4🫀✨

මොකක්...ඒක...ඒක කරේ ඔයාද...

ම්ම්..නැතුව...ඇමති දෙමව්පියන්ගෙ පුතාගෙ පවර් එක තමයි....

එතකොට...එතකොට....

ම්ම්...මන් තමුසෙට ආදරෙයි සුදූ...

ඒත් ඔයා කිව්වා...

ම්ම්..කිව්වා...බයට...තමුසෙව නැති වෙයි කියන බයට...ඇමති දෙමව්පියො...දන්නවනෙ....අවදානම...

ඉතින් දැන් ඇයි...

මට තමුසෙව තව අඩවන්න බෑ...ඔය කදුලු...ඒවාට හැමදාම එලියට එන්න දෙන්න බෑ....

තාමත් මාව රවට්ටනවද දේව්...

මන් කිව්වනෙ සුදූ...තවත් නෑ...

එයා ආයෙම අඩන්න හදනවා...හුරතලේ මගෙ...කොයිවෙලෙත් අඩන්න කට හදනවා...සැක්...මිනිස්සු නොහිටියා නම් කිස් එකක් දෙනවා...වටපිට බලපු මන් ඒ එබෙන කම්මුල් වලට චුක් ගාලා හාදුවක් දීලා සිවීලිමේ හූනො ගනන් කරන්න ගත්තා.....

දේව්....

හිහි...ඇ...ඇයි...

ඔයා..මට...හාදුවක්...

කැහැ කැහැ...

ඇයි රතු වෙලා ඔයා....හරිනම් මමයි රතු වෙන්න ඕන....

නෑ නෑ...හෙහෙ...

ඔයා ඇත්තටමද දේව් කියන්නෙ මේ...රවටන්න එපා...දරන්න බැරි වෙයි....

ම්ම්...ඇත්ත...විහිලු කරනවා...ඒත් ආදරෙදි...නෑ....මන් එහෙම මිනිහෙක් නෙවේ...විහිලුවක් උනත් ඇස් රතු වෙනව නම් ඒක විහිලුවක් වෙන්න බෑනෙ සහී...

මට අද මැරෙන්න තරම් සතුටුයි දේව්....

ම්ම්...ඒත් මැරෙන්න දෙන්නෑ...මැරෙන්න පුලුවන්...මේ දේව්ගෙ උනුහුමට ආදරේට යට වෙලා....

මොනාද අනේ කියවන්නෙ...

තමුසෙ මගෙනෙ සුදූ...

ම්ම්...මන් හැමදාමත් ඔයාගෙ...

අද හවසට ටිකට් කපනවා කිව්වා....

ඒක හොදයි...හෙට කැම්පස් යන්න පුලුවන්...

කැම්පස්...දෙනවා උබට...මැරුම් නොකා ටික දවසකට ගෙදරට වෙලා ඉදපන් සුදූ...

අනේ...ම්හුක්...

හුකුක් හුකුක් නෙවේ...

බයින්නෙ....

ඔච්චර හුඩතල් වෙලා අහින්සක වෙන්නෙපා සහී....උබගෙ දේව්ට ලෝභ හිතෙනවා....

මන් ඔයාගෙනෙ...

නැතුව උබ හිතුවද මන් අරකිට උබව දෙයි කියලා...ආ සුදූ...

හරි හරි අනේ...

ම්ම්...ටිකක් දොයියගන්න වස්තුව....

යෝහ්...වස්තුව කියන්නෙපානෙ...ලැජ්ජ හිතෙනවා...

අනේ නිකන් පලයන් බන් යන්න...උබට වස්තුව නොකිය අරකිට වස්තුව කියන්නද....

හ්ම්ම්....ඔයා බොරුවක් නෙවේ නේද දේව් කියන්නෙ...මට දැනෙනවා නිකන් මට දෙයක් නැතිවෙලා කදුලු හිදෙනකන්ම අඩන්න වෙයි කියලා....

