🏆.. විසි දෙවැනි දිගහැරුම ..

🌟🌟 The Glory Of a Star 🌟🌟 .........

පාන්දර හතර වෙද්දී යීබෝගේ දුරකතනය නාදවෙන්නට පටන්ගත්තේය ..

", හෙලෝ සර්......"

" බෝ......එන්න පහලට...."

යීබෝ  කණ්නාඩියෙන්  පෙනෙන තමන්ගේ පිළිබිඹුව දෙස බලාගෙන විනාඩි කිහිපයක් හිඳ  ඉක්මනින් බින්ගේ කාමරයට එබුනේය ...

" බිනා මං යනවා......"

" පරිස්සමට ගිහින් වරේ.....ං.."

නින්දේම අනෙක් පසට හැරෙමින් ඔහු කීවේය ... කඩු කලිසමට සුදු පැහැ අත් දිග කමිස ඇඳ කෝට් එක අතේ දමාගෙන යීබෝ  එලිවේටරයට නැංගේය ... පෙරදින රාත්‍රී ආහාරය රැගෙන නිවසින් පිටව ගිය ශාන්  යලිත් රාත්‍රී 11ට පමණ ඇමතුමක් ලබාගෙන ...

" බෝ හෙට ෆුල් සූට් එක අදින්න..... ඔය ඔයාගෙ wardrobe එකේ පැත්තක තියෙන්නේ මගෙ ඒවා......"

යැයි කියූ නිසා යීබෝ  ඉන් එකක් ඇඳගත්තේය.... ඉතින් එදා යීබෝ  රෝහලේන් එපාර්ට්මන්ට් එකට පැමිණෙන්නට පෙර කුවාන් ඒ සියල්ල අලුතෙන්ම මිලදී ගත් ඒවා බව දන්නේ ශාන්  කුවාන් සහ ලින් පමණකි ....

" good morning යීබෝ සර්...."

" good morning ලෙලේ"

ලෙලේ ඉක්මනින් යීබෝට දොර විවෘත කර දුන්නේය.....

" good morning සර්...."

යීබෝ  ඉක්මනින් වාහනයට නැංගේය ...

",good morning බෝ ....."

shan සිනාසෙමින් එළෙසින් කියද්දී වාහනයට ගොඩ වූ පුද්ගලයාට එදා එදා හුනාන් ගමන සිහිවිය.... තමන් වාහනයට ගොඩ වෙද්දි අහංකාරකමින් අහක බලාගෙන සිටි අද යනතුරු හින්දා හොරෙකු මෙන් තම හිත ඔහුගේ උරහිසෙහි හොවා ගත් ඒ හුනාන් ගමන යීබෝට යලිත් සිහිවිය....

" කෝට් එක එල්ලමු...."

වාහනය පිටිපස එල්ලා ඇති ශාන්ගේ කෝට් එක අසලින්ම ඔහු යීබෝගේ කෝට් එකත් එල්ලුවේය ....

ඉතින් ගමන ආරම්භ විය.....එදා කතා කරන්නට දෙයක් නොමැතිව ශටර්  එකෙන් පිටත බලාගෙන ගිය යීබෝ  දැන් ශාන්  සමඟ දොඩමලු වන්නේය...

" අනිද්දා කීයටද සර් යන්නෙ..."

කොරියන් ගමන සිහිවූ නිසාදෝ ශාන්ගේ මුහුණ අදුරු වෙනු යීබෝ දුටුවේය ...

", උදේ එකොලහයි ගානකට ෆ්ලයිට් එක තියෙන්නේ බෝ...."

ඩොකියුමන්ට් වගයක් බලමින් ශාන් කීවේය ...

" ඕවා මේ යනකොටම චෙක් කරන්න ඕනෙද සර්....."

අඩ හෝරාවක් පමණ නිහඬව වාඩිවී සිටි යීබෝ  අමනාප හඩකින් ඇසුවේය ...

" සීයාපපා මේවා මට ඊමේල්  කරලා තිබුණේ ඊයේ රෑ.... මොනවද කියලවත් බලන්නේ නැතුව මම මහන්සියට නිදාගත්තා බෝ.......දැන් ෆැක්ටරියට යන්න කලින් චෙක් කරන්න එපැයි....."

ඉතින් ඔහුගේ හේතුව සාධාරණ හේතුවක් නිසා යීබෝ  නිහඩවිය.... විනාඩි කිහිපයක් යද්දී ඉතින් සුපුරුදු ලෙසින් යීබෝ දෙනෙත් පියාගත්තේය ...නැත....ඇත්තෙන්ම ඔහු මේ සිටින්නේ නින්දේ නම් නොවේ..... ඉතින් එදා අත්දැකීම විඳගන්න ඔහුට සිත් වුණාට එහි වරදක් තිබේද....

විනාඩි පහලවක් ගත වෙන්නට ඇත...... යීබෝගේ හිස බොහොම ප්‍රවේසමෙන් දැඩි උරහිසක් මත පතිතවිය.....

හයිසින්ත් මල් සුවඳ............

යීබෝට හරි අපූරුවට දැනෙන්නට විය.... එදාමෙන් බයෙන් සීරුවට සිටින්නේ නැතුව යීබෝ  තරමක් දඟලා මුහුණ ශාන්ගේ ගෙල අසලට හිටින්නට හදාගත්තේය ..... ශාන් ඔහුගේ කම්මුලක් යීබෝගේ  හිස්මුදුනට හේත්තු කරන අයුරු යීබෝට හොදින්ම දැනුනි.....

