Part 11 💙

ටේහ්යුන් දවස් හතරකින් හොස්පිට්ල් ඇවිත් නැති නිසා යුන්ගි ටේහ්යුන්ට කෝල් කළත් ෆෝන් එක ඕෆ්. යුන්ගි ජිමින්ට කෝල් කරලා ඇහුවත් ජිමින් කිව්වෙත් ටේහ්යුන් එයාට දවස් තුන හතරකින් කතා කරලා නෑ කියලා. මේ නිසාම යුන්ගි හොස්පිට්ල් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන අතරමගදි ගියේ ටේහ්යුන්ගෙ ගෙදරට. ඒ ගියත් මුළු ගෙදරම තිබ්බෙ අන්ධකාරෙ. කිසිම ලයිට් එකක්වත් දාලා නෑ.

" ආයිෂ් මේ මනුස්සයට මොකක් වෙලාද. ගඟකටවත් පැනලා දිව නහ ගත්තද දන්නෑ. කරන ළපටි වැඩ වල හැටියට එහෙම හිතුවත් අවුලක් නෑනෙ ඉතින්. "

යුන්ගි ආපහු ගෙදර යන්න හැදුවත් ගේ ඇතුළින් ඇහුණෙ ටේහ්යුන්ගෙ කෙළ බෝලෙ බුරන සද්දෙ. ඒ සද්දෙ ඇහුණු ගමන්ම දොර ගාවට ගියපු යුන්ගි මහ හයියෙන් දොරට තඩි බෑවෙ ටේහ්යුන්ගෙ නම කිය කිය.

" කිම් ටේහ්යුන්...... මේ දොර අරින්න..
මන් මේක කඩන්න කලින් අරිනවා. "

යුන්ගි කොයි තරම් සද්දෙන් කතා කළත් කෙල බෝලෙගෙ ගෙරවුම් හඬ ඇරෙන්න වෙන කිසිම සද්දයක ඇතුළින් ඇහුණෙ නෑ. දොර ගාවින් ටිකක් එහාට වෙලා යුන්ගි ගියේ දොරට එහා පැත්තෙ තිබුණු ජනේලෙ ළඟට. ෆෝන් එකේ ෆ්ලෑෂර් එකත් ගහන් ජනේලෙන් ඇතුළ බලපු යුන්ගි දැක්කෙ බිම දිගා වෙලා ඉන්න ටේහ්යුන්. යුන්ගි කලින්ටත් වඩා සද්දෙන් ටේහ්යුන්ගෙ නම කිව්වත් ටේහ්යුන් නිකමටවත් හෙලවුණේවත් නෑ. යුන්ගි බැරිම තැන දෙපාරක් තුන් පාරක් මහ හයියෙන් දොර හොලවලා හොලවලා අන්තිමේදි දොරත් කඩා ගෙනම ඇතුළට ගියා.

මුළු ගේම තිබුණෙ අඳුරෙ. යුන්ගි ලිවින් රූම් එකේ ලයිට්ස් ඔන් කරද්දි දැක්කෙ ලිවින් රූම් එකේ බිම පුරාම තියන බියර් කෑන් ගොඩ. හිස් බියර් කෑන් පනහකටත් වඩා එතන ගොඩ ගැහිලා තිබුණා. ටේහ්යුන්ගෙ කෙල බෝලෙ ටේහ්යුන් ළඟට වෙලා කෙඳිරි ගගා ඉන්නෙ එයාගෙ අයිතිකාරයා වෙනදා වගේ එයත් එක්ක කතා කරන්නැතිව බිම වැටිලා ඉන්න දුකට. ඉක්මනට ටේහ්යුන් ළඟ බිමින් දණ ගහ ගත්තු යුන්ගි ටේහ්යුන්ගෙ මූණට තට්ටු කළේ ටේහ්යුන් නිදි ඇති කියලා හිතන්.

" යා කිම් ටේහ්යුන්. නැගිටිනවා. "

එක පාරටම ලොකු කැස්සකුත් එක්ක ටේහ්යුන්ට ඇස් ඇරුණත් මොහොතක් යුන්ගි දිහා බලන් හිටිය ඒ ඇස් ආපහු ඉබේටම වගේ පියවුණා. යුන්ගිට ටේහ්යුන් ළඟින් ආව සැර ඇල්කොහොල් ගඳෙන් තේරුණේ ටේහ්යුන් එයාගෙ ඇගට ඔරොත්තු නොදෙන තරමට හොඳටම බීලා කියලා. වෙනදා යුන්ගි එක්ක කතා කරද්දි තරු වගේ දිලිසුණ ඒ ඇස් ටේහ්යුන් ඇස් ඇරුණු වෙලේ තිබුණෙ හරි මලානිකව. ඇස් යට හොඳටම කළු වෙලා. කොණ්ඩෙ අවුල් වෙලා තිබුණෙ හරියට ටේහ්යුන්ගෙ කොණ්ඩෙට සෙමී අඩත්තේට්ටම් කරලා වගේ. සුදු පාට කොට ෂෝට් එකකුයි සුදු පාට ෂර්ට් එකකුයි ඇඳන් ටේහ්යුන් පණ නැතුව බිම වැටිලා ඉද්දි යුන්ගිට දැනුණෙ ටේහ්යුන් ගැන දුකක්..... අනුකම්පාවක්....

