FOUR


"ආයිශ් ටේහ්‍යුන්ග්...ඔයා act කරන්නේ ලීඩා එක්ක නැතුව මං එක්ක නෙවෙයිනේ...ලීඩා දිහා බලන්න"


ආදරණීය ඇස් දෙකක් එක්ක මෙච්චර වෙලා ජන්ග්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග්ව ලීඩගේ පැත්තට හරවන ගමන් ජන්ග්කුක් කිව්වා...


"මෙහෙම කම්මුලකින් අත තියන්න...ලීඩා ඔයා ඇස් වල කඳුළු පුරවගෙන ටිකක් බය වෙන්න ඕනි...මොකද මෙයාට වෙඩි වැදිලනේ ඉන්නේ"


ටේහ්‍යුන්ගේ දකුණු අත අරගෙන ලීඩගේ කම්මුලේ තියන ගමන් ජන්ග්කුක් කිව්වත් දැක්ක දෙයින් ආයි ජන්ග්කුක්ගේ තරහා ඇවිස්සුනා


"මේ මොකද මේ!! "


"ගලවන්න ඔය මුද්ද...wedding ring එක දාගෙන act කරන්නේ කවුද ටේහ්‍යුන්ග්...ඊලග සැරේදි ඕක ගලවලා එන්න මතක තියාගන්න"


"කෝ දැන්වත් ගලවන්න ඕක"


තමන්ගේ අතක් ඉස්සරහට දික් කරන ගමන් ජන්ග්කුක් කිව්වාම තමන්ගේ ඇඟිල්ල දිහා බලපු ටේහ්‍යුන්ග් සමාව ඉල්ලලා මුද්ද ගලවලා ජන්ග්කුක්ගේ අත උඩින් තිබ්බා...


මුද්ද ජූහෝට දීපු ජන්ග්කුක් ආයි වැඩ පටන් ගන්න තමන්ගේ පුටුව ළඟට ගියා


කියන්නේ ටේහ්‍යුන්ග් මැරීඩ්...ඔව් ටේහ්‍යුන්ග් මැරි කරලා දැනට අවුරුද්දකටත් වැඩියි. ක්ෂේත්‍රයේ කෙනෙක්ම මැරි කරලා ඉන්න නිසා පිට තැන් වල කොහොම හැසිරුනත් එයාලා ගැන හැමෝම දන්නවා. කොහොම වුණත් හැමෝමදෙන්නටම කලින් වගේම වෙනසක් නැතුව ආදරේ කරනවා.


Muiden kanssa en halua
sopia en yhteen enkä riitoja
ja kirjoitan vieraskirjoihin lauseita
vain sinusta
Milloin saan piilottaa sinut muilta?
.
.
.
.
Jäädään kahdestaan ensi kevääseen
autoon ruostuvaan, tyhjään risteykseen
lumeen peittyvään, onneen pimeään


Onneen pimeään


____________________________________________


I don't want to be with others
I agree not to argue
and I write sentences in guestbooks
just about you
When can I hide you from others?
.
.
.
.
And no one ever looks for us
We'll be alone next spring
to a rusty, empty intersection in a car
covered in snow, in the dark of happiness


Good luck in the dark


~Pimeä onni
[Song by Jippu & Samuli Edelmann]


"Good! Good!!"
"And cut!!!"
"Welldone!"


අත්පුඩි ගහන ගමන් නැගිට්ට ජන්ග්කුක් හිනාවෙලා කිව්වා.


පැය කිහිපයක් ගත වෙලා හවස් වරුවත් උදා වෙද්දි shooting එක සාර්ථකව ඉවර කරන්න පුලුවන් වුණා.


අවසානයේ හැමෝගෙම මහන්සියට ස්තූති කරන්න වගේම හැමෝටම සමුදෙන්න එතන හිටිය කවුරුත් අමතක කලේ නෑ...


ඩිරෙක්ට' ජන්ග්කුක් ලීඩාට වගේම ටේහ්‍යුන්ග්ටත් සුබ පතන්න හිතාගෙන එයාලා හිටපු තැනට ගියා


"Good job liida" නොවෙනස් වුණු හිනාව එක්කම ජන්ග්කුක් ආදරෙන් ලීඩව වැලද ගත්තා


ලීඩට සමුදීලා ඩිරෙක්ට' එනකල් බලන් හිටිය ටේහ්‍යුන්ග් ජන්ග්කුක් තමන් ළඟට එද්දි අත් දෙක දෙපැත්තට විහිදවලා වැලද ගැනීමකට ආරාධනා කළත් ජන්ග්කුක් කළේ තමන්ගේ දකුණු අත ඉස්සරහට දික් කරලා hand shake කාරපු එක


හිනාවෙලා ජන්ග්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ගේ හිනාව තත්පරයකින් නැති වෙද්දි අත් දෙක තමන් ළඟට අරගෙන ඔහුත් මවාගත්ත හිනාවක් එක්ක ජන්ග්කුක්ට අත දික් කරා...


"Good job Taehyung"


"Thank you"


හිත ඇතුළෙන් දැනුන වේදනාව නොසන්සුන්කම මැඬගෙන ටේහ්‍යුන්ග් කතා කරා


ඒ වචන ටික Director Jungkook වගේම Actor Taehyung දෙන්නගේ එදින අවසාන කතාබහ වුණා...


____________________________________________


උඩ දාලා තියෙන සිංදුව මේ කතාවට කිසිසේත්ම අදාළ නෑ හරිද...ඒක මං දැම්මේ finnish language එක නිසයි winter එකේදි shoot කරලා තියෙන නිසයි විතරමයි😁❤️

Comment