එයත් ඉතින් එක්තරා ආකාරයක හාදුවක් නොවන්නේද.........

" ලෙලේ...."

ගමන අතරේ ඉතින් ඔහු ලෙලේ සමඟත් කතාකරන්නේය......

" සර්............"

" දැන් අනික ඔයා මාත් එක්ක ගියාම එහෙ සති දෙකක් ඉන්න වෙනවා නේ......හෙට උදේ ගෙදර ගිහිල්ලා අනිද්දා  උදේ එන්න........"

" කමක් නැද්ද සර්......."

" කමක් නැද්ද කියලා අහන්නේ මනුස්සයෝ.....මා වන රැක රැක ඉඳලා අන්තිමට ගෑනි පිට ගියා කියලා මට එහෙම බනින්නෙපා...."

ශාන්  නෝක්කඩු ලෙසින් කියද්දී ලෙලේ සිනාසුනේය ..

" සර් කියන කතා....."

යීබෝ  ඇස් පියාගෙන හයිසින්ත් සුවඳ විදිමින් මේ සියල්ල අසා සිටින්නේය... ඔහු හරි අපූරු පිරිස් පාලකයෙකි.... ලෙලේට පමණක් නොව ඔහු යටතේ සේවය කරන සියලුම දෙනා ගැන ඔහු දැඩි පාලකයෙක් වුවත් ඔවුන්ගේ පහසුකම් පිළිබඳව  සොයා බලන්නේය....

ඒ සුවඳටදෝ....දැඩි  උරහිසෙහි උණුසුමට දෝ ...........යීබෝට ඇත්තටම නින්ද ගියේය ...

.
.

කොපමණ වේලාවක් ඒ උරහිසෙහි නිදා සිටියා ද කියා නොදන්නා නමුත් ශාන් අවදි කරන්නට පෙර යීබෝ  අවදිවිය.... දැන්නම් වටින් ගොඩින් සෙමෙන් සෙමෙන් ආලෝකයන් මතුව තිබෙන අයුරු යීබෝ  ලාවට දුටුවේය .....

වෙනසක්..........ඔව්........වෙනසක්......... යීබෝගේ ඉනවටා අතක් දමාගෙන යීබෝව අල්ලාගෙන ශාන් ද නින්දේ සිටිනු යීබෝට   දු... ශාන්ගේ මුහුනේ බර යීබෝගේ හිස්මුදුනට දැනෙන්නේය.... ඉතින් යීබෝගේ මුහුණට හරිම අපූරු සිනාවක් මතුවිය....

ටිකවේලාවක් එලෙසින්ම ගතවිය....ශාන්ගේ අතේ උණුසුම යීබෝගේ ඉන පෙදෙසට හරි අපූරුවට දැනෙන්නේය ... පපුවට දරාගන්නට බැරි හැගීම් ගොන්නක් එකතුවෙද්දී ශාන් මදක් දඟලනු යීබෝට දැනුනි...... ඔහු සූදානම් වන්නේ අවදි වන්නටයි ..ඊටපෙර ඔහුගේ ග්‍රහණයෙන් ඉවත් විය යුතු බව යීබෝ සිතාගත්තේය ...

හිමීට නින්දෙන් මෙන් හිස උරහිසෙන් අරගන්නට ගියත් සිදුවූයේ නොසිතූ දෙයකි..

" ෂ්.....නිදාගන්න චෝටු මගෙ....."

ශාන්  නින්දෙන්ම යීබෝගේ හිස  යලිත් උරහිස මතින් තියාගත්තේය ...

ලබ්බ්බ්බ්බ්බ්බ් ඩබ්බ්බ්බ්බ්බ්බ්බ්බ් ...

.. චෝටු ..එයා මටද කිව්වෙ..නෑ ...... නැතිව ඇති....ඒත් මගෙ කියන්නෙ......මට වෙන්න ඇති නේද....ඇයි අවදියෙන් ඉන්නකොට මට එහෙම ආදරෙන් කතාකරන්න බැරි ......මට ලංවෙන්න බැරුව ඔයාට තියෙන බාදකය මොකක්ද සර්......

ඇස් දෙක පියාගෙන සිටියත් නෙත් කෙවෙනි තෙමෙද්දී යීබෝ කල්පනා කලේය .... දරාගන්නට බැරි මේ ශාන්ගේ රැකවරණයයි..... නොදැනෙන්නට දෙන සෙනෙහසයි...

" අපි කොහෙද ලෙලේ......"

ඔහු අවදි උනේය.... මුහුණ යීබෝගේ හිස්මුදුනින් අරගත්තේය ඒත් අත තවමත් ඉනවටා දමාගෙන යීබෝව ඔහුගේ සිරුරට තදකරගෙන සිටින්නේය....

" ත්....තව පැයයි සර්....."

ලෙලේ සෙමින් කීවේය .. පිටුපස අසුනේ සිදුවන මේ ගොලුහදවත් රංගනය නිසා ඔහුත් අන්දමන්ද වී ඇති බවක් යීබෝට දැනුනේය .... නින්දේ සිටිද්දී මෙන් නොව අවදියෙන් සිටිද්දී ටිකවේලාවක් යනවිට මේ ඉරියව්ව අපහසු වන්නේය.. යීබෝ  සෙමින් අවදිවන බවක් පෙන්වීය...ශාන්  ඉක්මනින් ඔහුව අසුනෙහි පරිස්සමෙන් හේත්තුකර යලිත් හොද මිනිසා මෙන් ටැබ් එක අතට ගත්තේය ....