" ඇයි තමුසෙ මෙච්චර බිව්වෙ. තමුසෙ දවස් හතරක් එක දිගට බිව්වද. තමුසෙ ඩොක්ටර් කෙනෙක් වුණේ හොර සහතික වලින්ද.... "

යුන්ගි ටේහ්යුන්ට ඇහේවි කියලා හිතලා බැන්නත් යුන්ගි හොඳටම දන්නවා එයා කියන කිසිම දෙයක් ටේහ්යුන්ට ඇහෙන්නෙ නෑ කියලා. ඒත් යුන්ගි වචන වලින් ඒ විදියට කිව්වත් එයාගෙ හිත එයාට කියන්නෙ වෙනම කතාවක්.

" ඔයා මෙච්චර බිව්වෙ මන් එදා කියපු දේවල් වලටද කොල්ලො. "

ඒ යුන්ගි ටේහ්යුන්ට ආදරෙන් කතා කළ පළවෙනි වතාව. කෙල බෝලෙව ටේහ්යුන්ගෙන් එහාට කරපු යුන්ගි ටේහ්යුන්ව එයාගෙ අත් දෙකෙන්ම උස්සන් ගියේ පහළ තිබුණු රූම් එකකට. ටේහ්යුන්ව ඇඳ උඩින් තියපු යුන්ගි කිචන් එකට ගියේ ටේහ්යුන්ගෙ මත් ගතිය බහින්න සුප් එකක් හදන්න. සුප් එකත් හදලා ඉවර වෙලා යුන්ගි ගියේ ටේහ්යුන්ව කොහොමහරි ඇහැරවන්න. කොයි තරම් ට්‍රයි කළත් ටේහ්යුන්ගෙ කටින් ආපු සිහින් කෙඳිරිල්ල ඇරෙන්න වෙන කිසිම සද්දයක් ආවෙ නෑ. ටේහ්යුන්ගෙ ඔළුවට අත තියද්දි තමයි යුන්ගිට තේරුණේ ටේහ්යුන්ට හොඳටම උණ ගැනිලා කියලා. නාඩි බලද්දි නාඩිත් හොඳටම දුර්වලයි. කිචන් එකේ තිබ්බ සුප් එකට බම්බු ගහන්න කියලා ආපහු ටේහ්යුන්ව උස්සගත්තු යුන්ගි ටේහ්යුන්ව එයාගෙ කාර් එකේ දාගෙන අරන් ගියේ හොස්පිට්ල් එකට.

ගෙදර යනවා කියලා ගියපු ඩොක්ටර් ආපහු එනවා දැක්කම හොස්පිට්ල් එකේ අනිත් අය පුදුම වෙලා බලන් ඉද්දි එයාලා තවත් පුදුම වුණේ යුන්ගි ටේහ්යුන්වත් උස්සන් එනවා දැක්කම. ස්ටාෆ් එකේ අය ඉක්මනට ඇඳක් තල්ලු කරන් ඇවිත් ටේහ්යුන්ව ට්‍රීට්මන්ට් කරන්න එක්කරන් යද්දි යුන්ගිත් ඒ පස්සෙන්ම ගියා.

" මෙයාට සේලයින් දෙන්න. මන් හිතන්නෙ දවස් දෙක තුනකින්ම කාලා නෑ. ඒකයි සිහිය නැත්තෙ. "

යුන්ගිගෙ උපදෙස් වලට අනුව නර්ස්ලා ටේහ්යුන්ට සේලයන් දෙද්දි යුන්ගි කෝල් කළේ සොංයිට.

