" 11 "

Jk POV

(Jungkook's Birthday)

"මැණික මේක මගෙන් ඔයාට......"

රෝස මලක්......ඇයි මට..... රෝස මල් දෙන්නේ ආදරේ කරන කෙනාට කියලනේ මං අහලා තියෙන්නේ.... එතකොට ඔයා මට ආදරෙයිද ?

ඒ ඇස් දෙක දිලිසෙනවා.... මට ඇස් කියවගන්න පුළුවන් උනානම් එයාගේ ඇස්වලින් කියන දේ තේරුම් ගන්න තිබ්බා...
.
.
.
.
.
.
.
.
අදත් ඉතින් සුපුරුදු පරිදි මගේ සිහින කුමාරයවත් හීනෙන් දැකලා එලාම් එකට කලින් මම නැගිට්ටා. අද ඉතින් විශේෂ දවසක්නේ මට... ආහ් බලමු කාටද අද දවස මතක කියලා.

මම කවුද මට මුලින්ම විශ් කරන්නේ කියලා හිත හිතම වොශ් එකක් දාගන්න ගියා. වොශ් දාගෙන ඇදුමකුත් ඇදගෙන මම පහලට ආවා.

"කෝ මේ කට්ටිය......ආ අර ඉන්නේ"

මගේ හියුන් කිචන් එකේ. එතකොට නම්ජුන් හියුන් සුපුරුදු පරිදි ලිවින් රූම් එකේ ඉදන් කෝෆි බිබී පත්තරේ බලනවා.

මම හිමින් හිමින් ආවේ කිචන් එකට.

"ගුඩ් මෝනිං කුකී මැණික. අද මොකද්ද කලින්ම"

"ආ....."

"ඇයි මොකද කුකී ඔහොම බලන්නේ"

"අහ්.....නෑ නිකන් ගුඩ් මොකද්ද හියුන්"

යාහ් ඇයි හියුන් මට විශ් කරේ නැත්තේ. එයාට කොහොමද අද දවස අමතක වෙන්නේ... බලමු නම්ජුන් හියුන්ට හරි මතකද කියලා.

මම බනානා මිල්ක් එකත් අරගෙන ලිවින් රූම් එකට ආවා.

"ගුඩ් මෝනිං ජූන් හියුන්"

"ගුඩ් මෝනිං කුකී"

එච්චර ද.... ආහ් ආයේ පත්තරේට මූණ ඔබාගත්තා... අද දවස ඔය දෙන්නටම මතක නැද්ද අප්පා....

මම බනානා මිල්ක් එකත් බීලා උදේට කන්නෙත් නැතුව ආවේ ඔෆිස් එකට. හැමෝම කියන්නේ ගුඩ් මෝනිං කියලා විතරයි

මම ලිෆ්ට් එකට නැගලා ඉක්මනට ආවේ කැබින් එකට.

"ආහ්......... ඇයි අද දවස කාටවත්ම මතක නැත්තේ...."

මම අත් දෙකෙන් කොණ්ඩෙව් ඇදගන්න ගමන් කෑ ගැහුවේ තරහටම නෙවෙයි දුකට. මගේ හියුන්ට කවමදාවත් ඒක අමතක උනේ නෑනේ. ඇයි මේ අද...... ඔෆිස් එකේ කාටවත්ම මතකත් නැද්ද....

" Excuse me sir "

" අහ්...හ්හ්... එන්න සෝහි"

මම ඉක්මනට කොණ්ඩෙත් හදාගෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියා.

බලමු ඔයා හරි ඒක දන්නවද කියලා... කියන්න බෑ ඉතින් ඔයා අලුතෙන්නේ ආවේ.. ඔයා කොහොමද දන්නේ ඒක.