.
.
.

" නැඟිට්ටද............"

හුනාන් නඟරයට කිලෝමීටර් කිහිපයක් තිබියදී යීබෝ  දෙනෙත් විවරකලේය ...ශාන්  නැඟිට්ටාදැයි ඇසුවාට යීබෝ  ගමනෙන් වැඩි කොටසක් හිටියේ අවදියෙන් බව දන්නේ ඔහුම පමණකි ...

" නවයයි තිහ වෙනකොට බෝඩ් මීට්න් එක පටන්ගන්නවා......මගෙ කැබින් එකට බ්‍රෙක්ෆස්ට් ගෙනත් දෙන්නම්  හ්ම්ම්ම්..."

ශාන්  ඇමතුමක් අවසානයේ පවසද්දී යීබෝ  ශාන් වෙතට දවා හලුකරවන බැල්මක් හෙලුවේය ...

", ඇයි බෝ..."

" එතකොට ඔයා......බඩගින්නෙ බෝඩ් මීට්න් යනවා කියලා නම් මට කියන්න එපා...."

ශාන්  සිනාසෙමින් අහකබලාගනිද්දී ලෙලේත් සිනාව කාගෙන සිටින්නේය.... ලෙලේටනම් යීබෝගේ මේ හැසිරීම සතුටට කරුණකි ...තම සර් නොකා නොබී වැඩමකරමින් ගැස්ට්‍රික් උත්සන්න වී කී වතාවක් රෝහල් ගතවූයේදැයි දන්නේ ලෙලෙ කුවාන් සහ ලින්ම පමණකි ....

" තව විනාඩි විස්සයි තියෙන්නේ බෝ...."

ශාන්  දුරකතනය දෙස බලාගෙන කීවේය ...

" කම්පැනි එකේ ඕනර්ට බෑ බෝට් මීට්න් එකක වෙලාව චුට්ටක් වෙනස් කරගන්න..."

යීබෝ  කෝපයෙන් අහකබලාගෙන කීවේය ....

" ඒත් බෝ මේ ටයිම් එක සීයාප..........."

යීබෝ  යලිත් ශාන්  දෙස බලද්දී  මෙතැනට පොප් කෝන් එකක් නැති අඩුව ලෙලේට තදින්ම දැනෙන්නට පටන්ගත්තේය ..

" වාහන වල මහ පාරේ ගමන් බිමන් යනකොට වාහන කැඩෙනවා ට්‍රැෆික් අහුවෙනවා........ ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕන එහෙම හේතුවක් එයාට කියලා විනාඩි විස්සක් තිහක් මේක පොඩ්ඩකුත් පරක්කු කරගන්න...."

ලෙලේ යටිහිතින් උඩපනිමින් අත්පුඩි ගසන්නේය....මෙවන් කතාවක් පවසන්නට මීට පෙර කිසිවකු ඔහු ඉදිරියේ සමත් වී නැත..... සීයාපපා ට විරුද්ධව කවුරුන් හෝ වචනයක් කීවත් කෝප ගන්නා ශාන්  නිහඩය... යීබෝ  දෙස බලාගෙනම ශාන්  කාටහෝ ඇමතුමක් ගත්තේය ...

" good morning සීයාපපා ..."

යීබෝ  සිනහව කාගෙන අහකබලාගත්තේය ....

".................."

" මට company එකට යන්න තව විනාඩි හතලිහක් වත් යනවා  වාහනේ ලෙඩ දුන්නා....... management එකට කෝල් එකක් දීලා කියන්න මීට්න් එක දහයට කියලා ...."

අනෙක් පසින් මොනවාදෝ කියද්දී ශාන්ගේ  මුහුණ අදුරුවූයේ නැත...... සැනසුම් සුසුමක් හෙලූ ඔහු ශටර් එකෙන් පිටත බලාගෙන සිටින කාලබෝම්බය දෙස බලා අහකබලාගත්තේය ....

සිද්ධ වෙන්න ඕනෙ දේවල් පරක්කු වෙලා හරි ඒ විදිහට සිද්ධ වෙනවා.....

.. ලෙලේ සතුටින් කල්පනා කරන්නේය..... ලෙලේ යනු ශාන්ව දේවත්වයෙන් අදහන්නෙකි..ඊට හේතු කාරණා රාශියක් ඇත..... ලෙලේගේ අන්ධකාර ජීවිතයට ආලෝකටක් ගෙන දුන්නේ මේ මිනිසා බව ඔහු ඕනෑම තැනක පවසන්නට දෙවතාවක් කල්පනා කරන්නේ නැත....කොයි තරම් කාර්යබහුල වුවත් ලෙලේ වෙනුවෙන් පමණක් නොව  ඔහුගේ යටතේ සේවය කරන සියලුම දෙනාගේ යුතුකම් ශාන් අතින් හරි අපූරුවට ඉටු වන්නේය....

.
.
.

" ඔන්න බඩ පැලෙන්න කෑවනේ.......මං යනවා මීට්න් එකට ..."

