2🫀✨

හ්ම්ම්...තමුසෙට බෙහෙත් ටිකක්වත් ගන්න යමු...

දේව්...දේව්....පුලුවන් නම් මට තමුසෙ කියලා නොකියා ඉන්නවද...සහී විතරක් කියන්න..ප්ලීස්...මට රිදෙනවා දේව්....මට පුලුවන් උනා නම්...සහන්සට ප්‍රපෝස් කරන වෙලාවෙ කෑ ගහලා අඩන්න...සත්තයි දේව්...මන් අඩනවා...සත්තයි මන් දරාගන්න තරමට මට බයයි දේව්...දවසක මාව පිස්සෙක් වෙයි කියලා...මට මෙහෙම කරන්නෙපා....

හරි හරි සහී...අඩන්නෙපා...මන් ආයෙ එහෙම කතා කරන්නෑ...උබ කෙල්ලෙක් උනා නම් සත්තයි මන් උබට ලව් කරනවා බන්...ඒත් කරුමෙට උබ කොල්ලෙක් උනා බන්...මන් ස්ට්‍රේට් කොල්ලෙක්...තවත් කොල්ලෙක් ගැන ආදරයක් ඇති වෙන්නෑනෙ බන්....මන් සහන්සට පට්ට ලව් සහී...මට ඒකි නැතුව බෑ...

ඔයාට තියෙන වේදනාවමයි මට තියෙන්නෙත් දේව්....ඇත්තමයි...මට පුලුවන් උනා නම් මැරිලා යනවා...ඒත් මන් හරි බයයි දේව්...මන් හරි බයයි මැරෙන්න...

මොනවද ඔය කියන මූසල කතා ආ...හැමතිස්සේම මැරෙන කතා...

හ්ම්ම්....

යන් බෙහෙත් ටිකක් ගේන්න...

බෑ දේව්...මෙ රෑ වෙලා ඔයාටත් වදයක්...

මට වදයක් නෑ සහී...යමු...

ඇදන් හිටපු ඇදුමෙන්ම මාව කාර් එකට දාගත්තු එයා ලගම හොස්පිටල් එකට අරන් ගියා වගේම වැස්සට තෙමුන නිසාම උන හැදිලා තිබුනෙ ...සත්තයි මන් මැරෙනව නම් සැපයි...ඒත් මැරෙන්න මන් බයයි...

දේව්...ඔයා යන්න...සහන්සා බය වෙලා ඇති...

මන් එයාට කියලා ආවෙ..තමුසෙ කියවන්නැතුව රෙස්ට් එකේ ඉන්නවා....

මෙයාට කියලා වැඩක් නෑ...තමුසෙ තමුසෙ තමුසෙ....

ම්ම්...

කන්න මොනවත් ඕනද....

එපා දේව්...

එහෙම කියලා නොකා ඉන්න බෑනෙ...කියනවා ආප්පයක්වත් ගේන්නද....

මේ මහ පාන්දර ආප්ප කොහෙද දේව්....

හරි හරි...කිරි පැකට් එකක්වත් ගේන්න්ද...එක්කො මයිලෝ එකක්...

එහෙනම්...මයිලෝ එකක්...

පෙරේතයා....

එහෙම කියලා දේව් මගේ කොන්ඩෙත් අවුස්සන් ගියා...හිතන්නෙපා සහීර්ශ....බලාපොරොත්තු ඇති කරගන්න එපා...බලාපොරොත්තු තියෙන්නෙ බිදෙන්න....

ම්ම්...බොන්න...

එයා දීපු මයිලෝ එක බොන ගමන් ඉන්නකොට දේව්ගෙ පෝන් එකට කෝල් එකක් ආවෙ නිරායාසයෙන්ම දේව්ගෙ මූනෙ හිනාවක් ඇදෙද්දි...සහන්සා වෙන්න ඕන....

කියන්න මැනික...

මන් හිතුවා හරි...

අනේ මැනිකෙ...සහීව දාලා කොහොම එන්නද....

කමක් නෑ දේව් ඔයා යන්න...

ඔන්න හන්සි මන් ඔයා කියන නිසාමයි එන්නෙ...හාද මැනිකෙ....

කෝල් එක කට් කරා...

සිරාවටම මම යන්නද සහී...සහන්සා කියනවා ගෙදර එන්නලු...අද එයා අපෙ ගෙදරනෙ ඉන්නෙ...පාලුයිලු...

අනේ...ඇයි මන් මේ දේවල් අහන්න තරම් පව් කරලා තියෙන්නෙ...මට කන් ඇහෙන එකත් සාපයක් වෙලා දැන්....

