01|නමක් සොයමි !

මමත් ඔහුත් ඉගෙන ගන්නා වයසේ පසුවන්නන්
ඔහු ද මගේ වයසේම ය
මා ද ඔහුගේ වයසේම ය


නමුදු.....


ඔහුට මා කෙරෙහි ඇති හැඟීම මට ඔහු කෙරෙහි ඇති හැඟීම ඉරත් හඳත් සේය....


ඔහුට මා කෙරෙහි ඇති හැඟීම් රළු වෙද්දී....
ඔහු මට රළු වෙන්න වෙන්න...
මගේ හිතේ ඔහු කෙරෙහි ඇති හැඟීම ඒ හා සමානව ම සිසිල් විය....


එය මට අනුව නාම විරහිත වුවත්....
එයටද මට ඔහුට සේම කවුරුන් හෝ පවරන ලද නාමයක් ඇත
එහෙත් මා එය තවම සොයමි


ඒ දවස මවෙත එන තෙක්.......!!


අදත් මේ දැනුත් ම'සිත වෙහෙසෙන්නේ එයට නමක් සෙවීමට පමණි.....
මන්ද යත් ඒ නම් විරහිත හැගීම මසිත වෙලාගෙන ඇත......


මගේ නව පාසල් දිවියේ පළමු සතියේ අවසන් දිනය ගත කරන මම මගේ මේසෙට දකුණු පසින් පේලි තුනක් ඉස්සරහින් ඇති , පළමු පෙලට පෙර පෙලේ හිඳගෙන සිටින ඔහු දිහා මගේ ඇස් බලන් ඉද්දී මගේ හිත ඔහොම කියෙව්වා....


අදත් මම තවත් මං වගේ ළමයෙකුගේ බැනුම්වලට අසු විය....ඇය ඔහුට කැමැත්තෙන් සිටින බව මට හැඟුනත් මා එය තැකුවේ නැත....ඇය ඇගේ මානසික මට්ටම මා ඉදිරියේ ප්‍රදර්ශනය කර යන්න ගියේ තවත් දෙයක් මට කියා අවසන් වූ පසුයි....


" මින් යුන්ගි...ඔහු මගේ විතරයි....තේරුනානේ ...... "


වැඩිය කතාබහක් නැති...ඔහුගේ නම මින් යුන්ගි.....මගේ හිත වෙලාගන ඇති හැඟිම් වල සැබෑම ; එකම හා අවසන් හිමිකරු....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


කොලේජ් එකේ දවසෙහි ඉගෙනීම් කටයුතු නිමා විය...තෙවන අවුරුද්දේ අවසන් මාසෙ පාසලට ඇතුලත් වූ මම මුලින් මේ කොලේජ් එකට අකමැති උනත් දැන් මගේ හිත තියෙන්නෙම මේ කොලේජ් එකේමයි.....


මං හිතන්නේ ඒ මින් යුන්ගි නිසා.... !!


ඔහු යන්නේද මා යන පැත්තටමයි...මා ඔහුට පිටුපසින් ඇඟ මෙලොව තියන් හිත වෙනත් ලොවක තියන් ඉදිරියට ඇදුනා.....


" දඩොස් "








මොකක්ද වෙන්න ඇත්තේ 👀🙄


~ඉතිං කැමතිද දැනගන්න
මා ආරාධනා නොකර ආරාධනා කරනෙමි
අවැසි නම් රැදෙන්න...
නැත කිසිඳු බලපෑමක්....
හිත කියපු තැන නතර වෙලා බලන්න
එය ඔබව තුටු කරවයි


නමුදු
මොලයෙන් විමසා බලා හැසිරෙන්න
එය ඔබව සුරක්ෂිත කරවයි......~

Comment