හුනාන් ආයතනයේ ශාන්ගේ විශාල කාර්යාල කාමරය තුළට ම උදෑසන ආහාර ගෙන්වාගත් අතර ශාන් ඉක්මනින් ආහාර ගත්තේය ....ඇදුම අතින් හදාගෙන සූදානම් වූ ශාන් යීබෝ  දෙසට හැරුනේය ....

" බෝ.............ඇතුලෙම ඉන්න..... මේන් ඩ්‍රෝ එක ඇරියම ඈන් කියලා ගර්ල් කෙනෙක් ඉන්නවා අවශ්‍ය දෙයක් එයාට කියන්න ......."

යීබෝ  හා යැයි හිස සැලුවේය ....ඒත් සමඟම ආයතනයේ මැනේජර් කෙනෙක් කාමරයට ආවේය ... පසුව දෙදෙනාම පිටව ගියේය....

ශාන්  පිටවගිය පසු විශාල කාර්යාල කාමරය තුළ තුල ඔබ මොබ ඇවිදිමින් සියල්ල නැරඹූ යීබෝ  සෝපාවේ අසුන්ගෙන බින්ට ඇමතුමක් ගත්තේය ...

" ආ...... කොහෙද ඉන්නෙ බං...."

බින් සිටින්නේ සද්ද බද්ද අධික ස්ථානයක නිසා යීබෝ  ඇසුවේය ...

" ශූට් එකක්බං....... ඇඩ්වර්ටීස්මන්ට් එකක්....."

යීබෝගේ මුහුණට අපූරු සිනාවක් ආවේය .... ඉතින් තම මිතුරාගැන ඔහුට ඇත්තේ ආඩම්බරයකි....

", හරි හරි.......මං හවසට ගන්නම්...."

ඇමතුම විසන්ධි කෙරූ යීබෝ  නිවසට දුරකථන ඇමතුමක් ගන්නටත් හිතා යළිත් ඒ අදහස අතහැර දැමුවේය.... ශාන්  කියූ ලෙසින් එක්වරම නිවසට කඩා වැදී සියල්ලන් පුදුම කිරීමට ඔහුටත් ආශාවක් ඇතිවිය...

.
.
.

" ලෙලේ........... කේක් ශොප් එකකට යමු...."

සියල්ල අවසානයේ තිදෙනාම ආයතනයෙන් පිටතට එද්දී සවස 3 ට ආසන්න වෙමින් තිබුණි.... වෙලාව ගතවී ගිය නිසා කාර්යාලය තුළදීම දිවා ආහාරය ගත් ඔවුන් දැන් මේ යන්නට සූදානම් වන්නේ අංජාන් වලටයි....

එදා ලෙලේ සමඟ යද්දී ගිය කේක් ශොප් එකටම ලෙලේ ආවේය ...

", ලෙලේ.....හොදම කේක් එකක් එක්ක ස්වීට්ස් වර්ග වෙන වෙනම .....මූන් කේක් පැක් එකකුත් ගන්න තව මල් පොකුරක් ........."

"මල් මොකටද........"

සියල්ලට නිහඬව ඇහුම්කන් දීගෙන සිටි යිබෝ  එක්වරම ඇසුවේය ...

",ඔයාගෙ මමාට දෙන්න......."

" ඕන්නෑ ......."

" නෑ ඕනේ...... ලෙලේ ෆ්‍රෙෂ් මික්ස් මල් බන්ච් එකක් ගේන්න...රෝසස් විතරක් දෙන්න බෑනේ  බෝගේ පපා මට පන්න පන්න ගහයි..."

යීබෝ  අහකබලාගත්තේය .....

එයා මලුත් අරගෙන යන්න හදන්නේ හරියට මගුල කතා කරන්න වගේනේ....මල කෝලම් අප්පා....

.. යීබෝ  තනිව හිතෙන් බනින්නට පටන්ගත්තේය .... අතින් කටින් එල්ලාගෙන  වෙලෙදසැලේ සේවකයෙකුත් සමග වාහනය අසලට පැමිණි ලෙලේ සියල්ල වාහනයෙ පිටුපසට දැම්මේය....

දැන් ඔවුන් අංජාන් වෙත යන්නේය...ලෙලේ ඉතින් පුරුදු කාරයෙකු ලෙසින් පාරවල් දිගේ වාහනය රැගෙන යන්නේය... එදා යීබෝ සමඟ ඔහු පැමිණි නිසා ලෙලේට පාරවල් මතකයේ ඇත....

" මේ පැත්ත හරි ලස්සනයි බෝ...."

හෝරාවක ගමනක් අවසානයේ අංජාන් කුඩා නගරයෙන් ඇතුල් පාරකට වාහනය හරවද්දී ශාන්  වශී වී ගිය දෙනෙතින් යුතුව පිටත බලාගෙන පැවසුවේය...

" හදිසියේම ඇවිත් යන නිසා ඉතින් ඇවිදින්න බෑ....දවසක් වගේ නතර වෙන්න එන දවසක් වුනොත් බලන්න ගොඩක් තැන් තියෙනවා.."

යීබෝ  කියද්දී ශාන්  ආශාවෙන් යීබෝ දෙස බැලුවේය ...

" ෆ්‍රී වෙලාවක එමු නේ...."

යළිත් ශටර්  එකෙන් පිටත බලාගෙන ඔහු ආශාවෙන් කියන්නේය..යීබෝ  හා යැයි හිස සැලුවේය ..... දැන්  මෙතැන සිටින්නේ වගකීම් කරපොවාගත් Xiao zhan නොව සැනසීමෙන් හුස්මගන්නා එක් මිනිසෙකි...... යීබෝගේ  හිතටත් සැනසීමක් දැනිනි....

