12 කොටස

බබා....."

"ම්ම්ම්ම්....."

මන් කෑම හද හද ඉද්දි හ්යුන්ගේ ශක්තිමත් අත් දෙක මගේ ඉන වටේ එතුනා.

"මොනාද හදන්නේ....?"

"ඔයාට කන්න ස්පිනැච් සැලඩ් හදනවා."

"බුවැක්.... කා.....ඊව්‍...."

එම කියන ගමන් එයා මගේ ඇග අත ඇරලා අහකට උනා. ඔව් හ්යුන්ග් ආසම නැති කෑම තමයි ඒක. ස්පිනැච් කියන ජාතිය දැක්කත් පැනලා දුවන ජාතියේ කෙනෙක් තමා එයා. ඒක ආත්මීය වෙන් වීමක් වෙන්නැති......

"හරිම රසයි මේවා පොඩ්ඩක් කලා බලන්නකෝ...."

මන් සැලඩ් ටිකක් හැන්දකට අරන් හ්යුන්ග් ලගට ඇවිදන් ගියා.එයාව ටීස් කරද්දී මට‍ මාර සතුටක් දැනෙන්නේ.

"යා යා එ.... එන්න එපා ලගට....."

"අය්ගෝ...හ්යුන්ග් මේවා මාර ගුණයි.එක කටක් කන්නකෝ.... කෝ කෝ කට අරින්න...."

"යා යා අහකට වෙනවා....."

හ්යුන්ග් තව තවත් පිටිපස්සට ගිහින් ෆ්‍රිජ් එකේ හේත්තු උනා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු මන් ටක් ගලා හ්යුන්ග් ලගට ගිහින් හැන්ද කට ගාවටම ලං කලා. හ්යුන්ග් පොඩි එකෙක් වගේ ඇස් දෙක පියාගෙන මුණත් ඇද කරන් අහක බලන් හිටියේ දැන් මගෙන් ගැලවිලා යන්න බැරි නිසා.

ට්‍රින්........

එත් හ්යුන්ගේ වාසනාවට ගෙදර බෙල් එක වැදුනා.හ්යුන්ග් මගෙන් බේරෙන්න ඕන නිසා ටක් ගලා ඩෝ එක අරින්න ගියා.

"හ්යුනග්.... කව්ද ආවේ...."

මන් කිචන් එකේ ඉදන්ම කෑ ගැහුවා.එත් කිසිම සද්දයක් නැ.මන් ටක් ගලා ලිවින් ඒරියා එකට දුවන් ගියා. මන් එතනට යද්දී එතන හිටිය මැදි වයසේ මනුස්සයෙක් එයා මගේ දිහා කන්න වගේ බලන් හිටියා.කුකී හ්යුන්ග්නුත් බය වෙලා වගේ මන් දිහා බලාගෙන හිටියා.

"පුතා කව්ද මේ හුරතල් කොල්ලා... "

"අප්පා... මේ ටේහ්යුන්ග්... මගේ... ම.. ගේ..."

මොකක් ඒ... හ්යුන්ගේ අප්පද?

"ඔව් ඔයාගේ...."

"මගේ බෝයිෆ්‍රෙන්ඩ්.... අප්පා...."

කුකී හ්යුන්ග් බිම බලාගෙන කිව්වා. අනේ දෙවියනේ... දැන් මොනා වෙයිද? බයටම මට කෙලත් ගිලුනා.

"හහ් හහ් හහ් හහ් හා...."

එකපාරටම හ්යුන්ගේ අප්පා හය්යෙන් හිනා වෙන්න ගනිද්දී හ්යුන්ග්නුයි මායි බය වෙලා බලන් හිටියා.

"අ.. ප්පා...."

"මොකෝ මේ ඉලන්දාරියා බය වෙලා වගේ?"

හ්යුන්ගේ අප්පා හ්යුන්ගේ පිටට තට්ටු කරන ගමන් ඇහුවා.

"අප්පා මන්... මන් පැහැදිලි කරන්නම්.ඒක මේ.... "

"මුකුත් පැහැදිලි කරන්න ඕන නැ..."

"අහ්.... "

"ජන්කුක්..."

"දේ.. අප්පා..."

"මන් මේ හුරතල් කොල්ලට පොඩ්ඩක්වත් කැමති නැ..."




















































"නෙවෙයි ගොඩක් කැමති...."

