16 කොටස

"මන් යනවා ටේ ටේ. ඔයාව පස්සේ එන්න. මන් ඩ්‍රයිවර්ව එවන්නම්."

"හුම්. හ්යුන්ග්. මතකනේ හවසට..."

"ඔව්. මන් හයට එන්නම් ඔයා ලෑස්ති වෙලා ඉන්න..."

"හුම්...බායි... සරන්ග්...හේ.."

මන් කියන්නත් කලින් එයා ගිහිනුත් ඉවරයි.හුම් අද පීහු බබාගේ උපන්දිනේ. අද හවසට එහෙ පාර්ටි එකට යන්න ඕන. කලින් දවසක හ්යුන්ග්ට ඒ ගැන මතක් කලත් එයාට අමතක වෙයි කියලා හිතුන නිසා මන් අද එයාට කලින් නැගිට්ලා එක මතක් කලා. හුම් දැන් මාත් ලෑස්ති වෙලා ඔෆිස් යන්න ඕන. මන් විනාඩි දහයකින් විතර ලෑස්ති වෙලා පහලට ගියේ බ්‍රේක්ෆස්ට් ගන්න. හැමදාම වගේ අදත් හ්යුන්ග් බ්‍රේක්ෆස්ට් හදලා. මාව මග අරින්න ඕන නම් ඇයි ඔයා මේ විදියට තාමත් මන් ගැන හිතන්නේ? මන් මගෙන්ම අහගත්තා...

ට්‍රින්... ට්‍රින්......

කව්ද මේ වෙලේ...? ජිමින් වෙන්නැති... මන් දොර ගාවට දුවන් ගියා.හම්මෝ මහන්සියි.කොහොමත් මේ ගෙදර මේඩ්ලා නැනේ. ඉස්සර නම් හිටියා එත් අපේ නිදහසට බදා වෙන නිසා හ්යුන්ග් ඒ ඔක්කොමලව ගිය අව්රුද්දෙ ගෙදර ඇරියා. දොර අරිනකොට එතන හිටියේ ජිමින් තමා.

"ගුඩ් මෝනින් ටේ...."

ජිමින් ඇස් දෙකත් හිනි කරලා එයාගේ සුපුරුදු හිනාව දාන ගමන් කිව්වා.

"ගුඩ් මෝනින් ජිමිනා.. එන්න ඇතුලට..."

"අය්ගෝ ටේ දැන් ඇතුලට එන්න බැ. මන් ආවේ ඔයාව ඔෆිස් එකට එක්කන් යන්න...."

"අහ්.. හ්යුන්ග් ඩ්‍රයිවර්ව එවනවා කිව්වනේ?"

"ඔව් ඔව් මන් එයාව එවන්න එපා කිව්වා."

"හුම්..."

"දැන්වත් යමුද කච කචේ..."

"යනවා යන්න පබෝ... අවා මෙතන..."

මන් රවල අහක බලාගත්තා.

"අය්ගෝ ටේ තරහද අප්පා කෝ අනේ...."

"යනවා යන්න...."

"හැබැයි ආවේ නැත්නම් මන් කිස් එකක් දෙනවා...."

අපොයි..... මට‍ එපා....

"යා පබෝ.. ඉන්නවා මන් මගේ වොලට් එක අරන් එන්නම්."

"හා හා ඕකේ.."

ඊටපස්සේ ජිමින් මාව ඔෆිස් එක ලගින් දාලා ගියා.මම ඔෆිස් එකට ගිහන් සුපුරුදු පරිදි මගේ වැඩ ටික කරගෙන යනකොට මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. මේ වෙලාවට කෝල් ගන්නේ එකම කෙනයි. වෙන කව්ද ඉතින් ජිමින් තමා.

"ජිමිනා...."

"ටේ හෙල්ප් මි..."

"මේ මොකෝ කව්රුහරි අතවර කරන්න එනවා වගේ කෑ ගහන්නේ."