අවසානයේ වාහනය මල්වලින් පිරුණු මිදුලක් මැද  නතර කළේය.... ශාන්ගේ ඇස් සතුටින් දිලිසෙන්නට පටන්ගත්තේ ඒ ගෙමිදුලෙහි අලංකාරය දුටු නිසාවෙනි...

" මමා.....ගගා එනවෝ........"

අවුරුදු දාහතරක පහලවක ගෑණු ළමයෙක් වාහනයේ ශබ්දය ඇසුණු නිසා මිදුලට හිස පොවා කෑගසාගෙන දිව්වාට තවම වාහනය ඇතුළේ සිටින shan ව කිසිවකු දුටුවේ නැත....

" යමු සර්....."

තමන්ගේ කුඩා නිවස නිසාවෙන් තරමක් අපහසුවෙන් යීබෝ  එලෙසින් කියද්දී ශාන්  කෝට් එක ගලවා වාහනයෙන් තබා වාහනයෙන් බසිද්දී  ප්‍රධාන දොරටුව ඉදිරියට පැමිණි මුහුණු තුනෙහිම කටවල් විවර වී දෑස් විශාල වී ගියේය....

" Xiao zhan ..../// "

ශාන්ගේ  මුහුණට කලාතුරකින් පැමිණෙන හරි අපූරු සිනහවක් ආවේය....

" යීබෝ ......මේ Xiao zhan ......."

යිබෝගෙ මමා යීබෝගේ අතින් අල්ලාගෙන ශාන් දෙස බලාගෙන සිටින අතර නැඟණිය සතුට වැඩි වැඩි කමට කරගන්නේ මොනවාදැයි හිතාගන්නට  නොහැකිව එතැනම බිම වාඩි වුණේ ය..යීබෝගේ ඩිඩී නම් සිනාසෙමින් ශාන් අසලට ගිය නිසා....ශාන් ඔහුගේ හිස අතගෑවේය .... ඩිඩීගේ ඇස් දිදුලන්නේය....

"මමා.......අපිව ගෙට අරං ඉන්නකො."

මෙතැන තිබෙන මේ තත්ත්වය යථාතත්වයට පත් කරන්නට හිතාගෙන යීබෝ  කියද්දී ...

"ආ....... අයියෝ ............තාම  එළියෙනේ....එන්න සර්.......එන්න එන්න............"

ඇය මුලින්ම නිවසට ගියේය  .... ඊලඟට නංගී මල්ලී යද්දී යීබෝ  ශාන් අසලට ආවේය ...

" යමු........."

ශාන්ගේ  මුහුණේ සිනහව දුටු නිසාවෙන් යීබෝ සතුටින් එලෙසින් පවසා ලෙලේ දෙස බලද්දි ඔහුත් සිනාසෙමින්  වාහනයේ පිටුපස දොර විවෘත කර එහි ඇති දේවල් ඉවතට ගනිමින් සිටිනු දුටුවේය ...

" ඩිඩී........ඩිඩී.......මේ මේවා අරගන්න ...."

යීබෝගේ විධානයෙන් තුෂී දුවගෙන ආවේය .... පවුලක්......එකමුතු බවක් නිවහනක් ශාන් ගේ ඇස් ඉදිරිපිට තියෙන්නේ ය....

" ලෙලේ මල් එක දෙන්න..."

නිවසට යන්නට පෙර ශාන් මව වෙනුවෙන් මිලදී ගත් මල් පොකුර අතට ගත්තේය....දැන් යීබෝ  සහ ශාන්  නිවසතුලට ඇතුලුවුනේය....

" මේක යීබෝගේ මමාට...."

ශාන්  සිනාසෙමින් යීබෝගේ මවට මල් පොකුර දෙද්දී  මල් වලට වඩා ලස්සනට ඇගේ මුහුණ දිලිසෙන ආකාරය ඔවුන් දුටුවේය ...

" අනේ........මට මල් ගෙනත්......"

ඇය එලෙසින් පවසා ඒ දෙස ආදරයෙන් බලා සිටිද්දී මෙයී එසේත් නැතිනම් යීබෝගේ නැඟනිය මල් පොකුර උදුරාගත්තේය ..ඒත් සමඟම වන්ග් මුළුතැන්ගෙය පැත්තෙන් කිලුටු ඇඳුමකින් ම නිවෙස තුළට ආවේ ය....

" පපා...."

ශාන්  අසුනකට බර වෙද්දි යීබෝ  පියා අසලට ගියේය ... ඔහු නම් ඉතින් අනෙක් අය මෙන් කලබල වුනේ නැත...නමුත් ඒ මුහුනෙහි පුදුමය නම් අපූරුවට ඇදී තිබුනේ ය....

" සර්........"

වන්ග් ශාන්ට ආචාර කලෙය.ලෙලේ සහ තුෂී බෑග් කිහිපයක් අරගෙන නිවස තුලට එද්දී ශාන් සහ යීබෝ  හැර අනෙක් සියලුම දෙනා පුදුමයෙන් ඒ දෙස බලා සිටින්නට විය.....

" මෙච්චර මොනවද පුතේ  .."

යීබෝගේ මවනම් ආසාව පිරුණු දෙනෙත් වලින් සියල්ල අතට ගද්දී වන්ග් ඇසුවේය ..

