4 💖


Taehyung : ඉතින් මට මොනාද ඒකෙන් හම්බෙන්නේ????😏

Yena : ඈ.... ආ....😶 ඕන දෙයක්......

Taehyung : ඕනම දෙයක්....😏

Yena : ඔව්...... ඔයාට කැමති දෙයක් තියනවනම් ඉල්ලන්න......😐

Taehyung : වැඩි දෙයක් නෙමේ මන් ඉල්ලන්නේ...... මට.......
එයිට කලින් කියන්න ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා??😌

Yena : 😶😶😶
මගේ ගෙදර???😶

Taehyung : නැත්තන් ඉතින්...... මන් ඒකනේ දැන් ඔයාගෙන් ඇහුවේ......😑

Yena : ඕ..😐 මගේ ගෙදර නන් තියෙන්නේ මේ ලග...... school එක කිට්ටුව තියෙන්නේ.....😐

Taehyung : ආ..... ඒක හොදයි..... එතකොට මට school එන්නත් ලේසියිනේ....😌

Yena : මොකක්ද??? ඇයි ඔයා එහෙම කිව්වේ??? ඔයා ඉන්නේ අපේ ගෙවල් ගාව නෙමේනේ......😶

Taehyung : ඉතින් ඒක තමයි මන් ඔයාගෙන් ඉල්ලුව එක......😏😌

Yena : ඔයා කියන්නේ මට school එක ගාවින් ගෙයක් හදලා දෙන්න කියලද???😑

Taehyung : ඔය කිව්වේ ඉතින්......😑 මන් කියන්නේ මට ඔයාලගේ ගෙදර ඉන්න දෙන්න කියලා...... දැම්වත් තේරුනාද??

Yena pov

මොකක්ද මේ වෙන්න යන්නේ????😶 මේක හීනයක්ද???? Tae මගෙන් ඉල්ලනවා මගේ ගෙදර ඉන්න දෙන්න කියලා.....😌 wow......මට නම් විශ්වාස කරන්නත් බෑ වගේ.......😍😍😍

Taehyung : ඔයා ඒකට අකමැති නම් වෙන එක්කෙනෙක් ගෙන් ගිහින් උදව් ඉල්ලගන්න......

Yena : නෑ නෑ.... කවුද කිව්වේ කැමති නෑ කියලා.....😍😌 මන් කැමතියි ඒකට........😌

Taehyung : හරිනේ එහෙනන්..... මන් යනවා....

Yena : ටිකක් ඉන්න.....😌

Taehyung : ඒ පාර මොකද??

Yena : ඔයා කවද්ද එන්නේ????😌

Taehyung : අ...... මන් අනිද්දට වගේ එන්නන්...🤔

Yena : ඇයි අනිද්දට??? ඕනනම් අදම එන්න.......😌

Taehyung : හ්ම්ම්.... හරි එහෙනන්...... මන් අද school ඇරිලා බඩු ටිකත් අරගෙන එන්නන්...

Yena : හා...... එහෙනන් bye.....👋 හවසට එන්න.............😌😍

Taehyung : ok....👌

එහෙම කියලා යේනා එතනින් ගියා.....

Taehyung pov

ඇති යන්තන් මට අද ඉදන් ගෙදර තනියම ඉන්න ඕනේ නෑ..... යේනගේ ගෙදර school එකට ලග නිසාත් හොදයි..... ගෙදර තනියම ඉන්නේ නැතුව ඕන එකක්......😑 මතක් වෙද්දිත් එපා වෙනවා......😑




Yena pov

මට නන් මේ විස්තරේ යූජින් ට කියනකන් ඉවසිල්ලක් නෑ.... ඇත්තටම යූජිනා එදා කිව්වා වගේම tae ඇහුවනේ මගේ ගෙදර ඉන්න දෙන්න කියලා..... wow......ඇත්තටම මට නන් විශ්වාස කරන්නත් බෑ......😌😌




ඔහොම හිත හිත යේනා පන්තිය ඇතුලට ගියා......

