" 9 "

Jk POV

හියුන්ට ටේ බෙයා ආවා විතරයි මාව මතකත් නෑ. මාවත් අයින් කරලා ටේටේ ලගට දුවලා ගියේ. එයාටත් ඉතින් මොකද ඔය හුරතල් වෙන්නේ හියුන් ලග.

මට තරහයි. ඒ මගේ හියුන්.... තරහට වඩා මට දුකයි... මාව හුරතල් කරන්නෙත් නැතුවනේ ටේ බෙයා ගාගෙන දුවන් ගියේ අර මෝඩයා ලගට. මට වඩා එයාට ආදරෙයි ද කියලත් හිතෙනවා මට...

"එන්න එපා මං ලගට..... ඔයාලට මාව මතක නෑනේ...... කොහේවත් යන අයනේ ලොකු වෙලා තියෙන්නේ"

හියුන් මං ලගට එන්න හැරෙද්දිම මං එහෙම තරහෙන් කියාගෙන මගේ කාමරේට දුවගෙන ආවා.

මං කැමති නෑ මට ලැබෙන ආදරේ කාත් එක්කවත් බෙදාගන්න. මට දුකයි... හියුන් මගේනේ.... මං කැමති නෑ එයාගේ ආදරේ කාටවත් බෙදන්න...එයානේ මගේ ඔම්මයි අප්පයි දෙන්නම....

හියුන් මට බනින්න හැදුවත් මට ඇහුනා එයා හියුන්ව නවත්තනවා. මට ඇහුනා මට බනින්න එපා කියලා කියනවා.

මං දුවගෙන ආවේ වොශ් රූම් එකට. ශවර් එකත් ඇරගෙනම මම බිම වාඩි උනා. මං කැමති නෑ මගේ දේවල් බෙදාගන්න කාත් එක්කවත්. මගේ කදුලු වතුරත් එක්ක ඔහේ බිමට වැටුනා.මට ඒවා නවත්තන්න ඕන උනෙත් නෑ.

මං අඩලා අඩලා නහයත් බර උනාට පස්සේ තමයි වොශ්රූම් එකෙන් එලියට ආවේ. බඩගිනි උනත් මට කන්න ඕන උනේ නෑ.මම ඇදුමක් දාගෙන එහෙමම ඇදට වැටුනා.

"කොහේවත් යන අයනේ ලොකු වෙලා තියෙන්නේ"

මට මතක් උනේ ටේගේ මූණ.මං එහෙම කියද්දි එයාගේ ඇස් ගැස්සුනා.

මං එහෙම කියපු එක වැරදියි. එයා නම්ජුන් හියුන්ගේ මල්ලිනේ. ඒත් මට දුක හිතුන නිසානේ මං එහෙම කිව්වේ. හියුන් මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ.

මං එක එක දේවල් හිත හිත ඉද්දි මට එහෙමම නින්ද ගිහින් තිබුනා.
.
.
.
.
.
.
.
.
.
" කුකී මැණික..... මං ඔයාගෙ......"
ඒ කෝපි පාට ඇස්වල කදුලු. එතන්න් එහා කියපු දේවල් මට පැහැදිලි නෑ. වෙනදට හවස අහසේ බැහැගෙන යන ඉර වගේ දිලිසි දිලිසි තියෙන ඇස් දෙක අද බොද වෙලා ඇයි... ඇයි ඔයා අඩන්නේ.... අනික......අනික ඔයා මගෙ කවුද?
.
.
.
.
.
මං අදත් ඒ ඇස් දෙක හීනෙන් දැක්කා. මට ඒ ඇස් දෙක දකිද්දි මතක් වෙන්නෙම ටේගේ ඇස් දෙක. ඔව් ඒ ඇස් දෙක මං හීනෙදි දකින ඇස් දෙක වගේමයි.

මං වොශ් එකක් දාගෙන පහලට ආවා. මට පහලට එද්දි දැනුන සුවදින් කියන්න පුළුවන් ජින් හියුන් මේ වෙලාවේ ඉන්නේ කිචන් එකේ කියලා.

මං ඉතින් හොරා වගේ කිචන් එකට ගිහින් ජින් හියුන් ඉන්නවද බැලුවා

"ඔය ඉන්නේ හොරා"

මං හිමින් හිමින් හියුන් ලගට ගිහින් හියුන්ව බදාගත්තා.

"ගුඩ් මෝනිං හියුන්"

ම්හ් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.

