" 12 "

.........................................

ජන්කුක් හිටියේ හොස්පිටල් රූම් එකේ. ඩොක්ටර් එයාව චෙක් කරනවා. ටේහ්‍යුන් එලියෙන් හිටියේ ඩොක්ටර් ජන්කුක්ව චෙක් කරලා ඉවර වෙනකන්.

ටිකකින් ඩොක්ටර් එලියට ආවා

"ඩොකටර් මගේ කුකීට කොහොමද"

ටේහ්‍යුන් වෙව්ලන කටහඩින් ඩොකටර්ගෙන් ඇහුවා.

"පේශන්ට ෆේන්ට් වෙලා තියෙන්නේ ලොකු ශොක් එකක් නිසා. එයාට තව ටිකකින් සිහිය ඒවි. අදම එයාව ඩිස්චාජ් කරන්න පුළුවන්"

ටේහ්‍යුන් ඩොක්ටර්ට ස්තූතිය කරලා ජන්කුක්ගේ රූම් එකට ආවා

ජන්කුක්ගේ ඇදලගට පුටුව ඇදලා අරගෙන වාඩිවෙලා ජන්කුක්ගේ අතකින් අල්ලගත්තා.

"මැණික මේ පාර මම පරක්කු නෑ නේද... මට බෑ මැණික ඔයාව ආපහු නැති කරගන්න.... යාලුවෙක් විදිහට හරි මැණික මං ලගට කිට්ටු උනා විතරයි... මට බෑ ආයේ ඔයාව ඈත් කරගන්න... "

"මං ආදරෙයි කුකී"

ටේහ්‍යුන් හිටියේ ජන්කුක්ගේ අත උඩින් නලල තියාගෙන.

"මාත් ආදරෙයි මගෙ ටෙටේට ගොඩක්..."

ටේහ්‍යුන් එක පාරම ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා. ටේහ්‍යුන්ට විශ්වාස නෑ එයාට ඇහුන වචන ඇත්තටම ජන්කුක් කියලද කියලා

_________________________________________

Tae POV

"මාත් ආදරෙයි මගෙ ටේටේට ගොඩක්..."

මං ඔලුව උස්සලා බැලුවේ මගේ මැණික දිහා... මට විශ්වාස නෑ මේ දකින්නේ හීනයක්ද කියලා...

මගේ මැණිකගේ ඇස් දිලිසෙනවා හරියට ඉස්සර මගේ තුරුලට වෙලා හිටපු දවස්වල වගේ... ඒ හිනාව.... මං වෙනුවෙන් විතරක් ඒ මූණේ ඇදෙන හිනාවමයි.... අනේ මගේ මැණික.... මාව.... මාව මතකද වස්තුවේ.....

"ටේටේ ඇයි අපි හොස්පිටල් එකෙ ඉන්නේ. මොකද්ද උනේ"

"කුකී......ඔයාට දැන් කොහොමද"

"මං හොදින් අනේ.... ඇයි අපි හොස්පිටල් එකෙ"

"මේ ඔයා හදිස්සියේ ෆේන්ට් උනා ඒකයි එක්කන් ආවේ. දැන් ඔයාට හොදයිනේ අපි දැන් ගෙදර යමු"

කුකීට ප්‍රශ්නයක් නැති නිසා මම එයාවත් අරගෙන ගෙදර ආවා.

ජින් හියුන්ට උන හැමදේම කිව්වම සතුටටම එයා මාව බදාගත්තා

"ඒ කියන්නේ කුකීට ආපහු පරණ මතක මතක් උනා... මගේ කුකී මැණිකට එයාගෙ ටේ බෙයාව මතකයි"

"හියුන් කුකීට බඩගිනි ඇති. එයාට මොනවහරි උයන්න දැන් පහලට ඒවි. හවසට කතා උන විදිහටම හැමදේම කරමු"

"හියුන්........ මට බඩගිනී අනෙ......."

"මං කිව්වේ ඔය එන්නේ එලාම් එකත් දාගෙන"

කුකී මැණික පහලට ආව ගමන් දුවගෙන ඇවිත් මගේ කරේ එල්ලුනා

"මේ මොකද මැණික"

"ඇයි මං වෙනදත් මෙහෙම ඉන්නේ. දැන් ඉන්න බැරි නෑනේ හුම්ම්ම්ම්"

තොලුත් උල් කරගෙන කියවන හැටි මගෙ හුරතලේ. මූණ මගේ බෙල්ල අස්සේ හංගගෙන මුමුණනවා.

