FIVE

ඉර අවරට ගිහින් සම්පූර්ණ හඳ අහසේ පායලා රත්‍රිය උදා වෙලා තිබුණා


හඳේ තනි මකන්න තරු හිටියට ටේහ්‍යුන්ගේ තනිකම මකන්න එයාගේ ආදරේ තාම ගෙදර ඇවිල්ලා හිටියේ නෑ


Parkside Pyha නමින් හදුන්වන service apartment එකක ටේහ්‍යුන්ග් හා ටේහ්‍යුන්ගේ ආදරය නවාතැන් අරගෙන ඉන්නවා


ඒක නිවාස පේළියක්. නිවසට ඇතුල්වෙන්න ලී වලින් තනපු කෙටි පඩිපෙළක් තියෙනවා. නිවසේ බිත්ති සියල්ලක්ම පාහේ විවිධ වර්ගයේ ලී වලින් ගොඩනගලා වර්ණ ගන්වලා තියෙනවා. සිවිලිමේ පහළ ඉදන් පොළොව මට්ටමින් අඩියක් විතර උසට වීදුරු ජනෙල් සවි කරලා අවට පරිසරයේ විචිත්‍ර බව නරඹන්න පදිංචිකරුවන්ට අවස්ථාව උදා කරලා තිබුණා.



මුළුතැන්ගෙය, සාලය, coffee spot එකක්, නිදන කාමරයක්, attached bathroom වගේ දෙදෙනෙකුට ජීවත් වෙන්න සෑහෙන පරිදි වගේම සුදුසු පරිසරයක් එක්ක නිවාස පෙළ ඉදි කරලා තියෙනවා.










නොමිලේ parking, wi-fi වගේම විනෝද වෙන්න, කඳු නගින්න, මාළු අල්ලන්න වගේ ක්‍රියාකාරකම් රැසක් apartment එකේ සේවාදායකයට ලබා දීලා තියෙන එකත් විශේෂ දෙයක්



වෙලාව රාත්‍රී 11:45යි. ප්‍රධාන දෙරේ අගුළු විවර වෙන සද්දෙත් එක්කම ටේහ්‍යුන්ග් පැය ගාණක් තිස්සේ බලන් හිටපු, තමන් හොයපු ඒ රූපය දැකගන්න ආසාවෙන් ඇදෙන් නැගිට්ටා


අන්තිමට ඒ කෙනා නිදන කාමරයේ දොරත් විවර කරන් තමන් ඉස්සරහා හිටන් ඉන්නවා දැක්කම ටේහ්‍යුන්ගේ ඇස් සතුටින් දිලිසුනා...


කළු කැප් එකක්, අළු ස්වීටර් එකක්, කළු ජීන්ස් එකකින් සැරසිලා අතේ බෑග් එකක් රදවන් හිටිය පුද්ගලයා වෙහෙසට පත් වුණ පෙනුමකින් දොර ළග හිටගෙන හිටියා...


"මෙච්චර වෙලා මොකද කළේ ලව්.."


ටේහ්‍යුන්ග් මූණ දුකින් පුරවගෙන අහද්දි මහන්සියෙන් හෙම්බත් වෙලා තිබුණ අනිත් කෙනාගේ මූණ ක්ෂණයෙන් කෝපයට හැරුණා


"මම මොනා කළත් තමුන්ට මොකද ටේහ්‍යුන්ග් "


ඒ කෙනා රතු වුණ ඇස් එක්ක ටිකෙන් ටික ඉස්සරහට එද්දි ඒ කතා කරපු විදිහට පුදුම වුණ ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුණා...


"මො...මොකක්ද "


තමන්ට ඇහුන දේ ඇත්තමද කියලා විශ්වාස කරන්න බැරි වුණ නිසා ටේහ්‍යුන්ග් ආයිමත් කතා කරාම කලින් වගේම සැර පරුෂ පිළිතුරක් ලැබෙද්දි ටේහ්‍යුන්ගේ ඇඟ ගල් වුනා වගේ දැනුනා


"කලින් තමුන්ට ඇහුණ දේ තමයි මං කිව්වේ"


ඒ කෙනා ටේහ්‍යුන්ග් දිහා රවලා බලන ගමන් අතේ තිබුණ බෑග් එක මේසේ උඩින් තිබ්බා...


"මොකද වුණේ ලව්...ඇයි මේ "


කදුළු පාලනය කරගෙන ඒ කෙනා ළඟට ගිය ටේහ්‍යුන්ග් එයාගේ වැලමිටෙන් අල්ලලා තමන්ගේ පැත්තට හරවගෙන අහද්දි අනිත් කෙනා ටේහ්‍යුන්ග්ව තල්ලු කළා


"තමුන්...තමුන් තමයි මේ හැමදේකටම මුල ටේහ්‍යුන්ග් "


"ඇයි...ඇයි කියනවා ඒක අමතක කළේ..."

Comment