17 කොටස

ටේ මට කෝල් එකක් ගන්න තියනවා. මන් එනකම් ජන්හ්යුන් හ්යුන්ග් එක්ක ඉන්න..."

එහෙම කියලා ජිමින් නැගිටලා ගියා.

මොකද්ද දෙවියනේ ඒ උනේ.... මගේ ජීවිතේම වුණ හ්යුන්ග් අද ඉස්පිරිතාලේ ඇදක් උඩ හුස්ම යදිනවා. මැණික මට‍ ඔයා නැතුව පාලුයි.....

මන් හිටියේ ICU එකේ දොර  ළග බිම වාඩිවෙලා. ජන්හ්යුන් හ්යුන්ග් මාව බදාගෙන මගේ ඔලුව අතගානවා. එතකොට අප්පා.. එයා අඩන්න බැරිකමට කදුළු හිර කරන් පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නවා....

ටික වෙලාවක් යනකොට ICU එකේ දොර ඇරන් එලියට ආවේ ඩොක්ටර් කෙනෙක්...

"ඩොක්ටර් අනේ මගේ කුකී හ්යුන්ග්ට කොහොමද...?"

"ම්ම්.. එයාට දැන්නම් සිහිය ආවා. එත් එයාගේ කන්ඩිශන් එකත් එක්ක එයා තව කොච්චර කාලයක් ජිවත් වෙයිද කියන්න අමාරුයි."

මොකක් කන්ඩිශන්... එකේ තේරුම.....

"එක්ස්කියුස් මි ඩොක්ටර්. මට‍ ඔයා කියන එක පැහදිලි නැ.."

"ජන්කුක් කියන්නේ ලියුකේමියා පේෂන්ට් කෙනෙක්. එයා  දැන් ඉන්නේ ෆෝර්ත් ස්ටේජ් එකේ...  ඇල්කොහොල් ගොඩක් අරගන්න නිසා එයාගේ තත්වේ එන්න එන්නම නරක අතට හැරිලා.එයාව බේරගන්න ගොඩක් අමරුයි.. සමහර විට...."

"සමහර විට මොකද්ද ඩොක්ටර් මට‍ කියන්න..."

"එයා මේ ගත කරන්නේ එයාගේ අන්තිම පැය කීපය වෙන්න පුලුවන්."

ලියුකේමියා....ෆෝර්ත් ස්ටේජ්.... ඇල්කොහොල්.... අන්තිම පැය කීපය.. මට දැනුනේ මගේ ඔලුවට එකපාරටම හෙන හත අටක් කඩාපාත් උනා වගේ.මගේ කකුල් දෙක පණ නැති වෙලා ගිහින් මාව බිම ඉන්දවුණා.

"ඩොක්...ටර් අපි..ට වෙන මුකුත්ම කරන්න... බැරිද... අනේ මගේ හ්යුන්ග්.... මට‍ එයාව නැතුව ඉන්න... බැ.... "

මන් අඩ අඩම ඩොක්ටර්ගේ කකුල් දෙක අල්ලන් ඇහුවා.

"එක දෙයක් තියනවා...."

"ඩොක්ටර් අනේ ඒ මොකද්ද කියන්න.මොකක් උනත් මන් ඒක කරනවා.."

මන් කදුළු පිහිදාගෙන නැගිට්ටා.

"බෝන්මැරෝ ට්‍රාන්ස්ප්ලන්ට්....."

"වැඩක් නැ ඩොක්ටර් අපේ ඒවා එයාට මැච් උනේ නැ..."

ඩොක්ටර් ඒ ගැන කියනකොටම බිම බලාගෙන උත්තර දුන්නේ ජන්හ්යුන් හ්යුන්ග්.එකියන්නේ එයා මේ ගැන දැනන් ඉදලද?

"එත් අපිට වෙන කාගෙහරි ඒවා මැච් කරගන්න පුලුවන් වෙයි... මිස්ටර් ටේහ්යුන්ග්ගේ හරි මිස්ටර් ජිමින්ගේ හරි..."

"ම... මගේ ඒ... වත් මැච්... උනේ... නැ ඩොක්ටර්...."