එහෙම කියන ගමන් හ්යුන්ග්ගේ අප්පා මාව බදාගත්තා ගොඩක් තදට.. තව පොඩ්ඩෙන්මට‍ හාට් ඇටැක් එකක් හැදෙනවා

"යා අප්පා මාව ගොඩක් බය කලා..."

හ්යුන්ග් පොඩි එකෙක් වගේ කටත් ඇද කර කර කිව්වා.

"එහෙම තමා නැද්ද හුරතල් කොල්ලෝ..."

හ්යුන්ගේ අප්පා මාව ඈත් කරන ගමන් කිව්වා.

"එකනේ මිස්ටර් ජොන්."

"යා...... මිස්ටර් ජොන් නෙවේ අප්පා කියන්න.."

"හරි අප්පා."

ඔව් මතක ඇති කලෙක මන් මනුස්සයෙක්ට අප්පා කියලා කතා කලා.මට දැනෙන සතුට කියගන්න බැරි තරම්.හ්යුන්ග්ගේ අප්පත් හ්යුන්ග් වගේම ගොඩක් හොද කරුණාවන්ත කෙනෙක් කියලා ඒ ටික වෙලාවට මට‍ තේරුණා. හුම්. අපි ගොඩක් වෙලා ඒක එක දේවල් කතා කර කර හිටියා. ඊටපස්සේ අපි ලන්ච් ගත්තා. හුම්. හ්යුන්ග් ආසම නැති ඩිෂ් එක අප්පගේ ආසම ඩිෂ් එක වෙයි කියලා කවදාවත් මන් හිතුවේ නැ. අප්පා හරි අසාවෙන් තමා මන් හදපු කෑම කෑවේ. ලන්ච් එකෙන් පස්සේ මිටින් එකක් තිබ්බ නිසා අප්පා අපිට සමුදීලා යන්න ගියා. අප්පා  ගියාට පස්සේ හ්යුන්ග්නුත් ගෙදරට ඕන බඩු වගයක් ගන්න ගිය නිසා මන් ඇදට ගියේ පොඩි නින්දක් දාන්න..

"ටේ ටේ...බබා...."

"ම්ම්හ්... හ්යුන්ග්... ඔයා ආවද... "

"ම්ම්ම්ම්...."

"කොයි වෙලේද ආවේ? "

මන් ඇගේ හිරි ඇරලා ඇද උඩ වාඩි වෙන ගමන් ඇහුවා.

"ම්ම්ම්.... පැය බාගයක් විතර..."

"අය්ගෝ ඇයි මට කතා  නොකළේ?"

"මගේ බේබී බෙයාර් නිදියන් හිටිය විදියට ඇහැරවන්න ලෝබ හිතුනා."

හ්යුන්ග් එහෙම කියද්දී මන් හ්යුන්ග්ව බදාගෙන එයාගේ පපුවට හේත්තු උනා.

"හ්යුන්ග් වෙලාව කීයද?"

"හතයි හතලිස් හතයි."

"අහ් මන් එච්චර වෙලා නිදාගෙනද?"

මන් ටක් ගලා නැගිට්ටේ කෑම හදන්න යන්න. එත් හ්යුන්ග් මගේ අතින් ඇදල මාව එයාගේ උකුල  උඩට ගත්තා.

"කොහේද යන්නේ ම්ම්ම්....?"

"කෑම හදන්න. හ්යුන්ග්ට බඩගිනියි නේද?"

"අනි.. ඔයා කෑම හදන්න ඕන නැ. මන් එන ගමන් අරන් අවා."

"හුම්."

ඊටපස්සේ හ්යුන්ග් මාව තදින් බදාගත්තා.හ්යුන්ග් අද හැසිරෙන්නේ මහා අමුතු විදියකට...

"හ්යුන්ග්.... ඇයි මේ?"

"මට‍ ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න ටේ ටේ....."

හ්යුන්ග් මාව තවත් තදින් බදාගත්තා. ටික වෙලාවක් යනකොට මට දැනුනා මගේ උරහිස තෙත් වෙනවා කියලා. ඔව් හ්යුන්ග් අඩනවා. එත් ඇයි?..... මන් එක ක්ෂනකින් හ්යුන්ග්ගේ මුණ මගේ අත් අතරට ගත්තා.

"හ්යුන්ග්... ඇයි මේ අඩන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"ටේ ටේ....."

එයා තවත් හය්යෙන් අඩන්න ගත්තා. ඇයි රත්තරනේ මේ? මට‍ ගොඩක් බය හිතෙනවා....

