තිස් නවවන මේඝය 🦋

මම මගේ අතින් ම එයාගෙ අතේ වොච් එක ගැටගහනකොට එයා මගේ දිහා බලාගෙන හිටියා.
මම හරි පරිස්සමට වොච් එක ගිෆ්ට් බොක්ස් එකෙන් එලියට අරගෙන එයාගෙ වම් අතේ ගැටගහලා හැඩ බලනකොට මට ගොඩක් සතුටු හිතුණා.
අද අයියගෙ අතේ තියෙන්නේ මම එයාට අරගත්ත දෙයක්... පළවෙනි වතාවට මම මගේම කියලා සල්ලි වලින් එයාට යමක් අරන් දුන්නා.
මගෙ ඉගෙනීමෙ සම්පූර්ණ බර උස්සන්නෙ අයියා වෙනකොට මම බස් එකේ යන්න යනවට වඩා වැඩියෙන් අතේ කීයක් හරි එකතු වුණහම ඒ සල්ලි අයියට තෑග්ගක් අරගන්න ම කියලා එකතු කරපු හැටි මට මතක් වුණා.

" හැපි වැලන්ටයින් ඩේ අයියේ...."

මම කියනකොට අයියා මම වොච් එක බැඳපු අතෙන් ම නළලට ගහ ගත්තා. මං දිහා ට අයියා අසරණ තාලෙ හිනාවක් දානකොට ම මට තේරුණා...
සුදු මහත්තයා ට වැලන්ටයින් ඩේ එක අමතක වෙලා කියලා.

ඒක සාධාරණයි. අයියා කීයක් නම් වැඩ තියෙන කෙනෙක් ද..? වැලන්ටයින් ඩේ එකට ගිෆ්ට් ගන්න තියා අයියට වෙලාවක් කොහෙන්ද කෑම ටිකක් කන්න වත්...
මම ඒක තේරුම් ගන්න පුළුවන් තරමක ඉන්නවා. මොනා නැතත් අයියා මහන්සි වෙලා ගොඩ නගන හැම දේම අපේ අනාගතේ වෙනුවෙන් නෙ.
අපි දෙන්නට අනාගතේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න නෙ අයියා මහන්සි වෙන්නෙ. ඒ අස්සෙ වැලන්ටයින් අමතක වුණත් මොකද...
ඔය වැලන්ටයින් කියන්නෙ අපි දෙන්නගේ ජීවිතේ යමක් සිද්ධ වුණ දවසක් නෙවෙයි නෙ...

මම වොච් බොක්ස් එක ඒ මේ අත කරකවන ගමන් ගොඩක් දේවල් හිතලා...
මගෙ අත උඩ එයා අත කියද්දිත් මම ගැස්සිලා ගියෙ කල්පනාවෙ බර වැඩි කමට.

" විල් යූ බී මයි වැලන්ටයින් මයි ලව්..?"

මේඝ අයියගෙ කටහඬ ඇහෙනකොට මම ඒ පැත්ත බැලුවෙ මේ මොකද මේ කියලා. අපි වාඩි වෙලා හිටිය සෝෆා එකේ හේත්තු කරල තිබ්බ කොට්ටෙ පිටිපස්සෙ ඉඳන් ලොකු කැන්ඩස් චොකෝ බාර් එකක් ගන්න ගමන් අයියා ඇහුවා...

පොඩ්ඩක් ඉන්න...
පොඩ්ඩක් ඉන්න...
මට දැන් ඩිංගකට කලින් කවුරුහරි කියනව ඇහුණා එයාට වැලන්ටයින් අමතක වුණා කියලා.

" අයියේ ඔයා මට බොරු කිව්වනෙ..."

මම තොල් පෙරලන ගමන් ගොඩක් ම ගොඩක් අහිංසක මූණ දැම්මහම අයියා මාව පපුවට තුරුල් කර ගත්තා. අයියගෙ පපුව ඇත්තට ම රස්නෙයි. සාවධානව අහගෙන හිටියහම මට ඇහෙනවා..

ලබ් ඩබ්...
ලබ් ඩබ්..
ලබ් ඩබ්...

ගාලා එකසිය ගානට ගැහෙනවා. අයියගෙ හදවතේ ගැස්ම මගෙ පපුවම පුරවනවා. හිත හොඳ හදවතක් තියෙන, මේ ආදරණීය මනුස්සයගෙ හුස්ම පොද වැටෙන්නේ මං වෙනුවෙන් නේද...
මේ වැටෙන හුස්මක් ගානෙ මගෙ ජීවිතේ ට පාට පුරවන හදවත....
උඹට මම ණයගැතියි...
පුලුවන් නම් මගේ ආයුශත් අරගෙන අයියගෙ හදවත චිරාත් කාලයක් ජීවත් කරවපන්...
උඹ නිකම් ම අවයවයක් වුණත්..
උඹට පින් පිරෙයි වස්තුව...
මගේ අයියගෙ පණ, මගෙ පණටත් වඩා කල් රැකලා දීපම්...

