7🫀✨

සහීගේ මානයෙන්....

උදේ පාන්දරින්ම ඇහැරිලා නාලා සුදු ශර්ට් එකට නිල් පාට ඩෙනිමක් ඇදගෙන මන් හිටියෙ දේව් එයාගෙ යාලුවො එක්ක එනකන්...අද පොසොන් නිසා අපි ඇවිදින්න යන්න කියලා...ඊයෙ කියපු විදියටම දේව් යාලුවොත් කතා කරගෙනම ආවා...වෙනදා කාර් එකෙන් යන එයාම අද බයික් එකෙන් ආවා....

ආහ් කොල්ලා...

නෙතුන්....

ඉතින් ඉතින්...දැන් දෙන්නා ප්‍රේමයෙන් වෙලිලා නේද...

නිකන් ඉන්නවා නෙතුන්...කොල්ලාව ලැජ්ජ නොකර...

ආ ආ...අනේ මේ නවීන්...තමුසෙ කටවහන් ඉන්නවා...මන් කතා කරේ සහී එක්ක...එනවා මෙතන...අනික තෝ මට බොම්බයි මොටයි එකකින් ණයයි හරිද...මන් තමුසෙව තියන්නෑ...ඕක අරන් දෙනකන්ම මන් තමුසෙගෙන් පලිගන්නවාමයි නවීන්...මට තමුසෙව පේන්න බෑ....

අනේ මේ බබා...මන් තමුසෙට ඕක අරන් දෙන්නම්...කට වහගෙන ඉදපන්....

අන්න එහෙම ඉදපන්....

අපෝ....කොයි වෙලෙත් පොර කුකුල්ලු වගේ කාගන්නවා...ඇත්තමයි නෙතුන් මට තමුසෙ මගේ කිඹුලා කියන්නත් ලැජ්ජයි...උස නෑ දොඩම් ගෙඩි දෙකක් තරම්...උබ කන සේරගෙම ශක්තිය යන්නෙ කටටද කොහෙද...නේද අයෝද්‍ය...

ම්ම්...

උබලගෙ කොල්ලො දෙන්නව මගේ සුදූගෙන් ඈත් කරලා තියපන් හරී...නැත්තන් මෙයත් ඔය වගේ වාචාල බලු කතා ඉගෙන ගනීවි...

ම්ම්..බොටම්ලා එහෙම වෙන්න ඕන...

ඉදලා ඉදලා අයෝද්‍ය කට ඇරියා...ඌට තියෙන්නෙත් මහා මුඩුම පෙනුමක්...හිනා කලදක් නෑ...ඒව්...සෙතුන් කියවනකොට කට දිහා බලන් ඉදියෙ හරියට මේ දැන් කන්න වගේ....ඒත් හැන්සම් අනේ...ඒ උනාට මගේ දේව් තරම් නෑ...

සහී...නගින්න...

මන් සහීගෙ බයික් එකට නැග්ගා...කපල් තුනට බයික් තුනයි..නවීන්ලා ඉස්සරහින් ගියා වෙද්දි පිලිවෙලට අපියි අයෝද්‍යලයි ආවා...අපි ඉස්සෙල්ලාම ගියේ පන්සලට වෙද්දි අනේ එතනම ආච්චි අම්මා කෙනෙක් මල් විකුන්නා...මට දුක හිතුනා...

දේව්...අපි මේ ආච්චි අම්මගෙන් මල් ගමුකො...

ඔයා තෝරගන්නකො...

මන් විතරක් මල් ගන්න ගියත් අනිත් අයත් එතනින්ම මල් ගත්තා වෙද්දි අපි හය දෙනාගෙන්ම මල් වලින් බාගෙකටත් වඩා ඉවර උනා...වැඩියෙනුත් සල්ලි දීලා අපි පන්සලට ගියා.....





අනේ බුදුහාමුදුරුවනේ...මම ඉල්ලන්නෙ එකම එක දෙයයි...කවදාවත් "අපේ" සතුට නැති වෙන්න එපා...මට මේ දැනෙන හැගීම් කිසිම දෙයක්....ඉස්සරහට සේරම නැති වෙයි කියන හැගීම්....ඒවා ඇත්ත වෙන්න දෙන්න එපා...උපරිම විදවලා ඉන්න මට තවත් දුක් දෙන්න එපා බුදු හාමුදුරුවනේ...අපි හය දෙනාව හැමදාටම සතුටින් තියන්න....

මොනවද ඉල්ලුවෙ...

ප්‍රාර්තනා කරේ අපේ සතුට.....අපි හය දෙනාගෙම සතුට....

ඔච්චර හොද වෙන්න යන්න එපා වස්තුව.....

මන් අර පැත්තට ගිහින් දේවාල වලට වැදලා එන්නම් දේව්...

ම්ම්....අරුන් ටිකව අඩගහන් එනකන් ඔයා යන්න...උන් සෙල්ෆි ගහලා ඒවි....

