1🫀✨

ම්ම්...

මොකද්ද ම්ම් කියන්නෙ දේව්...ඔයා එයාට ඇත්තටම කැමතිද...

ම්ම්...

ආහ්....

ඇයි දැන් අහන්නෙ....

දේව්ගෙන් හරි අහින්සක විදියට මම ඇහුවෙ දැහැනකට සමවැදිලා වගේ සහන්සා දිහා දේව් බලාගෙන ඉද්දි...එයා සතුටින්...

නෑ දේව්...නිකන් ඇහුවෙ....ඉතින් ඇයි ඔයාට ගිහින් එයාට කියන්න බැරි ඒක....

ම්ම්..දැන්ම නෙවෙයි...මන් ආසයි එයාට සතුටු හිතෙන විදියට දවසක ලස්සනට ඇරේන්ජ් කරලා ප්‍රපෝස් කරන්න...

දේව්ගෙ ඇස් තරු වගේ දිලිසෙනවා...

ඔයා හුගක් සතුටින් නේද දේව්...

ඔව්...එහෙම වෙන්න එපැයි...ආසම කෙනා ඇස් ඉස්සරහා ඉන්නකොට කාටද සහී සතුටු හිතෙන්නෙ නැත්තෙ...

ඒක ඇත්ත දේව්...

දේව්ගෙ කතාවට එකග වෙලා ඔව් කියන්න මන් ඔලුව වනලා අමාරුවෙන් හිනාවක් දුන්නා...

දේව් මන් ආයෙම දෙයක් කියන්නද...

ඔයා ආයෙම අහන්න යන්නෙ ඒ දේ නම්...සමාවෙන්න...මට උත්තරයක් දෙන්න බෑ...දෙන්න බෑ නෙවෙයි...උත්තරය නෑ...

හරි දේව්...මන් ආයෙ ඔයාගෙන් අහන්නෙ නෑ...මට සමාවෙන්න...ඔයාට මාව වදයක් වගේ නම් මට පුලුවන් තනියෙන් ඉන්න...

එහෙම දෙයක් නෑ...ඔයා දෙයක් ඇහුවා...මම බෑ කිව්වා...ඒක එතනින් ඉවරයි...අපේ යාලුකමට හානියක් වෙන්නෙ නෑනෙ...

ඒක ඇත්ත...

හිතන්නෙපා..හොද කෙනෙක් හම්බවෙයි....

වෙන්න පුලුවන්...හැබැයි නොවෙන්නත් පුලුවන්...

මම මීට සතියකට කලින් දේව්ගෙන් දෙයක් ඇහුවා...ඔව් ඔව්....මන් එයාට ආදරෙයි...පොඩි කාලෙ ඉදන්ම...පොඩි කාලෙ ඒ ආදරේ කියන්න නොදැනුනත්...ටික ටික වයසින් පරිණත වෙන්න මම දැනගත්තා...දැනුනා...ඒ ආදරේ කියලා...මන් දේව්ට ඒ ගැන කිව්වා උනත් එයා දීපු උත්තරේ එක්ක මගෙ හීන ලෝක සේරම කැඩිලා ගියා...ඇත්ත...සමහර හීන ලෝක කියන්නෙම මිත්‍යාවක්....

ඉතින්...දැන් මොනවද ඔය කල්පනා කරන්නෙ..

මුකුත් නෑ දේව්...මන් යන්නම්...ඔයා සහන්සා එක්ක කතා කරලා එන්නකො...

ඇයි ඉතින් යන්නෙ...

ඔයා දන්නවා දේව්...තමන් පන වගේ ආදරේ කරන කෙනා තව කෙනෙක් එක්ක ඉද්දි දැනෙන්නෙ මහම මහ වේදනාවක් කියලා....

දන්නවා...ඒත්...

සමාවෙන්න දේව්...මට ඉන්න කියන්න එපා...දරාගන්න අමාරුයි...

මන් එහෙමම ගල් බංකුවෙන් නැගිටලා බෑග් එකත් එක කරකට දාගෙන දේව්ට හිනාවක් දීලා යන්න හැරුනා...

ටිකක් ඉන්න...

ඇයි දේව්...

යන්...මාත් එන්නම්...තමුසෙ දුකෙන්..

දුක නෑ දේව්...වේදනාවක් විතරයි....

මන් අහන්නෙ සහී...උබ ඇයි මටම කැමති වුනේ කියලා....

