3 කොටස

මන් ගෙදර ආපු ගමන් කලේ වොෂ් දාන්නේවත් නැතුව ඇද උඩට ඇවිත් අද දවසේ උන දේවල් කල්පනා කරපු එක.අද මන් ගොඩ කාලයක් දකින්න බලාපොරොත්තුවෙන් හිටපු මගේ හොදම යාළුවව දැක්කා. ඔව් මන් ගොඩක් සතුටු උනා. එත් ඊලග මොහොතේ එයා මාව කිස් කරද්දී ඒ සතුට නැත්තටම නැතිවෙලා ගියා. එයා ඒම කලේ ඇයි කියලා මට‍ අහන්න ඕන උනත් එයා ඒ කිසි දෙයක් අහන්න නොදී ප්‍රශ්න ගොඩක් මගේ හිතේ ඉතුරු කරලා එතනින් යන්න ගියා.

"ටේ ටේ....."

හුරුපුරුදු කටහඩක් දොර ගාවින් ඇහෙද්දී මන් ගැස්සිලා ඒ පැත්ත බැලුවා. ඔව් ඒ මගේ කුකී හ්යුන්ග්.

"හ‍... හ්යුන්ග්."

කලබල උන පාර මට‍ ගොතත් ගැහුනා. හ්යුන්ග් එයාගේ බනී ස්මයිල් එක දාගෙනම මන් ලගින් ඇවිත් වාඩි උනා. ඔව් එයා මායි ජිමිනුයි අතර උන කිසි දෙයක් දන්නේ නෑ. එයාට අප්පගෙන් කෝල් එකක් ආපු නිසා එයා එවෙලේ බිසී වෙලා ඉදලා තියෙන්නේ.

"ටේ ටේ මොකක් හරි ප්‍රශ්නයක්ද මැණික."

එයා මගේ එක අතක් හරිම සොෆ්ට් විදියට පිරිමදන ගමන් ඇහුවා.

"ආ... අනී හ‍.. හ්යුන්ග්"

"ඒනම් ඇයි මැණික තාම චේන්ජ් කරගෙන නැත්තේ. ඔයාට අසනීපයක් ද පැටියෝ."

හ්යුන්ග් මගේ ඇග පුරාම හරි කලබලෙන් ඇස් යවන ගමන් ඇහුවා. ඒ කලබල වෙලා බලන ඇස්වලින් මන් දැක්කේ එක දෙයයි. ඔව් ඒ මට‍ තියන ආදරේ.

"අහ් හ්යුන්ග් මට‍ ටිකක් මහන්සි. මන් තව ටිකකින් චේන්ජ් කරන්නම්."

මන් එහෙම කියන ගමන් හ්යුන්ග්ගේ පපුවට තුරුළු උනා.මට‍ සමාවෙන්න හ්යුන්ග් අද වෙච්ච් දේට.මන් එහෙම හිතන ගමන් තව තවත් හ්යුන්ග්ට තුරුළු වෙලා මගේ ඇස් දෙකත් පියාගෙන ටික වෙලාවක් එහෙමම හිටියා.

"ටේ ටේ මැණික. දැන් ඇතිනේ ද තුරුළු වෙලා හිටියා?දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ම්ම්ම්. මන් කෑම ඕඩර් කරන්නම්."

හ්යුන්ග් මාව ඈත් කරලා ඔලුව අතගාලා එහෙම කිව්වා.

"හරි හ්යුන්ග් මන් ඉක්මනට එන්නම්."

මන් ටක්ගාලා වොෂ් එකක් දාගෙන පහලට යද්දී හ්යුන්ග් හිනා වේවි කෑම ටික මේසෙට ඇරලනවා.

"ටේ ටේ ඉක්මනට එන්න මට‍ ගොඩක් බඩගිනි අනේ."

කටත් ඇද කරන් ඒක කියපු විදිය. හරිම කියුට්.

"හා හා හ්යුන්ග්."

ඊටපස්සේ හ්යුන්ග්නුයි මායි හොදට කෑවා.කලා ඉවරවෙලා මන් ඩයිනින් ටේබල් එකේන් නැගිටලා යන්න හදනකොටම හ්යුන්ග් මාව නැවැත්තුවා.

"මැණික.ටිකක් ඔහොම ඉන්න"

"හ්යුන්ග්."

"මට‍ කියන්න දෙයක් තියනවා."

