Part 3 💙

කෙල්ල කාර් එකෙන් එළියට බහිද්දි ටේහ්යුන් සෙමීට එයාගෙ පස්සෙන්ම එන්න කියලා කිව්වා. ලේඩීස් ඩ්‍රස් තියන තැනට ගියපු ටේ එතන හිටිය වැඩ කරන ගර්ල් කෙනෙක්ට කතා කරා.

" මෙයාට හරියන ඇඳුම් ටිකක් පෙන්නවද අපිට. "

" කාටද සර්. "

ටේ පිටිස්ස හැරිලා බලද්දි එතන සෙමී හිටියෙ නෑ.

" දෙයියනේ කෝ මේ කෙල්ල. "

ටේ වට පිට බැලුවත් සෙමී හිටියෙ නෑ. මෙච්චර ලොකු ෂොපින් සෙන්ටර් එකක සෙමීව කොහොම කියලනම් හොයන්නද. ටේ සෙමීගෙ නම කිය කියා කෑ ගහද්දි වටේ පිටේ අයත් හැරිලා බැලුවෙ මේ මොකද කියලා. ටේ හම්බෙන හැම කෙනෙක්ගෙන්ම වගේ ඇහුවේ හොස්පිටල් එකෙන් පේෂන්ට්ලට දෙන කිට් එකක් ඇඳන් හිටිය ගෑණු ළමයෙක් දැක්කද කියලා.

" සර් මොකක්හරි ප්‍රශ්නයක්ද. "

කඩේ වැඩ කරන බෝයි කෙනෙක් ටේ ළඟට ඇවිත් ඇහුවා.

" මාත් එක්ක ගෑණු ළමයෙක් ආවා. මට එයාව හොයා ගන්න බෑනේ. එයා පේෂන්ට් කෙනෙක්. අනේ ප්ලීස් උදව් කරන්නකො. "

" හරි සර් මාත් එක්ක එන්නකො. "

ඒ බෝයි ටේව එක්කන් ගියේ cctv රූම් එකට.

" සර් මෙතනින් මුළු ෂොපින් සෙන්ටර් එකම කවර් කරලා තියෙන්නෙ. මේ කැමර් වලින බලලා ඒ ගර්ල් ඉන්නවද කියලා හොයා ගන්න පුළුවන් වෙයි සර්."

ටේ ඒ කැමරා සේරම අස්සෙ සෙමීව හොයද්දි වාසනාවට කෙල්ල හම්බුණා. කෙල්ල හිටියෙ කිඩ්ස් ඩ්‍රස් තිබුණ සෙක්ෂන් එකේ. බෝයිටත් ස්තුති කරලා ටේහ්යුන් ගියේ සෙමී ඉන්න තැනට.

" මන් කොච්චර කිව්වද මගෙ පස්සෙන් එන්න කියලා. මොන එහෙකට පොඩි එවුන්ගෙ රෙදි තියන තැන් අස්සෙ රිංගනවද දන්නෑ. කරන්නම්කො හොඳ වැඩක්. "

ටේ බැන බැනම ගියේ කෙල්ල ළඟට ගියාම කෙල්ලට තවත් බනින්න හිතන්. ඒත් ටේහ්යුන් දැක්කා විතරයි සෙමී ටේහ්යුන්ගෙ අතත් ඇදන් දිව්වෙ පොඩි ගෑණු ළමයිගෙ ඇඳුම් වගයක් තියන තැනට.

" ටේහ්යුන්ෂි. අනේ මට මේ ගවුම අරන් දෙන්න පුළුවන්ද. "

කෙල්ල ඉල්ලුවෙ බොහොම බැගෑපත් විදියට. ටේ ඒ පුංචි ගවුම දිහා බලලා ආපහු සෙමී දිහා බැලුවෙ සෙමීව ඒ ගවුම අස්සට බස්සන්නෙ කොහොමද කියලා හිතන ගමන්.

" ඔයාට ඒවා අඳින්න බෑ. පේන්නැද්ද ඒවා පොඩි ළමයිගේ. අනික මන් කිව්වා නේද පස්සෙන් එන්න කියලා. "

" අනේ ටේහ්යුන්ෂී මට අරන් දෙන්නකො. "

සෙමී මිනිස්සු දාහක් දෙනා ඉස්සරහ ටේහ්යුන්ගේ අතේ එල්ලිලා මහ හයියෙන් අඬන්න ගත්තා.

" ඒයි අඬන්න එපා. මිනිස්සු වැරදියට හිතයි මන් ගැන. තේරෙන්නැද්ද ඒවා ඔයාට අඳින්න බෑ කියලා. "

" ඉතින් මාත් පොඩියිනේ. අරන් දෙන්නකො. "

" ඔයා පොඩි කොහෙද. ඔයා ලොකුයි ගොඩක්."