සහන්සා දිහා බලාගෙන ඉදපු දේව්ගෙ වචන භාවිතය වෙනස් වෙලා තිබුනත් ඒ බැල්මෙන් මිදුන දේව්ගෙ වචන ආයෙම මන් ඉස්සරහා උබ තමුසෙ කියන වචනවලට හැරුනා...දුක නැත්තෙ නෑ..ඒත් පුරුදුයි....

දන්නෙ නෑ...මට දැනුන එකම කෙනා ඔයා නිසා වෙන්නැති...

ම්ම්...ගෙදරද යන්නෙ දැන්....

ඔයා දන්නවා දේව් මට ගෙදරක් නෑ කියලා...ඉතින් ඇයි ඔහොම අහන්නෙ....

ආහ්...සමාවෙන්න...මට අමතක වුනා...බෝඩිමටද යන්නෙ....

හිතේ ආසම කෙනා හොල්මන් කරනකොට පොඩි කාලෙ ඉදන්ම ඉදපු මගෙ ගැන අමතක වෙන එක අහන්නත් දෙයක්ද....

ඔව්...එහෙ තමා...

යන්...මන් ඇරලවන්නම්...

එපා දේව්...ඔයාට පරක්කු වෙයි...මන් පයින් යන්නම්...

ඇයි තමුසෙට මගෙ වාහනෙ යද්දි මදි කමක් දැනෙනවද....

දෙයියනේ එහෙම එකක් නෙවේ සහී...ඇයි ඔයා අනිත් පැත්තටම හිතන්නෙ...

නෑ...නිකන්...යමු මන් එක්ක...මන් ගිහින් ඇරලවන්නම්...

ම්ම්..යමු

තව කියවන්න ගියොත් මට වෙන්නෙ දේව් එක්ක තරහ වෙන්න...මන් මොනවමහරි දෙයක් කිව්වොත් දේව්..එයා හිතන්නෙම අනිත් පැත්ත...

තැන්ක්‍යූ දේව්...

ම්ම්...

හෙට උදෙන්ම එන්න....මොනවහරි වුවමනාවක් තිබ්බොත් කියන්න...කන ජාති තියනවනෙ...

තියනවා දේව්...

තමුසෙ නැති උනත් කියන්නෑනෙ...

මන් වෙනුවෙන් ඔයා වියදම් කරන්නෙපා දේව්....මන් තනිවෙච්ච මනුස්සයෙක්....මගෙන් ඔයාටවත් මේ ලෝකෙටවත් වැඩක් වෙන්නෙ නෑ බරක් මිස...

මගෙන් මුකුත් අහගන්නැතුව යනවා ඇතුලට...ආවා මෙතන...තනි වෙච්ච මනුස්සයෙක්...යනවා යනවා...

වේදනාව අතරින් හිනාවෙච්ච මම එහෙමම කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තා....එයා නොදන්නවා උනාට ඒ සමහර වචන මාව අසීමාන්තිකව රිද්දනවා...කන්නෙවත් නැතුව වොශ් දාගත්තු මම ඇදට නැගලා පෝන් එක අතට ගත්තෙ FB යන්න..

මගේ ප්‍රොෆයිල් එක...ඒකෙ මුකුත්ම නෑ...අඩුම ප්‍රොෆයිල් පික්චර් එකක්වත්...වෝල් එකේ උඩ පහල ගියපු මට දේව් දැනට විනාඩි එකොලහකට උඩදි දාපු පොටෝ එකක් හම්බ වුනා..ම්ලස්සනයි...සුරදූතයෙක් වගේ...ඒත් හිනාවක් නම් නෑ...ඒකටත් හාට් එකක් දාගෙනම මන් පෝන් එක පැත්තකට කරලා නිදාගන්න ලේස්ති උනා...ආයෙ හෙට උදේ යන්න එපැයි...කරුම ජීවිතයක් අප්පා...





ගුඩ්මෝනින් දේව්....

මෝනින් සහී...

ඇයි කලබලෙන් වගේ දේව්...මොකක් හරි ප්‍රශ්නයක්ද.....

නෑ නෑ...ප්‍රශ්නයක් නෙවේ...මන් සහන්සට ප්‍රපෝස් කරන්න යන්නෙ....

ඒක කියනවත් එක්කම ඔලුවට අකුනක් ගහනවා හා සමාන වේදනාවක් මට දැනුනා වෙද්දි ගල් ගැහිලා වගේ මම දේව් දිහා බලන් ඉදියා....