"ම්ම්ම්"

හියුන් මගේ බනානා මිල්ක් එක මට දික් කරා. ඒත් මුකුත් කිව්වේ නෑ.

"හියුන්...."

මං අඩන්න ඔන්න මෙන්න. අමාරුවෙන් මං හියුන්ට කතා කරා.

"හි.....‍හියුන්"

මට ඊට වඩා ඉවසන් ඉන්න බැරි උනා. මට ඇඩුනා.

"අනේ මැණික.... කෝ කෝ අඩන්න එපා...... "

හියුන් මාව තුරුල් කරගත්තා. මට තවත් හයියෙන් ඇඩුනා.

"හි....හියුන්... මාත්....එක්...ක තර...හද......අනේ...... හි....හියුන්....මාත් එක්ක තරහ වෙන්න එපා......"

"මං කොහොමද දෙයියනේ මගේ කුකී මැණික එක්ක තරහ වෙන්නේ. මං තරහ නෑ පැටියෝ"

"එහෙනම් මාත් එක්ක කතා කරේ නැත්තේ"

"කුකී.... ඔයා ඊයේ ටේ බෙයාට කතා කරපු විදිහ හොද නෑ මැණික. ඒ ජූන්ගේ මල්ලිනේ පැටියෝ "

"මං දන්නවා හියුන් මං ඊයේ ටේට කතා කරපු විදිහ හොද නෑ කියලා. මට එයාගෙන් සමාව ගන්න ඕනේ. හියුන් දන්නවනේ මං මගේ දේවල් බෙදාගන්න කැමති නෑනේ "

"අනේ මගේ ඉරිසියාකාරයා. ඔයාගේ හියුන් ඔයාගේ විතරමයි"

හියුන් මාව තුරුල් කරගෙන මගේ නලලට හාදුවක් දුන්නා. මං ඔයාගේ ඒ ආදරේට හරි ලෝබයි හියුන්. ඔයා තමයි මගේ ඔම්මා

"මං ආදරෙයිනේ මගේ හියුන් ඔම්මට"

"මාත් ආදරෙයි මගෙ කුකී බබාට ගොඩක්"

මං හියුන් දුන්න බනානා මිල්ක් එකත් අරගෙන ලිවින් රූම් එකට ආවා. නම්ජුන් හියුන් ඔෆිස් යන්න ලෑස්ති වෙලා සෝෆා එකේ ඉදන් කෝෆි එකක් බොනවා

"මේ........ හියුන්......."

මං බිම බලාගෙනම හියුන්ට කතා කරා.

"කියන්න කුකී..... ඇයි මේ"

"මේ...... මට ටේ ගෙන් සමාව ගන්න ඕනේ. එයා අද ඔෆිස් එකට එයි නේද "

"හරිනම් අද එන්න ඕනේ තමයි කූකී"

"ප්‍රොජෙක්ට් එක නිසා එයා කොහොමත් අද ඔෆිස් එකට එයිනේ. මේ ඒක නෙවෙයි නම්ජුන් හියුන්....."

"ම්ම්ම් ඇයි කුකී"

"මට සමාවෙන්න"

"ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ ඔයා මට වැරැද්දක් කරේ නෑනේ පැටියෝ"

"මම ඊයේ ටේට කතා කරපු විදිහ හොද නෑනේ. මගේ හිතට අවුල් ඒක මතක් වෙද්දි"

"ඒකට ඇයි මගෙන් සමාව ගන්නේ. ඔයාට හිතට අවුල් වගේනම් ටේගෙන්ම සමාව ගත්තනම් හරිනේ පැටියෝ"

_________________________________________

Jin POV

ආහ් මං දැන් කෝල් කීයක් ගත්තද.... ඇයි මේ බෙයා එකක්වත් ආන්සර් කරන්නේ නැත්තේ... කුකී කියපු දේට දුකෙන් තමයි ඇත්තේ ඒත් මේ මනුස්සයා මගේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ මොකද... ආහ්..... මට අහුවෙයිනේ ඔය මෝඩයව.... මං බලාගන්නම්කෝ... මොකටත් තව එක පාරක් ට්‍රයි කරලා බලමු....

📞..............

_________________________________________

Tae POV

📞.................

