13 කොටස

"ටේ නැගිටින්න...."

"අහ් හ්යුන්ග් විනාඩි පහයි."

"ටේ....."

"හ්යුන්ග් කිස් එකක් දුන්නොත් ඇහැරෙන්නම්."

"ටේ මන්...."

"හ්යුන්ග් මගේ හ්යුන්ග් එයා කෝ.... එයා මෙතන හිටියා.... ජිමිනා කෝ එයා..."

"ටේ ඔයා හීනයක් දැකලා. හ්යුන්ග් හිටියේ නැ මෙතන මමයි ඔයාට මෙච්චර වෙලා කතා කලේ."

"අහ් අයෙමත්.... මියානේ ජිමිනා... ඔයා යන්න මන් ලෑස්ති වෙලා එන්නම්."

"හරි ටේ..."

ජිමින් ඒම කියලා පහලට ගියා.හුම්.දැන් ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ විකාරේ කියලා. අදට හ්යුන්ග් පැරිස් ගිහිල්ලා මාස හයක් විතර වෙනවා. ගෙවුණු හැම දවසෙම මන් හ්යුන්ග්ව හීනෙන් දැක්කා එත් උදේට ඇහැරෙනකොට හැමදාම මගේ ගාව හිටියේ ජිමින්. ඔව් දැන්  එයත් ඉන්නේ අපේ ගෙදර.කුකී හ්යුන්ග් තමා එයා පැරිස් යන්න කලින් දවසේ එයාව මෙහෙ ගෙනත් නැවැත්තුවේ. ජිමින් එදා හොබිගේ ගෙදර උන සිද්දියෙන් පස්සේ අනවසරයෙන් මගේ ඇගට අතක්වත් තියන්න ආවේ නැ. එදා හොබී එයාට පැහැදිලි කරලා කියලා දුන්න නිසා එයා හැමදේම තෙරුන් අරගෙන. ඒවගේම ඉස්සර වගේම මාත් එක්ක යාලුවෙක් විදියට ඉන්න එයා පොරොන්දු වෙලා.හුම් ජිමින් හිටියේ නැත්නම් මන් පිස්සෙක් වෙලා. හ්යුන්ග් කවදද ඔයා ආපහු එන්නේ? මට‍ හරිම පාලුයි.මන් හ්යුන්ග් ගැන හිතන ගමන් ලෑස්ති වෙලා පහලට අවා.

"ටේ ඉක්මනට එන්න මන් බ්‍රෙක්ෆස්ට් රෙඩි කලා."

"ඕකේ ජිමිනා."

මමයි ජිමිනුයි බ්‍රෙක්ෆස්ට් එක අරන් ඉවර වෙලා ගෙදරින් එලියට එනවත් එක්කම ඩ්‍රයිවර් කාර් එක අරන් අවා. ජිමින් හොබීගේ කම්පැනි එක ලගින් බැස්සා. ඊලගට මාත් හ්යුන්ග්ගේ කම්පැනි එකෙන් බැස්සා.

"ගුඩ් මෝනින් සර්..."

"ගුඩ් මෝනින්...."

"ගුඩ් මෝනින් ටේයෝනා..."

"ගුඩ් මෝනින් ගායෝන් නූනා..."

හම්බවෙන හම්බවෙන හැම කෙනාටම ගුඩ් මෝනින් කියලා මන් මගේ කැබින් එකට අවා. හුම්. වැඩ ගොඩයි. එත් ඒකට මන් ආසයි.
වැඩ වැඩිවෙන තරමට මට‍ වෙන දේවල් මතක වෙන්නේ නැ.

ට්‍රින්.......

"හෙලෝ...."

"ටේ කෑම කෑවද?"

"අහ් මේ.... ඔව්... ජිමිනා...."

ඇත්තටම කිව්වොත් මන් තාම කෑවේ නැ. වැඩ වැඩි වෙද්දී මට එකත් අමතක වෙනවා. හැමදාම ජිමින් තමා කෑම ගැන මතක කරන්නේ.

"බොරු කියන්න එපා ටේ..."

"ඇත්ත අනේ... මන් මගේ ජිමිනට එහෙම බොරු කියන්නේ නැනේ."

පොඩි බටර් පාරකුත් ගාන්න එපැයි.

"අනේ මේ තමුසෙගෙ බටර් තමුසෙම තියා ගන්නවා. දැන් කලා ඉන්නවා. දැන් වෙලාව දෙකටත් කිට්ටුයි..."

"අහ් හුම් ජිමිනා."

"හරි ටේ. හවසට මන් එන්නම් කම්පැනි එක ලගට, පීහු බබාව බලන්න යන්නත් ඕනනේ.."

"හුම් හරි ජිමින් ගුඩ් බායි..."