මොකක් ජිමින් ඒකියන්නේ එයත් මේ ඔක්කොම දැනන් ඉදලද.? මේ සේරම හීනයක්... ඔව් නරක හීනයක්... අහ් මන්... කාවද දැන් විශ්වාස කරන්න ඕන? ඔක්කොමලා බොරු කාරයෝ.... ඇයි? ඇයි මට මේ තරම් ලොකු දෙයක් හැන්ගුවේ....?

"ඩොක්ටර් මන්... මන් උත්සහ කරන්නම්... මගේ ටෙස්ට් එක කරන්න.."

"ඔකේ මිස්ටර් ටේහ්යුන්ග් මන් රෙඩි කරන්නම් මට‍ මිනිත්තු පහළොවක් දෙන්න..."

ඒම කියලා ඩොක්ටර් යන්න හදද්දී මන් ආයෙම එයාගේ අතින් අල්ලලා නැවැත්තුවා.

"මිස්ටර් ටේහ්යුන්ග්.."

"ඩොක්ටර් මට‍ එකම එක පාරක් හ්යුන්ග්ව බලන්න යන්න පුලුවන්ද?"

"හුම් ඔයාලා එක්කෙනා ගානේ ගිහින් එයාව බලන්න. හැබැයි එයාව මහන්සි කරවන්න එපා."

"ඔකේ ඩොක්ටර්.."

මන් ඩොක්ටර්ට ආචාර කරලා හ්යුන්ග්ව බලන්න යද්දී ජිමින් ඇවිත් මගේ අතින් ඇල්ලුවා.

"අතාරිනවා...."

"ටේ මන්.. මන් කියන එක.. අහ... "

"තවත් මොනාද අහන්න තියෙන්නේ? උබලා ඔක්කොම බොරුකාරයෝ
අතඇරපන් මාව...."

මන් වියරුවෙන් කෑ ගහන ගමන් ජිමින්ව බිත්ත්තියේ වදින්නම තල්ලු කරලා එයාගේ කොලර් එකෙන් අල්ලගත්තා.

"ටේ..."

"උබ මොනාද කියන්න හදන්නේ ආ... හැබැයි මන් දිවුරනවා මගේ මැණිකට මොනාහරි වුනොත් මන් උබලා එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නැ..."

මන් ජිමින්ගේ කොලර් එක අතාරින ගමන් කේන්තියෙන් කෑ ගහලා ICU එක ඇතුලට ගියා.

"හ්යුන්ග් මගේ මැණික..."

"ටේ ටේ.."

මන් හ්යුන්ග්ගේ අත හරි පරිස්සමට අල්ලගන්න ගමන් එතන තිබ්බ චෙයා එකේ වාඩි වුණා. හ්යුන්ග් හිටියේ හොස්පිටල් කිට් එක ඇදලා. එයා මෙච්චර කල් මගෙන් හංගන්න උත්සහ කරපු රතු පාට ලප තවදුරටත් එයාට හංගන්න බැ. එයාගේ එක අතක කැනියුලා එකක් ගහලා. කටට ඔක්සිජන් මාස්ක් එකක් දාලා. එයා කොච්චර දුර්වල වුනත් තාමත් එක දෙයක් එදා වගේම තිබ්බා. ඒ එයාගේ ලස්සන හිනාව...

"හ්යුන්ග්......"

මන් කතා කරන්න හැදුවත් ඊටකලින් මගේ කදුළු ඉස්සර උනා.

"මැ.. නික.. අඩ.... න්න ඒ.. පා.. මන්... හොදි... න්..."

"හ්යුන්ග් ඔක්සිජන් මාස්ක් එක ගැලෙව්වේ ඇයි?ඔයාට අමාරුයි නේද...? "

"අනියා... මන්... හොදින්.... "

එයා ආයෙම හිනාවෙන ගමන් කිව්වා.

"හුම්ම්..."

මමත් අමාරුවෙන් හිනාවෙන ගමන් හෙමිට හ්යුන්ග්ගේ අත පිරිමැද්දා.