" අයියට සමා වියන්කො දරුවො...."

අයියගෙ පපුවට තුරුලු වුණහම අම්මා ගාවට තුරුලු වුණා වගේ මට දැනෙන්නේ.
අපෙ මාලා ගෙ පපුවට ඔලුව තියාගෙන මම හේත්තු වුණහම අම්මා නිකන් ම මගේ ඔලුව අතගානවා..
අයියත් මගෙ පිට හෙමීට අතගාන ගමන් කතා කරනකොට මට අයියා එක්ක බොරුවට ඔරොප්පු වෙලා වත් තරහ වෙලා ඉන්න හිතෙන්නෙ නෑ.
අම්මපා..

" ටව්න් එක පුරාවට රතු රතු පාටට හාට් එල්ලලා....
ඒත් මදිවට වැලන්ටයිමට කියලා රෙදි කඩවල් පවා හැඩ කරලා...
පාරෙ යන එන මට ඕවා පේන්නෙ නැද්ද මගෙ දරුවෝ..

උඹට මම තෑග්ගක් ගත්තෙ නෑ කියන එක නෙවෙයි මම අමතක වුණා කියන එකෙන් අදහස් කළේ....
මට උඹ වෙනුවෙන් ගත්ත තෑග්ග දෙන්න අමතක වුණාය කියන එක... "

" අනේ අයියේ...
මට ඔයාම තෑග්ගක්.... ඔයාගෙ මේ ආදරේ තෑග්ගක්...
ඉතින් අයියෙ මට ඔයාගෙන් තෑග්ගක් මොකටද..? "

මම ඇහුවෙ අයියගෙ පැත්තට එයාගෙ ලොකු චොකෝ බාර් එක දික් කරන ගමන්.

" ඕක මගෙ තෑග්ග නෙවෙයි දරුවො.
උඹට මං ගෙනාවෙ මේක... "

අයියා එහෙම කියන ගමන් බෑග් එකක් මගේ අතෙන් තිබ්බා.
දුඹුරු පාට පේප ශොපින්ග් බෑග් එකක් වුණ ඒක අස්සෙ මට ලොකු බරක් දැනෙනවා.
කවදාවත් නැතිව අයියා අත් දෙක එකට අතුල්ලන ගමන් බලාගෙන ඉන්නවා. එයා නර්වස් වෙලා...
මම හෙමීට ගිෆ්ට් බෑග් එක ඇරියා...

මම අත දාලා එලියට ඇදලා ගත්ත දේ මොකක්ද කියලා මට ම පුදුමයි. සීතලට නයෙක් වගේ අහු වුණ තෑග්ග මම අතට අල්ලලා එලියට ඇදළා ගත්තා...
ඒක....

අනෙ මගෙ දෙයියනේ..  මට ඇස් අදහගන්නත් බෑ.... අජන්තට කිය කියා නාහෙන් ඇඬුවා මම මේකට...
කොහෙද ඉතින් අජන්ත මාලා සනීප නැති වුණ වෙලාවෙ වලව්වෙන් ඇඩ්වාන්ස් එකක් ගත්ත නිසා පඩිය හම්බ වෙනකම් අරන් දෙන්න වෙන්නෑ කියලා කිව්වනෙ...
අයියා මට ඒක ඕන කියල කොහොමද දන්නේ....
මට මේක ගොඩක් වටිනවා..

ඔන්න බලන්න සුදු මහත්තයෝ කවදහරි දවසක මම හොඳ දොස්තර කෙනෙක් වුණාට පස්සේ මුලින් ම මම ලෙඩ්ඩු බලන්නෙ ඔයා අරන් දීපු ස්තෙතස්කෝප් එකෙන්...

" කැමතිද....?"

" අනෙහ්.... 
මට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ අයියෙ....
ඔයා දන්නවද.... මම දවස් ගානක් තිස්සෙ කිව්වා.. අපෙ අජන්තට මට එකක් අරන් දෙන්න කියලා... ඒත්...
ඇයි අයියෙ මෙච්චර....
මං හින්දා ඔයා ගොඩක් කරදර වෙනවනෙ... ඒ මදැයි මට...