" අනේ ටේහ්යුන්ෂී.... "

මේ අතරෙ ටේට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන්. ඒ එයාලා ඇමරිකාවට ලෑන්ඩ් කරා කියලා කියන්න.

" ඒයි ජිමිනා තමුසෙලා මට මේ මොන කුණ්ඩවාලයක්ද හලෝ භාර දීලා ගියේ."

" ඇයි මොකෝ වුණේ. "

" මෙන්න මේ කෙල්ලට ඇඳුම් දෙක තුනක් අරන් දෙන්න ෂොප් එකකට අරන් ගියාම පොඩි එවුන්ගෙ රෙදි ඉල්ලලා අඬනවා මගේ අතේ එල්ලිලා. මිනිස්සුත් බලනවා. ඇහෙනවද උඹටත් සද්දෙ. "

" ඕයි මනුස්සයො. උඹ ඩොක්ටර් කෙනෙක් නේද. එයා කෝමා එකකින් නැගිටපු කෙනෙක්. ඒකත් අවුරුදු දහයකට පස්සෙ. එයා ශාරීරිකව අවුරුදු විස්සක තරුණ කෙල්ලෙක් වුණාට මානසිකව තාම එයා අවුරුදු දහයක පොඩි දරුවෙක්. "

ෆෝන් එක කට් කරපු ටේ ටික වෙලාවක් තාමත් අඬන සෙමී දිහා බලන් හිටියා. ටේහ්යුන්ට දැන් තමයි තේරුණේ කෙල්ල ඇයි මෙච්චර වෙලා එයත් එක්ක පොඩි එකෙක් වගේ හැසිරුණේ කියලා.

" කෝ කෝ හොඳ ළමයා වගේ අඬන්න එපා. අපි මේක අරගමු. "

කෙල්ල සුරුස් සුරුස් ගගා හොටු උඩට ඇද ඇද ඇඳන් හිටපු ෂර්ට් එකෙන් නාහෙ පිහිද ගනිද්ද ටේහ්යුන්ගේ මූණ ඇඹුල් වුණා. සෙමී ඒ ගවුමයි තව කෙල්ලට හරියන රෙදි ටිකකුයි ගත්තෙ කඩේ වැඩ කරන ගර්ල් කෙනෙක්ට කියලා. මොකෝ ටේහ්යුන් දන්නවයි කෙල්ලො අඳින රෙදි ගැන.

කාර් එකේ යන ගමන් ටේ බැලුවෙ අයිස්ක්‍රීම් එක රස කර කර කන සෙමී දිහා.

" මන් කොහොමද දැන් මෙයාට මේක පැහැදිලි කරන්නෙ. එයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි කියලා. "

සෙමී හැරෙද්දි දැක්කෙ එයා දිහා බලන් ඉන්න ටේව.

" ටේහ්යුන්ෂිටත් ඕනද ආ. "

කෙල වලින් නෑවිච්ච අයිස්ක්‍රීම් එක දික් කරද්දි කොල්ලා එපා කියලා ඔළුව වැනුනෙ ඕක කාලා ජලභීතිකාව හදා ගන්න තරම් අවදානමක් ගන්න බැරි නිසා.

" සෙමී ඔයා දන්නවද ඔයාගෙ වයස කීයද කියලා. "

" විස්සයි. "

කෙල්ල හිනා වෙවී කිව්වා.

" කොහොමද දන්නෙ. "

" ඩොක්ටර් ජින් කිව්වෙ. එයා කිව්වා මන් අවුරුදු දහයක් නිදා ගෙනලු හිටියෙ. දැන් මට වයස විස්සයි කිව්වා. දැන් මම පොඩි ළමයෙක් නෙමෙයි කිව්වා. ඒත් ටේහ්යුන්ෂි මම දැන් පොඩි ළමයෙක් නෙමෙයිද. ඒත් මම තාම පොඩියිනේ. "

" ආ කවුද කියන්නෙ ඔයා ලොකුයි කියලා. ඔයා තාම පොඩි ළමයෙක් තමා. හරිද. "

" ඔයා හොඳයි ටේහ්යුන්ෂි. "

කෙල්ල ආපහු වතාවක් ටේගෙන් කොණ්ඩෙන් අදිද්දි අයිස්ක්‍රීම් කද්දි ගෑවිච්ච අයිස්ක්‍රීම් සේරම ටේගෙ කොණ්ඩෙ.

" ඒයි අත අහකට ගන්නවා. මගේ ඔළුවට කූඹිත් වහයි. "

කෙල්ල පට ගාලා අත අරන් එයාගෙ ෂර්ට් එක උස්සලා කොල්ලගෙ කොණ්ඩෙ පිහිද්දි සෙමීගෙ සුදු පාට ලස්සන ඇඟෙන් භාගයක් විතරම ටේ දැක්කා.