"මැණික... මට‍... සමා...වෙන්න.... මන්... ගොඩක්.... රිද්.. දුවා නේද..?"

"අනි..."

හ්යුන්ග් මගේ තුවාල වුනු තොල් උඩින් එයාගේ ඇගිල්ලක් සියුම්ව ගෙනියකොට ආයෙම පාරක් මගේ ඇස්වල‍ට කදුළු අවා. මෙච්චර අමාරු වෙලාවෙත් ඔයා මන් ගැනම නේද හිතන්නේ මැණික... ඇයි ඒ ඔයාම උනේ.. මේ දේ මටයි වෙන්න තිබුනේ....

"හ්යුන්ග් මියානේ... මන් මහ පව්කාරයෙක්. ඔයා මට මේ තරම් ආදරේ කරද්දීත් මට‍ බැරි උනා ඔයාව හරියට බලාගන්න. ඔයාගන හරියට හොයල බලන්න....."

"ශ් ටේ ටේ.... ඔයා ඔහෝ.. ම කිය... න්න.. එපා... ඔයාගේ... ම්හ්.. වරදක් නැ.. මමයි සමා..ව ගන්න ඕන...
මියා... නේ... ටේ ටේ... මෙච්.. චර.. කල් ඔයාට මේ දේව.. ල් හැන්...ගුවට... ඒ වගේ... ම.. ඔයාව තනි කරලා... ද... ලා මේ ලෝකෙ..න් යන්න වෙනව..ට.... "

"හ්යුන්ග් මොනාද මේ කියවන්නේ? ඔයා කොහොමද ඔහොම මාව දාලා යන්න හිතුවේ.... ඔයාට බැ එහෙම කරන්න... ඔයාගේ ටේ ටේ ඔයා නැතුව මැරිලා යාවි..."

මන් අඩ අඩම හ්යුන්ග් ට තුරුළු වෙද්දී හ්යුන්ග් මගේ ඔලුව අතගාන ගමන් මාව සන්සුන් කලා.

"මැණි..ක... කෝ.. දැන්... ඇති..අඩන... එක නව....ත්තන්න ම්ම්... මගේ දිහා බලන්න..."

"හ්යුන්ග්..."

"මන් ඉල්..ලී...මක් කර..න්න..ද?"

"ඕනම දෙයක් මැණික... "

"මාව... අන්.. තිම... පාරට... කිස් කර...න්න පුලු..වන්ද?"

හ්යුන්ග් ඇස්වල කදුළු පුරෝගෙන ඇහුවා. මන් මගේ එන්ජල්ට මැරෙන්න දෙන්නේ නැ...

"මොනාද මැණික මේ කියවන්නේ...? මන් කොහොමත් ඔයාටනේ අය්ති..."

ඒ එක්කම හ්යුන්ග් මගේ තොල්වලට බර උනා. ඇස්වලින් කදුළු කැට කඩා හැලෙද්දී අපි විනාඩියක් දෙකක් තුනක් නැ දහයක් විතර එහෙමම ඉන්නැති... අපි දෙන්නා ඒ තරමටම ඒ හැගීමට ලෝබයි...

විනාඩි දහයකට විතර පස්සේ හ්යුන්ග් මගෙන් ඈත් උනා.

"ටේ ටේ... සරන්ග්... හේ... "

"නාදු.. හ්යුන්ග්.."

"ම්හ්.. කැහක්... කැහක්.... ම්හ්හ්..."

"හ... හ්යුන්ග්... ඇ.. ඇයි මේ ඔයාට අමාරුද....?"

"අ.. කැහක්... නී.. කැහක්.. ම්හ්හ්... "

ආයෙම හ්යුන්ග්ට කැස්සක් ආවා. අනියෝ... මන් කොහොමද මෙහෙම හ්යුන්ග් දුක් විදිනවා බලන් ඉන්නේ...?

"ඩොක්ටර් අනේ එන්නකෝ.... අනේ කව්රුත් නැද්ද....?"

මන් කෑ ගහලා ඇහුවා.ඒ එක්කම කලින් හම්බුනු ඩොක්ටර්ම නර්ස් ලා දෙන්නෙක් එක්ක ඇතුලට දුවන් අවා.

