ONE

අවුරුද්දේ අවසාන මාසය දෙසැම්බර්, බොහෝ දෙනාට විවේකීව නිදහසේ ගත කරන්න හැකි වුණත් සමහරෙක්ට එය විවේකී වගේම නිදහස් නොවෙන්න පුලුවන්.


මේ ෆින්ලන්තය...දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ෆින්ලන්තයේ ශීත මාස විදිහට නම් කරනවා.දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපය එළඹුනත් එක්තරා පිරිසක් තවමත් තමන්ගේ රාජකාරි වල නියැලෙනවා


නත්තල පහු වෙලා දින 4ක් පමණ ගත වුණත් නත්තල් අසිරිය තවමත් ෆින්ලන්තයෙන් වසන් වෙලා ගිහින් නෑ...


කෙමිජාර්වි (Kemijärvi) යනු ෆින්ලන්තයේ පිහිටා තිබෙන ප්‍රසිද්ධ රූගත කිරීම් සිදුකරන නගරයක්


ගස් මුදුන් වල ඉදන් පොළොව දක්වාම හිම වලින් වැහිලා ගිහින්.උෂ්ණත්වය ඍන අගයන් වල පවතින නිසා දැනෙන සීතලෙන් අඩුවක් නෑ.උස් ස්ථානයක ඉදන් බැලුවාම මුළු පළාතම සුදු රෙද්දකින් වහලා වගේ පේනවා...





"ආයිශ් ජූහෝ...මම කිව්වා ඔය මනුස්සයට උදේම කෝල් කරන්න කියලා.කම්මැලිකමට තාමත් හොදට පොරවගෙන නිදි ඇති"


ජොන් ජන්ග්කුක්, ප්‍රසිද්ධ වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්...කලාවට හොද නිර්මාණ දායාද කරන්න බලාපොරොත්‍තුවෙන් උපරිමයෙන් වෙහෙසෙන චරිතයක්...


අධික ශීතල නිසා උදෑසන රූගත කිරීම් නොකර දහවල් කාලයේ රූගත කිරීම් ආරම්භ කරන්න හිතාගෙන ආවත් පෙර දැනුම්දීම් කිසිවක් කනකට නොගෙන තවමත් අදාළ ස්‍ථානයට ඇවිත් නැති ගීතයේ රූප රචනාවේ ප්‍රධාන නළුවා රටේ සුප්‍රසිද්ධ, කඩවසම්, බොහෝ දෙනාගේ ඒක පාර්ශ්වික ප්‍රේමය, තමන් ඉන්න රටට අභිමානයක් ගෙන දෙන තරුණ නළු කිම් ටේහ්‍යුන්ග් තමන්ට නොඇසෙනා බැනුම් වලින් බේරිලා සුවසේ ඉන්න අතරේ කාර්යමණ්ඩලයේ සාමාජිකයෝ තමන්ට ඇහෙන බැනුම් වලින් පීඩා විදිනවා...


"ගන්නවා ආයි කෝල් එකක්...මේ සැරේ මං කතා කරන්නම්"


අවට කොතරම් ශීතල වුණත් මේ වෙලාවෙදි රත් වෙලා ඉන්න අධ්‍යක්ෂක ජන්ග්කුක් තමන්ගේ සහයකයගේ ඇගට කඩන් පැන්නා...


"සර් රිංග්ස් යනවා.මෙන්න...ගන්න..."


ජූහෝටත් රවලා ඔහුගේ අත ගැලවිලා යන්න තරම් වේගෙන් ගත්ත දුරකතනය තමන්ගේ වම් කනේ තියා ගත්ත ජන්ග්කුක් ටිකක් ඈතට ගිහිල්ලා ටේහ්‍යුන්ග්ට බනින්න කට හදාගෙන හිටියා...


"Hello..." රිංග්ස් තුන හතරක් යද්දි දුරකතනයේ අනික් පසින් පිළිතුරු ලැබෙද්දි ජන්ග්කුක් කතා කරන්න පටන් ගත්තා...


"ටේහ්‍යුන්ග් තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ...මෙතන මුළු staff එකක්ම කාලේ කාගෙන තමුන් එනකල් බලන් ඉන්නවා...තාමත් නිදිද...නැත්තන් කොහෙද ඉන්නේ...ඉක්මනට එනවා...විනාඩි 45 ගමනට තමුන්ට පැය 2ක් විතර යනවද"


"ඔහ්...කලබල වෙන්න එපා මිස්‍ටර් ජන්ග්කුක්...මම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ"


දුරකතනයෙන් ඇහුව ප්‍රශ්න වලට තමන්ගේ අවටින් පිළිතුරු ලැබෙද්දි දුරකතනය කනෙන් ඈත් කරලා ස්ක්‍රීන් එක දිහා බලපු ජන්ග්කුක් ආයිමත් දුරකතනය කනේ තියා ගත්තා...


"ටේහ්‍යුන්ග් මාව ඇහෙනවද"


"ඔච්චර කෑ ගහන්න ඕන්නෑ මිස්‍ටර් ජන්ග්කුක්...මට ඔයාව ඇහෙනවා..." මේ සැරේ නම් ජන්ග්කුක්ට හොදටම විශ්වාසයි ඒ කටහඬ ඇහුනේ තමන්ගේ පිටිපස්සෙන් කියලා


දුරකතනය එක්ක එහෙම්මම පිටිපස්ස හැරුණු ජන්ග්කුක් දැක්කේ මේ වෙලාවේ තමන් බලාපොරොත්තු වුණ රූපය...

Comment