" 1 "

හීනි දිග ඇස් දෙකක්. ඒ ඇස් දෙක කෝපි පාටයි. වචනෙන් කියන්න බැරි හැගීම් මහා ගොඩක් කියවෙන කතා කරන ඇස් දෙකක්. තරුවලටත් වඩා දිලිසෙනවා. ඒවා ලස්සනයි......ගොඩක්......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(Jk POV)

වෙනදා වගේම එලාම් එකේ සද්දෙට මම ඇස් දෙක නම් ඇරියා. ඒත් ඇදෙන් නැගිටින්න කම්මැලිකමට තව චුට්ටක් ඇදේ එහෙට මෙහෙට පෙරලුනා.

"කුකී......."

"ආ......හියුන් කියන්න"

"ආ ඔයා නැගිටලද මම මේ ඔයාව නැගිට්ටවන්න ආවේ"

"මම දැන් නැගිට්ටේ හියුන්"

"වොශ් එකක් දාගෙන පහලට එන්න කුකී"

"හරි මං එන්නම් හියුන්"

මම ඇදෙන් බැහැලා ටවල් එකත් අරගෙන වොශ් එකක් දාගන්න වොශ් රූම් එකට ආවා.

වොශ් එකක් දාගෙන ඇදුමත් ඇදගෙන පහලට ආවා.


Jeon Jungkook
Age - 24
Jeon Company CEO
Jin's Brother

"ගුඩ් මෝනිං හියුන්"

"ගුඩ් මෝනිං කුකී"

"හියුන් කෝ නම්ජුන් හියුන්"

"ජූන් උදෙන්ම කම්පැණි එකට ගියා කුකී. හදිස්සි මීටින් එකක් තියෙනවා කිව්වා. මෙන්න කන්න "

Kim Seokjin
Age - 30
Kim Namjoon's Husband
Jungkook's Brother


ජින් හියුන් හදපු කෑම එකත් කාලා මගේ ෆේවරිට් බනානා මිල්ක් එකත් බීලා මම මැන්ශන් එකෙන් පිටත් උනා.
.
.
.
පැය භාගයක් විතර යද්දි මං ආවා....ම්ම්ම් ඔව් මං ආවා මගේ කම්පැණි එකට. කාර් එකෙන් බැහැලා මම කම්පැණි එක දිහා බැලුවා. ඒක මගේ පුරුද්දක්

කම්පැණි එකට එහා පැත්තේ තියෙන ජුස් බාර් එක දිහාත් බලලා මං ඇතුලට එන්න ආවා. ඔව් මං ඒක දිහාත් බලන එක පුරුද්දක්. ඒත් ඒ ඇයි කියලා මට හිතාගන්න බෑ. මට ඒක දිහා නොබලා ඇතුලට එන්න හිතෙන්නෙම නෑ.

මගේ කැබින් එකට ඇවිත් කෝට් එක ගලවලා සෝෆා එකෙන් තියලා මම ජනේලේ ලගට ගිහින් එලිය බැලුවා. ම්ම්ම් මෙතන්ට හැමතැනම පේනවා.

*Knock*

"කමීන්"

"සර්..... තව පැයකින් මීටින් එකක් තියෙනවා. මේ ඒකේ ෆයිල්ස් ටික"

"තැන්කිව් මිස් ලියා"

මගේ ඔම්මයි අප්පයි නැති උනාට පස්සේ මගේ හියුන් ඒ කියන්නේ ජින් හියුන් මේ කම්පැණි එක බලාගත්තා. මොකද මම එතකොට යුනිවර්සිටි යන නිසා. යුනිවර්සිටි එකෙන් අවුට් උන ගමන් හියුන් මේ සේරම මට බාරදුන්නා.

මම ෆයිල්ස් ටික චෙක් කරන්න ගත්තා.
.
.
.
"එක්ස්කියුස් මී සර්"

" කමීන්"

"මීටින් එකට වෙලාව හරි සර්"

"ආ....හ්... යමු"

පැයක් ගිහින් දැනුනෙවත් නෑ. මං කෝට් එකත් දාගෙන මීටින් රූම් එකට ගියා.

_________________________________________

(Tae's Mansion In Canada)

📞.........Don't you give up, nah-nah-....
[call ringingtone]

"ම්හ්......හෙ...ලෝ......."