"අනේ ඩොක්ටර්... හ්යුන්ග්..."

"මිස්ටර් ටේහ්යුන්ග් ඔයා සන්සුන් වෙන්න. නර්ස් මේ සර්ව එක්ක යන්න...."

"අනේ ඩොක්ටර්...."

නර්ස් මගේ අතින් ඇදලා මාව එලියට යවන්න හැදුවත් මට‍ එලියට යන්න ඕන උනේ නැ.

"මිස්ටර් ටේහ්යුන්ග් කාම් ඩවුන්.අපි මිස්ටර් ජන්කුක් ගැන බලාගන්නම්. ඔයා දැන් එලියට යන්න ඔයගේ ටෙස්ට් එක කරන්න ලෑස්ති කරලා තියෙන්නේ."

"ඔකේ.. ඩොක්... ටර්... "

"නර්ස්. මේ මිස්ටර්ව රූම් නම්බර් ටුවෙල්ව් වලට එක්ක යන්න."

ඒ නර්ස් මාව ටෙස්ට් එක කරන්න එක්ක ගියා.

"රිසාල්ට් එක එන්න තව පැය තුනක් විතර යයි. එතකන් ඉවසලා ඉන්න වෙනවා මිස්ටර්."

"හුම්."

මන් එතනින් එලියට ආවේ ඇවිදින මල මිනියක් වගේ.පැය තුනක්. මන් මෙච්චර බලාපොරොත්තු තියන් ඉදලා මගේ බෝන්මැරෝ මැච් නොවුනොත්.... හ්යුන්ග්ට... එයා... නැ.. මගේ එන්ජල්ට මුකුත් වෙන්නේ නැ....

"ටේ...."

"හොබියා... කොයි වෙලේද ආවේ? "

"මන් දැන් ආවේ. සොරි බන් රෑ අර දෙන්නව දාලා එන්න විදියක් තිබ්බේ නැ."

"හුම්."

"එන්න අපි යමු."

හොබී මගේ කරට අත දාගෙන ICU එක ලගට එක්කන් ගියා. මන් එනකොට එතනට කරිනත් ඇවිල්ලා. හැමෝම මගේ දිහා බලන් හිටියත් මන් එතන හිටපු කාවවත් දැක්කේ නැ වගේ හොබී එක්ක එතන තිබුන පුටුවක වාඩි උනා. එත් එක්කම ජිමින් මන් ලගට දුවගෙන අවා.

"ටේ... මට‍... සමා... වෙන්න..."

වෙන්න තියන දේවල් ඔක්කොම උනාට පස්සේ අඩලා සමාව ඉල්ලලා හරියනවද ජිමින්...?

"මට‍ තමුන් එක්ක කතාවක් නැ. යනවා යන්න මෙතනින්..."

මන් ජිමින් දිහා බලන්නේවත් නැතුව කිව්වා.

"ටේ මන් කියන එක එකපාරක් අහන්නකො..."

"ඔව් සර් අනේ පොඩ්ඩක් ජිමින් කියන එක අහන්නකො...."

හහ් කරීනා එයත් ඔක්කොම දන්නවා ඒ කියන්නේ... මට‍ තවත් මේ බොරුකාරයෝ එක්ක කතාවක් නැ. ඒම හිතලා මන් එතනින් නැගිටලා යන්න හැදුවත් හොබී මගේ අතින් අල්ලලා මාව නැවැත්තුවා.

"එක පාරක් මෙයාලා කියන එක අහල බලන්න ටේ...."

"හරි. එත් මට එක ප්‍රශ්නයක් තියනවා."

"අහන්න ටේ..."

"ඔයත් මේවා දැනන් හිටියද?"

"ඔව්..."

"හහ්. උබලා ඔක්කොම එකතු වෙලා මාව රැවට්ටුවා..."

"ටේ...."

"ඇයි හොබී... අහ්...."

"අංක එක මන් මේවා ඔක්කොම දැනගත්තේ ඊයේ උදේ. අංක දෙක අපි මේවා ඔක්කොම ඔයාට හැන්ගුවේ හ්යුන්ග් අපිට කියපු නිසා."