නෑ වස්තු නෑ...කවදාවත් ඔය හිතට රිදුමක්වත්...ඔය ඇස් වලට කදුලක්වත් දෙන්න බලන් නෙවේ මන් තමුසෙට ආදරේ කරන්න ගත්තෙ සුදූ...පුලුවන් නම් මාව විශ්වාස කරපන්...

පුලුවන්...මට ඔයාව අවිශ්වාස කරන්න තරම් හේතුවක් නෑ...ඒත්...මන් කියන්නෙ දවසක මට හැමදේම නැති වෙයි කියලා දැනෙනවා කියලා විතරයි...මන් බලාපොරොත්තු වෙනවා ඒ හැගීම ඇත්තක් නොවේවි කියලත්....

ම්ම්...එහෙම නොවේවි...දැන් හොද ලමයා වගේ ටිකක් දොයියගන්න...

හ්ම්ම්...යන්නෙ නෑනෙ...

නෑ....

මන් යයි කියන බයටම එය  මගෙ අතක් අරන් තුරුල් කරගත්තෙ මගේ නිදහස් අතින් එයාගෙ ඔලුව අතගාද්දි...එයාට නින්ද යනකන් ඉදලා මන් පෝන් එකත් අරන් ටිකක් ඈතට ගිහින් කෝල් එකක් ගත්තා....

රින්ග් රින්ග්....

..............

ම්ම්... හරි...

........

ඔව්...සැකයක් නෑ....

...........

දැන් මන් කිව්ව දේ....ඒ පොරොන්දු කැඩුනොත්....එදාට මන් නෑදෑ කම් කියලා බලන්නෑ...සත්තයි...බෙල්ල කඩලා දානවා...

..................

ම්ම්...එහෙම තමයි වෙන්න ඕන....

.........

කෝල් එක එහෙමම කට් කරපු මම ආයෙම සහී ඉන්න තැනට ගිහින් වාඩි උනේ ඒ අහින්සක මූන දිහා බලන ගමන්...මට උබව ලෝකයක් තරම් වටිනවා...මගෙ අහින්සකයා...උබ සෑහෙන දුක් වින්දා මගෙ වස්තුව...නොදැන උන්නට...දැන් මම දන්නවා...පුන්චි කාලෙ උබ නොසෑහෙන්න දුක් විදලා...දවසක් එයි...මගෙ පුන්චි හුරතලේ...තමුසෙව තලලා ඔය පුන්චි මනසට ලොකු ලොකු බර වේදනා වචන පුරවලා උබගෙ හදවත රිද්දපු...උබෙ ඔලුව කාපු....හැම එකාගෙන්ම....සත්තයි සහී මන් දරුනු විදිහට පලිගන්නවා...මන් තාමත් හිතනවා...ඇයි තමුසෙව මට ඉපදුනු ගමන් හම්බ උනේ නැත්තෙ කියලා...එහෙම උනා නම් වස්තුව උබ ඉස්සර ඒ තරම් විදවන්නෙ නැති වෙන්න තිබුනා...

නින්දෙන් ඒ නලල රැලි වෙනවා...අඩන්න හදන එකෙක් වගේ කට වෙව්ලනවා...අනේ බන් උබව පුන්චි කාලෙ උන් ඒ තරම්ම රිදෙව්වද...ඒකද මැනික උබ තාමත් දවල් දවසට පවා හීනෙන් බය වෙන්නෙ...අනේ සත්තයි සහී...දවසක උබට සැප නින්දක් දෙනවා...උන්ගෙන් දරුනු විදිහට පලි අරගෙන...අඩුම උන්ට උබෙ හීන වලට එන්න බැරි විදියට මන් උන්ට වැට බදිනවා...බලන් ඉදින්...උන් එකා ගානෙ විදවයි...දරුනුවටම විදවයි....









ආහ්...ආහ්....නැගිට්ටද....

ම්හුක්...

මොකද ඉතින්...

ම්හුක්...ටිකට් කැපුවද දේවෝ...