කවුද අප්පා මේ උදේ පාන්දර කෝල් ගන්න එකා.... ආහ්....... මගෙ ඇගම රිදෙනවා.... පණත් නෑ වගේ ඇගට..... ඇස් දෙක ඇරගන්නවත් බෑ..... ඇස් දෙකම දැවිල්ලයි... ආහ් මං ඊයේ ඇඩුවා වැඩිවෙලාද... ඔලුවත් එක්කම බරයි වගේ... ආහ් මේ මගුල නතර වෙන්නෙත් නෑ කෝල් එනවා එනවා ඉවරයක් නෑ...

කොහොමහරි අමාරුවෙන් නැගිටලා මම ටේබල් එක ලගට ආවා ෆෝන් එක ගන්න ඕන නිසාම. කෙලින් හිටන් ඉන්න ඇගේ කිසිම පණක් ඉතුරු වෙලා නෑ...

"හෙ....ලෝ...."

මට කතා කරගන්නවත් අඩුම පණක් නෑ. මං ඇස් දෙක බාගෙට ඇරගෙන කෝල් එක ආන්සර් කරේ

"...................."

"ආ..........හි.....යුන්.......මං හො........"

මට ඊට වඩා වචනයක්වත් කතා කරගන්න බැරි උනා. මගෙ වටේම නිලංකාර වෙලා ඔක්කොම කලුපාට වෙනවා වගේයි මට දැනුනේ.

_________________________________________

Jk POV

මම හිටියේ නම්ජූන් හියුන් එක්ක ලිවින් රූම් එකේ.

"ජූන්.......ජූන්........"

කිචන් එකේ ඉදන්ම කෑ ගහගෙන හියුන් ලිවින් රූම් එකට දුවලා ආවා

"මොකද ජිනී මේ....."

"ජූන්.......අනේ....අනේ මගේ බෙයා........"

"ඇ...ඇයි හියුන් ටේටේ ට මොකද්ද වෙලා තියෙන්න"

හියුන් ටේ ගැන කියද්දි මගේ හිතට මොකද්දෝ මන්දා අමුත්තක් දැනුනා.

අනේ එයාට කරදරයක් වෙලාද.... මට නොදැනිම මගේ ඇස් බොද වෙනවා වගේ මට දැනුනා...

"කුකී මං බෙයාට උදේ ඉදන් කෝල් ගන්නේ. දැන් ටිකකට කලින් ගනිපු කෝල් එක ආන්සර් කරා. හැබැයි එයා අමාරුවෙන් වගේ කතා කරේ... ජූන්.... අනේ බෙයා ලයින් එකේ ඉද්දිම කතා කරන එක නතර උනා. මං ආයේ කෝල් එකක් ගත්තා. ආන්සර් කරේ නෑනේ..... අනේ ජූන් මට බයයි..... මගේ බෙයාට කර....."

"නෑ..... නෑ හියුන් බෙයාට මුකුත් වෙන්නේ නෑ මුකුත්.... අනේ හියුන් අපි ඉක්මනට යමුකෝ බෙයාව බලන්න"

මට ඕන උනේ නෑ ටේටේට කරදරයක් කියලා හිතන්නවත්. මගේ හිතට ලොකු වේදනාවක් දැනුනා.

හියුන් ඉක්මනට වාහනේ අරගෙන ටේගේ මැන්ශන් එකට ආවා.

වාහනේ නතර කරපු ගමන්ම මම බැහැලා ගියේ දොර ලගට

"ආයිශ්....... මේක ලොක්නේ....... හියුන් මේකේ පාස්වර්ඩ්...."

"ආහ්...... කුකී මම මේ පලවෙනි වතාවට ටේගේ ගෙදර ආපු. එයා අපි කාටවත් මේකට එන්න දුන්නේ නෑ"

"ආහ්..... ඔයා කියන්න හදන්නේ මේකේ පාස්වර්ඩ් එක දන්නේ නෑ කියලද හියුන්....."

මට තරහටම සද්දෙන් කෑ ගැහුනා. මට දුකයි... අනේ එයාට කරදරයක් වෙන්න නම් එපා දෙවියනේ.

"කුකී......."

"අනේ හියුන් අපි කොහොමද ඇතුලට යන්නේ...ආහ්....මේ මනුස්සයට බැරි උනාද අඩු තරමේ තමන්ගේ හියුන්ට හරි මේකේ පාස්වර්ඩ් එක කියන්න"

"කුකී මේක fingerprint එකට unlock වෙනවා"

"ඔව් ඒක මටත් පේනවා හියුන්.."