"සර් කිම් කම්පැණි එකත් එක්ක කරපු ප්‍රොජෙක්ට් එකේ බජට් එකයි තව ෆයිල්ස් වගේකුයි තියෙනවා. ටේහ්‍යුන් සර් දවල් වෙන්න එනවා කිව්වා මේක ගැන කතා කරන්න"

"හ්ම්ම් ඕක තියලා යන්න සෝහි"

ආහ්...... කාටවත්ම අද දවස වැදගත් නැද්ද.... මොනාකරන්නද ලැබෙන හැටියට බාරගන්න ඕනනේ...

මම ඉතින් සෝහි ගෙනත් දුන්න ෆයිල්ස් ටික චෙක් කරන්න ගත්තා... කොහොමහරි ෆයිල්ස් ටික චෙක් කරලා ඉවර වෙද්දි නම් මට දැනුනේ ලොකු බඩගින්නක්.

වැඩ ටික ඉවර කරලා මම පහලට ආවේ මොනවාහරි කන්න යන්න හිතාගෙන.

ඇයි කාටවත් අද දවස මතක නැත්තේ. මං කොච්චර ආසාවෙන්ද හිටියේ අද දවස එනකන්. හියුන් දන්නවා මම කොච්චර ආසද කියලා තෑගි හම්බෙනවට.

කල්පනා කර කර ආපු මම එක පාරටම සිහියට ආවේ වාහනේක හෝන් හඩකින්. ඒ සද්දෙ ඇහෙන පැත්ත බලද්දි මං දැක්කේ මගේ පැත්තට වේගෙන් එන වාහනයක්.

මං කන් දෙකම අත් දෙකෙන් වහගෙන තදින් ඇස් පියාගත්තා.

"එපා........... ආ..................."











































































එක පාරටම මාව කවුරුහරි පැත්තකට ඇදලා ගත්තා. මම ඇදිලා ඇවිත් නතට උනේ ඒ කෙනාගේ පපුවේ වැදිලා. එයා මාව තදට බදාගත්තා. මගේ හාර්ට් එකෙන් වේගෙන් ගැහෙනවා. මම හිමින් ඔලුව උස්සලා බැලුවේ මේ කවුද කියලා. ඒත් එක්කම මට ඔක්කොම බොදවෙලා වගේ පේන්න ගත්තේ. ඒ මැද්දෙන් මට එයාගේ මූණ පැහැදිලි නොපැහැදිලි ගානට පෙනුනා

"ටේටේ.........."

මට කියාගන්න පුළුවන් උනේ එච්චරයි.

_________________________________________

Tae POV

කම්පැණි එකේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික කතා කරගන්න කියලා හියුන් මාව කුකීගේ කම්පැණි එකට එව්වා.

මම වාහෙන්ත් පාක් කරලා හිමින් හිමින් කම්පැණි එක පැත්තට එන්න ආවා.

මට ඇහුනේ හයියෙන් හෝන් ගහන සද්දයක්. මම ඒ පැත්ත බැලුවම දැක්කේ

"නෑ.....නෑ.......මැණික...... ආයෙත් එපා.............."

මගේ ඇගම පණ නෑ වගේ දැනුනත් මම ඉක්මනට දුවලා ඇවිත් මගේ මැණිකව ඇදලා මගේ ලගට අරගෙන හයියෙන් බදාගත්තා. අදත් මම පරක්කු උනා නම් එදා උන දේ ආයෙත් වෙනවා.

"අනේ බෑ මැණික මට ආයේ ඔයාව නැති කරගන්න බෑ...."

මැණික මං දිහා බැලුවා. එයාට කියාගන්න පුළුවන් උනේ ටේටේ කියලා විතරයි එයාව එහෙමම මගේ ඇගට කඩන් වැටුනා.

"අනේ මැණික.... නැගිටින්නකෝ...... වස්තුවේ......... නැගිටින්න මගේ පණ......"

මගේ ඇස්වල කදුලු.... අනේ මගේ මැණික කතා කරන්නකෝ ඔයාගේ ටේටේ ආවා මැණික.... මැණික මම මේ පාර පරක්කු උනේ නෑ වස්තුවේ.....

