SIX

"මොකක්ද...මොකක්ද මම අමතක කළේ "


බෙල්ලත් ටිකක් ඇල කරලා කම්මුල් දිගේ බේරිලා යන කදුළු එක්ක තමන් ළග හිටන් ඉන්න ටේහ්‍යුන්ග්ව දැක්කම අනිත් කෙනා එයා අල්ලන් හිටපු ටේහ්‍යුන්ගේ උරහිස් අත ඇරලා ගැඹුරු හුස්මක් ගත්තා...


"ඔයාගේ wedding ring එක "


අන්න ඒ වෙලාවෙදි තමයි ටේහ්‍යුන්ග්ට එයා දවල් ගලවලා දීපු රින්ග් එක මතක් වුණේ


"කෝ...කෝ තමුසෙගේ මුද්ද "


ටේහ්‍යුන්ගේ දකුණු අත උස්සලා හොලවන ගමන් අහද්දි ටේහ්‍යුන්ග් කතා කරන්න පටන් ගත්තා


"ඇයි මං ඒක- "


"තමුසේ උදේ ඒක ගලවලා දුන්නට ආපහු එද්දි අරන් එන්න අමතක වුණානේ "


ටේහ්‍යුන්ග්ට වැඩි දෙයක් කියන්න නොදීම ජන්ග්කුක් කතා කරා


"ඉතින් ම..මම වුවමනාවෙන්ම අමතක කළේ නෑනේ...වැරදීමකින් අමතක වුණා...මට සමාවෙ-"


ටේහ්‍යුන්ග් කියවන් යද්දි ටේහ්‍යුන්ග්ව අත ඇරපු ජන්ග්කුක් හයියෙන් හිනා වුණා


"වැරදීමකින් අමතක වුණා..හහ්..මොන විහිලුවක්ද ටේහ්‍යුන්ග් "


"කාටද තමන්ගෙම මඟුල් මුද්ද කොහෙවත් දාලා එන්න තරම් සිහියක් නැති වෙන්නේ ආහ්.."


"කියනවා!! "


මුල් ටික හඬ බාල කරලා කිව්වත් අන්තිම ටික නහර ඉලිප්පෙන තරම් හයියෙන් කෑ ගහලා කිව්වාම ටේහ්‍යුන්ග්ට කෙළ ගිලින්නත් අමතක වුණා


"තමුන් නිසා මං අද හැමෝම ඉස්සරහා විහිලුවක් වුණා...තමුසෙගේ හස්බන්ඩ් අද හැමෝටම විහිලුවක් වුණා...දන්නවද මං කොච්චර ලැජ්ජ වුණාද කියලා "


"ජූහෝ මට මුද්ද ගෙනල්ලා දුන්නාම මාත් එක්ක ස්ටාෆ් එකේ හිටපු හැමෝම , බාල-වැඩිහිටි , මගේ වයසේ එකෙක් නෑර තමුසෙගේ මේ වැරැද්ද නිසා මට හිනා වුණා ටේහ්‍යුන්ග්..."


"දන්නවද එයාලා මොනාද කිව්වේ කියලා.."


"බැඳලා අවුරුද්දක් යද්දි මගුල් මුද්ද අමතක වුණා නම් තව ටික කාලයක් යද්දි එයාට උබවත් අමතක වෙයි මචන්...උබ නිසාම හොදයි ඉතින්...දැන්මම වෙන අතක් බලා ගත්තොත් නරකද...කොහොමත්නම ගිය නළුවෙක්නේ බන්...ඇක්ටින් කියන්නේ එයාට සුලු දෙයක්..."


ඒක ඇහුවාම නම් මෙච්චර වෙලා බිමට හරවන් හිටපු ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බලපු ටේහ්‍යුන්ග් වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවා


"නෑ කුක්...trust me..."


"එයාලා කොහොමද මේ පුංචි දේට එච්චර පහත් කතා කියන්නේ...ඉන්නකෝ මං එයාලට කතා කරන්න "


ෆෝන් එක අරන් ටේහ්‍යුන්ග් කෝල් එකක් ගන්න හැදුවම ජන්ග්කුක් ඒක ඇදලා අරගෙන විසි කරපු පාර ෆෝන් එක කෑලි කෑලි වලට කැඩිලා ගියා


ඒ ජන්ග්කුක් ගිය අවුරුද්දේ ටේහ්‍යුන්ගේ උපන්දිනේට දීපු එක තෑග්ගක්...ඒ ෆෝන් එක වගේම ටේහ්‍යුන්ග්-ජන්ග්කුක් අතර තියෙන බැඳීමත් කැඩිලා යයිද?!