"අය්ශ් ෆක්.... ඒම මගුලක් නෙවේ. මට‍ උදව් කරනවා පීහුට ගිෆ්ට් එකක් තෝරන්න...."

අහ් ගිෆ්ට්... ඕ ගෝඩ් අයි ෆොගේට් ඉට්.....

"අහ් ජිමිනා තැනක්ස් අ ලොට් එක මතක් කලාට...."

"අය්ශ් කියනවකො මොනාද ගන්නේ මන් මේ මිලානෝ මෝල් එක ඇතුලේ ඉන්නේ... මෙතන කොච්චර දේවල් තියනවද...? අහර්.."

"අහ් ජිමිනා බොරුවට කෑ ගහන්න එපා. මෙහෙම කරමු, ඔයා දැන් ඔතනින් යන්න.මන් අද තුනට ඔෆ් වෙනවා නේ. ඊටපස්සේ අපි දෙන්නත් එකක්ම යන් හරිද....? "

"ඕකේ ටේ... තැන්ක් යු.. බායි.."

"ඕකේ බායි බායි ජිමිනා.."

කෝල් එක කට් කරලා අයෙම මන් මගේ වැඩ කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට මට‍ මතක් උනේ හ්යුන්ග්ව. එයා ගිෆ්ට් එකක් ගත්තද දන්නේ නැ. කෝල් එකක් දීලා අහනවද? නැ එක්කෝ කැබින් එකට ගිහිල්ලා අහනවා.

ටක් ටක්...

මන් හ්යුන්ගේ කැබින් එක ලගට ගිහින් දොරට තට්ටු කරලා බලන් හිටියා. අහ් ඇයි අනේ මුකුත් කියන්නේ නැත්තේ? මන් අයෙම තට්ටු කරන්න යනකොට දොර බාගෙට ඇරුනා..

"හ... හ්යුන්ග්..."

එයාට මාව ඇහුනේ නැ. එයා හිටියේ කව්ච් එකේ ඉදන් හිටපු කරීනාගේ උකුල උඩ ඔලුව තියාගෙන. හ්යුන්ග්ට මොකක් හරි අසනීපයක් ද?

"කරීනා..."

"ජන්කුක්..."

"තැනක් යු ඔයා මේ කරන හැමදේටම....."

"සුළු දෙයක් ජන්කුකා..."

මට තව දුරටත් එතන ඉන්න ඕන උනේ නැ මන් ටක් ගලා දුවලා ආවේ මගේ කැබින් එකට. මන් ආපු ගමන් කලේ මගේ මේසෙට ඔලුව තියාගෙන කෑ ගහලා අඩපු එක. අහ් මගේ ඔලුව පැලෙන්න වගේ... මට‍ බැ... හ්යුන්ග් ඔයා මොකද්ද මේ කරන්නේ...? නැ මගේ හ්යුන්ග් එහෙම නැ... මෙතන මොකක් හරි වෙන දෙයක් තියනවා... අහර්.. මන් පැය බාගයක් විතර ඇඩුවා. ඊටපස්සේ රෙස්ට් රූම් එකට ගිහින් මුණ සෝදාගෙන මන් ආයේ කැබින් එකට ඇවිත් හ්යුන්ග්ට ටෙක්ස්ට් එකක් දැම්මා.

"හ්යුන්ග් පීහු බබාට ගිෆ්ට් එකක් ගත්තද?"

"ඔව් ටේ ටේ මන් ඊයේ ගත්තා..."

"ඕකේ හ්යුන්ග්.."

මගේ මුණට පොඩි හිනාවක් ආවේ එයා පීහුට ගිෆ්ට් එකක් ගත්තා කිව්ව නිසා. දෙකයි හතලිස් පහ වෙද්දී මගේ වැඩ ඉවර කරලා මන් ඔෆිස් එකෙන් ඔෆ් වෙලා පහලට අවා. මන් එනකොට ජිමිනුත් ඇවිත් හිටියා. වැඩි කතාවක් නැතුවම අපි මිලානෝ මෝල් එකට අවා.