ඔව්නෙ...කැපුවනෙ...උබ නැගිටිනකන් තමයි උන්නෙ..කොහෙද කබරයා වගේ පතබෑවිලා උබ නිදිනෙ....ඇහැරවන්නත් ලෝභ හිතුනා...

අනේ නිකන් ඉන්නකො...

නිකන් තමයි ඉන්නෙ...නැත්තන් ඉතින් උබ මෙහෙම අලාභ හානියක් නැතුව ඉදීවිද...

හෑයියා අනේ...

මොකද...උබ කොහොම කිව්වත් කවදහරි දවසක ඕක කරන්න වෙනවනෙ...නැත්තන් දරු පැටියෙක් කෝ....

ඒව් ඒව්...මන් නම් හිතුවෙ නෑ ඔයා මෙහෙමයි කියලා දේව්...

නැත්තන් කොහොමද...අනේ මේ...ඔන්න යන්න වරෙන්...

යන්කො....හැබැයි දේව්...ඉට්ස් පලිගන්න ටයිම්...

මොකද්ද...

ඔව්...ඔයා සහන්සාව එක්කන් බීච් ගියා නේහ්...මතකයිනෙ....

ඒක බොරුවක්නෙ වස්තු...සේරම බොරුවක්නෙ...

ඒ උනාට ඔයාලා ඇත්තටම ගියානෙ...

හරි ඉතින්...

හරි ඉතින්...හරි ඉතින් කියන්නෙ...දැන් මාවත් එක්ක යන්න...එක්ක ගිහින් මදි..අර විකුනන්න තියන සබන් බෝල පුම්බන එකකුත් ඕන...ඒකත් මදි ඉස්සො වඩත් ඕන...ම්ම්..ම්ම්..තව...

හරි හරි...යකෝ මන් හිතන් ඉදියට උබ අහින්සකයි කියලා...යකෝ දැන් කෝච්චිය වගේනෙ කියවන්නෙ...

එහෙම තමයි...දැන් මගෙනෙ...ඕන දෙයක් කියවනවා මන්...ඇයි දැන් ඔයාට ඒක ප්‍රශ්නයක්ද..ම්ම්..ප්‍රශ්නයක් උනත් මට වැඩක් නෑ..කන ගලවන් ගියත් මට වැඩක් නෑ...කියවනවා නම් මන් කියවනවා...ඔයාගෙ කට නෙවේනෙ..හුහ්...හරිනෙ...මතකනෙ ඉල්ලපුවා...ම්ම්...තව මොනාද...

හරි හරි...තව හිතන්න එපා...එතනට ගිහාම මතක් වෙයි...ම්ම්...ඔය චූටි කට රිදෙයි...

පව් මගෙ කොල්ලා....පොඩි කාලෙ හම්බ උන නැති දේවල්...තාමත් පුන්චි එකා වගේ මගෙන් ඉල්ලනවා...හිතුව තරම් සයිලන්ට් කෙනෙක් නෙවේ වගේ...කමක් නෑ...මන් මේ වෙනසට ආදරෙයි...උබ සතුටින් නම් එච්චරයි...මගෙ පුන්චි රෝස මල....

යන්කො ඉතින්...

ම්ම්...යන්...




අනේ එන්නකො දේව්...

ඈතට යන්න එපා සහී...මෙහෙ එන්න...

මගෙ අතත් අත ඇරලා සහී රැල්ල පාගන්න දිව්වත් මාත් ඒ එක්කම පස්සෙන් දිව්වෙ රැල්ලෙ සැර වැඩි කමට ගහගෙන යයි කියලා බයට..

අතාරින්නකො සහී...ම්හුක්...ටිකක් යන්න දෙන්නකො...

යන්න දෙන්න බෑ...ඔහොම ඉදන් රැල්ල පාගන්න...පේන්නෙ නැද්ද...රැල්ල සැරයි අද...

අනේහ්...

බැරි නම් එනවා ගෙදර යන්න....

හපෝ...හරි වසයි...

ම්ම්...ආදරේටනෙ...
පොටෝ එකක් ගන්න ආස නැද්ද සහී...

