අවසාන මේඝය 🦋

මසකට පසුව....

NETHRA POV

තමන්ට ඉන්න එකම හොඳම යාළුවාව නැති වෙනවා කියන එකකාටවත් තමන්ගේ ඇස් ඉස්සරහ පිට වෙන්න හොඳ දෙයක් නෙමෙයි.
මම ඒක අත්විඳපු නිසා මම දන්නවා.... මගේ ඇස් පනාපිටම මේඝ ගෙ අන්තිම හුස්ම යනකොට මං කොහොම නම් ඒක දරාගන්න ඇති කියලා ද හිතන්නෙ....
ඩොක්ටර් කෙනෙක් විදිහට මම ඕනි තරම් ලෙඩ්ඩු මැරිලා යන හැටි දැකලා තියෙනවා.
ඕන තරම් ඩෙඩ් බොඩීස් එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
ඒක මට අලුත් අත්දැකීමක් නෙමෙයි. ඒත් මේඝ කියන්නේ මට නිකම් ම නිකම් පේෂන්ට් කෙනෙක් නෙවෙයි.
එයා මගේ හොඳම යාළුවා...
අදටත් මට එයා නැතිවෙච්ච ශොක් එක දරාගන්න අමාරුයි.

එයා චූටි කාලේ ඉඳන් ගොඩක් ප්‍රශ්න වලට මැදිවෙලා තනියම මුහුණ දීපු කෙනෙක්.
එහෙම කෙනෙක්ගෙ දරා ගැනීමේ ශක්තිය අඩු වෙනවා කියන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.
මොකද හදවත කියන්නේ තමන්ට ලැබෙන පීඩනය උපරිමයට දරා ගත්තට පස්සෙ, ඊටත් වඩා වැඩි පීඩනයකදි මුලු මනස ම විකෘති කරන්න පුළුවන් දෙයක්.
හදවතට එකඟ මනුස්සයෙක් වුණ නිසා මේඝ ට පුළුවන් වුණත් පිස්සු හැදෙන එකෙන් ගැලවෙන්න, එයාගෙ මනස ඒ වෙද්දිත් එයාව මරන්න අර බ්ලඩ් කැන්සර් එක කියන මාරයා ව එවලා තිබුණා.

මේඝ නැතිවුණා කියලා දැන ගත්තට පස්සේ සමුද්‍ර මැරෙන්න හදපු නැති ටික විතරයි. මොකක් හරි පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇතුලෙ තියාගෙන කවදහරි මේඝ ගාවට යන්න බලන් හිටිය සමුද්‍රගේ ලෝකෙම කඩන් වැටිලා....
එයාට හිටපු එකම ආදරේ එයා ආයෙමත් ගමට යනකොට පොළවේ පස් යටට වැළලිලා ගිහින් කියලා දැක්කම සමුද්‍ර දවස් ගානක් යනකං අඬා වැළපුණා.
අජන්ත මාමට දැන් තේරිලා තියෙන්නේ එයා කරපු වැරැද්දේ බරපතළකම.
වැඩිහිටියෙක්ගේ එක තීරණයකට පොඩි අයගේ ජීවිතවලට ලොකු වෙනසක් කරන්න පුළුවන්.
එක්කෝ අම්මා තාත්තට තියෙන ගරුත්වය හන්දා එයාල තමන්ගේ ජීවිතයේ ආදරය කරන දේවල් අත ඇරල දායි... එහෙමත් නැත්තං ඒ හීන වෙනුවෙන් එයාලා මැරිල යයි... වෙන කරන්නම දෙයක් නැත්තම් හිතෙන් මැරි මැරි ජීවත් වෙයි.

සමුද්‍ර තමන්ගේ පේෂන්ට්ල එක්ක ඇරෙන්න ගෙදර අය එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැල්ලු.
වෙන එකක් තියා මාලා අම්මා එක්කවත් කලින් තරම් හිත හොඳින් කතා කරන්නේ නැතිලු.
මම මේඝ වෙනුවෙන් මගේ මාමණ්ඩි නැන්දම්මවයිත් අතැරිය මනුස්සයෙක්.

මං එහෙම කළේ ඇයි කියලා නං හිතන්නේ....
මං කවදාකවත් එහෙම කරන්න වෙච්ච එක ගැන පසුතැවෙන්නේ නෑ. මොකද මට පුළුවන් වුණා මේඝ එයාගේ අන්තිම හුස්ම ගන්න මොහොතේ එයා ළඟින්ම ඉන්න.