(8 months ago)

Tae POV

"ටේටේ කොහෙද ඉන්නේ ඔයා"

"මං එනගමන් ඉන්නේ මැණික. ඉක්මනට එන්නම්. ඔහොමම ඉන්න හරිද"

දවස් ගානකින් මගේ මැණිකත් එක්ක ඩේට් එකකට යන්න බැරි උන නිසා අද වැඩ ඔක්කොම කලින්ම ඉවර කරා එයාව එක්කන් යන්න ඕන නිසා.

මම වාහනේ වේගෙන් ඩ්‍රයිව් කරන් ආවේ මම දැනටමත් පැය බාගයක් විතර පරක්කු නිසා.

කොහොමහරි ඉක්මනට මගේ මැණික ඉන්න තැනට ආවා. පාර මෙහා පැත්තෙන් වාහනේ නතර කරල මම වාහනෙන් බැස්සා.

එයා ශොප් එකේ ඉදන් බනානා මිල්ක් එකකුයි ස්ට්‍රෝබෙරි මිල්ක් එකකුයි අරගෙන එලියට ආවා.

මාව දැක්කා විතරයි මෙලෝ සිහියක් නෑ. මාව දැක්කා විතරයි දුවගෙන එන්න ආවා.

"නෑ.......නෑ........මැණික එන්න එපා........."

මම හයියෙන් කෑ ගැහුවා.

ඒත්............











🚍ඩෝං......











එක පාරම වටේ හිටපු සෙනග ඔක්කොම එක තැනට පිරෙනවා දැක්කා. මට එතන්ට යන්න ඕන උනත් මට ඇවිදගන්නවත් පණක් තිබ්බේ නෑ. මම එහෙම්මම බිමින් ඉදගත්තා... නෑ ඉදගත්තා නෙවෙයි මාව බිමින් ඉද්දුනා....

අමාරුවෙන් කකුල්වලට වාරු අරගෙන මම සෙනග මැද්දෙන් ඇවිදගෙන ආවා.

නෑ මගෙ මැණික..............

එයා......එයා ලේ විලක් මැද නිදාගෙන ඉන්නවා.......

"අනේ මැණික නැගිටින්නකෝ........ අනේ වස්තුවේ........ නෑ......... නෑ........ මෙහෙම වෙන්න බෑ......... අනේ වස්තුවේ නැගිටින්නකෝ....... බලන්න බලන්න ඔයාගේ ටේටේ ආවා මැණික....... අනේ කෝ යමු...... ඔයාට මගේ අතේ එල්ලිලා ඇවිදින්න ඕන කිව්වනේද අද දවසෙම..... ඇයි දැන් මෙහෙම ඉන්නේ...... නැගිටින්නකෝ මැණික........"

මට කරන්න ඕන මොකද්ද කියලා හිතාගන්න බැරි උනා... මගේ මැණිකව බදාගෙන මම හොදටම ඇඩුවා.

ඒත් එක්කම මට ඇහුනේ ambulance එකක සද්දයක්. මට හැමදේම කලුවර වෙලා වගේ යනවා දැනුනා.
.
.
.
.
.
.
.

"කුකී........"

මට සිහිය එද්දි මම හිටියේ හොස්පිටල් එකේ.

"ජිමින් කෝ කෝ මගේ කුකී...... අනේ එයා කොහෙද ඉන්නේ.... මට මට මගේ කුකී ලගට යන්න ඕන...... අනේ මාව එක්කන් යන්නකෝ......."

"ටේ කලබල වෙන්න එපා කුකී තාමා ICU එකේ. ඔයා ටිකක් මෙහෙම ඉන්න. අපි තව ටිකකින් කුකීව බලන්න යමු"

"බෑ බෑ මට යන්න ඕනේ දැන්ම.... චිමී මාව එක්කන් යන්න...... අනේ......."

බල කරලා බල කරලා මම කොහොමහරි ICU එක ලගට ආවා.

අනේ මගෙ මැණික මැෂින් ගොඩක් මැද ඉන්නවා. එයාව ඩොක්ටර්ස්ලා නර්ස්ලා වටකරගෙන...

