02|ලොකු ලයින් බිලාලයා

පෙර කොටසින්......


ඔහු යන්නේද මා යන පැත්තටමයි...මා ඔහුට පිටුපසින් ඇඟ මෙලොව තියන් හිත වෙනත් ලොවක තියන් ඉදිරියට ඇදුනා.....


" දඩොස් "


....…................................................


" යාහ්....මං ඔහේට ඔහේ මේ කොලේජ් එකට  ආපු දා ඉඳන් කියන්නේ....මින් යුන්ගිගෙන් අහකට වෙලා ඉන්නවා...ආයේ මං දැක්කොත් ඔහේ යුන්ගිගේ ගාටනවා , අන්න එදාට තමයි ඔහේගෙ අවසානය....."


" ඒයි ලියා...ඕක නවත්තනවා...


" ම්.. මං..මුකු..."


" ඒයි ඔහෙත් දැන් කටවහගන්නවා....මේක මල කරදරයක් උනානේ....ෂිට්....අනිත් එක ලියා...ඔහෙගේ කලින් සතියේ හිටපු කොල්ලට බූට් එක තියලද දැන් මගෙ පස්සෙන් එන්නේ...."


" යු...යුන්ගි....."


" කට වහගෙන ඉන්නවා ලියා....ඔහේ මගේ ඇගේ නගින්න හදන්න එපා..ඒ වගේම ඔහේත්....."


වැඩි කතාබහක් නැති ඒත් පූසෙක් වගේ ඉන්න යුන්ගි එකපාරටම වයින් කරපු රොබෝ පූසෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා...මට වගේම ලියාටත්....ලියාට කෑ ගහපු එකට හිතේ කොනක සතුටක් තිබුනත්..මට කෑ ගහපු එකටනම් මුළු හිතම රිදුනා.... හහ්...පුදුම ලොකු කමක්නේ තියෙන්නේ.....


" ලොකු ලයින් බිලාලයා 🤧 "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


Next Day_


අද සෙනසුරාදා.... නිවාඩු දවස.....කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසාම නැවත වතාවක් මගේ සැඟවුණු දක්ෂතා හාරවුස්සන්න හිතුවා.....මගේ චිත්‍ර පොත අරන් මං මගේ ආසම පුද්ගලයාව සිතුවම් කරා...


මගේ තිබුන හැකියාවට ඒ ඇස්...ඒ නහය...ඒ මුළු මූනම ඒ විදිහට ම ඇන්දා.....


ඒක දිහා බලාගෙන මං ගොඩ වෙලාවක් හිටියා....


ඒ බලන් ඉද්දී මගේ කටට ආවේ වචන හතරයි...


#ඔහු නමක් නැති බැඳීමක්..........




සෙනසුරාදායි ඉරිදයි ගෙවිලා ගිහින් අලුත් සඳුදාවක් උදා උනා...... සතුටින් වගේම දුකින් තමයි මේ පැය 48 මගේ ජීවිතය ගෙවුනේ.......


ලියාගෙන් බැනුම් අහපු නැති එක සතුටක් උනත් යුන්ගිව දැකපු නැති එක ලොකු දුකක් ඇති කරා...


මං කොලේජ් එකට ගියා....වෙනදා වගේම යුන්ගි එයාගේ තැන මං මගේ තැන..... ලියා මට කෙලින් යුන්ගි දිහා බලන් හිටියා........ කොලේජ් එක ඇරිලා මං වෙනදා වගේම ගෙදර ගියා....
යුන්ගිවත් දැක්කා......ලියාගෙන් බැනුමකුත් ඇහුවා.....
කාලයත් ගෙවිලා ගියා........
.
.
.
.
.
.
.
.
.
.
.
.


One Week Later_


අදත් සෙනසුරාදාවක්....මං ඒ දවසට සෑහෙනට ආසා කල'මුත් වෛර කරා..මේ හැමදෙයක් පිටිපස්සෙම හිටියේ එක ශරීර කූඩුවක් විතරයි....
ඔව් ඒ මින් යුන්ගි.....


මං මගේ දින පොත අරන් ඒක උඩ තිබුණු දූවිලි ටිෂූ එකකින් පිහිදලා පලමු පිටුව පෙරළුවා.....ඒකේ තිබ්බෙ මං ගැන ලුහුඬින් කෙරූ විස්තරයක්......ඒ උනත් මං කියෙව්වා...


