" 5 "

Tae POV

මේ ගෙදර මම කැමති තැන මෙතන. ලොකු හුස්මක් අරගෙන වහලා තිබුන කාමරේ දොරත් ඇරගෙන මම ඇතුලට ආවා.

"මගේ මැනික"

මම කාමරේට ඇවිත් ඇද උඩින් වාඩිවෙලා එතන තිබුන ෆොටෝ එක අතට ගත්තා.


මගේ මැණිකත් එක්ක මම අන්තිමට ගත්ත ෆොටෝ එක. හ්ම්ම් මීට මාස හතකට කලින්...

මටත් නොදැනිම මගේ ඇස්වල කදුලු. මට අපේ ෆොටෝ එක පෙනුනේ බොද වෙලා. මං ඇස් දෙක තද කරලා වහගත්තම මට පෙනුනේ මගේ මැණිකගේ රූපේ

(8 months ago)

"කුකී.......මැණික..... කොහෙද අනේ ඉන්නේ...."

මං වොශ් එකක් දාගෙන එන ටිකට මගේ බනී බබා අතුරුදහන් වෙලා. මම එයාට කතා කර කර කිචන් එකටා ආවත් ම්හ් මෙතනත් එයා නෑ

"කුකී...... කොහෙද ඉන්නේ මැණික"

"ටේටේ මං මෙහේ....."

"මේ මොකද බබා මේ"

මගේ බනී බබා හරි හරියට කාමරයක් අස් කරනවා.

"කවුරුහරි එනවා කිව්වද බනී"

"නෑ"

"එහෙනම්"

"පොඩි වැඩකට අනේ... ප්‍රශ්න අහන්නේ නැතුව ඇවිත් උදව් කරන්නකෝ මේක අස්කරන්න"

කාමරේ අස් කරන හේතුවක් කොච්චර ඇහුවත් කියන්නේ නැති නිසා ආයේ ඒක ගැන අහන්නේ නැතුව මම කුකීට උදව් කරා.

පැයක් විතර යනකොට කාමරේ අස් කරා. ඇදයි , බෙඩ් සෝෆා එකයි තියෙද්දි අනිත් ඒවා අයින් කරා. තිබුන ඔක්කොම ෆොටෝස් ටිකත් ගලවලා අයින් කරා.

"ඇයි බබා මේ ෆොටෝස් අයින් කරන්නේ"

"වැඩකට අනේ"

එහෙම කියාගෙන කාමරෙන් එලියට ගිය කුකී ලොකු පෙට්ටියක් උස්සගෙන ආපහු කාමරේට ආවා.

"තව ලොකූ.....බොක්ස් එකක් එලියේ තියෙනවා. බනී බබාට ඒක ගේන්න බෑනේ. මගේ හොද ටේටේ වගේ ඒක ගෙනත් දෙන්නකෝ"

"හුරතලේ..... ඉන්නවා ඉන්නවා අරන් එන්නම් මම"

කුකීගේ කම්මුලකුත් මිරිකලා මම එලියේ තිබුන ලොකු බොක්ස් එක අමාරුවෙන් අරගෙන ආවා.

"ඒයි... ඕක එක පාර අත අරිනවා එහෙම නෙවෙයි. ඕකේ තියෙන්නේ වටින දේවල්. බිදින්නේ එහෙම නෑ දග කොටියෝ"

"හරි හරි ඔන්න හිමීට තිබ්බා"

"හා දැන් අන්න අතනට ගිහින් වාඩිවෙලා ඉන්න. නැත්තන් ඔය දාංගලේට මේ ටික බිදිනවා "

ඕවා බිදින්න මම පොඩි එකෙක්යෑ. මෙයාගේ කතාව නිකන් මෙයා මට වඩා වැඩිමල් වගේ. කුකීටත් ගස්සගෙන මම ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා.

"ටේ ටේ"

"ම්ම්ම්"

"මේක ලස්සනයි නේද"

"කු---කුකී"

මගෙයි කුකීගෙයි ලොකු ෆොටෝ එකක් අරගෙන මට පෙන්නපු කුකී ඒක ඇදට උඩින් බිත්තියේ එල්ලුවා.


"මැණික"

"ම්ම්ම්ම්"

මම කුකීව බැක් හග් කරලා එයාගේ උරහිසෙන් මගේ මූණ තියාගත්තා.

"ආදරෙයි"

"මාත් ආදරෙයි මගේ කොටි පැටියට"

"දැන් ඇයි මේ ෆොටෝ මෙහෙම ම්ම්ම්"

"තව චුට්ටක් ඉන්නකෝ ඔක්කොම ඉවර කරනකන්"

මම පැත්තකට වෙලා අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තු වෙලා බලාගෙන හිටියේ මගෙ කුකීගේ වැඩ.