අනේ වස්තුවේ නැගිටින්නකෝ.... අනේ මට සමාවෙන්න මැණික.... මං.... මං එන්න පරක්කු උන නිසානේ මේ හැමදේම.... අනේ වස්තුවේ නැගිටින්නකෝ.... මේ බලන්න ඔයාගේ ටේටේ අඩනවා.... ඔයා කැමති නෑ නේද වස්තුවේ මං අඩනවට.... අනේ මාව තවත් අඩවන්නේ නැතුව නැගිටින්න මැණික.....

මට ආපහු හැමදේම කලුවර වෙලා යනවත් එක්කම මාව කාගේ හරි අත් දෙකකට වාරුවෙනවා මට දැනුනා

_________________________________________

A/n POV

ජන්කුක් මේ වෙද්දි පැය ගානක surgery එකක් හිටියේ. ටේහ්‍යුන් සැරින් සැරේ ෆේන්ට් වෙනවා.

ටිකකින් ඩොක්ටර් කෙනෙක් එලියට ආවා

"ඩොක්ටර් මගේ කුකීට කොහොමද... අනේ එයා හොදින්නේද ඩොක්ටර්"

"පේශන්ට්ගේ surgery එක නම් කරලා ඉවරයි. ඒත් අපිට එයාට සිහිය එනකන් බලන් ඉන්න වෙනවා. එතකන් අපිට මුකුත් කියන්න බෑ මිස්ටර්"

ටේහ්‍යුන් එහෙමම පුටුවෙන් වාඩිවෙලා ආපහු අඩන්න ගත්තා. ජිමින් ටේව බදාගෙන හිමින් හිමින් එයාව සනසන්න උත්සාහ කරනවා. ජින් නම්ජූන්ගේ තුරුලට වෙලා අඩනවා.
.
.
.
.
දවස් පහකට පස්සේ ජන්කුක්ව රූම් එකකට දැම්මා. තාමත් ජන්කුක්ට සිහිය තිබ්බේ නෑ. තාමත් මැෂින් නිසා තමයි ජන්කුක් හුස්ම ගන්නේ.

"ම්ස්ටර් නම්ජුන් පේශන්ට් දැන් ඉන්නේ කෝමා එකක. කවදා කෝමා එකෙන් නැගිටීවිද කියන්න බෑ. ඒත් අපිට පේන විදිහට එයා ලේසියෙන් හුස්ම අත අරින්න කැමති නෑ වගේ. අපි තව ටික කාලයක් ඉවසීමෙන් බලාගෙන ඉමු "

නම්ජූන් ඩොක්ටර් එක්ක කතා කරලා ආපහු ආවේ ජන්කුක්ගේ රූම් එකට. ඒ එද්දි ටේහ්‍යුන් හිටියේ ජන්කුක්ගේ අතක් එයාගේ අත් දෙකෙන්ම අල්ලගෙන ජන්කුක් එක්ක කතා කර කර.

ටේහ්‍යුන් කතා කරන වචනවලින් වැඩි කොටසක්ම වෙන් උනේ ජන්කුක්ගෙන් සමාව ගන්න.

"මට සමාවෙන්න මගේ මැණික....මට ඔයා ලගට කලින් එන්න තිබුනා... ඔයා ඔයාගෙ ටේටේ ට සමාව දෙනවා නේද මගේ මැණික"

නම්ජුන් ටේහ්‍යුන් ලගට ඇවිත් එයාව බලෙන් වගේ ගෙදර යැව්වා. මොකද දවස් ගානක් ටේහ්‍යුන් ජන්කුක් ලගින් හෙල උනේවත් නෑ. ටේහ්‍යුන් ලෙඩවෙනවා දකින්න කැමති නැති නිසා නම්ජුන් ටේහ්‍යුන්ව ආපහු ගෙදර යැව්වා.
.
.
.
.
.
පැය , දවස් , සති , මාස ගෙවිලා ගිහින් දැන් මාස තුනක් වෙනවා ජන්කුක් තාමත් කෝමා එකෙන් නැගිට්ටේ නෑ.