"කුකී මට පොඩි ගමනක් යන්න වෙනවා. ඔයා දැන් කාලා රෙස්ට් කරන්න හරිද.... රෑට මං එන්නම්කෝ"

"අනේ මාත් එනෝ යන්න ඔයත් එක්ක"

මාව තව තදට බදාගෙන මූණ තවත් මගේ බෙල්ල අස්සේ හංගත්තා

"මං ඉක්මනට එනවනේ මැණික. දැන් යන්න බඩගිනි කිව්වා නේද ආ....."

මං පොඩ්ඩක් සැර කරාම මූණත් එල්ලගෙන බිමට බැහැලා මටත් ගස්සගෙන කිචන් එක පැත්තට ගියා

කියුට්.........

මට විතරක් ඇහෙන ගානට කියාගෙනම මම ගෙදරින් ආවා.
.
.
.
.
.
.
.
.
Time Skipped
@7.30 p.m

A/n POV

ජන්කුක් හවස්වරුවම හොදට නිදාගෙන නැගිටලා පහලට ආවා

"කෝ මේ ගෙදර කට්ටිය"

ජන්කුක් කිචන් එකට ගියේ ජින් ඉන්නවද බලන්න

"හියුන් නෑනෙ... මේ වෙලාවේ හරි නම් එයා ඉන්න ඕනේ කිචන් එකේ"

ජන්කුක් ඊලගට ගියේ ලිවින් රූම් එකට. එතනත් කවුරුත් නෑ. ජින්ගේ රූම් එකටත් තට්ටු කරලා බලලා එතනත් කවුරුත් නැති නිසා ජන්කුක් ආපහු එයාගේ රූම් එකට ආවා.

වොශ් එකකුත් දාගෙන ඇදුමකුත් ඇදගෙන ෆෝන් එක අතට අරගෙන ඇදට පැන්නා. එතකොට තමයි ජන්කුක් දැක්කේ එයාට ඇවිත් තියෙන මැසේජ් එක

📩 Mine Bear 🐻🤍
මැණික ඇදුමක් ඇදගෙන ලස්සනට
ලෑස්ති වෙලා ඉන්න.... නවත්තපු
තැනින් පටන් ගන්න තියෙනවා අපිට...
ආදරෙයි පැටියෝ........

ජන්කුක්ගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා. ඉක්මනට ඇදෙන් පැනලා ගිහින් ඇදුමක් තේරුවා. තෝරලා තෝරලා අන්තිමට කොහොමහරි හිතට හරි යන ඇදුමක් ඇදගෙන ගාන්න තියෙන සුවදම සෙන්ට් එකත් ගහගෙන ලෑස්ති වෙලා පහලට ආවා

(Kookie's outfit)

📩 Mine Bear 🐻🤍

ඩ්‍රයිවර් එක්ක එන්න මැණික....
මට හදිස්සියේ පොඩි වැඩක් වැටුන...
මං මේ පාර ඉක්මනට එනවා
මැණික බය වෙන්න එපා..

ජන්කුක් කාර් එකට ගිහින් නැග්ගා. ඩ්‍රයිවර් කාර් එක අරන් ගිහින් කැලයක් ලගින් නතර කරා.

ජන්කුක් බයෙන් බයෙන් කාර් එකෙන් එලියට බැහැලා වටපිට බැලුවා. මෙහේ කවුරුත් පේන්න නෑ කියලා ජන්කුක්ට තේරුනා.

"අන්කල් මේ කොහෙද අනේ........ටේ මාව මෙතන්ටද එක්කන් එන්න කිව්වා....."

පිට් අන්කල් හිනාවෙලා ඔලුව උඩට පහලට වනලා කාර් එකත් ස්ටාර් කරගෙන එතනින් මැන්ශන් එකට ආපහු එන්න ආවා

"අන්කල්........... අනේ ඔහොම ඉන්නකෝ.........."

ජන්කුක් එයාව පාස් කරගෙන යන වාහනේට කෑ ගහලා කතා කරත් ඒක නතර නොකරම ගියා.