2018.12.12


මං ගෑනු ළමයෙක්...
මගේ නම පාර්ක් වෙන්සු....
මට අවුරුදු 20.....
ඩයරිය...අද ඉඳන් මං තමයි ඔයාගේ හොඳම යාළුවා... මගෙත් එහෙමයි... අරස්සෝ......මං මගේ හැම රහසක්ම ඔයාට කියනවා... එතකොට ඔයත් මගේ රහස්වල කොටස්කරුවෙක් වෙනවා....


මං හරි ආසයි මට වෙන දේවල්...මගේ හැඟීම්...ඒ හැමදේම තව කාත් එක්ක හරි බෙදා ගන්න....ඒකට මට ඉන්නේ ඔයා විතරයි........


එහෙනම් මං හෙට එනකන් ඉන්න..
පරිස්සමින්.....


මගේ දිනපොත... මගේ එකම යාළුවා දිහා බලාගෙන ඉද්දී මගේ ඇස් වලට කදුලක් එක් උනේ මං එයාට ගොඩ දවසකින් කතා කරපු නැති නිසා.... ඉතින් මං ආයෙත් එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා....


|•2021 එක් දවසක........


දන්නවද ඩයරිය ,


හිතම කලබන ඔහුගේ රූවත
ලැබෙයි කියලා මසිත සිතුවත්
නැත තරහක් සිත් කොනකවත්


නොලැබුනත් ලැබුනත්
දහටම අහිමි වුවත්.........


~යුන්ගිට......වෙන්සූගෙන්.......


අදත් පුරුදු පරිදි කොලේජ් එකට යන ගමන් ඉන්න මම සිංදුවක් අහන්න පටන් ගත්තා....මොකද හිත නිවන බෙහෙතක් වේ නම් ඒ සංගීතයම පමනක් වන නිසා...... පාර්ක් එකේ කොනක ගහක් යට ඉන්න දෙන්නෙක් දැකලා මගේ හිත මට එක නමක් මතක් කලා...
මොහොතක් ගියේ නෑ...එ නමේ අයිතිකාරයාම මාව...මගේ ඇස් කඳුළින් පුරවන්න සමත් උනා...


මං දැක්කා.......ඇත්තටම ඒ දේ ඇත්තක්ද කියලා බලන්න බෑග් එකේ තිබ්බ බාගයක් ඉවර වෙලා තිබුන වතුර බෝතලෙන් මූණ ටිකක් තෙමා ගත්තා....ඔව්...ඒක සැබෑ ලෝකෙ වෙච්ච මට අමිහිරි , ඔවුන්ට මිහිරි සිදුවීමක්.......


ඇස් අදහාගන්න බැරි උනත් මට ඒ දේ කරන්නම උනා....මගේ ඇස්වලින් වැටෙන කඳුළු ගලන් යන්න පාරත් හැදිලා ඉවරයි..... මගේ කඳුළු මටම අකීකරු වෙද්දි මං එතනින් ගියේ මං තවත් එතන හිටියොත් කවුරුහරි මගේ කඳුළු දකියි කියලා...ඒත් මං ප්‍රමාද වැඩියි......


" තමුන් මොකද අඬන්නේ.............."


" ම..මං අඬන්නේ නෑ...ප්.පිස්සුද..."








ඔයාලගේ අදහස් මට කියන් යන්න හරිද
👉👈🥺
ඔයාලාගේ කමෙන්ට්ස් කියවන්න මං හරි ආසයි 🙌💜
පහළ තීන තරුවත් ඉතින් ඔබාගෙන යන්න..නැත්තන් ඔයාලගේ සූටි ඕතරේගේ සූටි හිත සිදෙනෝනෙ🥺❤️


එහෙනම් ඊළග චැප්ටර් එක අරන් එනකන් විතරක් නෙවෙයි
හැමදාම
හැම තත්පරේම
හිනා වෙලා. සතුටින් ඉන්න
හිනා වෙද්දි හිනාවෙන්න
හදවතින්ම....
මොකද එතකොට ඒ හිනාව හරි ලස්සනයි......











Comment