", මේ සර්ගෙ වැඩ පපා.....මමා අපි තේ බොමු නේ සීතලයිත් එක්කනේ...."

පියාට ඇස්වලින් ශාන් සමඟ කතාකරන්න යැයි කියමින් යීබෝ  මුලුතැන්ගෙය දෙසට ගියේය ....

" මම වත්ත පිටිපස්සේ එළවළු වගයක් ඉඳ ඉඳ හිටියේ..... මම ඇඳුමක් මාරු කරගෙන එන්නම් සර්....."

වන්ග් ශාන් අසලට ඇවිත් ගෞරව නීය ලෙස කියද්දී ශාන්  සිනාසුනේය ....

" එහෙම ඕනෙනෑ යීබෝගේ පපා.......ඔහොම වාඩිවෙන්න......."

වන්ග් සිනාසෙමින් ඔහු ඉදිරියේ වාඩිවුනේය ....

", හුනාන් ෆැක්ට්‍රි එකට ආවා...... යීබෝත් මා එක්ක ආව නිසා මෙහෙත් ආවා...."

ශාන්  ලෙංගතුව කියද්දී වන්ග් සිනාසුනේය ...

" කොයිතරම් දෙයක්ද සර්........ කොල්ලගේ හීනෙ ඉතින් ඒකනේ......"

ශාන්  සිනාසුනේය ....

මේ අතර මුලුතැන්ගෙය තුල ......

" සර් එපා කිව්වට උඹට තිබුනනෙ ඩිඩීට මැසේජ් එකක් හරි දාන්න...."

යීබෝගේ මවගේ අදෝන්නාවේ ඉවරයක් නැත....

" යකෝ හරියට කන්න දෙන්න දෙයක් වත් ගේ ඇතුලෙ නෑ......."

ඇය කලබලයෙන් ඒ මේ අත දුවන්නේය.... ඉතින් මෙය කුඩා නිවසක් නිසා මුළුතැන් ගේ තුළ සිදුවන කතාබහ ශාන්ට සහ වන්ග් ටත් හොදින්ම ඇසෙන්නේය ..

", මමා බොරුවට කලබල වෙලා දඟලන්න එපා.... කන බොන දේවල් අර ඕනෙතරම් ගෙනත් තියෙන්නේ......ඔයා තේ ටික හදන්න කෝ  මම ඒ ටික මේසෙට අරින්නම්......"

යීබෝ  සන්සුන්ව කියද්දී වන්ග් ශාන් වෙතට ලැජ්ජාශීලී බැල්මක් හෙළුවේය..

" අපි නොකියා ආපු එකත් වැරදි ඉතින්.."

ශාන්  සිනාසෙමින් කීවේය ...

අඩ හෝරාවකට පමණ පසුව සියලු දෙනාම තේ මේසෙට අසුන් ගෙන සිටියේය....

" අපිට ඕන්නං පැය දෙකක් විතර ඉන්න පුළුවන්........."

රාත්‍රී ආහාර රැගෙන යන්න යයි යීබෝගේ මව ආශාවෙන් කියද්දී යීබෝ එය ප්‍රතික්ෂේප කලත් ශාන්  එලෙසින් පවසද්දී ඇය සතුටින් සිනාසුනේය ...

", ඒකනේ සර්ට පුලුවන් අපේ එකාටනේ තදියම...."

" යුනා.........."

වන්ග් කෑගසද්දී ශාන්  සිනාසුනේය ....

" සර් වොෂ් එකක් ගන්නවද......."

යලිත් ආලින්දයට එද්දී ඔහු පිටුපසින් පැමිණි යීබෝ ඇසුවේය ....

" මිදුලෙ පොඩ්ඩක් ඇවිදලා ඉමු බෝ......"

වෙනදා මෙන්ම ඉදිරිපස කාමරයේ ලෙලේ රෙස්ට් කරද්දී ශාන් යීබෝ  සමඟින් මිදුලට ආවේය ...වටපිටාව නරඹමින් සිටිද්දී ශාන්ට දුරකතන ඇමතුමක් ආ නිසාවෙන් යීබෝ  තනියම හයිසින්ත් මල් පාත්ති දෙසට ඇවිද ආවේය ...

" අද ඔයාලගෙ සුවඳ තියෙන කෙනා ආවා..."

මල් පෙති සෙමින් අතගාමින් යීබෝ  කීවේය ...ඉතින් විනාඩි කිහිපයකින් ශාන්ද එතැනට ආවේය ....

" woow ..... මේ හයිසින්ත් මල් ද බෝ......"

එතැනම ඇන තියාගනිමින් ශාන් පුදුමයෙන් ඇසුවේය ....යීබෝ  ඔව් යැයි කියන්නට හිස සලද්දී ශාන් ඒ මල් පෙති ආශාවෙන් අතගෑවේය ....

" මම ආසම මලක්.......ආසම සුවඳක්.....ඒත් මේ මල් ඇත්තට දැක්කෙ අද........"

ශාන් මල් පැලයක් අසලටම පහත්වී එහි සුවඳ විදිමින් කීවේය ....යීබෝ  සිනාසෙන්නේය ...

", බෝ දන්නවද හයිසින්ත් මල් වල තේරුම...."

ශාන්  යීබෝ දෙස අමුතුම බැල්මක් හෙලමින් ඇසුවේය ....