ඔයාගෙ ආදරේ එක්ක අමතර තෑගි ගන්නවට මට පව් පිරෙයි අයියෙ... "

" උඹට පව් පිරෙනවා නම්.... ඒ තරම් ම මටත් පව් පිරිලා ඇති දරුවෝ...
උඹ අම්මෙක් වගේ මගේ ගැන කෑවද බිව්වද, නිදිව්වද කියන එකේ ඉඳලා හොයලා බලනවනෙ...

මට ඒ වටින්නෙ නැද්ද දරුවො..? "

මේඝ අයියගෙ කටට හිටි හිටි ගමන් හරි හරි වචන එනවා...
ඒත් එක ඇත්තක් තියෙනවා.. එයා මට කතා කරන ඕනම නමක් මගෙ පපුව ඇතුලට හරි ආදරෙන් කිඳා බහිනවා. මම ආදරේ ම අයියගේ ඒ සෙනෙහෙවන්ත කමට.
ලෝබ නැතිව මට දෙන ඒ ආදරේට...

" මං කැමතියි... උඹ ඕකෙන් අහන පළවෙනි හද ගැස්ම මගේ එක වෙනවට...

අහලා බලනවද....?"

අයියගෙ පපුවට කන තියලා ගැහෙන ඒ හදවතේ රිද්මය අහගෙන ඉන්න මම කොයි තරම් නම් ආසද...
අයියගෙන් අහන්න හැදුවෙත් මම ඒකමයි. මම එයාගෙ හාට් බීට් එක අහන්නද කියලා.

" ඔන්නෝක.. ඔය විදිහට කනේ රඳෝගෙන... මේන්න මෙහෙම යි බලන්නෙ...

හරි... බලන්න.. මගේ හාට් බීට් එක... මගෙ පුංචි දොස්තර පැටියා..."

මේඝ අයියා මට වෙද නලාව අල්ලන හැටි ඉඳන් කියා දුන්නා. ඒ හද ගැස්ම මගෙ කන අස්සෙ දෝංකාර දුන්නෙ හරි හෙමීට...

ලබ් ඩබ්..

ලබ් ඩබ්..

ලබ් ඩබ්....

" මං ආදරෙයි මගෙ අයියේ... "

වෙල නලාව ගලවපු මම ආයෙමත් ඒ පපුව අස්සෙ මූණ හංග ගනිද්දි අයියා මගෙ කොණ්ඩෙ ඉම්බා...

" මාත් ආදරෙයි දරුවො... ගොඩක්....
මගෙ පණටත් වඩා...."


















කැම්පස් එකේ කැන්ටිමට එහා පැත්තෙ තිබ්බ බංකු සෙට් එකේ තිබ්බ එක බංකුවක තනියෙන් ම වාඩි වෙලා හිටියේ තේජාන්.
කහ පාට අත් නවපු කමිසෙට කලු දික් කලිසමක් ගහපු නේත්‍ර දොස්තර මහත්තයා ගෙ මල්ලිත් දැනටමත් දොස්තර කෙනෙක් වගේ.

එක කනක විතරක් ඉය බඩ් එකක් ගහගෙන ඇහෙන සින්දුව හෙමින් මුමුණපු තේජාන් ගෙ නිදහසට බාධා කරන ගමන් එතනට ආව කෙනෙක් තේජාන් ට එහා පැත්තෙන් වාඩි වුණා.

පොඩ්ඩක් ගැස්සිලා ගියත් තේජාන් ආපහු තමන්ගෙ සින්දුවට අවධානය දෙන්න ගත්තෙ ඇවිත් ඉන්න අභිමන්‍යු ව ගණන් නොගෙන.
අභිමන්‍යු අදත් කට කැඩිච්ච කතාවක් කියලා තමන්ගෙ යකා අවුස්ස ගන්න තමයි යන්නෙ කියලා හිතුන නිසා තමයි තේජාන් මේ අභිමන්‍යු දැක්කත් නොදැක්ක ගානට ඉන්නෙ.

" තේජාන්....."

හැමදාම අනිත් අයගෙ දෙවනි නමෙන් කතා කරන අභිමන්‍යු තේජාන් ට තේජාන් ගෙ නමින් ම කතා කරනකොට, තේජාන් ඉය බඩ් එක ගලවලා මොකද කියලා අහන්න නළල රැලි කරා.

" මේකයි...
මට තේජාන් ට දෙයක් කියන්න ඕන..."

" මොකක්ද බං...."