" සොංයි මන් අද එන්න පරක්කු වෙයි. ඔයා මන් එනකන් ඉන්නැතුව සෙමී එක්ක නිදා ගන්න. "

" ඇයි පරක්කු වෙන්නෙ. "

" ඔයාට ආවම කියන්නම්. "

" හරි. ඒක නෙමෙයි යුන්ගි. මේ කෙල්ල අඬනවනේ ටේහ්යුන්ව අහලා. මන් කෝල් කළාට ටේගෙ ෆෝන් එක ඕෆ්. අනේ ඔයා එක පාරක් ඔය තරහා අමතක කරලා දාලා කෙල්ලව ටේහ්යුන් බලන්න හෙට හොස්පිටිල් එකට එක්ක යන්නකො. "

" හරි හරි මන් එයාව බලන්න එක්ක යනවා කියන්න. දැන් එයාටත් නිදා ගන්න කියන්න. "

පහුවදා උදේ යුන්ගි සෙමීව හොස්පිට්ල් එක්කන් එන කොටත් ටේහ්යුන් ඇහැරිලා තිබුණෙ නෑ. යුන්ගි සෙමීව ටේහ්යුන් ඉන්න රූම් එකට එක්ක යද්දි කෙල්ලගෙ මූණ අඬන්න ඔන්න මෙන්න වගේ.

" අනේ යුන්ගිෂි... මගේ ටේහ්යුන්ෂිට මොකද වුණේ... "

සෙමී අඬාගෙනම ටේහ්යුන් ඉදිය ඇඳ ළඟට දුවගෙන ගිහින් ටේහ්යුන්ව එහෙට මෙහෙට තල්ලු කර කර අවදි කරවනවා.

" ආයිෂ්... සෙමී සෙමී කෝ මෙහෙ එන්න. එයාට කරදර කරන්න එපා. එයාට සිහිය නෑ. ආවම එයත් එක්ක කතා කරන්න. "

" අනේ මගෙ ටේහ්යුන්ෂිට මොකක්ද වෙලා තියෙන්නෙ. එයා තාම මා එක්ක තරහා වෙලාද. "

" එහෙම නෑ ප්‍රින්සස්. එයා නිදිනෙ. බලන්නකො ඉතින් නේ.. "

" මගෙ ටේහ්යුන්ෂි ඔයා වගේ කොයි වෙලෙත් නිදියන්නෑ වැටුණු වැටුණු තැන. "

ඒකටනම් යුන්ගිට හික් ගෑවුණා.

" යකෝ මේකි.. "

කිව්වෙ නෑ ඉතිම්. අර අහිංසකීගෙ හිත රිදෙයි කියලා හිතුවා විතරයි.

" සෙමී මන් පොඩ්ඩක් එළියට යනවා. මන් එනකන් ටේහ්යුන්ෂි ළඟට වෙලා එයාව බලා ගන්න හොඳේ. "

" හරි... "

කෙල්ලට නිකන් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. යුන්ගිට යන මගදි තමයි හිතුණෙ නරියට කකුල් කොටුව බාර දීලා එයා කළේ වැරැද්දක්වත්ද කියලා. යුන්ගි ගිය ගමන්ම සෙමී මුලින්ම කළේ එයාගෙ මේකප් බොක්ස් එකෙන් පුංචි පනාවක් අරන් ටේහ්යුන්ගෙ කොන්ඩෙ පීරපු එක. කෙල්ල දැන් වෙන කෙල්ලො වගේ ලස්සනට හැඩට ඉන්න පුරුදු වෙලා නිසා යන යන තැන මේකප් සෙට් එකක් උස්සන් යනවා. සොංයී සෙමීට දැන් හුඟක් දේවල් උගන්නලා තියන නිසා සෙමී ළඟ තිබුණු සමහර ළමා ගති ටිකක් විතර අඩු වෙලා.

" හපූ.. ටේහ්යුන්ෂී.... ඔයාගෙ කොණ්ඩෙ කැත විතරක්.... ඔයාගෙ ගෙදර පනාවක්වත් නැද්ද අනේ. "

කෙල්ල තනියම කියව කියව කොණ්ඩෙ පීරනවා. විනාඩි පහකට විතර පස්සෙ ලස්සනට පීරපු කොණ්ඩෙ දිහා ටික වෙලාවක් විතර බලන් ඉඳලා පරණ පුරුද්දට ආපහු කොණ්ඩෙ අවුල් කරනවා.

" ටේහ්යුන්ෂි ඔයා මා එක්ක තරහද මන් එදා ශර්ට් එක උඩට ඉස්සුව නිසා. මන් එහෙම කරන්නෑ හොඳේ ආපහු. සොංයී ඔන්නිත් කිව්වා ආපහු එහෙම කරන්න එපා කියලා. මේ බලන්න මන් අද ඇඳන් ආපු එක. දිගම දිග කලිසමයි දිගම දිග ශර්ට් එකයි.... "

සෙමී ඇඳන් ඉන්න ෂර්ට් එකට ටේහ්යුන්වත් බස්සත හැකි. ඒ තරම් විසාලයි. පනාවත් පැත්තකින් තියලා කෙල්ල හිමින් තාලෙ නැග්ගෙ ටේහ්යුන්ගෙ ඇඳට. ඇඳට නැගලා ටේහ්යුන්ට එහා පැත්තෙන් කෙල්ලත් දිගෑරුණේ ටේහ්යුන්ගෙ මූණ දිහා බලාගෙනම. වෙනදා සෙමී නිදි අතරෙ ටේහ්යුන් සෙමීගෙ මූණ අධ්‍යනය කරා වගේ අද සෙමී ටේහ්යුන්ගෙ මූණ ගැන ලොකු අධ්‍යනයක.