ටේහ්‍යුන් මේ මාස තුන පුරාවටම හැමදාම වගේ හිටියේ ජන්කුක් ලග. නම්ජූන් බලෙන් ගෙදර යැව්වොත් මිසක් ටේහ්‍යුන් ගෙදර ගියේම නැති තරම්
.
.
.
.
ටේහ්‍යුන් හිටියේ වෙනදා වගේම ජන්කුක්ගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලගෙන.

ජන්කුක්ගේ ඇගිලි හිමින් හිමින් හෙලවෙනවා ටේට දැනුනා.

ටේ ඉක්මනට ඩොක්ටර්ට කතා කරා. ජින් , නම්ජුන් වගේම ජිමිනුත් ජන්කුක්ගේ රූම් එකට ආවා.

ඩොක්ටර් ජන්කුක්ව චෙක් කරලා එලියට ගියා. ජින් නම්ජූන් දෙන්නත් ඩොක්ටර් එක්ක එලියට ගියා.

"ඔයාට කොහොමද කුකී........"

"අඅඅ....... ඔලුව නම් පොඩ්ඩක් රිදෙනවා..... මේ........."

"ඇයි කුකී........ මොකද්ද උනේ........"

"ඔයා කවුද....? ඇයි මට කුකී කියලා කතා කරන්නේ "

"මො.....මොකක්....."

ටේහ්‍යුන් අඩියක් දෙකක් පස්සට ගියා. ගියා නෙවෙයි ඉබේටම යැව්නා.

"ජි.....ජිමින්.... කු.....කුකීට මාව ම...තක නැද්ද....."

ටේහ්‍යුන්ගේ ඇස්වලට කදුලු පිරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ. ටේහ්‍යුන් එක පාරම කාමරෙන් එලියට දිව්වා. ජිමිනුත් ටේහ්‍යුන් පස්සෙන් එහෙමම එලියට ආවා.

"හියුන් ඉක්මනට ජන්කුක් ලගට යන්න. මම ටේ ගැන බලාගන්නම්"

ජිමින් ජින්ටයි නම්ජුන්ටයි කෑගහගෙන ටේගේ පස්සෙන් හොස්පිටල් එකෙන් එලියට ආවා.

ජින් ඉක්මනට ආවේ ජන්කුක්ගේ රූම් එකට.

"හියුන්..... ඔයා කොහෙද අනේ හිටියේ... කව්ද අර රූම් එකේ ඉදලා එක පාරම එලියට දිව්වේ...."

"ආ....... කුකී එයාව අදුරන්නේ නැද්ද මැණික"

"නෑ හියුන් මං දන්නේ නැති නිසානේ ඇහුවේ. අනික එයා මට කතා කරෙත් කුකී කියලා"

"ආම්.... එයා ගැන අපි පස්සේ කතා කරමු. දැන් මැණිකට කොහොමද කියන්නකෝ"

ජින් ජන්කුක් එක්ක කතා කරලා ජන්කුක්ට රෙස්ට් කරන්න දීලා රූම් එකෙන් එලියට ආවා.

"මං කිව්වනේ මිස්ටර් කිම්. එයාගේ ඔලුවට තමයි ගොඩක් ඩැමේජ් වෙලා තිබුනේ. එයාට සිහිය ආවත් සමහරවිට මෙමරි ලොස්ට් එකක් වගේ සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙන්න පුළුවන් කියලා. "

"ඒ කියන්නේ ඩොක්ටර් කුකීට අපේ ටේ බෙයාව මතක නෑ කියලද "

" මං හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. ජන්කුක් ටේහ්‍යුන්ව අදුරගත්තේ කොයිකාලේ වගේ ඉදන්ද "

"දැනට අවුරුදු දෙකක් වගේ තමයි ඩොක්ටර් වෙන්නේ "

"ඒ කියන්නේ ජන්කුක්ට මතක තියෙන්නේ ඇක්සිඩන්ට් එකට කලින් අවුරුදු දෙකකට එහා උන දේවල් විතරයි.
.
.
.
.
.
.
ටේ හිටියේ බාර් එකක ජිමින් එක්ක.

