TWO

"ඩිරෙක්‍ට' ජන්ග්කුක්ට හොදටම කේන්ති ගිහින් වගේ..."


සිහින් හිනාවක් එක්ක තමන් දිහාවට ළං වෙන ටේහ්‍යුන්ග් දිහා ජන්ග්කුක් බලන් හිටියේ ඇස් පිල්ලම් නොගහා...අනිවාර්යෙන්ම කෙනෙක්ගේ සිහිය නැති කරන්න තරම් ටේහ්‍යුන්ග් කඩවසම් වුණා...


ඔහු රතු පාට හා කළු පාට කොටු වලින් හැඩවුනු ස්වීටර් එකක්, කළු පාට ජීන්ස් එකක්, සුදු පාට padded jacket එකක්, කළු පාට boots දෙකකින් වගේම රතු පාට ice cap එකකින් සැරසිලා හිටියා...






දකුණු අත ජැකට් එකේ සාක්කුවටත්, වම් අතේ දුරකතනයත් රඳවගෙන ජන්ග්කුක්ට සමීප වුණ ටේහ්‍යුන්ග් ඔහු දිහා බලාගෙනම දුරකතන ඇමතුම විසන්ධි කළා...


තවමත් දුරකතනය කණ අසල තියාගෙන හිටිය ජන්ග්කුක් ඇමතුම විසන්ධි වුණාට පස්සේ ඇහෙන බීප් හඬින් නැවත හරි සිහියට ආවා...


"I'm sorry Director Jungkook...මම ටිකක් පරක්කු වුණා. වෙනදට මාව ඇහැරවන කෙනත් අද වැඩිපුර වෙලා නිදාගෙන. ඊයේ රෑ නිදාගන්න කොට ටිකක් පරක්කු වුණා...දන්නවනේ ඉතින් ශීතල රාත්‍රීන් උණුසුම්ව ගත කරන්න ඕනිනේ"


තමන්ගේ ඇස් දිහාම බලාගෙන ටේහ්‍යුන්ග් කිව්ව අවසාන වාක්‍ය නිසා තමන්ගේ කම්මුල් රත් වෙනවා වගේ දැනුනු ජන්ග්කුක් අහක බලා ගත්තා.


"ඉක්මනට එන්න මිස්‍ටර් ටේහ්‍යුන්ග්. අපි දැනටමත් පරක්කුයි..."


"අනික ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න මට මෙතනට අදාළ වෙන්නේ නෑ. ඒකත් හොදට මතක තියාගන්න"


කෙලින්ම ටේහ්‍යුන්ගේ මූණට කියලා දාපු ජන්ග්කුක් එතනින් යන්න හැරුනම් ටේහ්‍යුන්ග්නුත් ඒ පසෙන්ම ගියා...


"මතියස්...ඉක්මනට මෙයාව රෙඩි කරලා ගන්න"


තමන්ගේ පුටුවට යන ගමන් හිටිය ජන්ග්කුක් උසට හදපු කූඩාරමේ ඉන්න make up artist ට ටේහ්‍යුන්ග්ව ඔලුවෙන් පෙන්නලා යන්න ගියා


ජන්ග්කුක් යන දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ග් හරි සිහියට ආවේ make up artist එයාට ඇතුළට කතා කළාට පස්සේ...


මතියස් ටේහ්‍යුන්ග්ව සූදානම් කරන සම්පූර්ණ වෙලාවෙම ටේහ්‍යුන්ග් කළේ සිහින ලෝක වල සැරිසරපු එක


අන්තිමට මතියස් අළු පාට long jacket එක ගෙනල්ලා ටේහ්‍යුන්ග්ට අන්දන වෙලාවෙත් ඔහු තනියෙන් හිනා වුණා...


අඩු පාඩු ඔක්කොම ඉවර කරපු මතියස් ටේහ්‍යුන්ගේ ඉස්සරහින් අයින් වෙලා ඔහුට එළියට යන්න පාර හදලා දුන්නා...


හිනා වෙලා එතනින් සමුගත්ත ටේහ්‍යුන්ග් ඊලගට ගියේ එයා එක්ක act කරන්න ඉන්න actress ළගට...

Comment