මට මාර හැපි සහී...මාරම හැපී...ඒ වුනාට බයකුත් තියනවා...

බයවෙන්න එපා දේව්...එයා අනිවාරෙන් ඔයාට කැමති වෙයි....

සමහරවිට...තමුසෙ දුකෙන්ද...

ඇයි මන් දුක් වෙන්න ඕන දේව්...ඔයා සතුටින් නම් ඇති....

තමුසෙ මන් ගාවින්ම ඉන්නවා...එතකොට මට බය හිතෙන එකක් නෑ...

ම්ම්...ඉන්නම්....මන් නැති දවසකට ඔයාට පාලුවක් නොදැනෙන්නම මන් අද ඔයා ලගින් ඉන්නම් සහී...

මොනාද ඔය කියන මූසල කතා..ආහ්...අද වගේ හොද දවසකත් තමුසෙ ඔය වගේ මූසල කතා නොකියා ඉන්නවා....

සමාවෙන්න දේව්...ප්‍රාර්තනා කරනවා...ඔයාලා දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා...

ම්ම්....මන් ලස්සනයි නේහ් අද....

ඔයා හැමදාමත් ලස්සනයි දේව්....

ම්ම්...

කැම්පස් එකේ....දේව් දනගහන් සහන්සට ප්‍රපෝස් කරන්න මුද්දක් අල්ලගෙන ඉන්නකොට දේව්ටත් හොරාවටම සෙනග අස්සට ගිහින් කදුලු පුරවන් ඒ දිහා මන් බලන් ඉදියා....සහන්සා ඉන්නෙත් සතුටින් කියන්න ඒ ඇස් පවා හිනාවුනා...සෙනග ගොඩක් මැද්දෙ මන් ඉන්නෙ දුකින් කියන්න මගෙ ඇස් වලින් කදුලු කඩා වැඩුනා...හදවත පවා කෑ ගහලා ඇඩුවා...සහන්සා කැමති වුනා...අවසානෙට මුද්ද දාලා එයාලා දිගු උනුසුම් වැලද ගැනීමක් එක්ක පුන්චි හාදුවක් තිව්වා..අවසානෙදි දේව් මන් හිටපු පැත්ත බැලුවා උනත් එයාගෙ මූන වෙනස් වුනා...ඒත් ආයෙම මාව මගෑරපු එයා සහන්සා දිහාම බලන් උන්නා...හැමෝම ගියා...මාත් ගියා...වෙනදා දේව් මා එක්ක ඉන්න බෙන්ච් එකෙන් ගිහින් වාඩි වුනා...බඩගිනි නිසාම කැන්ටිමෙන් කිරි පැකට් එකක් එක්ක රෝල්ස් එකක් ගත්තු මන් කිරි පැකට් එකට බටේ ඔබාගෙන ඒක බීලා රෝල්ස් එක කෑවා...ම්ම්...දැන් හරි...පොත අතට ගත්තු මම පාඩම් කරනගමන් ඉන්නකොට මගෙ ඇස් කොනින් වගේ ලාවට දැක්කෙ දේව් මේ පැත්තට එනවා කියලා....

සහී...

දේව්...

ඇයි තමුසෙ මාව දාලා ආවෙ...

දාලා ආවට ඔයාට තනි නෑ නේද දේව්...

ඒකෙන් වැඩක් නෑ...අපෙ උන් පාටියක් රෙඩි කරලා...තමුසෙටත් එන්න කියන්න ආවෙ...

බෑ දේව්...මන් පාටි වලට ආස නෑ...ඔයා සතුටු වෙලා එන්නකො...මන් ගෙදර යන්නම්...

තමුසෙට ඊරිසියයිද...

මොනවද දේව් මේ අහන්නෙ...ආ..මන් ඉරිසියා වෙන්නෙ ඇයි කියන්න...

තමුසෙ මට ආදරෙයිනෙ...

ඇත්ත...ඒත් සතුටින් ඉන්න කපල් එකකට ඉරිසියා කරන්න තරම් මන් ආත්මාර්තකාමී නෑ දේව්...මට අහන්න තියෙන්නෙ එක දෙයයි දේව්....ඔයාට කිසිම හැගීමක් මන් ගැන නැද්ද....

නෑ...

තනි ස්තීර වචනෙ...නෑ..

දන්නවද....සමහර දේවල් වටින්නෙ...ඒ දේවල් නැති වුන දවසට...

