🏆 .. දෙවැනි දිගහැරුම ..

🌟🌟 The Glory Of a Star 🌟🌟 .....

" මම යනවා යීබෝ ....... උඹ එහෙනම් පරිස්සමට ගිහින් වරෙං .......කොහෙද උඹේ  පස්සෙන් එන්න මට නිවාඩුවක් නෑනේ..."

සපත්තු දෙක පොලිෂ් කරමින් සිටි යීබෝ අසලට පැමිණි බින් කීවේය ....

" උඹත් මොනවා හරි හේතුවක් හදාගෙන නිවාඩු ගන්නවා....අන්තිමට තේරුමක් නැතුව අපි දෙන්නම හැරිලා එනවා.......මම තනියම යන්නම් මචං......පොඩ්ඩක් අර ටානි ගැන බලපං.... ඒකෙ නයිට් එකත්  ඇදලනේ මගේ ශිෆ්ට් එකත් අදින්නේ......"

යීබෝ  කරමින් සිටි රාජකාරිය නතරකර කීවේය ...

" මං ඒවා බලන්නං.......ඒත් මට අද හිතෙනවා උඹේ වැඩේ හරියයි කියලා ...."

බින් බෑගය සයිඩ් බෑගය කරට දමාගෙන කීවේය ...

" පරිස්සමෙන් පලයං..........."

බින්ගේ කතාවට කිසිවක් නොපැවසූ ඔහු එලෙසින් පමණක් පවසා යළිත් සපත්තුදෙක පොලිෂ් කරන්නට පටන් ගත්තේය.. ඔහු මේ කල්පනා කරන්නේ අද සම්මුඛ පරීක්ෂණයත්  අසමත් වුවහොත් පපාගෙන් මූලික ගෙවීම පමණක් ඉල්ලාගෙන BDA  නොහොත් බෙයිජින් ඩාන්සින් ඇකඩමියට ඇතුල් වීමට ඔහු සිතාගත්තේය ...


Beijing dancing academy යනු චීනයේ  අංක එකේ ඩාන්සින් ඇකඩමියයි. ඇතුලත්වීමට පමණක් යුආන් පන්දහසක් ගෙවිය යුතුය ... ඉන්පසුව මාසිකව ගෙවීම් වෙනම සිදුකල යුතුය.... දිවා කාලයේ පුහුණුවීම් වලට ගොස් රාත්‍රී සේවා මුරය කිරීම හිතන තරම් පහසු නොවූවත් හීනය වෙනුවෙන් දුක් විදින්නට  යීබෝ  හිත හදාගත්තේය ...

..

හරියටම නවයයි හතලිස් පහවන විට යීබෝ XIAO STUDIO ......    යනුවෙන් දැවැන්ත පුවරුවක් සහිත තට්ටු දහයකින් සමන්විත විශාල  ගොඩනැගිල්ල ඉදිරියට ආවේය ..... ලොකේෂන් අනුව ස්ථානය සොයාගැනීම එතරම් අපහසුවූයේ නැත.....

තමන් ඉදිරියේ ඩෙංගු ලෙසින් නැඟී  තිබෙන ගොඩනැගිල්ල දෙස ටික වෙලාවක් බලාගෙන සිටී යීබෝ  හැමදාමත් මෙන් සම්මුඛ පරීක්ෂණයකට පෙර ගොඩනැගිල්ලට ඇතුළු වීමට මත්තෙන් බුදු ගුණ මෙනෙහි කළේ ය.... වන්ග් යීබෝ  උපතින් බෞද්ධයකි..... මිත්‍යාමත හෝ දෙවියන් විශ්වාස නොකලත් ආත්ම ශක්තිය හීන වන ඕනෑම අවස්ථාවක බුදුගුණ වලින් යළිත් ආත්ම ශක්තියක් ඇති කරගන්නට හැකි බව ඔහු අත්දැකීමෙන් දන්නේය ....

යීබෝ මෙන් තුන් ගුණයක් පමණ විශාල ප්‍රධාන පිවිසුම් දොරටුව අසල ඔහු නතරවී දුරකථනයට පැමිණ තිබුණු barcode අංකය මුර කුටිය ට ඉදිරිපත් කළේය....

අංක 18...........

ඔවුන් යීබෝට ලබාදුන්නේ අංක 18යි.... ටෝගන් එකත් සමඟ visitors ලෙසින්  ගසා ඇති හැදුනුම්පතක් ඔහු අතට ලැබුනි... එය ගෙලේ පළදවාගෙන යීබෝ  ඉදිරියට ඇදුනේය.....

වෙනදාටත් වඩා අද මගේ හිත කලබලයි... මේ තරම් ලොකු ආයතනයකට මම සම්මුඛ පරීක්ෂණයකට ආපු පලවෙනි වතාව.. තේරෙයි කියලා නම් අල්ප මාත්‍රයක වත් විශ්වාසයක් නැති උනත් මගේ උපරිමය කරන්න මම හිත හදා ගන්නවා....

ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුල්වී  අඩි කිහිපයක් ඉදිරියට ඇවිද යන විට ඔහුගේ නෙත ගැටුණේ සම්පූර්ණ බිත්තියක් වැහෙන්නට ගසා තිබුණු xiao zhan ගේ අපූරු පින්තූරයකි.... ඒ මොහොතේ සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි කිහිප දෙනෙක්ම එතැනට වී ඒ රූපය දෙස වශීවී බලාගෙන සිටින ආකාරය යීබෝ  දුටුවේය ....