"ටේ බෙයා...... ඔයා තාම නිදිද"

"ම්ම්ම්ම්"

"බලනවා දැන් වෙලාව කීයද කියලා නැගිටිනවා ටේ බෙයා මං හිටියනම් දනී මම මේ කම්මැලියව නැගිට්ටවන හැටි"

"අයියෝ හියුන් උදේ පාන්දරම පටන් ගත්තද ම්හ්"

"උදේ පාන්දර.....යෝ මෝඩයෝ දැන් දවල් වෙලා නැගිටින්නයි කිව්වේ"

"ම්හ්....හරි හරි අනේ නැගිට්ටා"

යෝහ් මේ හියුන් නම්....නිදහසේ නිදාගන්න දෙන්නෙත් නෑ උදෙන්ම කැඩිච්ච රේඩියෝව වගේ කෑ ගහනවා.

"බෙයා......"

"ම්ම්ම්ම්ම්"

"හියුන් කතා කරාද"

"......"

"ටේ බෙයා....."

"ම්ම්ම්ම්"

"ආයේ එන්නේ නැද්ද බෙයා"

"බලමු"

"ඒ ටේ බෙ....."

මට එතනින් එහා හියුන් කියන දේ අහන්න ඕන උනේ නෑ. ඔය කවුරු කිව්වත් මම ආපහු එන්නේ නෑ. ඒත්........ එයා...... මගේ මැණික කිව්වොත්...... ඔව් මගේ මැණික කිව්වොත් විතරයි මං ආපහු එන්නේ.

දැන් ඉතින් මට ආයේ නිදාගන්න තරම් මූඩ් එකක් නෑ. මං නැගිටලා වොශ් එකක් දාගෙන පහලට ආවේ කන්න රාමෙන් එකක් හරි හදාගන්න හිතාගෙන.

තනියම ඉන්න මට මොකටද කෑම ගොඩක්. අනික මම රාමෙන් ඇරෙන්න වෙන දෙයක් හදන්න දන්නේ නෑනේ.

මගේ ඔම්මගෙන් පස්සේ මගේ මැණිකනේ මට කෑම හදලා දුන්නේ. රාමෙන් එකත් හදාගෙන ඒකත් අරන් මම ලිවින් රූම් එකට ඇවිත් ටීවි එක ඉස්සරහින් වාඩි උනා.

Kim Taehyung
Age - 24
Namjoon's Brother

_________________________________________

(Jin POV)

"ජූන්"

"ම්ම්ම්ම්ම්"

"ඔයා අපේ බෙයාට කතා කරේ නැද්ද"

"....."

"ජූන්....."

"කියන්න"

"බෙයාට කතා කරලා කියන්නකෝ ආයේ එන්න කියලා"

"වැඩක් වෙන්නේ නෑ ජිනී. එයා අපි කතා කරාට එන්නේ නෑ. එයා එන්නේ......"

ජූන් කියන්න ගිහින් නතර කරේ මොකද්ද කියලා කියන්න මම දන්නවා. ඔව් ඒකත් ඇත්ත මං එයාට මාස ගානක ඉදන් කතා කරන්නේ ආපහු එන්න කියලා. ඒත් එයා හැමදාම ඒ කතාව මග අරිනවා.

Kim Namjoon
Age - 30
Jin's Husband
Taehyung's Brother
Kim Company Owner

ජූන් බෙයාගේ හියුන් වෙලත් ජූන් කතා කරලවත් ආපහු එන්නේ නැති බෙයා එයාගේ ආදරේ කතා කලොත් විතරයි ආපහු එන්නේ. ඒකයි ඇත්ත. ඒත්......










_________________________________________

හායි මයි ස්වීට්ස්ලා----💖🪄🧸

මගේ පලවෙනි කතාව. (Publish කරපු🤭)

කතා නම් ගොඩක් draft එකේ තියෙනවා. කතා ලියනවා ආයේ delete කරනවා. අනේ මන්දා 🤭 මට පිස්සුනේ ඉතින් (අපේ අම්ම තමයි කියන්නේ 🥲)

තාම කතාව අවසානේ වෙනකන් හිතලා නෑ.

හිතෙන විදිහට ලියනවා.

ඔයාලා කැමති මොන වගේ කතාවකටද ?

කතාව කියවලා හොද නරක අඩුපාඩු හැමදේම කියන්න... ඒක මට ගොඩක් වටිනවා ❤️

Vote කරන්න 👉👈🫀❤️


✍️By - CraZy_D 👣

Comment