ම්ම්...එපා...මන් ආස නෑ...ගැලරියකට විතරක් මතක සීමා කරන්න...මට ඕන ඒවා හදවතේ තියාගන්න්...

කෙනෙක්ට මෙච්චර ආදරනීය වෙන්න පුලුවන්ද...ඇත්ත...එක අතකට පෝන් එකට විතරක් සීමා වෙච්ච මතක මොකටද...පෝන් එකකට නැති උනත්...හදවතේ තියනවා නම්...අපිට පුලුවන් මතක් කර කර සතුටු වෙන්න....මට උබ ගැන නොසෑහෙන්න දුකයි මැනික....

දන්නවද දේව්....මන් අවසානෙට මෙතනට ආවෙ අවුරුදු නවයෙදි...අම්මයි අප්පච්චී එක්ක...අදටත් මතකයි...එයාලා දෙන්නගෙම අතේ එල්ලිලා රැල්ල පාගපු හැටි...ඒත් එදා දවසෙ මන් නොහිතපු විදියට එයාලා දෙන්නා වෙනු උනා...අඩුම...අඩුම එයාලට දරුවෙක් ඉන්නවා කියලවත් හිතුවෙ නෑ....අම්මා අප්පච්චිගෙ යාලුවා එක්ක ගියා...අප්පච්චි දුක නිසාම මාවත් දාලා තනියෙන් ජීවත් වෙන්න ගියා...මගෙ පුන්චි හිතට එදා මොනවද නොහිතුනෙ...එදා ඉදලා...එ..දා

සහීට එතනින් එහා කියන්න බැරි උනා...සංවේදී...කොච්චර පරිනත උනත් අම්මා අප්පච්චි කියන නම ගාව...ආදරේ ගාව...ඕන ගලක් මෙලෙක් වෙනවා....

අඩන්න එපා සහී...දකින්න අකමැතිම දෙයක් දකිනකොට ඒ කවුරු උනත් මට තරහා යන්වා...ම්ම්...මගේ කේන්තිය වැඩි නොකර කදුලු පිහිදාගන්න මැනික...නෑ ඉන්න...මන් පිහින්නම්...

සිනිදු කම්මුල් වල තිබුන කදුලු පිහපු මන් ඒ මූන මගෙ අත් අතරට ගත්තා....

සුදූ...අහන්නකො වස්තුව...මන් දෙයක් කියන්නම්...අද ඉදන්...පුලුවන් නම් ඔයාගෙ අම්මා අප්පච්චිත් මගෙන් දකින්න...අම්මගෙ උකුලට ඔලුව තියන්න ඕන කියලා හිතුනොත් මා ගාවට එන්න...අප්පච්චිගෙ උනුහුම ඕන උනොත් සහී මේ දේව් ඉන්නවා...වගේම....ආදරවන්තයා විදියට මට පුලුවන් මගෙ මැනික් කැටේව ආදරෙන් බලාගන්න...මගෙ සුදූ...තමුසෙට තව කවුරුවත් ඕන නෑ...තමුසෙට මන් ඉන්නවා...මට තමුසෙ තමා හැමදේම...ආදරෙයි...මැනිකට...මගෙ...

කදුලු අස්සෙන් අනේ මගෙ අහින්සකයා ලස්සනට හිනා උනා...මගෙ සුරදූතයා...තමුසෙ මෙච්චර ලස්සන උනේ ඇයි වස්තු...මට ලෝභයි බන්...තමුසෙව කොහෙ හරි ගිහින් හන්ගන්න තරම් ලෝභයි...මුහුද මැදක එක්ටැම්ගෙයක් හදලා පුලුවන් උනානම් මන් තමුසෙව කාටවත් නොපෙන්වා හන්ග ගන්නවා..ඒ තරමට මන් තමුසෙට ලෝභයි සුදූ...තමුසෙව නැති උනොත්...සත්තයි...එදාට මේ ගල් හිත කෑලි වලට කැඩිලා යයි...


















මන්,
shashi
💚❤️

Comment