"ටේ මේ මේක හොදයිද?"

"යා පබෝ... ඔහෙගේ ඔලුව කොහෙහරි වැදුනද? ලෙගෝ ටොයිස් දෙන්න හදන්නේ..?"

ජිමින් කොට බව දන්නවා උනාට ජිමින්ගේ මොළෙත් ඒ තරම් කොටයි කියලා දැනගත්තේ අද.

"ඇයි මොකද්ද වරද..?"

"අනේ අම්මෝ මේක නම්. පීහු ඕවා එක්ක සෙල්ලම් කරන්න පොඩි වැඩි. අර දෙන්නා කොහෙහරි ගිය වෙලාවක ඔය චුටි ප්ලාස්ටික් කැල්ලක් කටේ දාගත්තොත් එහෙම..."

"හප්පා ඒක මතක් උනේ නැ. හී...."

ජිමින් ඔලුව කස කස කිව්වා.

"හරි හරි අපි බබාට සොෆ්ට් ටොයිස් ගමු. තව ලස්සන ගවුම් ටිකක්..
 ම්ම්ම්.. අපි ජුවලරි ෂොප් එකටත් යන්..."

ජිමින්ටවත් උස්සන් යන්න බැරි යෝධ ටෙඩියෙකුයි පාට පාට ලස්සන ෆ්රෝක් ටිකකුයි අරන් අපි ගියේ මෝල් එකේ ජුවලරි ෂොප් එකට...

"සර් ලා මොනාද බැලුවේ?"

ඇසිස්ටන් ගර්ල් කෙනෙක් ඇවිත් අපෙන් ඇහුවා.

"අහ් මේ චුටි බබෙක්ට දෙන්න ගිෆ්ට් එකක්."

"ආ සර් මේ පැත්තෙන් එන්න."

"හරි..."

ඒ ගර්ල් අපිව එක්කන් ගියේ ලස්සන ජුවලරි තියන තැනකට....

"ටේ මේ මේක බලන්නකෝ.."

ජිමින් මට‍ පෙන්නුවේ ෂෝකෙස් එකක් අස්සේ තිබ්බ බ්‍රේස්ලට් එකක්. එක ලස්සනයි හැබැයි.... ඒක පීහුගේ අතට වඩා ගොඩක් ලොකුයි...

"හය්යෝ ඕක කොමද අනේ ඒ පොඩි ළමයගේ අතට දාන්නේ?... ඕක ලොකු වැඩි.."

"අහ් ඒමද හා හා..."

"ජිමිනි මේ මේක බලන්නකෝ..."

මන් එයාට පෙන්නුවේ ලස්සන පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්. එකේ ඇත්තටම හිටියේ බනී කෙනෙක්...

"වාහ් ඒක ලස්සනයි. ඔයා ඒක ගන්නවද?"

"ඔව්."

"අහ් දැන් මාත් බලන්නම් වෙන මොනහරි.."

මන් ඒ මාලේ අරගෙන පැයක් විතර ජිමින් මොනහරි තොරන්කම් හිටියා. ෂොප් එකම පීරලා පීරලා අන්තිමට එයා ලස්සන ඉයරින්ග්ස් දෙකක් ගත්තා.. ඊටපස්සේ ජිමින් මාව දාලා එයාගේ ගෙදර ගියා. මන් ගෙදර ගිහින් වොෂ් දාලා ලෑස්ති වෙනකොට වෙලාවට පහයි තිස්‌ පහයි. මන් පහලට ඇවිත් සෝෆා එකේ වාඩි වෙලා ඉන්නකොට හ්යුන්ග්නුත් අවා.

"ටේ ටේ....."

"හ්යුන්ග්..."

"ඔයා ලෑස්ති ද?"

"ඔව් හ්යුන්ග් ඔයා වොෂ් දාලා ලෑස්ති වෙලා එන්න."