මුලු කාමරේ මගෙයි කුකීගෙයි ෆොටෝ වලින් පිරිලා ගියා.

අන්තිම ෆොටෝ එකත් බිත්තියෙන් එල්ලලා කුකී එයාගේ බනී හිනාවත් දාගෙනම මං ඉන්න තැනට ආවා.

"ටේ ටේ"

"ම්ම්ම්"

"කොහොමද මගෙ වැඩ.... ලස්සනයි නේ"

ඇස් දෙකත් බෝල දෙකක් කරගෙන කටත් උල් කර කර අහද්දි මට අල්ලගෙන කන්න හිතුනා මගේ කුකීව. ඒ ඇස් දිලිසුනා ගොඩක්.

"ලස්සනයි මගේ මැණික.... ගොඩා...ක් ලස්සනයි"

මගේ boxy smile එකත් දාගෙනම කුකීට එහෙම කියද්දි එයාගේ ඇස් තවත් දිලිසුනා.

"ටේටේ"

"ම්ම්ම්"

"ඔයා හිනාවෙද්දි ලස්සනයි ගොඩා....ක්"

මං කුකීව ඇදලා අරගෙන මගේ පපුවට තුරුල් කරගත්තා.

"මගේ මැණික තමයි මේ ලෝකේ ලස්සනම..."

මං කුකීගේ නලලට උණුසුම් හාදුවක් දුන්නා. එයාගේ ඇස් පිය උනා. මං දැක්කා මගේ පුංචි ස්පර්ශයක් උනත් කුකී හරි ආදරෙන් විදිනවා.

"ටේ බෙයා"

"ම්ම්ම්"

මං කුකීව තුරුල් කරගෙනම උත්තර දුන්නා. මට ඕන නෑ එක තත්පරේකටවත් කුකීව මගෙන් ඈත් කරන්න.

"මගේ ටේ බෙයා හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ... ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා වෙන්න ඕනේ. මගේ ටේ බෙයා දිහා බලන ඕනම කෙනෙක් කියන්න ඕනේ ඔයා වගේ සතුටින් ඉන්න තිබුනා නම් කියලා. මං ටේ බෙයාට ගොඩා.......ක් ආදරෙයි.... ගොඩා........ක්"

"මගේ මැණික මං ලග ඉන්නවනම් මම හැමදාම මෙ වගේ සතුටින් ඉදීවී මගේ මැණික... මාත් ආදරෙයි මගේ හා පැටියට... "

"ඇයි දන්නවද මම මේ කාමරේ මෙහෙම හැදුවේ කියලා"

කුකී මගේ මූණ දිහා බලාගෙන අහද්දි ඇත්තටම මට ඒක තේරුනේ නැති නිසා මම මුකුත් නොකියම එයාගේ මූණ දිහාම බලාගෙන හිටියා.

මේ ගෙදරම තිබුනේ අපි දෙන්නගේ ෆොටෝස්. ඇයි ඉතින් එක කාමරයක් මේ විදිහට හැදුවේ කියන්න ඇත්තටම මට තේරුනේ නෑ.

"කවදාහරි ඔයාට මං නැතුව පාලු හිතුනොත් හරි මට ඔයා නැතුව පාලු හිතුනොත් හරි මේ කාමරේට ආවම ඒ පාලුව නැතිවෙලා යයි. අපි අපි ලගම ඉන්නවා වගෙ දැනෙයි. මේ කාමරේ අපි දෙන්නගේ ලස්සන මතක වලින් විතරක් පුරවමු. එතකොට මේ කාමරේට එන හැම පාරම අපිට එවා මතක් වෙනවනේ."

කුකී එහෙම කියද්දි මගේ ඇස්වලට කදුලු ආවා.මං කොහොමද ඔයා නැති දවසක් ගැන හිතන්නේ මැණික

"මොනවද කුකී කියන්නේ. මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න බෑ මැණික. මෙහෙම දේවල් ඕන නෑ මට ඕන මගේ මැණික හැමවෙලේම මගේ ලග ඉන්නවට මගේ තුරුලට වෙලා ඉන්නවට. ඔය හුරතල් කතා අහගෙන ඉන්න මං කොච්චර ආසද කියලා ඔයා දන්නවනේ. කොහොමද මැණික ඔයා නැති දවසක් ගැන හිතන්නේ මම"

මං දැක්කා මං එහෙම කියද්දි මගේ මැණිකගෙ ඇස්වල කදුලු පිරෙනවා.