භාණුට අදටත් දරාගන්න අමාරුයි. මොකද තමන්ගේම අයියා තමන්ගේ ඇස් ඉස්සරහ නැති වෙනකොට කොයි මල්ලිටද පුළුවන් ඒ වේදනාකාරී මතකය එකපාරට අමතක කරලා දාන්න.... ජීවිතේ කිසිම දවසක කාගෙවත් මරන එකට දුක් නොවුණු තරම් මම මේකගේ මරණයට දුක්වුණා .
එයා වගේ හොඳ මනුස්සයෙක්ට ලෝක ධර්මතාවය මේ විදිහට සලකපු එක වැරදියි. මේඝ කියන්නේ ඇත්තටම ගොඩක් කල් ජීවත් වෙන්න ඕනි හොඳ මනුස්සයෙක්....
ගොඩක් ආදරේ ලැබෙන්න ඕනි අහිංසක වටින මනුස්සයෙක්. එහෙම නැතිව අකාලේ මැරිලා යන්න ඕන පව්කාරයෙක් නෙවෙයි එයා. ඒ මරණෙ ගැන මතක නිතරම හිත පාරනවා...

ඒ වුණත්පොඩි සතුටක් නම් නැත්තෙමත් නෑ.
මොකද භානුගෙයි පිනිඳුගෙයි චූටි පුතා හරියටම අපේ මේඝ වගේ. කතාබහ, හැසිරීම, විදිහ විතරක් නෙමෙයි... පෙනුමත් තනිකර මේඝ වගේමයි.
මට වෙලාවකට එයාව දැක්කහම හිතෙනවා එයා ආයෙමත් ඉපදිලා ඇවිද්ද කියලා....
එහෙමනම් වෙලා තියෙන්නේ...
කවදාවත් මේඝට දුක් විඳින්න ලැබෙන්න එපා.

පැතුම් මාව කසාද බැඳලා අදට අවුරුදු නවයකට වැඩියි.
සමුද්‍රලා වෙන් වෙන්න කලින් තමයි අපි දෙන්නා කසාද බඳින්න ලෑස්ති වෙලා හිටියේ.
මම පුදුම තරම් ආදරයකින් තමයි මේඝට පළවෙනිම ආරාධනා පත්‍රය ගෙනිහින් දුන්නේ.
හැබැයි එදා වෙච්චි දේ එක කසාදෙ ගැන තිබ්බ මගේ හීන දෙපිටින් ගියා.
මගේ ඇස් ඉස්සරහ පිටම පළවෙනි වතාවට මේඝ ලේ වමනේ කරනවා දැක්කහම මගේ පපුව පිච්චිලා ගියා.

මට ඕන වුනේ කසාදෙ වැඩ නවත්තලා දාලා ඉක්මනටම මේකට බෙහෙත් කරන්න පටන් ගන්න.
ඒ වුණත් මේඝ ඒකට කැමති වුණේ නෑ. මේක කිව්වා, එයාට ඕනි මගේ කසාදෙ සිද්ධ වෙනවා දකින්න කියලා....
එයා දකින්න ආසයි කියලා කිව්වට මේඝ මගේ කසාද තිබ්බ වෙලාවේ කේතුමතී එකට පස් පාගන්නවත් ආවේ නෑ.

වෙඩින් එක හෙටයි කියලා තියෙද්දි වලව්වට ගිහිල්ලා හොඳටම කෑ ගහලා මේඝට ජීවිතයත් එපා කරලා තමයි අජන්ත මාමා ‍සමුද්‍රව අරං ගිහින් තියෙන්නේ.
ප්‍රශ්නයක් නැතුව කසාද වැඩ ටික සේරම වෙනකන් මම දැනං හිටියේ නෑ සමුද්‍රයි මේඝයි දෙපැත්තට වෙලා කියලා. දැනං හිටියනම් මං පැතුම්ව කසාද බඳින එකකුත් නෑ.
ඒත් මොනා කියන්නද.. මේඝ මට කතා කරලා වචනයක්වත් කිව්වේ නෑ.