හරි දේව්...

මන් එහෙමම මහා දේවාලෙට ආවා...මෙතන හැන දෙවි කෙනෙක්ම ඉන්නවා...මල් ගේන්න බැරි උනත් තියන මල් වලට වැදලා ගෙනාපු පඩුරු එක ගානෙ දාගෙන ගියා...කරුමෙ කියන්නෙ මන් ප්‍රාර්තනා නොකරපු කෙනෙක් මූනට හම්බ වෙච්ච එක ගැන...

බබා...

මන් තමුන්ට කිව්වා...මන් තමුන්ගෙ බබෙක් නෙවෙයි...කරුමයක් නොවී මට පාඩුවේ ඉන්න දෙනවා....

ඒ උනාට මන් තමුන්ට ආදරෙයි සහීර්ශ...

මට තමුසෙ වගේ මිනිහෙක්ට ආදරේ කරන්න ඕන නෑ...

දැනට මාසෙකට විතර කලින් ඉදන් රනිදු මගෙ පස්සෙන් එන්න ගත්තා...මූ තනිකරම රස්තියාදු කාරයෙක් වගේ...මූව දකින එකත් මට අප්පිරියාවක්....මන් ආපහු හැරිලා එන්න හදද්දි...නෑ මට එන්න උනේ නෑ...රනිදු මගෙ අත අල්ලගත්තා...

මට යන්න දීපන්...මේක පන්සලක් රනිදු...

ඉතින්...ආදරෙ කරන්න තහනමක් නෑනෙ...

මට තමුන්ව පේන්න බෑ රනිදු...වෙන එකෙක්ව හොයාගනින්...

ඒ උනාට ම..

මොකද්ද මෙතන වෙන්නෙ....

එක පාරටම දේව්ගෙ හඩ ඇහෙද්දි සත්තයි මගෙ පපුව අසූ හාරදාහට ගැහෙන්න ගත්තා...එයා කොහොම තේරුම් ගත්තද දන්නෑ...

තමුන් කවුද....

තමුන් කවුද මගෙන් එහෙම අහන්න...මන් සහීගෙ බෝයිෆ්‍රෙන්ඩ්...අනික තමුසෙ දැන්වත් ඔය අත අතඇරියොත් හොදයි ම්ම්...

දේව්...යාලුවො එක්කම ඇවිත්...දෙයියනේ මට එයාට මූ ගැන කියන්නත් බැරි උනා...

මොකද මහත්තයා...තමුන්ට කන ඇහෙන්නැද්ද...අතෑරපන් මිනිහො ඔය අත...නැත්තන් මේ පන්සලක් කියන්න මට අමතක වෙයි....

ඒ නවීන්....

මන් එහෙමම හයියෙන් අත ගසලා දැම්මෙ දේව් දිහා බලාගෙන උනත් රතු උන ඇස් එක්ක එයා මට රැව්වා...මන් දන්නවා..දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙයි....

බබා...කවුද මේ...

මන් තමුසෙට කී පාරක් කිව්වද...මන් උබට කැමති නෑ කියලා....

සහී...

දේව්...

මෙහෙ එනවා යන්න...

කොහෙ එක්කන් යන්නද...සහීර්ශව අත ඇරපන්...

උබ කවුද යකෝ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව අතාරින්න කියන්න...

අනේ දේව් රන්ඩුවට යන්න එපා...මේක පන්සලක්....

පන්සල නිසා තමයි මන් ඉවසන්නෙ...

දේව් මාවත් ඇදගෙනම එද්දි රනිදු අපේ පස්සෙන් එන්න දැගලුවත් දේව්ගෙ යාලුවො එකතු වෙලා ඌට ගහන්න යද්දි ඌ ආයෙම අනිත් පැත්ත හැරිලා යන්න ගියා....

සහී...කවුද ඒ මිනිහා...

දේ...දේව්...කේන්ති ගන්න එපා...

හරි...කේන්ති ගන්නෑ....කවුද කියපන් ඒ මිනිහා...

මාසෙකට කලින් විතර ඉදන් මගේ පස්සෙන් එනවා...

උබට ඕක කලින් කියන්න බැරි උනාද...ආහ්...අපි ඔතනට එන්න පරක්කු උනා නම්...තොට මොනවා වෙයිද කියන්න දන්නෑ....

ස..සමාවෙන්න දේව්...මට...මට අමතක උනා....

ඔව් ඔව්...උබට ඕවා කියන්න බෑ...මොකද නොකියා හිටියම වටේ යන්න ලේසිනේ....

දේව්...උබෙ වචන....වැරදි දේවල් පිටවෙනවා...