ජන්කුක්ගේ මුලු ඇගම සීතල වෙනවා වගේ දැනුනා. අත් දෙකට හොදටම දාඩිය ආපු නිසා ෂර්ට් එකේ කොන් දෙක අලගෙන මිරිකන්න ගත්තා.

වටපිට බලනකොට ජන්කුක් දැක්කේ ඊතලයික් කැලේ ඇතුලට යන පාරක් පෙන්නලා තියෙනවා. ඒක යටින් I'm waiting for you baby කියලා ගහලා තියෙනවා දැක්කා.

ජන්කුක් හිමින් හිමින් කැලේ ඇතුලට ඇවිදගෙන ගියා. ටිකක් දුර යනකොට ජන්කුක් තියන අඩියක් අඩියක් ගානේ ලයිට් පත්තු වෙන්න පටන් ගත්තා.

ජන්කුක් වටපිට බල බල හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන ගියා

_________________________________________

Jk POV

මාව කොහේද මෙ එක්කන් ආවේ ටේටේ. ඔයා දන්නවා මම කලුවරට බයයි කියලා.

මං හිමින් හිමින් ඉස්සරහට ආවා. එක පාරම මම අඩියක් තියද්දි මගේ වටේ ලස්සන ලයිට් වගයක් පත්තු උනා.

දැන් නම් චුට්ටක් හිතේ තිබුන බය ගියා. ඒත් ඔයා කෝ ටේටේ... අනේ කුකී බබාව බය කරන්න එපා ටේටේ.... එන්නකෝ මං ලගට....

මං තියන තියන අඩියක් ගානේ ලස්සනට ලයිට් පත්තු උනා...

වාව්............. මාරම ලස්සනයිනේ.........

මං ටික ටික ඉස්සරහට ඇවිත් නතර උනා. ගස් අඩුයි.... පේන විදිහට ගස් කපලා එලිමහනක් වගේ හදපු තැනක්.... ඒත් හැමතැනම කලුවරයිනේ... මුකුත් පේන්නේ නෑ...

"ටේටේ......... ඔයා කොහෙද ඉන්නෙ.......... අනේ මාව බය කරන්න එපා ටේ බෙයා......."

මං හයියෙන් කතා කරා. මට දැන් නම් බයයි.... ඇඩෙන්න වගේ..... මං මගේ අත් දෙකට ෂර්ට් එක තව තදට මිරිකගත්තා....

"ටේටේ...... අනේ එන්නකෝ......... මට බයයි....... ටේ බෙයා ඔයාගේ කුකීට බය හිතෙනවනේ...... එන්නකෝ මං ලගට....."

මට ඇඩුනා..... ටේටේ දන්නවා මං කලුවරට බයයි කියලා... ඇයි මාව මෙහෙට එක්කන් ආවේ.... මං තදට ඇස් දෙක වහගත්තා.... මට තවත් ඇස් ඇරගෙන කලුවර දිහා බලන් ඉන්න ඕන උනෙ නෑ...

ඇස් වහන් හිටපු මට එක පාරම මගේ වටේම එලිය වෙනවා දැනුනා... කලුවරට තිබුන ඇස් දෙකට ලොකු එලියක් වැටෙනවා වගේ දැනුනා... මම හිමීට ඇස් ඇරලා බැලුවා...


වාව්........මෙතන ලස්සනයි.....

Happy Birthday To You 🎊️🎂🎉️
Happy Birthday To You 🎊️🎂🎉️
Happy Birthday Dear Kookie 🎊️🎂🎉️
Happy Birthday To You 🎊️🎂🎉️

"ඔ.....ඔයාලා....... "

මට සතුට වැඩිකමට ඇඩුනා....හියුන්... නම්ජුන් හියුන්... ජිමින්.... ඔෆිස් එකේ අය ඔක්කොම ඇවිත් තිබුනා....

ඒකයි එහෙනම් කවුරුත් මට විශ් කරේ නැත්තේ.......ආහ්........ මං තරහයි........ හ්ම්ම්ම්..... යාහ්...... ඒත් මේවා දකිද්දි කොහොමද තරහ වෙලා ඉන්නේ....... පොඩ්ඩක් ඉන්න කෝ....... කෝ එතකොට මගේ ටේටේ.....

"හියුන්.......කෝ මගේ......."

"ටේ බෙයා ඉන්නවා මැණික......."