දන්නවා...ඉතින් ඇයි තමුසෙ මට ඕක කියන්නෙ...

නිකන් දේව් නිකන්....මන් පරක්කු වැඩි වුනාද දේව් ඔයාට ආදරෙයි කියන්නෙ...

නෑ...සහී...ඔයා කවදා ඇහුවත් මට දෙන්න තියෙන උත්තරේ නෑ සහ බෑ කියන එක...

හරි..මට ලෙක්චර්ස් පටන් ගන්නවා...මන් යන්නම් දේව්...

හ්ම්ම්...පරිස්සමින්...

ම්ම්...ඔයත්...

ලෙක්චර් එක ඉවර වෙලා ගේට්ටුව ගාවට වෙලා හිටියෙ මන් දේව් එනකන්...පැය එක හමාරක් ගියත් දේව් ආවෙ නැති කොට මන් දේව්ට කෝල් එකක් ගත්තෙ හිත රීදවගෙන ආයෙම කෝල් එක කට් කරනකොට...එයාට මාව අමතක වෙලා...සහන්සා එක්ක එයා බීච් ගිහින්....මාත් වැරදී හැබැයි...එයාට දැන් කෙනෙක් ඉන්නවා...මන් ගැන හොයන්න වෙලාව කොහෙද....

වැස්සක් වහින්න කිට්ටු නිසාම මන් දුවලා ගියේ බස් ස්ටෑන්ඩ් එකට...නොතෙමී ඉන්න...ඒ වුනත් හිල් වෙච්ච වහල නිසාම මාව හොදටම තෙමුනා වෙද්දි බෝඩිමට එනකොට මම තෙමිච්ච කුකුලෙක් වගේ උන්නා....තෙමුන නිසාම නාගත්තු මම වතුර එකක් රත් කරලා කෝපි එකක් හදන් බිව්වා....

රෑ මැද වෙනකොට හීතල එක්ක මට හොදටම උන ගැනුනා....නැගිටින්නවත් පනක් නොතිබුන මම ඇදේ ගුලි වෙලා උන්නත් ඇද එහාපැත්තෙ තිබුන මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා....

දේව්🤍✨

හෙ..හෙලෝ...

මොකද අමාරුවෙන් වගේ කතා කරන්නෙ...

නෑ නෑ...කැහැ කැහැ...මු..කුත් නෑ...දේ..ව්

මුකුත් නැති වෙන්නෙ නෑ...තමුසෙගෙ කටහඩ පවා වෙව්ලනවා....ඉන්නවා මම එන්නම්....

එ..එපා...හෙලෝ..හෙලෝ....

කට් කරා නේද....කිව්වට එන එකක් නෑ.....

ටොක්...ටොක්.....

ඇවිත් ඉන්නෙ දේව් කියලා දැනගෙන මන් හෙමින් හෙමින් අමාරුවෙන් ගිහින් දොර ඇරියත් ඇගට පනක් නැතුව මාව එහෙමම වැටුනා උනත් දේව් මාව අල්ලගත්තා...

තමුසෙට හොදටම උනනෙ සහී....

ම්හ්හ්...

ඔහොම ඉන්නවා...දෙයක් කියන්න බෑ...මෙතන මැරුනත් දන්නෑ....කට නැද්ද තමුසෙගෙ කතා කරලා කියන්න...ආ...

මාව වාරුකරගෙන ගියපු එයා එහෙමම මාව ඇදෙන් හාන්සි කෙරෙව්වා...

මට අමාරුවක් නෑ දේව්...කැහැ කැහැ...

දේව්ට හිනාවක් දීලම මම කිව්වා....

තමුසෙ කොහෙන්ද වේදනාව හන්ගන් හිනාවෙන්න ඉගෙන ගත්තෙ....

නොතේරෙන වයසෙ ඉදන්ම දුක වේදනාව හන්ගන් ඉදලා පුරුදු වෙලා දේව්...

තමුසෙට මම හිටියනෙ සහී...

ඇත්ත...ඒත් මට අවුරුදු දහයක් වෙන්න කලින් ඔයා හිටියෙ නෑනෙ දේව්.....








"සමහර දේවල් වල වටිනාකම දැනෙන්නෙ ඒ දේවල් නැති වුන දවසට"
                                                                          2022-06-04
                                                            සහීර්ශ ගජනායක

මම,
shashi
💚❤️

Comment