කසාදෙන් පස්සේ මට මේඝ එක්ක තියෙන ගනුදෙනුව අතාරින්න කියලා අජන්ත මාමා කිව්වා.
මේඝ එක්ක තියෙන ගනුදෙනුව අතහැරලා මං කොහේ ජීවත් වෙන්නද...? ඒකා මගේ බොක්ක. ඌයි මමයි එක පුටුවේ වාඩිවෙලා එක පැන්සල දෙකට කඩාගෙන ඉගෙන ගත්ත යාලුවෝ.
අනික අපි දෙන්නගේ වෘත්තිමය සාර්ථකත්වය පිටිපස්සෙත් අපි දෙන්නගේ එකමුතුකම තමයි තිබුණේ. එහෙම එකේ සාර්ථක වුණාට පස්සේ අර කබලේ ඉන්න මේඝව දාලා යන්න මට හිතුන්නෑ. ඒක හින්දම තමයි මම නොයා ඉන්න තීරණය කළේ.

යාළුවන්ට වඩා නෑදෑයෝ වටිනවද කියලා ප්‍රශ්නයක් එතෙන්දි ඔයාට එන්න පුළුවන්. ඒත් මම කියනවා නෑදෑයෝ කියන අයට වඩා සමහර යාළුවො වටිනවා.
සමහර යාළුවො ඉන්නවා අපි වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්ති පිට. ඒ අය වෙනුවෙන් අපිත් අපිට පණ උනත් දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද ඒ අය අපෙන් දෙයක් බලාපොරොත්තු නොවී ම අපි වෙනුවෙන් නැහෙනකොට... අපිටත් පුළුවන් වෙන්න ඕනි ඒ අය අපෙන් නොකිය හංගන එයාලගේ අමාරුකම් තේරුම් අරගෙන එයාලගේ ළඟින් ඉන්න.
ඒකයි මට මේක දාලා යන්න බැරිව මං අසරණ වෙන්න හේතුව...

අපි දෙන්න බැඳලා ගොඩක් කල් උනත් තාමත් අපි දෙන්නට නම් ළමයෙක් නම් හදාගන්න බැරි උනා .
මොකද කියලා දන්නේ නෑ.
ඒත් අපි ගොඩක් උත්සාහ කළත් අපිට අන්තිමේට අපේම කියලා පැටියෙක් හම්බ වුණේ නෑ.
ඒ වාසනාව මටයි පැතුම්ටයි නැතුව ඇති. දවසක අපි දෙන්නට දරු සුරතල් බලන්න හම්බවුනොතින් අපි දෙන්න ගොඩක් සතුටු වෙයි.

මම ටීවී එකේ යන මෙඩිකල් ප්‍රෝග්‍රෑම් එක දිහා බලාගෙන ගොඩක් කල්පනා කරලා. මොනා හිතන්නද...
මේඝ කියන වචනයම ඇති කල්පනා කරන්න ගොඩක් වචන ඔළුවට එන්න.

එකපාරටම මගේ ඇස් ගියේ ටීවී එකේ එකපාරටම බ්‍රේකින් නිව්ස් වල මියුසික් එක ගිය නිසා.
මම ටිකක් ටිකක් වොලියුම් වැඩි කරලා ටීවී එක දිහා බැලුවා.

ආයුබෝවන්....
මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්....

කොළඹ බොරැල්ල මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ට්‍රක් රථයක් හා බෙන්ස් වර්ගයට අයත් මෝටර් රථයක් එකිනෙක මුහුණලා ගැටීමෙන් හදිසි බරපතල අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ වරායේ සිට පැමිණෙමින් තිබූ ට්‍රක් රථයක් සහ ලීසන්ස් රෝහලේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක්.

මෙම අනතුරෙන් ට්‍රක් රථයට සුළු අලාභහානි සිදුව ඇති අතර, මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. මෝටර් රථයේ තිබෙන්නේ මෙරට ජනතාවට අතිමහත් සේවයක් සිදු කළ ප්‍රකට වෛද්‍යවරයෙක්.

මෝටර් රථයේ ගමන් ගත් මානසික විශේෂඥ වෛද්‍ය සමුද්‍ර හසරැල් සෙනවිරත්න මහතා අනතුරෙන් පසු කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළත් අවාසනාවන්ත ලෙස එතුමා ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

ට්‍රක් රථයේ රියදුරු මෙම අනතුර සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව වහාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කිරීමට සූදානම් බව බොරැල්ල පොලිස් ස්ථානාධිපති තුමා දන්වා සිටිනවා.

හදිසි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ වෛද්‍ය සමුද්‍ර හසරැල් සෙනෙවිරත්න මහතාට අප රන් රූපවාහිනී සේවය වෙනුවෙන්නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

මෙන්න එම විශේෂ පුවත නැවත වරක්!