"බායි.."

ජිමින්ගේ කෝල් එක ඉවර උන ගමන් මන් කැවා. නැත්නම් ආයේ කතා කලොත් බැනුම් අහන්න වෙනවනේ. කලා ඉවර උනාට පස්සේ මන් ආයෙම මගේ වැඩ ටික කලා. ම්ම්... හතරයි හතලිස් හතයි. පහටත් කිට්ටුයි.මන් ෆය්ල්ස් ටික සේරම පිලිවලට හරි ගස්සලා ඔෆ් වෙලා පහලට අවා. මන් එනකොට ජිමින් ඇවිත් හිටියා.

"සොරි මන් ටිකක් පරක්කු උනා."

"ඒකට කමක් නැ ටේ මාත් දැන් ආවේ.."

"හුම් යමු."

මමයි ජිමිනුයි ඩ්‍රයිව්ර්ට කෝල් කරලා කම්පැනි එකේ බේස්මන්ට් එකට ගෙන්නගත්තා.

"කොහෙටද සර්.."

"හොබිලගේ ගෙදරට... අහ් යන ගමන් අර බේබී අය්ට්ම් තියන ෂොප් එක ගාවින් නවත්තන්න."

"හරි සර්.."

හුම් ඒක දැන් මට‍ පුරුද්දට ගිහින්. හොබිගේ චුටි බබා පීහුව බලන්න යන හැම දවසකම මන් එයාට මොනහරිම අරන් යනවා. අදත් මන් එයාට ලස්සන ටෙඩි කෙනෙක්ව ගත්තා. එත් එක්කම මන් එහා පැත්තේ තිබ්බ කොෆි ෂොප් එකෙන් චොකලට් බ්‍රව්නිස් ගත්තා. ඒවා අපේ ලොකු බබා හිජීන්ට.ඔක්කොම අරගෙන එහෙට යනකොට හයත් පහු වෙලා.

"ඔප්පා...."

දොර ලග හිටපු හීජින් එකපාරටම මගේ කරට පැන්නා.

"යා යා මගේ බෙල්ල..අතාරිනවා...."

"බැ... "

"අතරිනවකෝ මේ ජිමින් ඉන්නේ එයාගේ කරේ එල්ලෙනවා."

"අය්ගෝ ඔප්පා ජිමිනි ඔප්පා කොටයි නේ හේ හේ.."

"යා හිජීනා....."

ජිමින්ගේ ටොකු පාරකුත් කාගෙන හීජින් අපි දෙන්නව ඇතුලට එක්කන් ගියා.

"කෝ මගේ පීහු..."

"කාමරේ ඇති එයාගේ අප්පා එක්ක..."

"හුම්.චේන්ජ් කරන් යන්නම් පීහුව බලන්න."

"හුම්.."

හීජින් මුණ ඇද කරන් කිව්වා.

"මොකෝ මේ?"

"පීහුට ටෙඩි කෙනෙක් ගෙනල්ලා මට‍ තමා මුකුත් නැත්තේ. හුම්."

කටත් උල් කරන් කියන විදිය.

"අහ් ඒකද මේ?"

"හුම්."

"මේ බැග් එකේ බ්‍රව්නි ඇති අරගෙන කනවා."

"අනා.... තැන්කු ඔප්පා... ආදලෙයි උම්මා..."

"හරි හ‍රි..."

මන් එහෙම කියලා ජිමින් එක්ක ආවේ හොබී ලගේ ගෙදර තියන අපි දෙන්නගේ රූම් එකට. ඔව් අපි දෙන්නා නිතරම මෙහෙ එන නිසා අපිටත් රූම් එකක් වෙන් කරලා තිබුනේ. විනාඩි දෙක තුනට වොෂ් කරලා ජිමිනවත් දාලා මන් කෙලින්ම ගියේ පීහු බබා ලගට.මන් යනකොට කාමරේ දොර ඇරලා හොබී බබාව හුරතල් කරනවා.

"ම්හ්.. ම්හ්..."

"මන් එන්නද?"

"එන්න එන්න. දැන්ද ආවේ උබ? හීජින් මට‍ කිව්වෙත් නැ."

"දැන් ටිකක් වෙලා. කෝ මගේ පැටියව මට‍ දෙන්න."

"ආ ආ ගන්න. කෝමත් පීහු අපි සේරටම වඩා උබටනේ ආදරේ. "

ඒම කියන ගමන් හොබී මගේ අතට පීහුව දුන්නා.

"හම්මෝ බරයි නේ මෙයා දැන්.."

"ඔව් දැන් මාස නවයක් නේ."

"හුම්.."