හියුන් මට අහලා ඉවර කරන්නත් කලින් උත්තරේ දුන්නා... ආහ් මගේ මූණත් එක්ක රතු වෙනවා දැනුනා....

කට්ටිය දෙපැත්තට වෙලා ඉඩ දුන්නා මට ඉස්සරහට යන්න..... මමත් ඉතින් හිමින් හිමින් ඇවිදගෙන ඉස්සරහට ගියා....

ටේත් මගේ දිහාවට හිමින් හිමින් ඇවිදගෙන ආවා....

(Tae's Outfit )

"මගේ මැණික අද ගොඩක් ලස්සනයිනේ"

මගෙ ලගට ආපු ටේ මගේ මූණට එබිලා කියද්දි මට දැනුනා මගේ කම්මුල් දෙකට ලේ බහිනවා වගෙ... හරි ඒ කියන්නේ මං දැන් රතුවෙලා ඇති.... මම මූණ බිමට හරවගත්තා....

"කෝ ඉතින් මං දිහා බලන්නකෝ මැණික.... මොකද ම්ම්ම්ම් ලැජ්ජ හිතුනද"

ටේ මගෙ නිකටට අත තියලා මගේ මූණ උඩට ඉස්සුවා.

"ම්ම්ම්.......... මැණික අද වෙනදටත් වඩා සුවදයිනේ....."

මගෙ බෙල්ලට පහත් වෙලා හුස්මක් උඩට ඇදපු ටේ මගේ කනටම වෙලා කියද්දි මගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනුනා....

ඒ කටහඩ ගොඩක් ගැඹුරුයි ඒ වගේම සරාගියි....එ කටහඩෙ හැගීම් ගොඩක් පිරිලා තියෙනවා මට දැනුනා.

ටේටෙ මගේ බෙල්ල වටේ අත් දෙක දාලා මගේ කනට පහත් උනා.. ඒත් එක්කම මගේ බෙල්ල ලගින් සීතලක් මට දැනුනා.

"ලස්සනයි"

කනට පහත් වෙලා එහෙම කියලා ටේ මගෙන් ඈත් වෙලා හිටගත්තා එයාගේ හිනාවත් දාගෙනම

"කැමතිද"

"මොකද්ද"

"මගෙන් ලැබුන birthday gift එකට"

ටේටේ ඇස් දෙකෙන් මගේ බෙල්ල ලග පෙන්නුවා.. මම හිමින් අතගාලා බැලුවේ මොකද්ද කියලා.... මාලයක්...... ඩයමන්ඩ් මාලයක්.......

"ඒක ලස්සනයි ටේටේ"

මං පැනපු ගමන් ටේටේව බදාගත්තා.... මං ටේව බදාගෙන මගේ මාලෙට අත තියද්දි මට දැනුනා ඒක තව මොකක්හරි එකක පැටලිලා කියලා.

යාහ්..... ටේගේ මාලෙත් එක්ක ඒක පැටලිලා....... ආහ් නෑ.... ඒක මැග්නටික් පෙන්ඩන්ට් එකක් තියෙන මාලයක්...

"මේක....."

"ම්ම්ම්ම් කපල් මාලයක්...... ලස්සනයි ද"

"දෙකම ලස්සනයි ටේටේ...."

"මැණික සතුටින් නම් මාත් සතුටින්"

ටේටේ මගේ නලලට හාදුවක් දුන්නා.. මමත් ඇස් දෙක පියාගෙන ඒ හාදුව වින්දා.... මට ඒ හාදුවේ උණුසුම ගොඩක් මග ඇරුනා....

"මං ආදරෙයි මැණික"

"මාත් ගොඩක් ආදරෙයි ටේටේ"

.
.
.
.
.
.
A/n POV

පාර්ටි එක පටන් ගත්තා. හැමෝම කේක් කපලා කේක් කාලා විනෝද වෙන්න පටන් ගත්තා... නටලා සිංදු කියලා කාලා බීලා හැමෝම කාලෙකට පස්සේ හොදට සතුටු උනා.

"හියුන්....ටේටේ කෝ අනේ... එයා සැරින් සැරේ අතුරුදහන් වෙනවා"

පාර්ටි එකේ අවසාන හරිය වෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ව හෙව්වත් හම්බුනේ නැති නිසා ජින්ගෙන් ඇහුවේ ටේ ඉන්න තැනක් ගැන..