" නෑ........."

" ෆ්‍රී වෙලාවක about Hyacinth කියලා සර්ච් කරන්නකො...මම ඉක්මනින් ම ඔයාට හයිසින්ත් මල් පොකුරක් තෑගි දෙන්නම්..."

මල් කිනිත්තෙන් කුඩාම කුඩා මලක් කඩා යීබෝගේ අතින් තැබූ ශාන්  එතැනින් නැඟිටිමින් කීවේය .... යීබෝ  පුදුමයෙන් කුඩා මල දෙසත් ශාන් දෙසත් බලද්දී ශාන්  සිනාසුනේය ...

" ඉස්සර මම ආසම මල hycinth මල....ඒත් දැන් ඊට වඩා ආස මලක් තියෙනවා...එහෙම මලට ගැඹුරු අර්ථයක් තියෙනවා..... ඒ අර්ථය මම කැමතිම කෙනෙකුට හුඟක් ගැළපෙනවා....."

යීබෝ  ශාන්ගේ මේ හිතාගන්නට බැරි කතා දෙස පුදුමයෙන් බලා සිටියේය.....

" යමු ගෙට...."

ශාන්  කිසිවක් නොකියා නිවසට ඇතුල් උනේය...

ඉතිරි හෝරා දෙකත් සෙමෙන් සෙමෙන් ගත වී ගියේය..ශාන් යීබෝගේ  කුඩා නමුත් පිළිවෙළට තබා ගෙන සිටින කාමරයට පළමු වතාවට අඩිය තැබුවේය.....

" එළවළු පාත්ති දකිනකොට මනසට පුදුමාකාර සැනසීමක් දැනෙනවා නේද බෝ...."

කවුළු අසලට ගොස් හිටගෙන පිටත පෙනෙන අලුතෙන්ම සූදානම් කර ඇති එළවළු පාත්ති දෙස බලාගෙන ශාන් කීවේය..

" තාම පුංචි අංකුර......ටිකක් ලොකුවට හැදෙනකොට ඔයිට වඩා ලස්සනයි..."

යීබෝත් ඒ අසලට ඇවිත් කියද්දී ශාන්  සිනාසුනේය ..

" අපි එතකොටත් එමු......"

යීබෝ  පුදුමයෙන් ශාන් දෙස බලද්දී ශාන් සිනාසෙමින් ගොස් යීබෝගේ ඇදමත වාඩිවුනේ.....එය ඉතින් යීබෝගේ  හදවතට අමුතු හැඟීමක් ගෙන එන්නේය.....

" අනේ වන්ග් ඉක්මන් කරන්නකෝ...මෙයි උඹ අතගානවා ඉතින්......තුෂී කෝ කඩේට ගිහින් වරෙං ......"

මුලුතැන්ගෙය එකම යුධ පිටියකි.....ශාන්  ආලින්දයේ අසුන්ගෙන සිටින්නේය..... තවත් ටික වෙලාවකින් වන්ග් ආලින්දයට ආවේය .....

" හාමුදුරු නමක් ආවත් ඔයගෑනි මේ වෙලාවෙ නිකං ඉන්න දෙන්නෑ සර්...."

වන්ග් සිනාසෙමින් කියද්දී ශාන් ආශාවෙන් මුලුතැන්ගෙය දෙස බැලුවේය ...දැන් යීබෝත් එතැනට හසුවී ඇත...

", යීබෝ  හීනියට කපන්න......."

ඉතින් පවුලක්...........තමන් නොවිදි පවුලක සැනසීමක්..... තමන් නොදුටු පවුලක එකතුවක් ශාන්  අද දකින්නේය.....

" සරුත් නිතර එන්න යන්න ගත්තොත් ඔතන සර්ටත් ඉන්න වෙනවා...."

යීබෝ ශාන් අසල අසුන්ගනිමින් සිනාසෙමින් කීවේය .....



" ආය එන්න සර්...."

මෙයි  යුනා තුෂී ශාන් අසලට ඇවිත් කීවේය .... ඔවුන් සිටින්නේ වාහනය අසල පිටව යන්නට සූදානම් වයි...

", අනිවාර්යෙන්ම එන්නම්...."

ශාන්  සිනාසෙමින් කීවේය ..... ඉතින් ආදරණීය හෝරා කිහිපයක් අවසානයේ ශාන්  යීබෝ සහ ලෙලේ පිටත්විය....

.
.
.

රාත්‍රි දොලහ වෙද්දී යීබෝ  එපාට්මන්ට් එකට ආවේය ....

" මාත් ඇවිල්ල දැන් පැය භාගයක් නැතුව ඇති මචං...."

වොෂ් එකක් රැගෙන යීබෝගේ මවගේ ආහාර වල බින්ගේ පංගුවට වගකියන්නට සූදානම් වෙමින් බින් කීවේය ... ඉතින් ආහාර ගන්නා අතරතුර හුනන් ගමන පිළිබඳව යීබෝ  කතාකලේය ...

" පොඩ්ඩක් හිටපං..."

හදිසියේම යමක් සිහි වී කාමරයේ තිබුණු ඔහුගේ දුරකථනය අරගත් යීබෝ  යලිත් බින් අසලින් වාඩිවිය....

" මං උඹට එදා කිව්ව නේද හයිසින්ත් මල් සීන් එක....සර්ගෙ පර්ෆියුම් එක ..."

" හ්ම්ම්ම්.."