" ටේහ්යුන්ෂිගෙ කම්මුලේ උපන්ලපයකුත් තියනවද.. මන් දැන්නෙ දැක්කෙ. ඇයි ඔයාගෙ තොල් රෝස පාට ඔච්චර. ඔයා මට හොරෙන් ලිප්ස්ටික් ගානවද. "

ටේහ්යුන්ගෙ මූණ පුරා අත යවන ගමන් අර අහිංසක කොල්ලට අතවරකම් කරනවද කොහෙද මේ කෙල්ල. ටේහ්යුන්ගෙ ඇස් පිහාටුත් හරියට සෙමීගෙ වගේ. නිදියන් ඉද්දි ඒ දිග ඇස් පිහාටු ඇවිත් මූණෙ වදිනවා. ටේහ්යුන්ගෙ මූණෙ රටා ඇඳ ඇඳ ඉදිය සෙමීව එකපාරට බදා ගත්තු ටේහ්යුන් කෙල්ලව තව තද කරලා එයා ළඟට කරගත්තා. සෙමී ගිරයට අහු වෙච්චි පුවක් ගෙඩිය වගේ... කෙල්ලට හුස්ම ගන්නත් අමාරුද මන්දා... ඒ තරමට බදාන. අහිංසක සෙමී දන්නෑනේ අපේ ටේහ්යුන්ට නිදා ගද්දි මොකක්හරි බදාගෙන නිදා ගන්න ඕන සිරිතක් තියනවා කියලා.


ටේහ්යුන්ගෙ තුරුළෙ ඉද්දි සෙමීටත් නින්ද ගියේ වෙනදා නොදැනුණු හරි ලස්සන උණුසුමක් එක්ක. ටේහ්යුන් ඇස් අරින්න හැදුවත් එයාට දැනුණෙ එයාගෙ ඇස් උඩ කවුරුහරි ගල් ගෙඩි දෙකක් තියලා වගේ. ඒ තරමටම ඇස් බරයි. ටික වෙලාවක් ඉඳලා හිමින් සීරුවෙ ඇස් අරිද්දි ඒ ඇස් වලට පිටත තිබුණු ආලෝකයට හුරු වෙන්න ටික වෙලාවක් ගියා. එයාගෙ ඇඟට දැනුණු බර ගතිය නිසා අනිත් පැත්ත හැරෙද්දි දැක්කෙ එයා තාමත් සෙමීව තුරුල් කරන් ඉන්නවා කියලා.

" බුදාම්මෝ...... "

සෙමීව දැක්කා විතරයි සෙමීවත් තල්ලු කරලා ටේහ්යුනුත් ඇඳෙන් පැන්න පාර සෙල්යින් කණුවත් පෙල්ලගෙනම ටේහ්යුන් ඇඳට එහා පැත්තෙ බිම. සෙමී අනිත් පැත්තෙ බිම.

" හැම්මූ මගේ කොන්ද. "

සෙමී කොන්දත් අත ගගා නැගිටිද්දි ටේහ්යුන් කොට්ටෙකුත් තුරුල් කරන් ඉදියෙ හරියට සෙමී එයාට කරදරයක් කරයි කියලා වගේ. කොටින්ම කිව්වොත් මීට ටිකකට කලින් ටේහ්යුන් සෙමී දිහා බලද්දි සෙමීගෙ මුළු මූණම තිබුණෙ කොණ්ඩෙන් වැහිලා. ටේහ්යුන් බය වෙලා ඇඳෙන් පැන්න පාර තාම කොට්ටෙත් බදන් බිම වාඩි වෙලා. මේ හැම දෙයක් දිහාම දොර ළඟට වෙලා බලන් ඉදියෙ යුන්ගි.

To be continued.....

අපේ නපුරු පූස් හැමදාම අදත් සෙමීගෙ ටේහ්යුන්ෂිට බනියිද. 😒

එතකොට සෙමීගෙ ජන්කුකී කොහෙද දන්නෑ නේ. 😋

කාලෙකින් දුන්නා ඔන්න. පුළුවන් තරම් ඉක්මනට කතාව ඉවර කරන්න බලන්නම්. හැබැයි ළමයි මගේ වචන සමානයි හෙලවෙන මනස 😂💔

සරන්හේ ❤️

Coma by Estar
2022/07/28

Comment