Yujin : මොකෝ වැඩේ හරිද නැත්තන් චොරද???😶

Yena : හරි ගියේ නෑ අනේ.... taehyung කිව්වා එයාට උදව් කරන්න බෑ කියලා......😔

Yujin : මන් කිව්වේ taehyung කියන්නේ එහෙම උදව් කරන එක්කෙනෙක් නෙමේ කියලා.....😔😑

Yena : මන් විහිලුවක් අනේ කරේ....😂😂

Yujin : මොකා???
ඒ කියන්නේ taehyung ඒකට කැමති උනාද???😶😶

Yena : ඒකම තමා මටත් පුදුමේ......😌😌
මේ ඒක නෙමේ ඔක්කෝටම කලින් කියන්න ඔයා සාස්තර කියන්න කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා......😏

Yujin : ඇයි එහෙම ඇහුවේ???😶

Yena : නෑ ඉතින් ඔයා එදා කිව්වේ tae ගෙන් අපි ඉල්ලන උදව්ව වෙනුවට අපෙන් එයා මගේ ගෙදර ඉන්න දෙන්න කියලා ඇහුවොත් කියලා....

Yujin : ඒ කියන්නේ එයා කිව්වද එයාට ඔයාගේ ගෙදර ඉන්න දෙන්න කියලා.....😏

Yena : මට නන් එහෙම ඇහුවද කියලවත් විශ්වාස කරන්න බෑ අනේ......😌

Yujin : මන් ඉල්ලුව උදව්වෙන් මට වැඩිය මෙයාට වාසි වෙයි වගේ......😏

Yena : අනේ මේ.....😌

ඔහොම කතාවෙන්ම කාලේ ගෙවිලා ගිහින් school ඇරෙන වෙලාවට ආවා.......



Yujin : මේ අපි අද cafe එකට යන්ද??🙂

Yena : අද නම් බැරි වෙයි.....🙃 ගෙදර ටිකක් සුද්ද පවිත්‍ර කරන්න එපැයි..... ඒක නිකන් අපායක් වගේනේ තියෙන්නේ......🙂

Yujin : හරි හරි.....😏
එහෙනම් මන් යනවා තනියම......

Yena : හ්ම්ම්.... bye....👋

Yujin : bye bye.....👋 ආ..... මේ මන් හවස් වෙලා ඔයාගේ ගෙදර එන්නන් හරිද home work ටිකත් කරන්න එපැයි..... මට ඒවා තනියයෙන් කරන්න කම්මැලි අනේ....😉

Yena : හරි එන්න..... මමත් ඔයා එනකන් ඉන්නන් home work කරන්න......👋

යේනායි යූජිනයි එහෙම කියලා තමන්ගේ ගෙවල් වලට ගියා...... යේනා ගිය ගමන් කරේ ගෙදර අස් කරපු එක....... ටික වෙලාවක් ගිහාම අලුතෙන් ගත්ත ගෙදරක් වගේ ලස්සනට අස් කරා......

Yena : අම්මෝ... ඇති යාන්තන් අස් කරලා ඉවරයි........😐
අපේ ගෙදර කාමර ටිකක් වැඩියෙන් තියන නිසා හොදයි ඉතින්.... නැත්තන් මට කාමරයක් හදන්න තමා වෙන්නේ......😂 නැත්තන් ඉතින් මටයි ටේ ටයි එක කාමරයක ඉන්නත් පුලුවන්....😌


🔔.......ding dong........🔔

Yena pov

දැන් කවුද අනේ එන්නේ....... තාම taehyung එන්න වෙලා නන් නැතුව ඇති.......🤔


එහෙම කියලා යේනා වෙලාව බැලුවම තමා දැක්කේ හවස හයත් පහුවෙලා කියලා......

Yena : අම්මෝ....😶 මෙච්චර වෙලා ගියා කියලවත් දැනුනේ නෑනේ.......😐

ඔහොම කිය කිය යේනා දොර ගාවට ගියා........


Taehyung : hi....👋

Yena : ඕ...... hi....🙂
එන්න ඇතුලට.......🙃


Taehyung ගේ ඇතුලට ගියා.......



Taehyung : ඔයාගේ ගෙදර මන් හිතුවට වඩා ලස්සනයි නේ.....

Yena : හී.....😁 thank you.....😁
ඒක නෙමේ ඔයාගේ බඩු ගෙනාවේ නැද්ද??😶

Taehyung : ගෙනාවා..... අර තියෙන්නේ......

එහෙම කියලා taehyung පෙන්නුවේ ජනේලෙන් පේන එලිය දිහාට ඇගිල්ලක් දික් කරලා........


