3🫀✨

අයුලි අම්මා ආව නිසාම අයුලි අම්මත් එක්ක ඉන්න එයාගෙ තැනට ගියා...ආයෙම මන් තනි උනා...

උදේ ආවෙ නැති උනත් මොකද දවල් වෙලාවෙ නම් දේව් ආවා...ඒත් තනියෙන් නෙවේ...සහන්ස එක්ක...ඔන්න මට දුක හිතීගෙන එන්නෙ...දේව් ඇයි දැන දැනම ඔයා මෙහෙම කරන්නෙ...මට දුකයි...ඇත්තටම ඒක පාර්ශවික ආදරේ කියන්නෙම දුකක්...

සහී...දැන් හොදද තමුසෙට...

ම්ම්...

ඉතින් සහී...අදනෙ දැක්කෙ ඔයාව...හොදම යාලුවෙක් ඉන්නවා කිව්වට අදනෙ දැක්කෙ....

"හොදම යාලුවා" කමක් නෑ...තාමත් මන් ඒ තැන ඉන්නවා කියන එකටවත් මට සතුටුයි...

ම්ම්...ඔව් නේද සහන්සා...දේව්...මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්....

අමාරුද...මන් එන්නද සහී...

එපා දේව්...ඔයාට කරදරයි...

නෑ නෑ මන් එන්නම්...

ඕන නෑ කිව්වනෙ....

මොකද සද්දෙ ආ....

දේව්...කෑගහන්න එපා...මේ හොස්පිටල් එකක්...

ඔයා ඉන්න සහන්සා...ලෙඩෙක්ට උදව් කරන්න හැදුවම...මැරෙන්න හදනවා...

අනේ එහෙම නෙවේ දේව්....

එහෙම් නෙවේ එහෙම නෙවේ කියන්නෙ...මට ඔය සද්දෙ දාන උන්ව පේන්න බෑ...මදැයි යාලුවා කියලා උදව් කරන්න ආවා..ශික්...මෙහෙ එනවා සහන්සා යන්න...

දේව්...පොඩ්ඩක් ඉන්න...මොකද කෑ ගහන්නෙ...මෙතන කෑ ගහන්න දෙයක් උනේ නෑනෙ...නේ...

ඔයා ඉන්න සහන්සා...

ඉන්නවා තමයි...දේව්...මන් ඔයාට එකක් කියන්නම්...ඔච්චර ඉක්මනින් තරහා ගන්න එපා...එහෙම උනොත් පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නෑ...සහී...ඔයා දුක් වෙන්න එපා...මෙයාගෙ හැටි දන්නවනෙ...සහී...සහී...

දන්නවද...මේ ලෝකෙ මගේ හිත වැඩියෙන්ම රිද්දන්න පුලුවන් කාගෙ වචන වලටද කියලා...ඔව්...ඒ දේව්ගෙ වචන් විතරයි...සහන්සා මගේ පැත්තට කතා කරද්දි මන් බිම බලාගෙ අඩන්න ගත්තත් කාටවත් ඒක පෙනුනෙ නෑ....කදුලු පෝලිමේ කම්මුල් පහු කරන් ටයිල් පොලොව උඩට වැටුනා...කතා කරලා ඉවර උන සහන්සා මගෙ දිහා බලද්දි තමා එයා දැක්කෙ...

බලනවා දේව්...මන් කිව්වා...බලනවා...මේ ලමයා අඩනවනෙ...

සහී...අඩන්නෙපා දරුවො...

ඇත්තම කිව්වොත් සහන්සා අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...එයා ඉන්නෙ තර්ඩ් ඉයර්...අපි තාම ෆස්ට් ඉයර් එකේ....

සහී...හරි හරි...දන්නවනෙ මගෙ කට...සොරි....

කදුලු පුරවගෙනම මන් ඔලුව ඉස්සුවෙ දේව්ගෙ ඇස් පවා ගැස්සිලා යනවා දකිද්දි....

දේව්....ඔයාට මාව වදයක්ද දේව්...කමක් නෑ...ඔයත්...ඔයත් යන්න...කමක් නෑ...මාව වදයක් නම්...අනිත් අය වගේම ඔයත් මාව දාලා යන්න...හැමෝටම මාව ඕන නෑ...අඩුම අම්මා තාත්තවත්...එයාලටවත් මාව ඕන නෑ...කමක් නෑ..මෙච්චර කාලෙකට හිටිය ඔයත්...එපා....ඔයත් යන්න...දන්නවද...ඔය කියන වචනවලට මගෙ හදවත පුදුම විදියට රිදෙන්නෙ...පුලුවන් නම් මගෙ හදවත ගලවලා අරන් බලන්න...වහන්න බැරි තරමට තුවාල වෙලා...හොද කරන්න බැරි තරමට තුවාල වෙලා...පැලැස්තර අලවලා වහගෙන හිටියත් ඒ වේදනාව එහෙම්මමයි....ඒ හැම තුවාලයක්ම උඩු දුවනවා...දරන්න බැරි දවසකට මගෙ හදවත පැලිලා මැරෙනවා...පුලුවන් නම් කන තියලා බලන්න...හදවත ගැහෙනවා...ඒත් පන අල්ල අල්ල...මේ පපුව ආදරේ හිගා කනවා...හිගන්නෙකුටවත් ඒ තරම් හිගාකන්න ඕන නැතුව ඇති....ඇත්ත...සහන්සා අක්කෙ...ඔයා කිව්වත් වගේ...සමහර දේවල් නැති උනාමයි වටිනාකම දැනෙන්නෙ...සමාවෙන්න දේව්...මෙච්චර කාලෙකට වදයක් උනාට....මට මාව බලාගන්න පුලුවන්...ඔයා ඔයාගෙ සතුට හොයාගෙන මගෙන් ඈතකට යන්න....මන් වෛර කරන්නෙත් නෑ...සාප තියන්නෙත් නෑ....පුරුදු විදියට මන් තනිවෙලා ඉන්නම්...