"මං යනවා කියලා කිව්වේ නෑනේ මෝඩයෝ. මං කිව්වේ පොඩි පොඩි වැඩවලට දෙන්නට එහෙට මෙහෙට යන වෙලාවට පාලු හිතුනොත් කියලනේ.හුම්ම්ම්"

කුකී මගේ පපුවට පොඩි පාරක් ගහලා ඇස් දෙක කරකවලා අහක බලාගත්තා. අනේ ඉතින් හුරතලේ.

"හරි හරි... අයියෝ ඔහොම තරහ ගත්තොත් මට කලින් වයසට යයි හොදේ"

කුකීව ඇදලා අරගෙන මං ආපහු තුරුල් කරගත්තා. එයාටත් ඉතින් මාත් එක්ක තරහා වෙලා ඉන්න බෑනේ. එයත් ඉතින් මගේ පපුවට හොදට තුරුල් උනා.

(Back to present)

"මේ කාමරේ හදද්දි මම කවදාවත් හිතුවේ නෑ මැණික මේක මේ තරම් මට ඕන වෙයි කියලා. මං අපේ මතක එක්ක මේ කාමරේ තනිවෙද්දි ඔයාට මාව මතකවත් නෑ නේද මැණික. මං කොහොමද දෙයියනේ මේක තවත් ඉවසන් ඉන්නේ. අනෙ වස්තුවේ ආපහු මං ලගට එන්නකෝ. මට තවත් බෑ ඔයා නැතුව ඉන්න"

මට මේ දේවල් කුකීට කියන්න ඕන උනත් ඒක කියන්න තරමටවත් වාසනාවක් නෑ කියලා දැනෙද්දි මට දැනුනේ මහ අසරණකමක්.

මං අපේ ෆොටෝ එක දිහා බලාගෙන මෙගේ කුකී එක්ක කතා කරා.

"මැණික මං ආදරෙයි"

පහලින් ඇහුන වාහනේක සද්දෙ නිසා මම ෆොටෝ එකත් ආපහු තියලා කාමරෙන් එලියට ආවා.

_________________________________________

A/n POV

ජිමින් ටේහ්‍යුන්ගේ ගෙදර ඉස්සරහ වාහේන් නතර කරලා ගේ ඇතුලට එද්දි ටේත් පහලට ආවා.

"යමුද"

"යං යං... ඒත් කොහෙද චිමියෝ යන්නේ"

"ගියාම කියන්නම්. වරෙන්කෝ යන්න"

ජිමින් ටේහ්‍යුන් එක්ක වාහනේට නැගලා ටේගේ මැන්ශන් එකෙන් පිටත් උනා. පැය එකහමාරක විතර ගමනකට පස්සෙ ජිමින් වාහනේ බිල්ඩින් එකක් ඉස්සරහ නතර කරලා වාහනෙන් බැස්සා.

"ටඩා....."

ජිමින් අත් දෙකත් දික් කරලා බිල්ඩින් එක පෙන්නම ගමන් එහෙම කියද්දි ටේ ජිමින්ගේ මූණ දිහා බැලුවේ මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කල්පනා කර කර

"මේ මොකද්ද"

"මේක තමයි මගේ අලුත් ඇකඩමි එක"

"යා ජිමිනා ඔය ඇත්තමද "

"ම්ම්ම් ම්ම්ම් ඔව් ඇත්ත තමයි"

ටේහ්‍යුන් පැනපු ගමන් ජිමින්වට් තද කරලා බදාගත්තා. ජිමින් කියන්නේ ටේගේ හොදම යාලුවා. ඉතින් මේක ජිමින්ගේ කාලෙක ඉදන් තිබුන ලොකුම හීනයක් කියලා ටේහ්‍යුන් හොදටම දන්නවා.

"යාහ් මෝඩ කොටියෝ මාව අත අරිනවා මට හුස්ම ගන්න අමාරුයි"

"අහ්...සමාවෙන්න චිමී"

ටේහ්‍යුන් හිනාවෙන ගමන් ජිමින්ව අත ඇරියා.

"කොහොමද මෙච්චර ඉක්මනට "

"මට කෙනෙක් මේකට උදව් කරානේ"

ජිමින් එහෙම කියද්දි ජිමින්ගේ මූණ රතුවෙනවා ටේහ්‍යුන් දැක්කා.

"යා ජිමින්ශී........ කියනවා බලන්න මම නොදන්න තමුසෙට උදව් කරන්න ඉන්නේ කෙනා කවුද කියලා"

"හරි ඉතින් කියන්න තමයි හිටියේ. කොහෙද ඉතින් එහේ ඉන්නකන් තමුන්ට සිහියක් තිබුනේ නෑනේ."

"හරි දැන් කියනව බලන්න"

ටේහ්‍යුන් අත් දෙකත් බැදගෙන ජිමින්ගේ දිහා රවාගෙන බලන් හිටියා.