"හරි... මන් උබලට එක චාන්ස් එකක් දෙන්නම් පැහැදිලි කරන්න."

මන් එහෙම කියන ගමන් ආයෙම පුටුවේ වාඩි උනා.

"ඇත්තටම ටේ  කුකී හ්යුන්ට මෙහෙම ලෙඩක් තියනවා කියලා එයාවත් දැනන් ඉදලා නැ. එයාට සැරින් සැරේ එක එක සිම්ටම්ස් පෙන්නකොට එයා සැක හිතුන නිසා චෙක්අප් එකක් කරලා.එයා ඒක ගැන දැනගෙන තිබුනේ ගිය මීට මාස දහයකට විතර කලින්. ඒක දැනගත්ත ගමන් එයා මට කෝල් කරලා ඒ ගැන කිව්වා ඒ වගේම ඔයාට ඒ ගැන කියන්න එපා කියලත් කිව්වා.එයාට මෙහෙ ඉදන් ට්‍රිට්මන්ට් කරන්න බැරි නිසයි එයා පැරිස් ගියේ. එයා එහෙ යනකොට මට‍ කියලා ගියා ඔයාට පොඩි දුකක්වත් නොදී ඔයාව හොඳට බලාගන්න කියලා...."

එතකොට එදා රෑ හ්යුන්ග් ඒ තරම් ඇඩුවේ ඒ නිසාද?

"මගේ එන්ජල් මට ඒ තරම් ආදරෙයිද?"

හිනි ඉකියක් එක්කම මන් හොබිට තුරුළු උනා.මන් කොහොමද මේවා දරාගන්නේ...

"ඔව් සර් ජන්කුක් ඔයාට ගොඩක් ආදරෙයි.... ඒ.. එයා පැරිස් ගිහිල්ලා ගත කරපු හැමදවසේම ඔයාව ගොඩක් මතක් කලා. එයා ගොඩක් උත්සාහ කලා බෙහෙත් අරන් ඉක්මනට හොද වෙලා ආයෙම ඉස්සර වගේම ඉන්න... එත් බිමත්කම නිසා එයාගේ තත්වේ ගොඩක් දරුණු උනා. එයාට මැච් වෙන බෝන්මැරෝ හොයන්න අපි කොච්චර මහන්සි උනත් අපිට එක කරගන්න බැරි උනා."

කරීනා එක හුස්මට කියාගෙන ගියා. ඊළගට මන් හැරුනේ හොබිගේ දිහාවට...

"උබටත් මොනවහරි කියන්න තියනවද?"

"ඔව් ඊයේ උදේ පාන්දර හ්යුන්ග් මට කෝල් එකක් අරන් එයාගේ ලෙඩේ ගැන හැමදේම කිව්වා. ඒවගේම උබව හොදට බලාගන්න කිව්වා...."

හොබී බොහොම අමාරුවෙන් එයාගේ කදුළු හංගන ගමන් කිව්වා. හ්යුන්ග් මන් ගැන මේ තරම් හිතලද? එත් මන් මොනාද එයා වෙනුවෙන් කලේ? ඇයි ඒ හ්යුන්ග්ම උනේ ඇයි? මන් දහස් පාරක් හිතින් හඩා වැටුනා.

"මන් යන්න ඕන. හ්යුන්ග් ලගට.... "

"ටේ එත්...."

"නැ ජිමින් එයාට යන්න දෙන්න."

"හුම්..."

ලද අවසරෙන් මන් හ්යුන්ග්ව බලන්න ගියා.හ්යුන්ග්ට නින්ද ගිහින්. එත් ඒ ඇස්වලින් කදුළු බේරෙනවා. මන් කොහොමද රත්තරනේ මේවා දරාගන්නේ? මන් ඇද ලග තිබ්බ චේයා එකේ වාඩිවෙන ගමන් එයාගේ කැනියුලා එක ගහලා තිබ්බ අත පරිස්සමට අල්ලගත්තා.