සහී...දරුවො...අඩන්නෙපා බන්...මෙයාට කොච්චර කිව්වත් වැඩක් නෑ...කටට එන හැමදේම කියලා දානවා..

සහී..සොරි බන්...පාලනයක් නැතුව ගියා...

කමක් නෑ දේව්...මට හුරුයි...ඔයාලා දැන් යන්න....මන් වෙනුවෙන් කාලෙ වෙන් කරන්න එපා...

සහී...මන් අක්කා කෙනෙක් විදියට කියන්නම්..මන් දන්නවා...ඔයා දේව්ට ආදරෙයි...මාත් දේව්ට ආදරෙයි....ඒත්....මන් නොකියපු දෙයක් කියන්නම්...මට තවත් හන්ගන්න බෑ...මෙච්චර ආදරේ දෙන කෙනෙක් ඉද්දි....අපි දෙයක් හන්ගනව නම් ඒක පවක්...

එපා...සහන්සා...ඒක කියන්න ඕන නෑ...අපි පස්සෙ බලමු...

පස්සෙ බලමු කියන්නෙ...මොන මගුලක්ද...බලපන්...මේ පුන්චි එකා විදවන තරම....

ඒත්....

උබ කටවහපන් මල්ලි...

කටවහපන් කියන්නෙ...තමුසෙ හිතනවද ඕක කිව්වයි කියලා මට සහීට ආදරේ කරන්න පුලුවන් කියලා...එයා කොල්ලෙක් අක්කෙ...එයා කොල්ලෙක්...

ඉතින් ඒකෙ වැරැද්ද මොකද්ද...

වැරැද්ද....ඒක මේ රටට අසම්මතයි...

හරි ඒක මන් බලාගන්නම්...තමුසෙ පාඩුවේ මේ කොල්ලට ආදරේ කරපන්කො...

මට බෑ..

ඇයි බන් උබ ඔච්චර මුරන්ඩු...ආහ්...

කවුරු හරි කියනවද...මොකද්ද උනේ කියලා....

දෙන්නගෙ කතාවට අවදානෙ දීගෙන ඉදපු මන් කිසි දෙයක් නොතේරුන නිසාම ඇහුවා...

එපා සහන්සා...

උබ හිටපන්...මල්ලි...ඇත්තටම කිව්වොත් අපි දෙන්නාම මේකට කැමති නෑ...

මො...මොකක්...

හ්ම්..ඔව්...ගෙවල් වලින් උන බලපෑම් නිසාමයි මේක සිද්ද උනේ...ඒ නිසාම අපිට නාට්‍ය පිටපතක් රගපාන්න උනා...

එහෙමද....

ඒත් මට දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් ඒක කාරනාවක් උනේ නෑ...මොකද මන් දන්නවා...මට කොහෙත්ම දේව්ගෙ ආදරේ ලැබෙන්නෑ කියලා...

දේව්...ඔයාලා ගෙදර යන්න...හෙට කැම්පස්නෙ...මන් නිසා පාඩු කරගන්න එපා....

තමුසෙ හෙට කැම්පස් ආවොත්නෙ දේව්...මේ කොල්ලා ලගට වෙලා ඉදපන්...මට කොහොමත් අද තමුසෙලගෙ ගෙදර ඉන්න බෑ...මගේ වෙන්න ගෑනි මැරෙන්න හදනවා තොගෙ ප්‍රපෝසල් එකට කැමති උනා කියලා...ඒකි බලන්නත් යන්න ඕන....

ඈහ්...මගෙ කට තව ටිකක් ඇරුනා...

මොකද කට ඇරන්...මාත් අයිති අසම්මත ලවට තමා පුතේ...ඇයි වදේ...මාත් ස්ට්‍රේට් තමා...කොල්ලො එක්කත් යාලු වුනා තමා.. ඒ උනාට හිත නැවතුනේ මගෙ පොඩි එකී සවී ගාව....උබලා දෙන්නත් සෙට් වෙයන්...එතකොට අපි හතරටම එකට වෙඩිම අරන් රට පනින්න පුලුවන්...

