SEVEN

"SURPRISE!! "


"ඔයාලා...ඔහ්..."


තමන්ගේ ඉණ වටේ අත් දෙකක් එතෙනකොට ටේහ්‍යුන්ග් ගැස්සුනත් ඒ ජන්ග්කුක් කියලා අදුර ගත්තම ටේහ්‍යුන්ග්ට මතක් වුණේ මීට ටිකකට කලින් එයා හැසිරුණ විදිහ...


"කුක්...මෙයාලා...ඔයා..."


"මොනවද වෙන්නේ කුක් "


ප්‍රශ්න ගොඩක් එක්ක ඔලුව පැටලුනු නූල් බෝලයක් වගේ වෙලා තියෙනවා දැනෙද්දි ටේහ්‍යුන්ග් තවමත් පුදුම වුණ විදිහටම වචන ගැට ගහගත්‍තා...


"HAPPY BIRTHDAY MY LOVE"


හරියටම රාත්‍රී 12 කිණිසම වදිද්දි ටේහ්‍යුන්ග්ව තවත් තමන්ගේ ඇඟට තද කර ගන්න ගමන් කණ ළඟට ළං වෙලා කියපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කම්මුලකින් හාදුවක් තිබ්බා...


"අහ්ම්...පස්සේ මඟුල් නටන්න පුළුවන්...දැන් අපිට ඇතුළට එන්න දීපන්...මේ කේක් එකත් බරයි"


යුංගි නෝක්කාඩු ස්වරයෙන් කියන කොට ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් හිනාවෙලා දොර ළඟින් එහාට වුණා


"උබටත් ඉතින් මේ මහ රෑම surprise කරන්න ඕනි වුණානේ...මේ මිනිස්සුන්ට නිදා ගන්නත් නෑ"


ආයිමත් යුංගි ඇනුම් පද කියද්දි අනිත් අයට තේරුණා ඒ මොකක් නිසාද කියලා...


වෙච්ච දේවල් සහ වෙන දේවල් ටික ටික තේරුම් යද්දි ටේහ්‍යුන්ග් හිත ඇතුළෙන් ගොඩක් සතුටු වුණා...පිටතට පේන එයාගේ ලස්සන boxy smile එක, සතුටින් දිලිසෙන ඒ ඇස් නිසා අනිත් අයටත් පෙනුනා ටේහ්‍යුන්ග් ඉන්නේ කොච්චර සතුටකින්ද කියලා...


ක්ෂෙත්‍රයේ අවුරුදු ගාණක් ඉන්න එයාලගෙම සහෝදරයෝ ටිකක් වුණ ජින්,යුංගි,හෝසොක්,නම්ජුන් සහ ජිමින් එක්ක තවත් යාලුවෝ කිහිප දෙනෙක් අද ටේහ්‍යුන්ගේ උපන්දිනේ සමරන්න ඇවිල්ලා හිටියා


"දැන් ඉතින් හිනා වුණා ඇති...මේ ඉටිපන්දම් ටික නිවලා විෂ් එකක් කරපන් බන්...වෙලා යනවා"


කේක් එක කපනකල් ඉවසන් ඉන්න බැරි වුණ ජිමින්, ටේහ්‍යුන්ග්ව කේක් එක තිබුණ මේසේ ළඟට තල්ලු කරන ගමන් කිව්වාම හැමෝම හිනා වුණේ ජිමින්ගේ හැටි දන්න නිසා


ටේහ්‍යුන්ග් ඇස් දෙක වහගෙන විෂ් එකක් කරලා ඉටිපන්දම් ටික නිවන්න කලින්ම ඒකට පිබපු ජිමින් දත් ටික විරිත්තලා ටේහ්‍යුන්ගේ අතට පිහිය දුන්නම අනිත් අය ඔලුවේ අත ගහ ගත්තේ ජිමින්ව එක්කන් ආපු එකට පසුතැවෙන ගමන්...


කේක් එක කපලා මුලින්ම ජන්ග්කුක්ට කැව්ව ටේ ඊට පස්සේ තමන්ගේ වටේ හිටපු හැමෝම ළඟට ගිහින් කේක් කෑල්ලක් කැව්වා


හැමෝම ටේහ්‍යුන්ග්ට විෂ් කරලා ගෙනාපු තෑගි නත්තල් ගහ ළග බිමින් තියද්දි ඒ හැමෝටම ස්තූති කරපු ටේහ්‍යුන්ග් අන්තිමට ජන්ග්කුක් ළඟට ගියා...

Comment