"ඕකේ..."

හ්යුන්ග් වොෂ් දාලා ලෑස්ති වෙලා අවා එයා අදත් අත් දිගට ඇදලා....

"යමුද ටේ ටේ..."

එයා අහිංසක විදියට හිනා වෙලා ඇහුවා. කොච්චර කාලෙකට පස්සෙද හ්යුන්ග්...

"යමු... හ... හ්යුන්ග්.. මොකද උනේ අනේ ඔයාට සනීප නැද්ද?"

හ්යුන්ග් ඉස්සරහට අඩියක් තියනවත් එක්කම ඔලුව බදන් බිම වාඩි උනා.

"අහ් අනියා මන්... මන් දවල්ට කෑ... කෑවේ නැ.. එකයි මේ....."

"යා හ්යුන්ග්... කන්නේ නැතුව මොනාද කලේ? ඉන්නකෝ මන් අර කරිනව අල්ලගන්න...."

"අහ් අනියා... එයා බලෙන්ම කන්න කියද්දී මන් තමා එපා කිව්වේ.."

"හුම්.."

"හරි යන්න කලින් මොනහරි කමු...."

"ම්ම්ම්.."

මන් හ්යුන්ග්ට කන්න රාමෙන් එකක් හදලා දුන්නා. එයා ඒක කලා ඉවර උනාට පස්සේ අපි ගෙදරින් පිටත් උනා. මන් තමා අද ඩ්‍රයිව් කලේ...

"කුකී හ්යුන්ග් ගොඩ කාලෙකින්..."

අපි එනකොටම හොබී අපිව පිළිගත්තා. ඇත්තටම මේක නිකන් ෆැමිලි පාර්ටි එකක් වගේ හරිම පොඩ්ඩ දෙනයි ඇවිල්ලා හිටියේ...
ඒක ඇත්තටම හොදයි. හිතට නිදහසයි.

"කෝ මගේ පොඩි කෙල්ල..."

"පොඩි කෙල්ල ලොකු කෙල්ල එක්ක වලි කේක් එකට අත තියන්න දෙන්නේ නැ කියලා..."

"හප්පා ඒනම් ලෝක යුද්ද තමා... යන්කෝ බලන්න..."

මන් හ්යුන්ග්වත් ඇදගෙන බබාව බලන්න ගියා අපි එතනට යනකොට චන්ඩි කෙල්ල හිජින්ගේ කොන්ඩේ අල්ලගෙන. හිජිනුත් පොඩි එකා වගේ බෙරිහන් දෙනවා...

"අය්ගෝ මොකද මේ?"

ඒම කියාගෙන එතනට ආවේ ජිමින්.එයා ආපු ගමන් පීහු.....

"කොත.... සම්තොන්...."

කියලා කෑ ගහලා හිනා උනා. පව් අසරණ ජිමින්. පොඩි ළමයිනුත් එයාව විහිලුවට අරන්.

"ඔව් ඔව් කොත සම්තොන් අවා දැන්වත් අපි කේක් කපමු නේ...."

ජිමින් මොනහරි කියන්න කලින්ම හොබී මැද්දෙන් පැනලා ඇඩ් එකක් දැම්මා.

"හා හා ඒනම් කට්ටිය යමු..."