"කුකී.....මේකට ඇගිල්ල පොඩ්ඩක් තියනවද"

"ආහ් හියුන් මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි. කල්පනා කරන්නකෝ අඩුම මෙයා යාලුවෙක් හරි ඇතිනේ මේකේ පාස්වර්ඩ් එක දන්න"

මට තරහට තවත් කෑ ගැස්සුනා. ටේගේ fingerprint එකට unlock වෙන ගෙදර කොහොමද මගේ fingerprint එකට unlock වෙන්නේ.

"කුකී කියන දේ අහලා මම කිව්ව දෙව් කරනව"

ජින් හියුන් කියපු විදිහටනම් ඒක විහිලුවක් නෙවෙයි කියලා මට තේරුනා.

ඔන්න ඔහේ ඇගිල්ල තියලා බලනවා. ඕක මොකෝ මගේ ඇගිල්ල තිබ්බා කියලා දොර ඇරෙනවා කියලද

"මො....මොක...ක්......"

මගේ fingerprint එකට කොහොමද ටේගේ දොර ඇරෙන්නේ.... ආ........

මං ගල් ගැහිලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන මාරුවෙන් මාරුවට දොර දිහායි ඇගිල්ල දිහායි බලනවා

"මේ....මේක කොහොමද.... මගේ ඇගිල්ලට unlock උනේ"

"ටේ බෙයා........ඔයා කොහෙද ඉන්නේ මගේ දරුවෝ"

හියුන්ගේ සද්දෙටයි මම හරි සිහියට ආවේ. ඕන මගුලක් පස්සේ විසදගන්න පුළුවන් නේ. මමත් ජින් හියුන්ගෙයි නම්ජුන් හියුන්ගෙයි පස්සෙන් ගියේ ටේගේ කාමරේට.

දොර ලගට ගියපු මම එක පාරම නතර උනා. මට දැනුනේ මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ. ටේ..... එයා... එයා ටේබල් එක ලග බිම වැටිලා.

ජිම් හියුන් දුවලා ගිහින් ටේගේ ඔලුව එයාගේ ඔඩොක්කුවෙන් තියාගත්තා.

"අනේ ටේ බෙයා..... නැගිටින්නකෝ මැණික...... අනේ ජූන්... බෙයාගේ ඇග හොදටම රස්නෙයි.....ඉක්මනට... ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න ජූන්..... ඉක්මන් කරන්න...."

මම තාමත් දොර ලග හිටගෙන.මට ටේටේව එහෙම දකිද්දි හිතට ලොකු දුකක් දැනුනා.මම හිමින් හිමින් ගිහින් හියුන් ලගින්ම දණ ගහගෙන බිමින් වාඩි උනා

ටේගේ කම්මුලකට අත තියලා බැලුවා. අනේ දෙවියනේ ගොඩක් රස්නෙයිනේ.

"ඉන්න හියුන් මම ටේව ඇදෙන් තියන්නම්"

මම ටේව හරහට උස්සගත්තා. ආහ් මේ මනුස්සයගේ බර. කොහොමහරි උස්සගෙන ගිහින් ඇද උඩින් තිබ්බා.

"කුකී ඩොක්ටර් එනකන් මේකෙන් එයාව පිහදාන්න පුළුවන් ද ඔයාට"

හියුන් උණුවතුර භාජනයක් රෙදි කෑල්ලක් එක්ක මට දික් කරා.

"දෙන්න හියුන්"

මං ඒක් අරගෙන උණුවතුර එකේ පොඩ්ඩ පොඩ්ඩ පොගවලා අරගෙන ටේගේ මූණ බෙල්ල හිමින් සැරේ තෙත මාත්තු කරා.

"හියුන්........."

"ඇයි කුකී"

"මේ ටික......."

මම ටේගේ ෂර්ට් එකට අත තියාගෙන හියුන්ගේ මූණ දිහා බැලුවා.

"ප්‍රශ්නයක් නෑ කුකී පිහදාන්න"

හියුන් ජූන් හියුන්ව බලන්න කාමරෙන් එලියට ගියා.

"හ්ම්ම්ම්ම්"

මම හොද හුස්මක් අරගෙන හිමින් හිමින් ටේගේ ෂර්ට් එක ඇගෙන් අයින් කරා




_________________________________________

හායි මයි ස්වීට්ස්ලා----💖🪄🧸

හේ හේ මං ආවා 😁

ඉක්මනට කතාව ඉවර කරනවා 🥺

කතාවේ අඩු පාඩු කියන්න ඉතින් මටත් දැනගන්න ආසයිනේ...


Lv U ❤️







✍️By - CraZy_D_

Comment