කමක් නෑ දේව්...ඔයා යන්න...මන් මැරුනත් කාටවත් පාඩුව වෙන එකක් නෑ සහී....

මොනාද යකෝ ඔය කියන මූසල කතා...ආහ්...ඇත්තමයි මන් තමුසෙගෙ කට කඩනවා....

තරහා ගන්න එපා දේව්...ඔයාගෙ හන්සිට නාකියෙක් බදින්න වෙයි....

අනේ මේ...

හරි හරි ඔයා යන්නකො දැන්...එයා බලාගෙන ඇති...මන් වගේම එයාත් බලාපොරොත්තු තියන් බලාගෙන ඉන්න ඕන නෑනෙ...ඒක මහ වේදනාවක්..ඉක්මනින්ම ඔයා යන්න දේව්...

තමුසෙට අව්ලක් නැද්ද සහී...

නෑ...යන්න....

නෑ...ඕන්නෑ...තමුසෙට මොකක් හරි වෙයි කියලා බයයි....

මුකුත් වෙන්නෑ දේව්...ඔයා යන්න...

හුම්ම්...මොකක් හරි උනොත් පිට්ටු ගිලලා වගේ ඉන්නැතුව කෝල් එකක් දෙනවා...

හ්ම්ම්....

එයාට මාව ටික ටික මගෑරෙනවා...එයාට මාව ටික ටික අමතක වෙනවා...ටික ටික එයාගෙ ඔලුවෙන් මාව අයින් වෙනවා..ඒ තරමටම සහන්සා ඔයා එයාගෙ හිතේ පැලවෙලා....මට ඔයා එක්ක නොසෑහෙන්න ඉරිසියයි...කවුද ආදරේකට ලෝභ නැත්තෙ....ඒත්...මට ආදරේ උරුම නැතුව ඇති.....

ඩොක්ටර් ඇවිත් මාව බලලා බෙහෙත් වගයක් දීලා යන්න ගියත් හැදුන ඔලුව කැක්කුම එක්ක මට ඔලුව උස්සන් ඉන්න බැරි උනා...පැනඩෝල් පෙත්තක් ගහලා මන් එහෙමම නිදාගත්තෙ නැගිටිනකොට ඔලුව කැක්කුම නැති වෙයි කියලා....

පැය ගානක නින්දක් එක්ක මට උදේ පාන්දරම ඇහැරුනේ වෙනදා පුරුද්දට...එහෙමම පෝන් එක බැලුවෙ දෙයක් බලාපොරොත්තුවෙන් උනත් බලාපොරොත්තු බිදිලා ගියේ තප්පරෙන් වෙනකොට  බලාපොරොත්තු තියන් පෝන් එක බැලුවට මන් මටම සාප තියාගත්තා....

වෙන දෙයක් නෙවේ...මන් බලාපොරොත්තු උනේ වෙනදා වගේම දේව්ගෙන් ලැබෙන ගුඩ් මෝනින් මැසේජ් එක බලන්න...නෑ...මට වැරදුනා...එහෙම මැසේජ් එකක් එන්න තිබුනා...හැබැයි දැන් නෙවේ...සහන්සා හම්බ උනා කියන්නෙ...එයාගෙ ආදරේ හම්බ උනා කියන්නෙ...ඇත්තටම මන් ගැන බලන්න වෙලාවක් නෑ...තමුසෙ මහම මහා මෝඩයෙක් සහී...පිස්සෙක් උබ...එකෙක් මත්තෙ උමතු උන සයිකො කාරයෙක්...ආදරෙන් උබව මත් වෙලා සහී...

මාව බලන්න එයි කියලා හිටියත් සත්තයි මට වැරදුනා...උදේ වරුවෙ එයා ආවෙ නෑ...අනිත් අයගෙ පවුල් වල අය ඇවිත් එයාලා එක්ක ආදරෙන් ඉන්නකොට අනේ සත්තයි මට මන් ගැනම පව් කියලා හිතුනා...ඒ පුන්චි පවුල් දිහා ඉරිසියාවක් නැතුව ආදරෙන් බලා හිටපු මන් ගාවට නොහිතපු විදියට එක පුන්චි කෙලි පොඩ්ඩකගෙ අප්පච්චි කෙනෙක් ආවා...

පුතා...

අදුරන්නෙ නැති උනත් ඒ මනුස්සයා දන්න කෙනෙක් වගේ මට කතා කරනකොට ඒ මනුස්සයා එක්ක කතා නොකර ඉන්න මට හේතුවක් තිබුනෙ නෑ....

අන්කල්...

පුතාගෙ ගෙදරින් කවුරුවත් ආවෙ නැද්ද...