"හ්යුන්ග්... ඇයි මේ? කියන්නකෝ.... මට‍ බය හිතෙනවා...."

"ටේ ටේ මට‍ අව්රුද්දකට පැරිස් යන්න වෙනවා."

"මොකක්?ඇයි ඒ? කවද්ද යන්නේ?"

මාව එක පාරටම නැගිට්ටුනා. අව්රුද්දක් පැරිස්,මන් කොහොමද රත්තරනේ ඉවසන්නේ? මට‍ එක මොහොතක්වත් ඔයා නැතුව ඉන්න බැ.

"සැප්තැම්බර් දාසය. ඒ කියන්නේ අනිද්දා. පැරිස්වල තියන අපේ කම්පැනි බ්‍රාන්ච් එකේ ප්‍රශ්න වගයක් ඇවිත්.ඒක අප්පාගේ ඉල්ලීමක්. අප්පට යන්න බැරි නිසා මට යන්න කිව්වා.එත් මට බැ ඔයාව දාලා එහෙ යන්න."

හ්යුන්ග් බිම බලාගෙන කිව්වා. හුම් අප්පාගේ දෙයක්‌ නම් යන්නම වෙනවා.මට‍ ගොඩක් පාලු දැනෙයි. මගේ ඇස්වලින් නොදැනීම කදුලක් වැටුනා එත් මන් ටක්ගාලා මගේ කදුළු පිහිදගත්තා.මන් දැන් අඩන්න හොද නැ. හ්යුන්ග්ගේ හිත හදන්න ඕන. එත් මට කියන්න තේරෙන්නේ නැති ‍ මහා අමුතු බයක් දැනෙනවා....

"හ්යුන්ග්.... මේ බලන්නකෝ. කෝ ඉතින්..."

හ්යුන්ග් තාමත් බිම බලන් අඩනවා.

"කෝ ඉතින්. "

මන් බිම දනගහගෙන හ්යුන්ග්ගේ මුණට එබුනා.

"ටේ ටේ....."

"මේ බලන්නකෝ හ්යුන්ග්. දැන් ඔය අඩන එක නවත්තන්නකෝ."

"ටේ ටේ මන් කොහොමද ඔයා නැතුව අව්රුද්ද්ක්ම ඉන්නේ?"

"ශ්.... හ්යුන්ග්..... ඔයාට අමතක උනාද මන් ඉන්නේ ඔයාගේ මෙතන කියලා."

මන් හ්යුන්ගේ අත අරන් එයාගේ පපුව උඩින් තිබ්බා.

"ඔව් මන් දන්නවා ටේ එත්...."

"ශ්..... ඉනෆ් හ්යුන්ග්. දැන් ඔය අඩන එක නවත්තන්න.ඔයා එහෙ යන්නම ඕන. නැත්නම් අප්පට ගොඩක් දුක හිතෙයි.ඔයාට පාළුවක් දුකක් දැනෙන ඕනම වෙලාවක මට‍ කතා කරන්න. ඕන වෙලාවක මන් ඉන්නවා ඔයා එක්ක."

"හුම්. අනිවාර්යෙන්ම. සරන්හේ ටේ ටේ...."

හ්යුන්ග් කදුළු අතරින්ම මගේ තොල්වලට බර උනා.අපි විනාඩි දහයක්, පහළොවක් නැ විස්සක් විතර එහෙම ඉන්න ඇති. ආයේ කවද මෙහෙම ඉන්නද?..... ඊටපස්සේ මායි හ්යුන්ග්නුයි ඩිනර් අරගෙන ආයෙම ඇදට අවා. මන් හ්යුන්ග්ට තුරුළු වෙලා සිට්‍ එක පොරවගත්තා. හ්යුන්ග්ට හොදටම නින්ද ගිහින්. එත්... රෑ තිස්සේ ඇදහැලෙන දාරානිපත වැස්සත්. විටින් විට ඇහෙන අකුණු සද්ද ගෙනාපු මුසල හැගීම නිසා මට‍ ටිකක්වත් නින්ද ගියේ නැ. මන් පැය එකක් දෙකක් නැ තුනක් විතර එහෙමම ඉන්න ඇති.

********************************

Hi guys bye ladies......

ඔන්න දුන්නා.

ඊළගට මොනා වෙය්ද?

ස්පිනැච් සැලඩ් ගැන ඔයලාට මොකද හිතෙන්නේ?

හේ හේ. ඒනම් මන් ගියා. පරිස්සමින් ඉන්න.

See yaaaa......

Love yaaaa......❤







Comment