ටේ මීට අවුරුදු දෙකකට කලින් ඩ්‍රින්ක්ස් ගන්න එක නතර කරා. නතර කරන්න හේතුව උන කෙනාම අද ආයෙමත් ටේහ්‍යුන්ව ඩ්‍රින්ක්ස් ගන්න එකට හේතුවක් උනා

"ජිමින්ශි..... ඒ කියන්නේ... ඒ කියන්නේ මගේ මැණිකට මාව මතක නෑ නේද....... මං කවුද කියලා ඇහුවා..... ඇයි මං එයාට කුකී කියන්නේ කියලා නේද ඇහුවේ....."

"ටේ දැන් ඇති නේද අපි යමුද ගෙදර"

"මං..... මං මේ තරම් අවාසනාවන්ත ඇයි චිමී...... මගේ මැණිකට මාව මතක නෑ.... මං.... මං එයාට පොරොන්දු උනා මීට අවුරුදු දෙකකට කලින්....ඔව් අවුරුදු දෙකකට කලින් පොරොන්දු උනා ආයේ මේ වගේ ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ කියලා.... ඒත්.... ඒත් අද මං කොහොමද ජිමින් මේ දේවල් සිහියෙන් ඉදන් බලන් ඉන්නේ.... ඒ මගේ පණ බන්...... ඒ මගේ හුස්ම ටික...... මගේ මැණික නැති දවසක් ගැන මම කොහොමද හිතන්නේ චිමී...... මට.... මට මගේ මැණිකව ගෙනත් දීපන් චිමී........"

ටේ අඩ අඩම ජිමින්ට කියද්දි ජිමින්ගේ ඇස්වලත් කදුලු පිරුනා. බීලා බීලා ටේහ්‍යුන් සිහිය නැතුව ටේබල් එක උඩට වැටුනා.... ජිමින් අමාරුවෙන් ටේහ්‍යුන්ව ගෙදරට එක්කන් ආවා.
.
.
.
.
.
ටේහ්‍යුන් දිගින් දිගටම බොන්න පුරුදු උනා. උදේ දවස් රෑ කියලා වෙනසක් නැතුව බොන්න පටන් ගත්තා. එයාගෙයි කුකීගෙයි ෆොටෝස්වලින් පිරුණ කාමරේට වෙලා අඩ අඩ බොන්න පුරුදු උනා

නම්ජුන් බලෙන්ම ජිමින් එක්ක ටේහ්‍යුන්ව කැනඩා යැව්වා. එහේදි හරි ටික ටික මේ දේවල්වලින් ඈත් වෙයි කියලා නම්ජුන් හිතුවා

(Back to present)

_________________________________________

ජන්කුක් හිටියේ හොස්පිටල් රූම් එකේ. ඩොක්ටර් එයාව චෙක් කරනවා. ටේහ්‍යුන් එලියෙන් හිටියේ ඩොක්ටර් එයාව චෙක් කරලා ඉවර වෙනකන්






_________________________________________


හායි මයි ස්වීට්ස්ලා----💖🪄🧸

ඉස්සෙල්ලා කියන්න ඕනේ සමාවෙන්න... මේකෙන් දෙන්න හිටියේ කුක්ගේ birthday party එක ගැන. හිතුවට වඩා ඉක්මනට කතාව ඉවර කරන්න ඕන උන නිසා තමයි මේ කොටස දැම්මේ

දැන් තේරෙනවනේ ඇයි කුක්ට ඇයි ටේව මතක නැත්තේ කියලා....

අනේ ගොඩක් අඩුපාඩු ඇති 🥺 මේක මගේ පලවෙනි කතාවනේ...

මොනවාහරි කියාගෙන යන්න ඉතින් කතාව ගැන....

Vote කරන හැමෝටම ආදරෙයි ❤😍

Lv U 👉👈❤️‍🩹










✍️By - CraZy_D_

Comment