එහෙම අහනකොටම මන් ලාවට හිනා වෙලා ඒ අන්කල්ට උත්තර බැන්දා...

නෑ අන්කල්...මට කවුරුවත් නෑ...

ආහ් සොරි පුතා...මන් දැනන් උන්නෙ නෑනෙ...

ඒකට කමක් නෑ අන්කල්...

අපේ දෝනි පුතාව පෙන්නලා කිව්වම තමයි මාත් දැක්කෙ කවුරුවත් නෑ කියලා...පුතා කාලද...

රෑ මයිලෝ එකක් බීව්වා අන්කල්...කන්න අප්පිරියයි වගේ...

එහෙම කියලා බෑනෙ...ඉන්නකො...අපේ නෝනා මට බත් දෙකක්ම බැදලා දුන්නා...ආපු නැති කෙනෙක්ට දෙන්න කියලා...ඉන්නකො පුතාට මන් ගේන්න....

ආ පුතා...පුලුවන් නම් සේරම කන්න...කෙසෙල් කොලේ ඔතලා තියෙන්නෙ...

තැන්ක්‍යූ අන්කල්....

සුදු අයියේ...

ඒත් එක්කම අවුරුදු අටක වගේ පුන්චි කෙලි පොඩ්ඩක් ඇවිත් මගේ අතින් ඇල්ලුවෙ ඇස් දෙකත් බෝල කරගෙන....මන් එහෙමම අන්කල් දිහා බැලුවා...

ආහ්...මේ මගේ දෝනි...මට ඉන්න එකම දරුවා...

ආහ්...නම මොකද්ද පැටියො ඔයාගෙ....

අයුලි....සුදු අයියගෙ නම මොකද්ද...

ම්ම්...මගෙ නම සහිර්ශනෙ...දැන් ඔයාට හොදයිද...

ම්ම්...හොදයිනෙ...අප්පච්චියේ...අපි මේ අයියව ගෙදර අරන් යමුකෝ...අනේ එයා සෝයිනේ...

කටේ ඇගිල්ලකුත් ගහන් මගෙ අත අල්ලගෙනම කෙල්ල අන්කල්ට මාව ගෙදර අරන් යමුයි කිව්වෙ හෙන හුරතල් විදියට...යෝහ් දැන් නම් මටත් මේ වගේ හුරතලයක් ඕන වගේ....

අරන් යමුකො...අයියා කැමති වෙයිද දන්නෑ..

අන්කල් මගෙ දිහා බලාගෙන හිනා වෙවීම කිව්වා...

පුතා ඕක කාලා ඉන්නකො...වෙලාවත් ඉවරයි....මම යන්නම්...නෝනා එයි දෝනිව බලාගන්න...මම වැඩට යන්න ඕනනෙ...

හරි අන්කල්...කෑම එකට බොහොම පින්...

ඕක මොකද්ද පුතා....පුතත් කාලා පිට් එකේ ඉන්න ඕන...හොදද...

මන් ලස්සන හිනාවක් දීලා ඒ මනුස්සයට සමුදුන්නා...අයුලිත් එයාගෙ අප්පච්චි යනකන් බලන් ඉදලා මාත් එක්ක කයිය ගහන්න කට හැදුවා...

සුදු අයියා එක්ක ඊයෙ හිටියෙ ඔයාගෙ කවුද...

යාලුවෙක්නෙ...

ශුවර්ද...

ඔව් ඉතින්...

ඔයා අපේ ගෙදර යන්න එනවද...

එන්නම්කො ඉතින්...ඔයා කියද්දි එන්නෙ නැතුව ඉන්න බෑනෙ...

හුම්ම්ම්....ඇයි ඔයා දුකින් ඉන්නෙ...

මම...නෑ

නෑ නෙවෙයිනෙ...මන් ඔයා දිහාමයි බලන් ඉදියෙ...ඔයා නිතරම කල්පනා කර කර දුකින්නෙ ඉන්නෙ

නෑනෙ චූටි...මට ඔලුව රිදෙන්න ගත්තනෙ...ඉතින් චුට්ටක් දුක හිතුනා...

ආහ්...ඉතින් ඔයාට දැන් හොදයිද සුදු අයියෙ...

හොදයිනෙ...චූටි ඉතින් අයියගෙ පාලුත් මකනවනෙ...

ඒකනේහ්...මන් හොදයි නේද...

නැතුව....









ගිහින් එඥ්ඥාම්...හිහි 🥹

මන්,
shashi
💚❤️

"බලාපොරොත්තු තියෙන්නෙ බිදෙන්න"
                                     2022-06-05     
                                     සහීර්ශ ගජනායක

Comment