මන් පීහුව අරන් මගේ ඔඩොක්කුවෙන් තියාගෙන එයා එක්ක සෙල්ලම් කලා. පීහුත් හරි හරියට මාත් එක්ක සෙල්ලම් කරනවා.අපි සෙල්ලම් කරන අතරතුර මන් එයාට ගෙනාපු ටෙඩි ව අරන් හිජිනුත් කාමරේට අවා. ටෙඩිව දැක්ක ගමන් කෙල්ලගේ මුණ සතුටින් දිලිසුනා.හුම් එයා අනිත් අයට වඩා මාත් එක්ක හ‍රි එකතුයි.මන් පුලුවන් හැමවෙලේම පීහුව බලන්න එන්නේ ඒකෙන් මට‍ හ්යුන්ග් නැති පාළුව මකා ගන්න පුලුවන් නිසා.ටික වෙලාවක් සෙල්ලම් කරලා මහන්සියටද කොහෙද කෙල්ලට මගේ අතේම නින්ද ගිහින්.හිජිනුත් කාමරෙන් ගිය නිසා මන්ම කෙල්ලව හෙමින් කොට් ඒකෙන් තියලා ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා. රෝස කම්මුල්, රෝස තොල්, කට ලග තියන බර්ත් මාර්ක් එක, චුටි අතපය. හුම් එයා හරිම ලස්සනයි. එයාගේ බර්ත් මාර්ක් එක දකින හැමවෙලම මට‍ මතක්‌ වෙන්නේ මගේ එන්ජල් කුකී හ්යුන්ග්ව. ඔව් එයාගෙත් එතනම බර්ත් මාර්ක් එකක් තියෙනවා. දැන් හ්යුන්ග් මොනවා කරනවද දන්නේ නැ. කෝල් එකක් අරන් බලන්න ඕන. මෙහෙ වෙලාව අටයි කියන්නේ එහෙට තාම දවල් එකයි. හුම් එයා ලන්ච් බ්‍රේක් එකේ ඇත්තේ ටිකක් හරි කතා කරන්න ඕන.මන් බැල්කනි එකට ඇවිත්  හ්යුන්ග් ට කෝල් එකක් ගත්තා.

"හ්යුන්ග්..."

"ටේ ටේ...."

"වැඩ ද?"

"නැහැ ලන්ච් බ්‍රේක්."

"හුම්."

මන් හිතුවා හරි.

"ඇයි ටේ ටේ කතා කලේ."

"නිකන් අද පීහුව බලන්න අවා. එතකොට ඔයාවත් මතක උනා."

"හ්ම්ම්.. කැහැ.. ක්‌.. කැහැ ක්ක්...."

"හ්යුන්ග් මොකද උනේ? ඔයාට සනීප නැද්ද?"

"අනි ටේ ටේ... කැහැ ක්ක්...ම්හ්... මන් හොදින්.."

"හුම්."

"ජන්කුක් බෙහෙත් ගන්න වෙලාව. කෝ මේක බීලා ඉන්න."

හ්යුන්ග්ගේ එහාපැත්තෙන් ඇහුනු ඒ කටහඩ අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නැ. ඔව් ඒ කරීනා එයා හ්යුන්ග්ගේ ප්‍රය්වට් සෙකට්‍රි නිසා හ්යුන්ග් එක්කම පැරිස් ගියා. අහ්.. ඒ කෙල්ල කොහොමද හ්යුන්ග්ගේ නම කියලා කතා කලේ?

"හ්යුන්ග්...."

"ආ ගුඩ් බායි ටේ ටේ මන් තියනවා සරන්ග්හේ..."

"සරන්ග්හේ."

මාත් කෝල් එක කට් කරලා බැල්කනියෙම ඉදන් අහස බලන් හිටියා.නොදැනීම මගේ ඇස්වලින් කදුළු ගලන් ගියා. ඒ අද උන දේ හින්දා විතරක් නෙවේ. ලගකදී ඉදන් හ්යුන්ග් හරියට වෙනස් වෙලා. මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැ. කතා කලත් නිකන් ඕනවට එපාවට වගේ. ඇයි ඒ? මන් ඒ ඇයි කියලා හ්යුන්ගෙන් ඇහුවත් එයා ඒ හැමවෙලේම මොකක් හරි කියලා ඒක මග ඇරියා. ඔයාට ටේ ටේ ව එපා වෙලාද හ්යුන්ග්......

********************************

Hi guys bye ladies......

ඔන්න දුම්නා.....

ජන්කුක්ගෙයි කරීනාගෙයි අතර මොකක් හරි තියනවද දන්නේ නැ නේද?

ඒනම් මන් ගියා.

පරිස්සමින් ඉන්න.

See yaaaa.........

Love yaaaa.... ❤

Comment