පීහුව කේක් එක තියන ටේබල් එකඋඩ ඉන්දවලා අපි හැමෝම එයා වටේට හිටගෙන බර්ත්ඩේ සෝන්ග් එක කිව්වා. එයා එයාගේ චුටි කටින් පිබලා ඉටිපන්දම් ටික නිව්වට පස්සේ එයාගේ චුටි ඇගිලිවලින් අය්සින් එක්ක සෙල්ලම් කලා. වැඩිපුරම අය්සින් ගෑවේ එයාගේ ආදරණිය ටෙඩි සම්චෝන් ගේ මුණේ.. ඒ කියන්නේ මගේ මුණේ.. කේක් නාලා ඉවර උන ගමන් ජිමින් හවස ගත්ත පත ටෙඩියව උස්සන් අවා. එයා ගත්ත ඔක්කොම ගිෆ්ට් ටික දුන්නට පස්සේ මාත් පීහුට ගත්ත අනිත් ගිෆ්ට් ටික දීලා මාලේ මගේ ළග තියාගත්තේ ඒක අන්තිමට දෙනවා කියලා හිතාගෙන.මායි ජිමිනුයි තෑගි දුන්නට පස්සේ අපි දෙන්නම හැරුනේ හ්යුන්ග් දිහාවට... එයා අපි එක්ක හිනා වෙලා එයාගේ ජැකෙට් එක අස්සෙන් ගත්තේ පොඩි පෙට්ටියක්. එකත් අරගෙන එයා හැරුනේ හොබීගේ අතේ ඉන්න පීහු දිහාවට....

"කෝ පැටියෝ ඔයාගේ බෙල්ල දික් කරන්නකෝ..."

වාහ් හ්යුන්ග් ගෙනල්ලා තිබ්බෙත් මාලයක් එකේ පෙන්ඩන්ට් එකේ පි අකුරයි ජේ අකුරයි ගහලා තිබ්බා. හ්යුන්ග් එයාගේ බනී හිනාව දාලා ඒක කෙල්ලගේ කරට දැම්මා.එක දාපු ගමන් කෙල්ල හ්යුන්ග් දිහා බලලා හිනා උනා..

"හී... හී..."

ඒ හිනාව හ‍රි ලස්සනයි. හ්යුන්ග් එයාගේ මාලේ දාලා ඉවර උන ගමන් මාත් මන් ගෙනාපු මාලේ අරන් පීහු ලගට ගියා. ඒ බෙල්ලට මාල දෙක දාන්න බැරි නිසා මන් මාලේ හීජින්ට දීලා එකේ තිබ්බ පෙන්ඩන්ට් එක අරන් අර මාලෙටම දැම්මා. අ ගිෆ්ට් ෆ්‍රොම් ටේකුක්..

"හිජීනා.."

"කුකී ඔප්පා..."

"ඉල්ලීමක් කරන්නද?"

"කරන්න ඔප්පා..."

"මේ මාලේ පීහුගේ කරෙන් කවදත් ගලවන්න එපා. ඒක හැමදාම එයාගේ කරේ තියන්න. එයාගේ බනී සම්චෝන්ව මතක්‌ වෙන්න..."

හ්යුන්ග් අඩනවා. ඇයි ඒ? ඒ ඇස්වල මන් දැක්කේ ලොකු අසරණ කමක්....

"හ.. හ්යුන්ග්..."

"ටේ ටේ මන් ජිමින් එක්ක අර පැත්තට ගිහින් එන්නම්."

හ්යුන්ග් මාව මග අරින්න ඕන නිසා ජිමින්වත් එක්කන් බාර් එකට ගියා.ඇයි හ්යුන්ග්? මන් හිතුවේ අදවත්... එත් නැ අදත් එයා හොදටම බීලා... නැගිටගන්න බැරි තරමටම...

"ටේ මන් එන්නම් ඔයාලව ඇරලවන්න. ඔයා හ්යුන්ග්ව අරන් එන්න හොබී එක්ක මන් කාර් එක අරන් එන්නම්."

"හරි ජිමිනා."

ඒම කියලා මන් හොබී එක්කම හ්යුන්ග්ව වත්තම් කරන් කාර් එක ගාවට අවා. හොබිට සමු දීලා මන් ජිමින් එක්ක හ්යුන්ග්ව ගෙදරට අරන් අවා. වෙලාව දොළහත් පහු වෙලා. අද ජිමින්ව මෙහෙම තියාගත්තා නම් හරි. එයාට ගොඩක් මහන්සි පාටයි.