මගේ අතින් රිමෝඩ් එක අතෑරෙන්නැති අහන්න ලැබිච්ච දේත් එක්ක. මගේ ඇඟ හීතල වෙලා.. සමුද්‍ර නැතිවුණා....? ඇක්සිඩන්ට් එකකින්...?
මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඇයි දයිවය මේ තරම් කුරිරු විදිහට එයාලගෙ ඉරණම ලියලා තියෙන්නේ..?
ඇයි ඒ..? මට මේවා විශ්වාස කරන්න බෑ දෙයියනේ... මම කොහොමද මේක කටක් ඇරලා පැතුම් ට කියන්නෙ..?
මම කොහොමද පැතුම් ට කියන්නෙ.. පැතුම්.. ඔයාගෙ මල්ලි ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා කියලා...

සමුද්‍ර වාහනේ එළවන්න ඇත්තෙ සිහියෙන් නෙවෙයි. මම දන්නෙ නැද්ද... එයාට මේඝ නැතිවුණ ශොක් එක දරාගන්න හරි අමාරුයි. සිහියක් පතක් නැතිව ඔහේ යන්න ඇති...
තමන් ආදරේ කරන කෙනා තව දුරටත් මේ ලෝකෙ නෑ කියලා තමන්ගෙ හිතට ම තේරුම් කරවගන්න උත්සහ කරන තරමට එයා පෑරෙනව...

නේත්‍ර...
මොනාද ඒ ගමන පොළවෙ ගැහුවේ ආ...?

පැතුම්... නෑ... අද එයා ඉන්නෙ මොකක් හරි දෙයක් නිසා ලොකු සතුටකින්..
මට තාම කිව්වෙත් නෑ.. කුස්සියට වෙලා කෑම හදනවා...
අද මොනවද ස්පෙෂල් දෙයක් හදන්න තියෙනවලු. මට පැත්ත පලාතෙ යන්න නොදුන්න නිසයි මම මේ සාලෙ වාඩි වෙලා ටීවී එක දා ගත්තෙ...

ඒත්... මේ මට ඇහිච්ච දේ එකපාරටම එයාට කියල දුක් කරන්න බෑ.. කෝ රිමෝට් එක... ආ... මේ තියෙන්නෙ...

යු කැන්ට් ස්ටොප් මි ලවින් මයිසේල්ෆ්..
ඔඔ උවෝ.. ඔඔ උවොවුවෝ...
ඔඔ උවෝ..

මොකුත් නෑ පැතුම්.. මේ රිමෝට් එක බිම වැටුණා...

මම රිමෝට් එක අතට මිටි කරගන්න ගමන් කියද්දි එයා කුස්සියේ ඉඳන් හිනාවෙනවා. තේජාන් නම් ෆෝන් එක ඕෆ් කරගෙන වැකේශන් එකකට ගියා.
උඩවලව පැත්තෙ තියෙන හොඳ විසිටින් ප්ලේස් එකකට යනව කියල ගියේ.
මං හිතන්නෙ කුළගුරුගේ අංකල්ගෙ කොල්ලයි තව යාලුවො දෙතුන් දෙනෙකුයිත් එයා එක්ක ගියා...

නේත්‍ර... මේ බලන්න...

ඔ.. ඕ....

මේ බලන්න ඉතින්...
නේත්‍ර මොකද වුණේ..? ඇයි ඔයාගෙ ඇස් වල කඳුළු..? මොකද අනේ දැන්මම අඬන්නෙ... මම ආරංචිය කිව්වට පස්සෙ අඬන්නකො..

මො.. කක්.?
මම අඬන්නෑ... මං මේ... ආ...
ඔව්...
මගේ ඇහැට රොඩ්ඩක් ගියා...

හොඳයි මේ අහන්න...
ආ.. මේක ඔයාට...

කේක්..?

හ්ම්.... මං හැදුවේ.....
ඇයි කියන්න බලන්න.

දන්නෑ...
උපන්දිනෙත්.. නෙවෙයි...
ඇනිවසරි එකත් නෙවෙයි.. ඇත්තටම මොකක්ද හේතුව.

ඔයාට තෑග්ගක්..

මොකක්ද...?

මම අහනකොට පැතුම් මගෙ දිහාට දික් කරපු නිල් පාට ෆයිල් එක මම හෙමීට දිග හැරියා...
මට ඇයි මෙහෙම වෙන්නෙ... මෙහෙම කරන්න හොඳඳ මට දෙයියනේ...