Yena : දැන් ඔයා කියන්නේ ඒ මුලු car එක ඇතුලෙම තියෙන්නේ ඔයාගේ බඩු කියලද???😐😶

Taehyung : නැත්තන් ඉතින්.....🙂 ඔය ගෙනාවෙත් ඕනම ටික විතරයි.... තව ගොඩක් තියනවා.....🙃

Yena : ඔයා මුලු ජීවිත කාලෙම මෙහෙ ඉන්නද ආවේ.....😌

Taehyung : එහෙම වෙන්නත් පුලුවන්......😏

Yena pov

තව ටිකෙන් හුස්මත් හිර වෙනවා.......😐 මෙයත් මොනා කියනවද මන්දා......😐

Yena : ආ..... මේ..... ඔයාගේ කාමරේ තියෙන්නේ මේ පැත්තේ......


එහෙම කියලා යේනා taehyung ගේ කාමරේ එයාට පෙන්නුවා..... යේනත් taehyung ගේ කාමරේ අස් කරන්න උදව් කරා...... ටික වෙලාවක් ගිහාම කාමරේ අස් කරලා ඉවර කරා......

Yena : අම්මෝ..... මට නම් දැන් මාරම මහන්සියි......😑

Taehyung : ඒක නම් ඇත්ත.....😑

Yena : ඔයාට මොකක් හරි ඕන වුනොත් මට කතා කරන්න හරිද?? මගේ කාමරේ ඔයාගේ කාමරේට එහා පැත්තේ තියෙන්නේ......😌

Taehyung : හ්ම්ම්.... හරි......

Yena : එහෙනන් අපි මොනවහරි කමු නේද???? මට නම් බඩත් ගිනියි.......🙂

Taehyung : ඒක නම් හොදයි..... මටත් හොදටම බඩගිනියි....

ඔහොම කතා කර කරම දෙන්නා කෑම කාමරේට ගියා......


🔔......Ding Dong......🔔

Yena : මන් හිතන්නේ යූජින් එන්න ඇති..... එයා අද එනවා කිව්වා.....

Taehyung : ආ එහෙමද??? ඒත් මෙච්චර රෑ වෙලා?? දැන් වෙලාව අටටත් කිට්ටුයිනේ......

Yena : එයා ඉන්නේ මේ ලග..... චුට්ට දුරයි තියෙන්නේ එහෙ ඉදන් මෙහෙට......🙂

Taehyung : ආ....


එහෙම කියලා යේනා ගිහිල්ලා දොර ඇරියා... එයා හිතුවා වගේම ඇවිල්ලා හිටියේ යූජින් තමයි..... ඊටපස්සෙ තුන් දෙනාම එකතු වෙලා රෑ කෑම කාලා නිදා ගන්න ගියා......













Next Day

Yena : good morning.....🙂

කියාගෙන සාලෙට එද්දිත් යූජිනුයි taehyung යි නැගිටලා හිටියේ........

Yena : ඔයාලා නැගිට්ටද??? මන් හිතුවේ තාම නිදි ඇති කියලා......🙂

Yujin : ඔයා වගේ නිදිකුම්බරයෝ තමයි ඉතින් දහය වෙනකන් නිදා ගන්නේ......😂

Yena : අනේ මේ....😒 අනික ඉතින් අද school නැති එකේ මොකද වෙන්නේ ටිකක් නිදා ගත්තම......😒

Taehyung : ඒක නම් ඇත්ත.... මමත් දැන් ටිකකට කලින් නැගිට්ටේ......

Yena : ඒකනේ...... ඇද්ද ඇද්ද???😂 දැන් මගේ පැත්තට එක්කෙනෙක් ඉන්නවා.....😌

Yujin : හරි හරි....😂😂

Taehyung : මේ අපි කමුද??? මට හොදටම බඩගිනියි......

Yena : ඔව් අනේ මටත්.....



🔔......Ding Dong.....🔔

Yena : මේ වෙලේ කවුද එන්නේ???😶

Taehyung : මන් හිතන්නේ මන් එන්න කිව්ව කෙනා ඇවිත් වගේ.....😏

Yena : ඒ කවුද??😶

Yujin : කවුද ඒ??😶

































💖 SECRET CRUSH 💖

Comment