"එ--එයාගේ නම මින් යුන්ගි. මේ--- යා කොටියෝ ඔහොම රවාගෙන ඉද්දි මට කියන්න යන ඒවත් පැටලෙනවා"

ජිමින්ට ටේගේ මූණ දැක්කම කියන්න ගියපු දේවල් පැටලුන නිසා ටේට කෑ ගහලා අත් දෙක බැදගෙන අහක බලාගත්තා.

"ආ ආ හරි හරි දැන් කියනවා ඉතින් "

ටේහ්‍යුන් පොඩ්ඩක් සන්සුන් විදිහට කියද්දි ජිමින් ආපහු කතාව කියන්න පටන් ගත්තා.

"මං කැනඩාවල ඩාන්සින් කරපු ඇකඩමි එකේදි තමයි මට එයාව හම්බුනේ. අපේ ඇකඩමි එකේ පියානා ප්ලේ කරන්න හිටියේ එයා. එයා දැකපු පලවෙනි දවසෙම මගේ හිතට දැනුනේ මහ අමුතු හැගීමක්. ඉතින්---- අපි ටික ටික අදුරගෙන කතා කරා.. පස්සේ----මේ---"

"යා ජිමින්ශි ඔයා රතු වෙනවා පැටියෝ"

ජිමින් යුන්ගි ගැන කියද්දි රතුවෙනවා දැකපු ටේහ්‍යුන් ජිමින්ට විහිලු කරන්න ගත්තා

"යා මෝඩ කොටියෝ... නවත්තගන්නවා ඕක"

"හරි හරි.... ඉතින් ඉතින් ඊට පස්සේ මොකද උනා"

ටේහ්‍යුන් ජිමින් මගින් නවත්තපු කතාව ආපහු පටන් ගත්තා.

" මේ එයා මීට සති දෙකකට විතර කලින් මට ප්‍රපෝස් කරා..."

"යාහ් ජිමින්ශි දැන්ද කියන්නේ මට ආ...."

ජිමින් ටේහ්‍යුන් දිහා රවාගෙන බලන් ඉද්දි ටේහ්‍යුන්ට තේරුනා එයා ඒ වගේ දෙයක් අහන්න තරම් හොද මානසිකත්වෙකින් නෙවෙයි කැනඩාවලදි හිටියේ කියලා.

"අහ්..මේ හරි සොරි... ඉතින් කියන්නකෝ"

"මං කොහොමත් ඒ වෙද්දි එයාට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා දැකපු මුල් දවසේ ඉදන්ම මං එයාට ආදරෙ කරා කියලා මට තේරුනා. ඉතින්---- ඉතින් මං එයාට හා කිව්වා"

ජිමින් එයාගේ ඇගිලිත් එක්ක සෙල්ලම් කර කර බිම බලාගෙන ටේහ්‍යුන්ට එයාලා ගැන කිව්වා. ජිමින්ගේ මූණ රතුපාට වෙලා. ටේහ්‍යුන් ජිමින් දිහා බලලා ලාවට හිනා උනා.

"යාහ් ජිමින්ශි... මගේ චිමි දැන් ලොකු වෙලානේ ආ..."

ටේහ්‍යුන් එහෙම කියද්දි ජිමින් තව ටිකක් රතු උනා

"ඔහොම රතුවෙලා රතුවෙලා පුපුරයි. දැන් මට ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව මීට් කරවන්නේ නැද්ද චිමි"

ටේහ්‍යුන් සන්සුන් කටහඩින් එහෙම අහද්දි ජිමින් ටික ටික මූණ උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා.

"යමුකෝ ඇතුලට"

ජිමින් ටේහ්‍යුන්වත් ඇදගෙන බිල්ඩින් එක ඇතුලට ආවා. ජිමින් දොරත් ඇරගෙන පොඩි කැබින් එකක් ඇතුලට යද්දි ටේහ්‍යුන් ඒ පස්සෙන්ම ඇතුලට ආවා.

එයාලා ඇතුලට එනකොට සෝෆා එකේ වාඩිවෙලා හිටපු කෙනෙක් නැගිටලා එයාලට ආචාර කරා.


_________________________________________

හායි මයි ස්වීට්ස්ලා----💖🪄🧸

අද කතාව කොහොමද...?

අවුල්ද 🥺

අඩුපාඩු කියාගෙන යන්න..

- කවුද රූම් එකේ ඉන්න ඇත්තේ -

ඊලග එකෙන් ඉක්මනට එන්නම්...

Vote කරන්න.... 👉👈 🌝

Lv U ලමයි😚💗💫

✍️By - CraZy_D

Comment