එකම දවසෙ ගොඩක් පාතට ඇදලා දාන්නයි, ඒ දවසෙම ගොඩක් උඩකින් උස්සල තියන්නයි...
අපේ ජීවිත ඇයි සෙල්ලමක් වුණේ..?
ඇයි මේ විදිහට අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ...
ඇයි...? අැයි මෙහෙම කරන්නේ අපිට...

මගේ කඳුළු තවදුරටත් මගෙ පාලනයේ නැහැ... මම අඬන්නද ඕන හිනා වෙන්න ද ඕන කියලා මට හිතාගන්න බෑ...
මගේ ඔලුවේ කෙස් ගස්වලින් තදින් මිරිකගත්ත මම පැතුම් ව බදාගත්තා...

මම හිතුවෙ නෑ ඔයා සතුටට මේ තරම් අඬයි කියලා...

සතුටට විතරක් නෙවෙයි පැතුම්... දුකටත් එක්ක...

ඒ ඇයි...? අපි පරක්කුයිද නේත්‍ර...?
මම... පරක්කුයි ද?

නැහැ... එහෙම එකක් නෙවෙයි....
මට සතුටුයි... අන්තිමට අපි දෙමව්පියො වෙන්න යනවා...
මම හැමදාමත් බලන් හිටියා...
ඒත් පැතුම්......

ඒත් ඇයි...?
මොකක් හරි ප්‍රශ්නයක් ද..?
මොකක්ද වෙලා තියෙන්නෙ නේත්‍ර.?

සමුද්‍ර.... ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා...

මොකක්...?

අපිට මේ ලෝකෙට පැටියෙක් ගේන්න පුළුවන් වෙනකොට, සමුද්‍ර මේ ලෝකෙ දාලා යන්නම ගිහින් පැතුම්...

නෑ.. එයාට යන්න බෑ...
අසම්පූර්ණ වුණ ආදර කතාවක් දාලා එයාට එහෙම යන්න බෑ..
එයාට ආයෙ එන්න වෙනවා. අපි වෙනුවෙන් නැතත් මේඝ වෙනුවෙන්....






නිමි..

ඔන්න... අදින් මේඝ ඉවරෙට ම ඉවරයි. ඔයාලට මොකක්ද හිතෙන්නෙ..?

මම දන්නවා ඔයාලා බලාපොරොත්තු වුණේ දුක්බර අවසානයක් නෙවෙයි කියලා.

ඒත් මම හිතන්නෙ නැහැ මරණයෙන් මේඝ ගෙ වත් සමුද්‍රගෙ වත් ආදරේ නැවතුනා කියලා.

ඔයාලට මොකද හිතෙන්නේ...?

ඔයාලට මේඝ කතාව ගැන විවිධ චරිතවලින් අහන්න දෙයක් තියෙනවා නම්, ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන්.

කැමතිනම් මම Q&A චැප්ටර් එකක් අරගෙන ඇවිත් ම කතාව ඉවර කරන්නම්.

බට්... ඔය තමයි කතාවෙ ඔෆීශියල් එන්ඩ් එක. මීට වඩා වෙනස් එන්ඩ් එකක් ඔයාගෙ හිතේ තිබුණ නම් ඒ මොකක්ද කියල කමෙන්ට් කරගෙන යන්න.

මම කැරැක්ටර්ස් ටික පහලින් දානව. ඔයාට එයාලගෙන් අහන්න තියෙන දේවල් ඒ කැරැක්ටර් එක ගාවින් කමෙන්ට් කරන්න....
ප්‍රශ්න දහයකට වඩා තිබ්බොතින් මම මේඝ එකේ චරිත එක්ක ඔයාට ඉන්ටවිව් චැප්ටර් එකක් ගේනවා.

සංජු ( ඕතර්)

මේඝ

සමුද්‍ර

භානු

පිනිඳු

නේත්‍ර

පැතුම්

තේජාන්

අභිමන්‍යු

අජන්ත

මාලා

ලොකු හාමු

සුලෝචනා මැණිකේ

විශාකා මැණිකේ

කුමුදිනී

කිරුලි

පහන්දි

අලුත් කතාවක් එක්ක ඉක්මනින් එන්නම් හරිද...
මන් ගාව ටේකුක් ඩාක් තීම් ෆික්ෂන් එකකට අදහසක් තියෙනවා. ලියන්නද...?
හැබැයි ඒක නන් ෆික් නෙවෙයි.

SANJU🦋
12.03.2024

Comment