දේව් මට වටේ යන්න ලේසි කිය කිය බනිනකොට රනිදු මැද්දට පැනලා උබෙ වචන පාලනේ කරගනින් කිව්වත් රනිදුවත් පැත්තකට තල්ලු කරලා දාලා දේව් ඇවිත් මගෙ උරහිස් කැඩිලා යන තරමටම හොල්ල හොල්ල....

ඇයි උබට කියන්න බැරි උනේ...ආහ්...තමුසෙට එච්චරටම මාව වටින්නෙ නැද්ද...තමුසෙ ගැන කලකිරුනා සහී...ඇත්තමයි...මන් හිතුවෙ නෑ තමුසෙ මෙහෙමයි කියලා...අරූ අත අල්ලනකන් උබ බලන් හිටියද....

දේව්...දේව්...එහෙම නෑ දේව් එහෙම නෑ...

අල්ලන්නෙපා මාව...ඌ අල්ලපු අත් වලින් මාව අල්ලන්න එපා....

මන් දේව්ව අල්ලන්න ගියත් එයා පස්සට පැන්නෙ මාව අල්ලන්න එපා කිය කිය වෙද්දි මට බයටම ඇඩුනා...මාව දාලා යයි කියන බයටම ඇඩුනා...

දේව්...උබ ඕවර් යනවා...

ඒ අයෝද්‍ය...නිවුන්නු දෙන්නා වෙන්නෙ මොකද්ද කියලා බලන් ඉද්දි ඒ දෙන්නගෙ අයිතිකාරයො විතරක් මගෙ පැත්තට කතා කරා..දවසක් සතුටින් හිටියොත් ඇත්තමයි මට මාසයක් අඩන්න වෙනවා...

තමුසෙ ඌට කැමතිද සහී...

ඉදලා ඉදලා බිම බලන් ඉන්න මගෙන් සහී ඇහුවෙ මන් නොහිතපු දෙයක්....

ම..න්..මන්...කැමති නෑ දේව්...ඇයි අවිශ්වාස කරන්නෙ...

තමුසෙ අකමැති නම් ඇයි ඌට උබව අල්ලන්න දුන්නෙ...

ඔයාට මාව අවිශ්වාසද දේව්...

නෑ..මට උබව අවිශ්වාස නෑ...ඒ උනාට මට උබ ගැන කේන්තී...ඇයි නොකිය උන්නෙ...

මට ඔයා එක්ක ඉන්න හැම තප්පරයක්ම වටිනවා...ඒ නිසාම මට වැඩක් නැති අය ගැන කතා කරලා ඒ එක තප්පරයක්වත් අපතේ යවන්න ඕන උනේ නෑ....මට සමාවෙන්න....ඇත්ත...හැමෝම කියනවා වගේ....මට සතුට උරුම නෑ දේව්...දවසක් සතුටින් උන්නොත් මාසයක් අඩන්න වෙනවා...ඒ සතුටින් ඉන්න එක දවසත් හරියට මවාපෑමක් වගේ...ඔයාට මාව ගැලපෙන්නෑ දේව්....මන් වගේ කාලකන්නි දෛවයක් උරුම කෙනෙක් ඔයා වගේ ලස්සන සතුටින් ඉන්න පුලුවන් කෙනෙක්ගෙ ජීවිතේට හරියන්නැති වෙයි...මට සමාවෙන්න....

ඇයි දැන්ද උබට ඕවා කියන්න ඕන උනේ...ඇයි...මාව අතෑරලා අරූ ගාවට යන්නද...

බොහොම අමාරුවෙන් පාලනෙ කරන් ඉදපු ඉකිය පිට වෙනවත් එක්කම මන් එහෙමම බිමට වැටුනෙ දනහිස් වලින් ඉන්දවෙද්දි....

ඒ සහීර්ශ....

ඒ නෙතුනුයි සෙතුනුයි...

ඇත්ත...මට ඕන උනේ ඔයාව අතාරින්න...ඒකයි...ඒකයි...අවුරුදු ගානක් ඒක පාර්ශවිකව ආදරේ කරේ....ඒක නිසයි අච්චර දුක් විදගෙන ඈතින් හරි ඔයා දිහා බලන් සතුටු වෙන්න හිතුවෙ....බලන් ගියාම හැම දේකින්ම මමයි වැරදි...හැමදාමත් වගේ අන්තිමට අඩන්න උනේ මටයි....

උබට දැන් සතුටුද දේව්...කොල්ලාව අඩවලා සතුටුද...ඔච්චර කේන්ති ගන්න ඕන දෙයක් නෙවෙයි මේක....

මන්...මන්...බෝඩිමට යනවා නවීන්...ඔයාලා යන තැනක ගිහින් එන්න....

පිස්සුද මල්ලි...ඔහොම ඉදපන්...දේව්...මේක හොදටම වැඩී...

එයාට බනින්න එපා නවීන් අයියෙ....මමයි වැරදි....







ජැම්කනෙ....තරහා ගන්නෙපා හරිතේ👉👈
මන්,
shashi
💚❤

Comment