"ජිමිනා මන් හ්යුන්ග්ව රූම් එකට දාලා එන්නම්. ඔයත් අද මෙහෙම නවතින්න..."

"ටේ ඔයාට තනියම පුලුවන්ද? කාමරේ තියෙන්නේ උඩ නේ..."

"අය්ගෝ මට‍ පුලුවන් ඔයා ටිකක් රෙස්ට් කරන්න..."

"හුම්.."

මන් හ්යුන්ග්ව වත්තම් කරන් උඩට අරන් ගියා.

"ටේ ටේ... මි.. යනේ..."

"ටේ ටේ මා..ව අ.. තාරින්න... මට‍ තනියෙන් යන්න පුලුවන්..."

"ටේ ටේ මාව අතාරිනවා...."

හ්යුන්ග් දගල දගල මගෙන් ඈත් වෙන්න හැදුවා එත් මන් එයා කියන ඒවා ගණන් නොගෙන එයාව අපේ කාමරේට එක්කන් ගියා.එයාව ඇද උඩින් හාන්සි කරපු ගමන් අයෙමත් එයා කෑ ගහන්න පටන් ගත්තා.

"ටේ ටේ ඇති... මාව අතාරිනවා..."

"හ්යුන්ග් ඔයාගේ ශුස් ගලවන්න ඕ..."

මන් කියලා ඉවර වෙන්න කලින්ම හ්යුන්ග්  මාවත් ඇද උඩට පෙරළන් මගේ ඇග උඩට නැග්ගා.ඒ ඇස් කෝපයෙන් වියරු වැටිලා. ඒ ඔක්කොම එයා මත් වෙලා ඉන්න නිසා කියලා මන් හොදටම දන්නවා.

"උබට දෙයක් කරන්න එපා කිව්වම අහන්න බැරිද අහ්..? "

එයා දත් මිටි කාගෙන කෑ ගැහුවා.

"හ්යුන්ග්.. මන්... මන්..."

"උබ මොකද්ද අහ්?"

"හ්යුන්ග්... ම්ම්ම්හ්හ්..."

මන් කට අරින්න හදද්දිම හ්යුන්ග් මගේ තොල්වලට බර වෙලා ගොඩක් රළු විදියට සිප ගන්න පටන් ගත්තා...

"ම්ම්හ්හ්..."

අහ් මගේ තොල්වලින් හොදටම ලේ එනවා. එත් හ්යුන්ග් නම් එයාගේ වැඩේ කීයටවත් නැවැත්තුවේ නැ.

"ම්හ්හ්... ම්ම්හ්හ්..ආව්..."

අහ් මට ගොඩක් රිදෙනවා. මගේ ඇස්වලින් නොනවත්වාම කදුලු ගලන් යනවා...

"ම්හ්හ්.."

"කැහක් කැහක්... අහ්..."

ටික වෙලාවක් යද්දී හ්යුන්ග්ට කැස්සක් ආපු නිසා එයා නැගිටලා බාත්රුම් එක පැත්තට දිව්වා.ඇයි හ්යුන්ග් කහින්නේ..?

"හ්යුන්ග්... ප්‍රශ්නයක් නැ නේද මේ දොර අරින්න...."

හ්යුන්ග් නොනවත්වම කහින සද්දේ බාත්රුම් එකෙන් ඇහෙද්දී මට‍ පුලුවන් උනේ දොරට ගගහා එයා හොදින්ද කියලා අහන්න විතරයි.... ටික වෙලාවක් යද්දී හ්යුන්ග් කහින සද්දේ නැවතිලා බාත්රුම් එකේ දොර ඇරුනා.

"මැණික ඔයාට මොකද උනේ.."

මන් එයාගේ මුළු මුණම මගේ අත් අතරට අරගන්න ගමන් ඇහුවා.

"යනවා අහකට. මාව අල්ලන්න එන්න එපා.."

එයා මගේ අත් දෙක එයාගේ මුණෙන් අයින් කරන ගමන් කිව්වා.