" අපේ ගෙදර තියෙන මල් පැල ටික දැකලා සර් කිව්වා එය මල්වලට ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ........අපි සර්ච් කරමු...."

යීබෝ  මලේ නම ගසද්දී මුලින්ම ආවේ....ඉතිහාස කතාවකි.....

" ඒ බිනා මේ බලපං.....ඔන්න අහගනිං....."

බිනුත් දුරකතනයට එබුනේය....

", ඕක translate කරලා කියපන් බං......."

බින් කැගසද්දී යීබෝ  එය ට්‍රාන්ස්ලේට් කලේය.....

.. හයිසින්ත් යනු ඇපලෝගේ පෙම්වතාය.....වෙනත් මිථ්‍යාවකට අනුව, හයිසින්ත් තරුණයාගේ මරණයට හේතු වූයේ සෙෆිරස් ය; ඔහු ඇපලෝ සමඟ ඇති සම්බන්ධයට ඊර්ෂ්‍යා කළ ඔහු හයසින්තස්ගේ හිසට කවපෙත්ත පිඹිමින් ඔහුව මරා දැමීය. තරුණයාගේ මරණයෙන් කලකිරුණු ඇපලෝ, හේඩීස්ට ඔහුගේ ආත්මය ලබා ගැනීම තහනම් කළේය. ඒ වෙනුවට, ඔහු හයිසින්ත් ව  එම නමින්ම මල් බවට පත් කළේය..

" අප්පට සිරි.....එහෙමත් කේස් එකක්ද...... ඒ කියන්න දේව ලෝකෙත් මෙහෙම සීන් තිබිලා   ....."

බින් පුදුමයෙන් කියද්දී යීබෝ  හිස සැලුවේය ...

" මලට වෙනම අර්ථයක් තියෙනවා.... ඔන්න අහගනින්.....
හයසින්ත්ස් සංකේතවත් කරන්නේ ඊර්ෂ්‍යාව, සමාව සඳහා ඇති ආශාව, ප්‍රීතිය සහ අවංකකම... හයසින්ත් වලට අවංක ආදරය සහ ගැඹුරු සැලකිල්ල සංකේතවත් කළ හැකිය... ඔබට යමෙකුට ඔබ ගැන දැන ගැනීමට අවශ්‍ය නම්, කුමක් වුවත්, එය හයසින්ත් මල් කළඹකින් පෙන්විය හැකිය... ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට එය කදිම ක්‍රමයක්......"

" එහෙනම් සර් චූටි මලක් උඹේ අතේ තියලා මොකක්ද නොකිය කිව්වෙ...."

බින් අත සෝදමින් ඇසුවේය ...

" එයා කියන්නෙ ගැඹුරු අර්ථයක් ගැන....."

යිබෝ  තව තවත් හයිසින්ත් ගැන තොරතුරු සොයමින් කීවේය ...

" හ්ම්ම්ම්...දැන් නිදාගනිං...... උඹට නම් පරක්කුවෙලා වැඩට යන්න පුලුවන් අපිට ඉතින් වෙලාවට වැඩට යන්න ඕනෙනෙ...."

බින් ඔහුගේ කාමරයට යමින් කීවේය ....

" තොගෙ ඉරිසියාව....."

යීබෝත් අසුනෙන් නැඟිටිමින් කීවේය ...

" වැඩේමයි තොගෙ නාකි හුචක්කුවට ඉරිසියා කරන්න හිටපංකො මාත් හිලක් බැරිනම් උලක් හරි හොයාගන්න...."

බින් කෝකටත් දොර වසාගන්නට සූදානමින් කීවේය ...

", කවුද #ත්තො නාකි...... බලපිය හා පැටියෙක් වගේ ඉන්න ලස්සන... තොගෙ දත්ටික ගලවලා අතට දෙනවා මම ලස්සනද බල බල ඉන්න.....#කයා...."

බින්ගේ කාමරය අසලට යීබෝ  යද්දී බින් දොර වසාගත්තේය ... ඉතින් දොරට තඩිබාමින් කැගැසූ යීබෝ  කාමරයට ගියේය ....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

වදන් නොකරපු පෙමක් ඇත හදවතේ ගැඹුරක නිධන් කරලා..
සෙනෙහෙ කෙදිනක ඇති වුණාදෝ දන්නෙ නැහැ ඔය දෙනෙත දැකලා..
කප්පරක් සිහිනයන් නුඹ හා අහස තරමට තනිව මවලා..
මහමෙරක් දුක විඳින්නට සිදු වෙයිද මන්දා දුරක ඇදිලා..

මටම පමණක් නුඹේ අගනා ඉස්තරම් වූ සිනහ පුදලා..
පැවසුවේ නුඹ ප්‍රේමණීයම හැඟුම් නොවෙදෝ නෙතින් බලලා..
අසනවද නුඹ නොදන්නා සුන්දරම රහසක් සවන් යොමලා..
හිඳින්නේ නුඹ ම'හද හිමිකරු ලෙසින් බොහො කාලයක ඉඳලා..

සර්ට... ❤️•
බෝගෙන්... 💚....

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් ආදරණීය කවි පෙලක් ..💚❤️💛

**
**
**
**

මතුසම්බන්ධයි ....

📚 Ru shi .............

.........................................................................

✒️ BTS අරගෙන එන්නම් ....

✒️ හැමෝම පරිස්සමට ඉන්න ...

Comment