගිත් ඔළුව වැනුවෙ මටත් මෙලෝ මගුලක් තේරුණේ නෑ කියන්න වගේ.

" ඇයි ඔයා එයාව කිස් කරේ. "

ජිමින් ඒක ඇහුවෙ එයාට ජෙලස් හිතිලා වගේ.

" ජන්ග්කුකී කිව්වෙ අපි වැඩිපුරම ආදරේ කරන අයව තමයි කිස් කරන්නෙ කියලා. "

එහෙම කියලා සෙමී ටේහ්යුන්ව තද කරලා බදා ගත්තා.

" එහෙනම් කොල්ලො අපි ගියා. හවසට ඩිස්චාජ් කරාම සෙමීත් එක්කගෙන නැන්දම්මා බලන්න එන්න ඕන එහෙමනම්. "

ජන්ග්කුක් ටේහ්යුන්ට ඔළුවට තට්ටුවක් දාලා යද්දි ටේහ්යුන් ජන්ග්කුක්ගෙ අතින් අල්ලලා නවත්තගත්තා.

" මේ ඔයා අර කිව්ව කෙල්ල කවුද. "

" මොන කෙල්ලද. "

" අර එදා පුටුවකට ප්‍රපෝස් කරේ. "

" අර යන්නෙ. "

ජන්ග්කුක් හිනා වෙවී අත දික් කරලා පෙන්නුවෙ වෝඩ් එකක් දිහාවට යන ගමන් ඉදිය යූරාව.

💜🌟💜🌟💜🌟💜🌟💜🌟💜🌟💜🌟

මගේ සීනි බෝල කතාව මෙතනින් ඉවරයි ළමායි. කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

එහෙනම් තවත් අලුත් කතාවක් එක්ක ළඟදීම හමුවෙමු.

#කම්මැලි ඕතර් 💜🌟

Comment