"රිදෙනවද මැණික..?"

"ඇයි ඒ ඔයාම උනේ..?"

"ඒ මන් උනා නම් මට‍ මේ තරම් දුකක් නැ මැණික..."

"මාව දාලා යන්න හිතන්නවත් එපා මැණික...."

"මාව මැරිලා යයි...."

"ඔයා ගැන හොයලා නොබැලුවට මට‍ සමාවෙන්න එන්ජල්..."

"ඇස් ඇරලා මගේ දිහා බලන්නකෝ..... "

මන් මගේ හිතට එන හැමදේම හ්යුන්ග්ට කිව්වා.

"හ්... හ්යුන්ග්.. මගේ එන්ජල්...."

දන්නෙම නැතුව මට නින්ද ගිහින් මන් ඇහැරුනේ කව්රු හරි මගේ පිටට තට්ටු කරපු නිසා.

"ටේ දරුවෝ මම අප්පා..."

"අප්පා..."

"දැන් වෙලාව උදේ හයටත් කිට්ටුයි. ඔයා දැන් එලියට ගිහින් ටිකක් රෙස්ට් කරන්න මන් කුකී ගාව ඉන්නම්..."

"අනි අප්පා... මන් මගේ එන්ජල් ව දාලා කොහෙවත් යන්නේ නැ.."

"දරුවෝ පොඩ්ඩක් කියන දේ අහන්නකො. අනික තව ටිකකින් ටෙස්ට් එකේ රිසල්ට් එනවා නේ. ඒක ගන්න ලැබ් එකට යන්නත් ඕන නේ."

"හරි අප්පා..."

මන් හ්යුන්ග් ගේ නළලට කිස් එකක් දීලා එලියට අවා එලියට එනකොටම කරීනා මට කොෆි එකක් දික් කලා.

"ඕක බොන්න සර්...."

"මට‍ එපා... "

"ටේ මුරණ්ඩු නොවී ඕක බොනවා. ඊයේ රෑ ඉදන් මුකුත් කලාවත් නැනේ...."

හොබී බල කරපු නිසා මන් ඒක බිව්වා මිසක් මට‍ එවෙලේ කොෆි බොන්න තරම් මුඩ් එකක් තිබ්බේ නැ.

"ටේ.... දැන් නම් රිපෝර්ට් එක වෙලාව හරි. අපි යන් ලැබ් එකට...."

"ඕන නැ හ්යුන්ග් මට තනියම යන්න පුළුවන්."

"හුම්.."

ජන්හ්යුන්ග් හ්යුන්ග් මාත් එක්ක එන්න හැදුවත් මන් එයාට ඉන්න කියලා ලැබ් එකට අවා. ලැබ් එකට ගිහින් රිපොර්ට් එක අරන් ටක්ගාලා හ්යුන්ග්ගේ ඩොක්ටර්ගේ කැබින් එකට ගියා.

නොක්‌ නොක්.....

"කම් ඉන්..."

"අහ් මිස්ටර් ටේහ්යුන්ග්... රිපෝර්ට් එක ගෙනාවද? එන්න වාඩි වෙන්න..."

"ඔව් ඩොක්ටර් ගෙනාවා. තැන්ක්යූ..."

මන් ඩොක්ටර්ට තෑන්ක් කරන ගමන් වාඩි උනා. රිපෝර්ට් එක චෙක් කරපු ගමන් එයාගේ මුනේ ඇදුනේ ලස්සන හිනාවක්.

"මිස්ටර් ටේහ්යුන්ග්... "

"ඩොක්ටර්..."

"දේ ආර් කම්ප්ලිට්ලි මැචින්...."

"චින්චා..."

"දේ..."

මට‍ සතුටුයි. ඒවා ගැලපෙනවා. මන් කොහොම හරි ඔයාව බේරාගන්නවා.....

Hi guys bye ladies......

ඔන්න දුන්නා....

සෝ මොකද හිතන්නේ....?

තව එක චැපියක් තියේ හේ හේ.....

ඒනම් පරිස්සමින් ඉන්න.

See yaaaa........

Love yaaaa..... ❤





 







Comment