කට කොණින් හිනා වුණ ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ළඟට ඇවිත් තමන්ගේ අතකින් ටේහ්‍යුන්ගේ කම්මුල් දෙක අල්ලගෙන එහෙම්මම ටේහ්‍යුන්ග්ව බිත්තියට තියලා තද කරා


"දැන් මොනා කියන්නද ටේහ්‍යුන්ග්...වෙච්ච දේවල් වෙලා ඉවරයි...කාලය ආපස්සට හරවන්න බෑනේ...ඉස්සරහටවත් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරනවා මට තමුසෙව එපා වෙන්න කලින් "


"මේ පලවෙනි සැරේ නිසා මං සමාව දෙන්නම්...ආයි මෙහෙම දේවල් වෙන්න බෑ..."


ටේහ්‍යුන්ගේ කදුළු පිරුණු ඇස් දිහා බලන් ඒ ටික කියලා වේගෙන් අත ගසපු ජන්ග්කුක් තමන්ගේ සාක්කුවෙන් ගත්ත මුද්ද ටේහ්‍යුන්ගේ අත උඩින් තියලා ආයි හැරිලා බලන්න මහන්සි නොවීම බාතෲම් එකට ගියා...


මුද්දත් අතේ ගුලි කරගෙන එහෙමම බිත්තිය දිගේ රූටලා ගිහින් බිමින් ඉදගත්ත ටේහ්‍යුන්ග් කකුල් දෙක ළං කරගෙන ඇඬුවා


ඒක පුංචි අත් වැරැද්දක් උනාට තමන්ගේ සැමියා පිරිසක් ඉස්සරහා ලැජ්ජ වුණ නිසා ටේහ්‍යුන්ග් දුක් වුණා...ඊටත් වඩා ජන්ග්කුක්ගෙන් මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු නොවුණ නිසා ඔහු තවත් දුක් වුණා


තව විනාඩි ගාණකින් හෙට දවස උදා වෙනවා..ඒ කියන්නේ ටේහ්‍යුන්ගේ උපන්දිනේ...හෙට දවස ජන්ග්කුක් එක්ක සතුටින් ගත කරන්න ප්ලෑන් කරපු විදිහ ටේහ්‍යුන්ග්ට මතක් වුණා...


ඔහු බලාපොරොත්තු වුණේ මීට වඩා හාත්පසින්ම වෙනස් රැයක්


තමන්ගේ සැමියගෙන් ලැබෙන පුංචි පුදුම කිරීමක්...පුංචි තෑගි එක්ක හාදු ගොඩක්...පුංචි සැමරීමකින් පස්සේ ඒ අත් වලින්ම වඩාගෙන ඇවිත් ඇවිස්සුන හැඟීම් එක්ක ගත කරන උණුසුම් රාත්‍රියක්...පහුවදාට නැගිටලා එහෙ මෙහෙ ඇවිදින ගමන් පොඩි ළමයින්ව සතුටු කරන්න එයාලා සංවිධානය කරපු සිංදු සාදය...තමන් දුන්න තෑගි බලලා උඩ පැනලා සතුටු වෙන පුංචි ළමයි දිහා බලන් ඉන්න...ප්‍රශ්න නැතුව නිදහසේ කාලය ගත කරන්න...


මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ගොඩක් සතුටු වෙන්න ටේහ්‍යුන්ග් බලාපොරොත්තුවෙන් හිටියා...


ඒත් ඒ හැම එකක්ම ඉර එළිය වැටුණාම දිය වෙලා යන අයිස් වගේ නැති වෙලා ගියා...


ටේහ්‍යුන්ග් කල්පනා ලෝකෙන් එළියට ආවේ බෙල් එක වදින සද්දෙත් එක්ක


නැගිටලා මුද්ද තමන්ගේ ඇඟිල්ලට දාගත්ත ටේ කදුළු පිහිදගෙන බාතෲම් එක දිහා බැලුවා


ඇහෙන වතුර සද්දේ නිසා තාමත් ජන්ග්කුක් ඇතුළේ කියලා තේරුම් ගත්ත ටේහ්‍යුන්ග් මේ වෙලාවේ බෙල් කරන්නේ කවුද කියලා හිත හිතම කාමරෙන් එළියට ආවා...


"කව්- "


Apartment එකේ වැඩ කරන කවුරු හරි කියලා හිතපු ටේ හිනාවෙලා දොර ඇරියත් දැක්ක දේ නිසා ඇස් දෙක ලොකු වුණා...

Comment