"කියන්න හ්යුන්ග්."

"ඕයා ඊලග සතියේ ඉදන් කම්පැනි එකට එන්න වැඩ කරන්න."

"අහ් එත්.... මේ හ්යුන්ග්."

"මොකද එත් මේත් ගාන්නේ. මන් දන්නවා දැන් ඔයා කියන්න හදන්නේ මොකද්ද කියලා."

"මොකද්ද?"

"හ්යුන්ග් මාව එකපාරම ඔයාගේ කම්පැනි එකට ගත්තම කම්පැනි එකේ අය එක ඒක ඒවා කියයි. ඒක හ්යුන්ග්ට හොද නෑ. මන් වෙන කම්පැනි එකක ජොබ් එකකට ඇප්ලයි කරන්නම්."

හ්යුන්ග් කට ඇද කර කර මාව ඉමිටේට් කලා.

"යා හ්යුන්ග්.... ඔයා මාව ඉමිටේට් කරන එක නවත්තන්නකො."

"හහ් හහ් හා.....ඇයි මන් බොරුද කිව්වේ?"

"අනී. එත් ඔයා ඒක කිව්ව විදිය හරිමකැතයි. මන් තරහයි."

මන් බොරු කේන්තියක් අරන් හ්යුන්ග් ට ගස්සලා රූම් එකට ගියා. හ්යුන්ග්නුත් හිනා වෙවීම මගේ පස්සෙන් අවා. හ්යුන්ග්ව පොඩ්ඩක් අවුස්සන්න ඕන නිසා මන් ඇදට ඇවිත් බොරුවට නිදිවගේ රගපෑවා.

"ටේ ටේ....."

"මැණික......"

"අය්ගෝ විහිළුවක් නේ කරේ."

"නැගිටින්නකෝ....."

හ්යුන්ග් මගේ කකුල් හොලව හොලව මට‍ කතා කලා. එත් මන් සද්ද නැතුව හිටියේ ඊළගට හ්යුන්ග් මොනාද කරන්නේ කියලා දැනගන්න.

"ටේ ටේ......"

එයා ආයෙම කතා කලා. එත් මන් සද්ද නොකර හිටිය නිසා එයත් ඇද උඩට නැග්ගා.ඊටපස්සේ එයා මගේ ටීෂර්ට් එක ටිකක් උඩට කරලා මගේ ඉන පිරිමදින්න ගත්තා......

"ම්ම්හ්..."

මන් කෙදිරි ගානකොට එයා තවත් සිනිදුවට මගේ ඉන පිරිමැද්දා.

"ම්ම්හ්හ්.. හ‍... හ්යුන්ග්.....නවත්තන්න.... මට‍ කිචි...."

"බැ යාලු වෙනකම් නවත්තන්න බැ."

එයා තාම එයාගේ වැඩේ නැවැත්තුවේ නැ.

"අය්ගෝ හ්යුන්ග් අහ්.... ම්හ්හ්.. යාලුයි."

"අන්න එහෙම එන්න."

හ්යුන්ග් එහෙම කියලා මගේ ඉන අතෑරියා. එත් මට‍ නම් දැන් ඊටවඩා දෙයක් ඕන.එයා අහකට ගත්ත අත මන් ආයේ මගේ ඉන උඩින් තිබ්බා.

"ටේ ටේ.....ඇයි මේ?"

එයා මාව එයාගේ පැත්තට හරවන ගමන් ඇහුවා.

"මාව ඔයාගේ කරගන්න."

"ඔයාට ෂුවර් ද ටේ ටේ?"

මන් මුකුත් නොකියම හ්යුන්ගේ ලිප්ස් වලට චුටි කිස් එකක් දුන්නා. මන් කිස් එකෙන් කිව්ව දේ තේරුම් ගත්ත හ්යුන්ග් මාව එයාගෙම කරගත්තා. එකෙන් පොඩි වේදනාවක් දැනුනත් ඊටවඩා ලොකු සතුටක් මට‍ දැනුනා.

********************************

Hi guys bye ladies.......

විබාගේ තව පැයකින්. එත් මන් ඔයාලව බලන්න අවා.

හෙට ලකුණු දෙනවා. ලකුණු අඩු උනොත් තව සතියක්වත් යනකම් අප්ඩේට් නැති වෙයි.

See yaaaa........

Love yaaaa......❤

Comment