" අනිත් දවසෙ ඔහොම කරන්න එපා හරිද. "

" කොහොමද ටේහ්යුන්ෂි. "

" කාටවත් ඔයාගෙ ඇඟ පෙන්නන්න එපා ඔහොම. "

කෙල්ල නොතේරුණු කමට කළත් ටේහ්යුන් කිව්ව දේ කෙල්ලට තේරුණේ අවුරුදු දහයක පොඩි ළමයෙක්ට වුණත් ඒක තේරෙන නිසා.

" බහින්න. "

ටේහ්යුන් එයාගෙ ගෙදර ඉස්සරහින් කාර් එක නවත්තලා කෙල්ලගෙ ඇඳුම් ටිකත් අරන් එද්දි සෙමීත් ඒ පස්සෙන් ආවෙ වට පිට බල බල. එක පාරටම සෙමී ටේගෙ බෙල්ල බඳන් ටේගෙ ඇඟට පැන්නෙ මහ හයියෙන් කෑ ගහන්.

" ටේහ්යුන්ෂි. අනේ බව්වා...... මන් බයයි.... "

ටේහ්යුන් ඒ වෙලාවෙ තමා දැක්කෙ එයාගෙ බල්ලා කෙල පෙරාගෙන නලාගිරි හස්තිරාජයා වගේ එයා දිහාට දුවන් එන හැටි. සුදු පාට ඒ බල්ලා හරිම කියුට් වුණත් සෙමී නම් හුඟක් බය වෙලා වගේ. බල්ලා ඇවිත් සෙමීව ඉව කරද්දි සෙමී තව තව හයියෙන් ටේගෙ බෙල්ලෙ එල්ලුණා.

" වයිට් යන්න මෙතනින්. "

ටේගෙ එක විධානෙකින් වයිට් නොහොත් ඒ බල්ලා යන්න ගියේ ටේට අවනත වෙලා.

" කෝ කෝ දැන් බහින්න. එයා ගියා. මන් ඔයාව එයාට පස්සෙ අදුරලා දෙන්නම්කො. දැන් යමු ගෙට. "

ටේහ්යුන් කෙල්ලව ගෙට එක්කන් ගිහින් එයාගෙ රූම් එකට අල්ලපු රූම් එක කෙල්ලට දුන්නා

" අද ඉඳන් මේක ඔයාගෙ. වොෂ් එකක් දාන් ඇඳුමක් ඇඳන් එන්න. මන් කෑම හදන්නම්. "

ටේත් වොෂ් එකක් දාන් වෙලාව බලද්දි දොලහයි කාලයි. රාමෙන් පැකට් දෙකක් අරන් ඒකත් හදලා කොල්ලා ගියේ සාලෙට සෙමී එනකම් කෑම කන්න.

ටේ අරන් දිපු ඇඳුම් වලින් ඕවර් සයිස් ටී එකකුයි පොඩි ෂෝට් එකකුයි ඇඳන් කෙල්ල කිචන් එක දිහාට ගියේ වතුර බොන්න. ෆ්‍රිජ් එක ඇරියත් වතුර බෝතලයක් හොයා ගන්න බැරි වුණ නිසා කෙල්ල වීදුරුවකුත් අරන් සින්ක් එක ළඟ​ට ගියේ වතුර බොන්න. කෙල්ල හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටැප් එක ඇරිය පාර මුළු ඇඟම තෙමිලා ගියේ වතුර ආපු පවර් එකට. කුස්සියෙන් ආපු සද්දෙ මොකක්ද බලන්න යද්දි ටේහ්යුන් දැක්කෙ හොඳටම තෙමිච්ච සෙමීව.

මුළු ටී එකම වතුරෙන් පෙඟිලා කෙල්ලගෙ ඇඟේ හැම අඟලක්ම සුදු පාට ටී එකෙන් විනිවිද පේනවා. පුංචි බූබ්ස් එළියට පේද්දි ටේ එක පාරටම අහක බලා ගත්තා.

" යා සෙමී.... තමුසෙ යටට මුකුත් ඇන්දෙ නැද්ද හලෝ. "

To be continued....

ළමයි මගේ කතාවට අලුත් කවර් එකක් හදලා දුන්නෙ JINius_MooN මෙන්න මේ නංගා. මන් කියලා දවසක් යන්න කලින්ම එයා මට ඒක හදලා දුන්නා. තෑන්ක් යූ සෝ මච් බඩී. ❤️😍

ඔයාලාත් එයාගෙ එකවුන්ට් එකට ගිහින් බලන්න. එයාගෙ කවර්ස් දැක්කම පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන තරමට ලස්සනයි. 😍😍

ඔය තියෙන්නෙ මට හදලා දීපු කවර් එක. 😁💓

Coma By Estar

Comment