"අනේ අනේ මගේ කොල්ලට දැන් ටේ නැතුව එක තත්පරයක්වත් ඉන්න බෑ වගේනේද"

"අනේ යන්න හියුන් විහිලු කරන්නේ නැතුව"

ජන්කුක් ජින්ටත් ගස්සගෙන ටේව හොයන්න ගියා.

ජන්කුක් ටේහ්‍යුන්ව හොයාගෙන එනකොට ජන්කුක් ඈතදිම දැක්කා ටේහ්‍යුන් එයාට පිටුපාලා අහස දිහා බලාගෙන ඉන්නවා.

ජන්කුක් දුවලා ගිහින් ටේහ්‍යුන්ව පිටිපස්සෙන් බදාගත්තා

"මොනවද ටේටේ කල්පනා කරන්නේ"

ටේහ්‍යුන් ජන්කුක්ගේ පැත්තට හැරිලා ජන්කුක්ට විතරක් වෙන් උන එයාගේ හිනාවෙන් ජන්කුක් දිහා බලලා පොඩ්ඩ පොඩ්ඩ පිටිපස්සට ගියා.

"ටේටෙ ඇයි මේ"

ජන්කුක්ගේ ඇස් දෙකේ කදුලු පිරෙන්න ටේහ්‍යුන් පිටිපස්සට ගත්ත අඩි කීපය ඇති උනා..

ටේහ්‍යුන් එහෙමම ජන්කුක් දිහා බලාගෙනම එක දණහිසක් බිම තියලා ඉදගත්තා...

ඒත් එක්කම මෙච්චර වෙලා කලුවර වෙලා තිබුන වටේම එලිය වැටෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ...

(ටේ කුකී එක්ක ඔතන ඉන්නේ කියලා හිතාගන්න ලමායි.....😁)

"Will you marry me baby?"

ජන්කුක් ටේහ්‍යුන් දිහා ගල් ගැහිලා වගේ තාමත් බලාගෙන ඉන්නවා

"Say yes..../////"

වටෙ හිටපු හැමෝගෙම සද්දෙට තමයි ජන්කුක් හරි සිහියට ආවෙ.

ජන්කුක් ටේහ්‍යුන් ලගට ඇවිදගෙන ගියා

"Yes I do"

(අතන තමයි දෙන්නම ඉන්නේ...කුකී හිටගෙන ඉන්නවා කියලා හිතාගන්න.😁)

ටේහ්‍යුන් ජන්කුක්ගේ අතට රින් එක දාලා නැගිට්ටා..... ජන්කුක් අනිත් රින්ග් එක ටේහ්‍යුන්ගේ ඇගිල්ලට දැම්මා.

"Kiss......Kiss.....////"

වටේම අය කෑ ගහද්දි ජන්කුක් ලැජ්ජාවට රතු උන කම්මුල් හැමෝගෙන්ම හංගන්න ඉක්මනට බිම බලාගත්තා...

ටේහ්‍යුන් ජන්කුක්ගේ ඉන වටේ එක අතක් යවලා ජන්කුක්ව එයා ලග අරගෙන ඇගට තද කරගත්තා... අනිත් අතින් ජන්කුක්ගේ නිකකට අත තියලා මූණ උඩට උස්සලා කම්මුල අල්ල ගත්තා...

ටේහ්‍යුන් හිමින් සීරුවේ ජන්කුක්ගේ තොල්වලට පහත් උනා.... ජන්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා ටේහ්‍යුන්ගේ හාදුවට රියැක්ට් කරා.....



_________________________________________





හායි මයි ස්වීට්ස්ලා----💖🪄🧸

ඔන්න කතාවේ අවසාන කොටස දුන්නා....

මං හිතන් හිටපු විදිහට නෙවෙයි කතාවනම් ලිය උනේ.....

කතාව කියවපු හැමෝටම ආදරෙයි...❤️

වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටමත් ආදරෙයි ❤️

කතාව අදින් ඉවර නිසා කතාව ගැන හිතෙන දේ කියාගෙන යන්න...

හොද හෝ නරක ඕනම දෙයක් කියන්න....

තව කතාවකින් හම්බෙමු.....

ආදරෙයි හැමෝටම.....

Lv u ❤️❤️❤️❤️






✍️By - CraZy_D_

Comment