"හ්යුන්ග්... එත්..."

මන් අයෙම එයාගේ අත අල්ලගනිද්දී එයා මගේ අත ගසලා දාලා මාව අහකට තල්ලු කලා.

"යනවා...."

"හ... හ්යුන්ග් මොකද්ද ප්‍රශ්නේ...?"

මන් අඩ අඩම ඇහුවා.

"මන් කියන දේ තේරෙන්නේ නැද්ද අහ්..."

චරාස්....

හ්යුන්ග් එකපාරටම ළග තිබ්බ බඩු මුට්ටු ඔක්කොම බිම වට්ටලා කුඩු කරා.

"හ... හ්යුන්ග්... ඔයාට තුවාල වෙයි. ප්ලීස් මැණික ඕක නවත්තන්න..."

"එහෙම වෙන්න ඕන නැත්නම් යනවා.."

"එත් මන් ඔයාට පොරොන්දු උනා...."

මට‍ මතක් උනේ මිට ගොඩ කාලෙකට කලින් උණු පොරොන්දුව...

Flashback...
"ටේ ටේ....මැණික..."

"හ්යුන්ග් ආව් මට‍ රිදෙනවා...."

හ්යුන්ග් මාව බැක් හග් කරලා මගේ බෙල්ලේ මුල යන්තම් හපන්න ගත්තා.

"රිදෙන්නනේ මැණික හපන්නේ..."

"ආව්... ම්හ්...අතරින්නකෝ...."

"බැහැ මගේ ණය ගෙවනකම් අතාරින්නෙ නැ..."

"අහ්... කොහොමද මන් ණය ගෙවන්න ඕනේ.... ම්හ්..."

"මාව කසාද බදින්න. ජිවිත කාලෙටම මගෙත් එක්කම ඉන්න ඕන.මාව දාලා යන්න එපා කවදාවත්ම..."

"යා හ්යුන්ග් ඔයා නම්... මාර ණය ගෙවිල්ලක් නේ ඒක..."

"ඒම තමයි ටේ ටේ....කියන්න කවදාවත් මාව දාලා යන්නේ නැනේද? ම්ම්..."

හ්යුන්ග් මාව එයාගේ පැත්තට හරවගෙන මගේ ඇස් දිහා බලාගෙනම ඇහුවා.

"අනි හ්යුන්ග්. මන් කවදාවත් ඔයාව දාලා යන්නේ නැ.මැරෙනකම්ම ඔයා එක්කම ඉන්නවා. ඔයා මාව ගහලා පැන්නුවත් යන්නේ නැ."

"පොරොන්දු වෙනවද ම්ම්ම්..."

"පොරොන්දු වෙනවා..."

"සරන්ග්හේ ටේ ටේ...."

"සරන්ග්හේ හ්යුන්ග්...."

Flashback end.....

"පොරෝන්දු තියෙන්නේ කඩන්න ටේ ටේ..."

හ්යුන්ග් මගේ දිහා බලලා කිව්වා.

"නැ පොරොන්දු තියෙන්නේ රකින්න..."

මන් ඒම කියලා ආයේ හ්යුන්ග් ගාවට යනකොට එයා ලගම තිබ්බ ටේබල් ලැම්ප් එක කුඩු කරලා අතට ගත්තා.එයාගේ අතින් හොදටම ලේ එනවා. මන් කොහොමද රත්තරනේ ඔයා ඔයාටම ඔහොම කරගන්නවා බලන් ඉන්නේ. ඕකෙන් මගේ පපුව හිල් වෙන්න ඇන්නත් මට‍ මේ තරම් වේදනාවක් දැනෙන එකක් නැ......

"ටේ...."

ජිමින් ග්ලාස් එක බින්ද සද්දේ ඇහිලා ජිමින් කාමරේට දුවන් අවා.

"ජි.... ජිමිනා හ... හ්යුන්ග් අනේ... චේබල් එයාට කියන්න එක අතාරින්න කියලා..."