" මම දන්නවා තේජාන් ඉස්කෝලෙ කාලෙ ඉඳන් ම පහන්දි නංගි එක්ක තිබ්බ හුටපටේ නිසා ආදරේ එපා වෙලා ඉන්නෙ කියල...
ඒත් තේජාන් දන්නැතිවට තේජාන් මගේ ජීවිතේ ට ආව වෙලාවෙ ඉඳන් තේජාන් මාව වෙනස් කළා...
මම තේජාන් ගෙන් අහන්න කැමතියි තේජාන් මට ජීවිත කාලෙට ම ඒ චාන්ස් එක දෙනවද කියලා...

මම තේජාන් ට මගෙ හදවතින් ම, අවංකව ම ආදරෙයි...
මට තේජාන් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නවත් උවමනාවක් නෑ.
මගෙ සෙල්ලක්කාර ජීවිතේට තිත තිබ්බ ඔයාට බැයිද අලුත් සුදු පිටුවක මාත් එක්ක අපි දෙන්නගෙ කතාවක් ලියන්න එකතු වෙන්න. "

තේජාන් ගෙ කටට අගුලු වැටුණේ එයා ඒ වගේ යෝජනාවක් කරන්න තරම් අභිමන්‍යු කොහේත්ම ඉදිරිපත් වෙයි කියලා කිසීම අදහසක් නොතිබුණ නිසා.
අභිමන්‍යු දිහාවට ලොකු ආකර්ෂණයක් තිබුණා වුණත් තේජාන් හිටියෙ තාමත් ඒක ඇත්තට ම ආකර්ශනයක් ද, ආදරයක් ද කියලා හිතා ගන්න බැරි මට්ටමක.

ලඟදී දවසක පහන්දි ව දකින්න ලැබුණත් හරි, තේජාන් හිත යට වලක් කපලා අඩි හයක් ගැඹුරෙන් වළලලා, අවසන් කටයුතු ත් කරපු ඒ ආදරේ ගැන මතක තේජාන් ව අවුස්සන්න පටන් අරන්...
හිනාවෙලා හිටි තේජාන් ගේ හිනාව ආයෙත් මැකිලා ගියේ ඒ මොහොතෙදි වුණත් තේජාන් උත්තරයක් දෙනකම් අභිමන්‍යු ගොඩක් වෙලා බලාගෙන හිටියා....

" හරි...
මට තේරෙනවා... ඔයාට උත්තරයක් දෙන්න අමාරු ඇති...
කමක් නෑ...
මං හිතනවා...
ඔයාට අඩුම ගානෙ මගෙ යාලුවෙක් වත් වෙන්න පුළුවන් වෙයි කියලා..."

තේජාන් මොකවත් කියන්නත් කලින් එතනින් නැගිට්ට අභිමන්‍යු ඇස් දෙක වහගත්ත කඳුලු පටලය තේජාන් ට නොපෙනෙන්න ඉක්මනින් එතනින් පිටත් වෙද්දි, තේජාන් වෙනුවෙන් එයා ගෙනාව වැලන්ටයින් ග්‍රීටින් කාඩ් එක වගේම රතු රෝස මලත් එයාට අමතක වුණා.

තේජාන් ට අභිමන්‍යු යන්න කලින් කියපු දේ නෝට් වුණේ අභිමන්‍යු එතනින් නැගිටලා ගියාටත් පස්සෙ..
තමන් ගෙ අතීතෙට ගිලිලා ඉන්න එකෙන් තව කෙනෙක් ට ලොකු දුකක් තමන් ඇති කළා නේද කියලා තේජාන් ගේ හිත දුක් වෙනකොටත් අභිමන්‍යු ඒ අහළ පහළවත් හිටියෙ නෑ..

තේජාන් හිනාවක් මූණට නගා ගෙන අභිමන්‍යු අතෙන් අත්හැරුණු බිම වැටුණු රතු රෝස මල ඇහිඳගෙන නහයට ලං කළා..

" අභී වගේම සුවඳයි...."


තේජාන් ට කියවුණත් රෝස මලෙන් තමන්ගෙ ඔලුවට එකක් ගහගන්න ගමන් හිනාවුණ තේජාන් ගෙ හිනාව අතුරුදන් වුණේ තට්ටු කිහිපයක් උස බිල්ඩින් එක උඩ ඉඳන් කවුරුහරි තමන්ගේ නම කියලා කෑ ගහනවා ඇහුණ නිසා...


AAN:

අද මොනවත හිතුනෙ බබාලා....

කොමෙන්ට් කරන්නලා...

මම දුකෙන් ඉන්නෙ කමෙන්ට් මදි නිසා.... 🥺

SANJU🦋
19.02.2024

Comment