ඒ කියන්නෙ සහන්සා අක්කත් ලව් කෙල්ලෙක්ට...දෙයියනේ....

සහී...එහෙනම් මන් යන්නම්...කෑම එකක් එක්ක බොන දේවලුයි පලතුරු වගේකුයි ඇති...දේව්....හෙල්ලෙන්නෑ පොඩි එකා ගාවින්...මන් යනවා....

දේව්...ඔයා ගෙදර යන්න...මන් එයාට කියන්නෑ...

නෑ මන් යන්නෑ...

කැමැත්තක්...

තමුසෙ තරහා වෙලාද...

ඇයි මන් තරහ වෙන්න ඕන...

මන් කියපු දේවල් වලට....

තරහා නෑ...

බොරු...තමුසෙ තරහා වෙලා...

නෑ කිව්වනෙ දේව්....

ම්ම්....

මන් ආයෙම ඒක අහන්නද දේව්...තාමත් මට ආදරේ කරන්න බැරිද....

මන් කිව්වනෙ සහී...ඒක වෙන්නෙ නෑ...

අඩුම දුකක් වත් නැද්ද සහී...

තියනවා...ඒත් තමුසෙට ලව් කරන්න තරම් හැගීමක් නෑ....

මගේ තොල් වෙව්ලනවා...කදුලු හන්ගන් ඉන්නෙ පුදුම අමාරුවකින්....

දේව්ගෙ මානයෙන්.......

සහීට ආදරේ කරන්න බෑ කියලා කියනවා එක්කම සහීගෙ තොල් වෙව්ලන්න ගත්තා...කොල්ලා අඩන්න කට හැදුවත් මන් ඉස්සරහා අඩන්න බැරි කමට කොල්ලා පාලනේ කරන් ඉන්නවා...ඒ රෝස තොල්..කම්මුල් රෝස වෙලා...මගෙ කොල්ලා දුකින්...මට පුලුවන් උබට ආදරේ දෙන්න...හන්ගන් හිටියට මන් තමුසෙට අම්මටසිරි වෙන්න ලව් සහී...තමුසෙ අපේ පවුල් ගැන දන්නෙ අල්පමාත්‍රයක්...අපෙ ගෙදර උන් මෙහෙම දෙයක් ගැන දැනගත්තොත් මාව මරලා විතරක් අතාරින්නෑ...මට බෑ දැන දැනම තමුසෙව අමාරුවෙ දාන්න...ආදරේ නැතුව නෙවේ...එක්කො මට හිතෙනවා ඕන මගුලක් වෙද්දෙන් කියලා තමුසෙ එක්ක පැනලා ගිහින් දරු පැටියෙක් හදාගෙන ලස්සන කන්දක් මුදුනෙ ගෙයක් හදන් ජීවත් වෙන්න...එක්කො මන් සිරාවට තමුසෙට ලව් කියන්නද....

ඔන්න ඉතින්...අඩන්න කට හදනවනෙ...

සොරි...

ඇයි...

අහන්නෑ කියලා ආයෙම ඇහුවට...

මන් දෙයක් කියන්නද බන්....

ම්ම්....

තමුසෙ නොදන්නවා උනාට...ඇත්තමයි සුදූ..මන් තමුසෙට එදා ඉදන්ම අම්මටසිරි වෙන්න ලව්...

එයා ඉස්සරහා වචන පාලනයක් නැති උන මට ඒ දේ කියවුනා...සතුටු වෙයි කියලා හිතුනත්...කදුලු පිරිලා දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලන් ලස්සනට හිනා වුන එයා...

එපා දේව්....හිත හදන්න කියන්න එපා...

මන් මොකක් කෙරුවොත්ද සුදූ තමුසෙ මාව විශ්වාස කරන්නෙ.....

ප්ලීස් දේව්...ඔයාමයි කිව්වෙ...කොල්ලෙක් වෙනුවෙන් ඔය හිතේ හැගීමක් උපදින එකක් නෑ කියලා...

ම්ම් කිව්වා...ඒත් ඒ දේ කියන්නත් අවුරුදු ගානකට කලින් ඉදන්ම මන් තමුසෙට ලව් නම්...ඔච්චර ඕන නෑ...උබට මතකද සුදූ...දවසක් දහය වසරෙදි කොල්ලො වගයක් උබට කකුල දාලා බිම වැටිලා ඔලුව වද්දගෙන හොස්පිටල් හිටපු දවස...මතකද පස්සෙ ඒ කකුල දාපු කොල්ලා කකුලක් කඩන් හොස්පිටල් හිටියා කියලා...මොකක් උනා කියලද හිතන්නෙ...

එයා ඇක්සිඩන්ට් උනා කියලා....

ම්ම්...එහෙම නෙවේ උනේ...ඇක්සිඩන්ට් කෙරෙව්වා...

කට කොනේ හිනාව එක්ක මන් කියනවත් එක්ක අනෙ මගෙ අහින්සකයගෙ ඇස් දෙක ලොකු උනා...













මන්
shashi
💚❤️

Comment