මන් අඩ අඩම ජිමින්ට තුරුල් උනා.

"හ්යුන්ග්.. ටේ කිව්වා හරි ඕක අතාරින්න...."

"ජිමිනා ටේ ටේව එක්කන් යන්න...ආයේ එයාව මගේ ඉස්සරහට ගෙන්න එපා..."

"හ්යුන්ග්..."

"ජිමිනා චේබල් එක්ක යන්න...."

"හරි හ.. හ්යුන්ග්.."

බිදුණු කටහඩකින් එහෙම කියලා මාව අරන් යන්න හැදුවා..

"ජිමිනා අන්ද්වේ.... චේබල් මාව අතාරින්න...."

"ටේ අපි යන්.."

මන් බිම දනගහලා එයාගෙන් වැදලා එහෙම කරන්න එපා කියලා ඉල්ලුවත් ජිමින් මාව රූම් එකෙන් එලියට අරන් අවා.

"කැහැක්.. කැහැක්‌... අහ්... ම්ම්හ්... කැහ..... ම්ම්ම්.."

ආයෙම හ්යුන්ග්ට කැස්ස.. බැ මැණික මට‍ තවත් ඉවසන්න බැ... අද ඔයාගේ අතින් මැරුම් කෑවත් ඔයාව දාලා යන්නේ නැ. ජිමින් යන්න එපා කියලා කෑ ගහද්දීම මන් එයාගේ අතත් අතඇරලා දාලා අපේ කාමරේට දුවන් ගියා.

"අන්ද්වේ.... හ්යුන්ග්.... හ්යුන්ග්... කතා කරන්නකෝ... "

මන් කාමරේට යනකොට හ්යුන්ග් ලේ පෙරාගෙන සිහි නැතුව බිම වැටිලා හිටියා. එයාගේ අතින් වගේම කටිනුත් ගොඩක් ලේ ගිහින්..
මැණික ඔයාට මේ මොකද උනේ...?  මට‍ ගොඩක් බය හිතෙනවා මැණික... අනේ..

"හ්යුන්ග් අනේ ඇස් අරින්නකෝ.... අනේ මන් දිහා බලන්නකෝ... ඔයාට බනින්න ඕන නම් බනින්න ගහන්න ඕන නම් ගහන්න..."

"ටේ... ටේ... ය... න්න...ම්ම්හ්..."

"ජිමිනා...අහ්..."

"ටේ...."

"අනේ අපි ඉක්මනට හොස්පිටල් එකට යන්..."

මන් අඩ අඩ එහෙම කියද්දීත් ජිමින් කලේ ගල් ගැහිලා වගේ හ්යුන්ග් දිහා බලන් හිටපු එක...

"ජිමිනා.... හොස්පිටල් යන්... පල්ලි...."

"අහ් හා මන් වාහනේ ගන්නම්...ඕ.. ඔයා හ්යුන්ග් එක්ක එන්න..."

"හරි...."

මන් කදුලු පාලනය කරගෙන හ්යුන්ග්ව මගේ අත් දෙකට අරන් නැගිට්ටා.

********************************

Hi guys bye ladies....

මුලින්ම පොඩි වරදක් හදන්න ඕන. පීහු ඉපදුනේ ජුනි විසිඅට නෙවේ ජූලි විසි අට. අනිත් එක තමා කුකී මාස අටයි රට හිටියේ. ඒ කියන්නේ එයා එන්න හිටපු මාසෙට මාස හතරක ට කලින් ආවේ. මන් ඒ ටික ආයේ එඩිට් කරලා හැදුවා.

එහෙනම් අවසාන කොටස සමගින් හමුවෙමු....

ප්‍රශ්න තියනවා නම් අහන්න.මට‍ හෙන කුරිරු සතුටක් දැනෙනවා අප්පා හේ හේ

පරිස්සමින් ඉන්න.

See yaaaa.........

Love yaaaa..... ❤️










Comment