" එයත් අද ඉන්ටව් බෝඩ් එකේ ඉන්නවලු..."

" තේරුනේ නැතත් දැකගන්න හරි පුලුවන්නේ........."

" අපි ඉන්න තැනින් යද්දී සෙල්පියක් වත් ගන්න පුලුවන් උනොත්......"

" මේ පින්තූර දකිනකොට එයාට Red wine කියන එක සාදාරණයි කියලා හිතෙනවා....."

" ඇත්ත එයා වයින් එකක් තමයි ....බැලුවත් අපිව මත්වෙන...."

යීබෝ  එතැන පසුකරගෙ ඔවුන් වෙනුවෙන් අසුන්ගන්නට සූදානම් කර තිබූ තැනට ඇවිද යද්දී ඔවැනි කතා රාශියක් කන වැකුනේය....

"මේ කෙල්ලන්ට පිස්සු...."

යිබෝ  තොල් මැතිරුවේය .... යීබෝ  එතැනට එන විට සම්මුඛ පරීක්ෂණය සඳහා සඳහා පැමිණ සිටියේ දාහත් දෙනෙක් වූ අතර යීබෝ සමඟ එය දහ අටක් විය... තවත් විනාඩි තුන හතරක් පමණ ගත වෙද්දී එක එක්කෙනා පිළිවෙලින් පැමිණ අවසානයේ සම්මුඛ පරීක්ෂණය සඳහා පනස් දෙනෙක් වාඩි වී සිටියේය....

" ඉන්ටව් එකෙන් තෝරගන්නේ දෙන්නයිලු...."

තමන්ට පිටුපසින් වාඩි වී සිටින දෙදෙනෙකු කතා කරන හඬ යීබෝට ඇසුනි..... කොහොමත් හදවතේ බලාපොරොත්තුවක් නොතිබුණත් ඒ වචනත් සමඟ බලාපොරොත්තුවෙ සේයාවක් පවා පහ වී ගියේය.....

පනස් දෙනෙකුගෙන් දෙන්නයි...සමහරවිට මෙතන ඒ මනුස්සයට හිතවත් අයත් ඉන්නවා ඇති.... සමහරවිට අපි නොදන්නව උනාට පෙනුමට ඉන්ටව් එකක් තිබුණට මේ වෙනකොටත් සුදුසුම දෙන්නෙක් තෝරගෙන ද දන්නෙත් නෑ...... කමක් නෑ ආපු එකේ අවසානය වෙනකන්ම දරාගෙන ඉන්නවා.......

" අන්න xiao zhan  එනවා......."

එක්වරම එතැන සිටි කාන්තාවකගේ කෑගැසීමට සියල්ලෝම කලබල වෙද්දී යීබෝත් හිස හරවා බැලුවේය .....

ඔහු මුලින්ම දුටුවේ නිතරම රූපවාහිනියේ පවා දකින Xiao zhan ගේ ආරක්ෂකයින් දෙදෙනෙක් සහ ස්ටාෆ් එකේ අයෙකි.....  දැන් සියල්ලෝම ඉදගෙන සිටි තැන්වලින් නැඟිට දුරකතන සූදානම් කරමින් උඩ පනිමින් ඔහු එනමඟ බලාගෙන සිටින්නේය....

මම නැංගිටින්න ඕනෙ නෑනේ..... ඇයි මම නැඟිටින්නේ.... මුන්ට පිස්සු.....

. යීබෝ   ඈතින් එන මිනිසා දෙස බලාගෙන සිටියාට හුනස්නෙන් නැඟිට්ටේ නම් නැත.... දැන් ආරක්ෂකයින් සහ අනෙක් දෙදෙනා අතරින් යීබෝටත් Xiao zhan ව ඈතින් පෙනෙන්නේය...

" පාර අවහිර කරන්න එපා...... පස්සට වෙන්න........ "

ඔහු එතැනට එන්නට පෙර ස්ටූඩියෝ එකෙහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු එතැනට ආවේය ....

ඒත් සමඟම දැන් ඔවුන් සිටිනා තැනින් Xiao zhan ඇවිද යන්නේය.... ඔහුගේ පින්තූරයක් ගන්නට ඔහුට සිනාසෙන්නට දඟලන සියල්ලන් දෙස එක් බැල්මක් හෙලමින් ඉදිරියට ඇවිදයන xiao zhan ගේ ඇස් නිසොල්මන්ව අසුන්ගෙන සිටින තරුණයාගේ මුහුණ මත නතරවිය...


අඩි කිහිපයක්....... පියවර තුනක් හෝ හතරක් එතැන පසුකර යන තුරුම ඒ ඇස් මේ අසුන් ගෙන සිටින තරුණයා අසලින් ඉවත් වූයේ නැත...... තවත් අඩි කිහිපයක් ඉදිරියට ගිය ඔහු යළිත් ඉදිරිය බලා ගත්තේය...

ලබ් ඩබ්.....ලබ් ඩබ්..... ලබ් ඩබ්......

මේ මොකද මට වෙන්නෙ..... ඒ මනුස්සයා ඉන්ටව් බෝඩ් එකේ ඉන්න නිසා මට බයහිතිලා වත්ද... එහෙමත් නැත්නම් ඉන්ටව් එකට මගේ හිතේ තියෙන  බයටද...... ඇයි මේ........ එයා විශේෂයෙන් මගේ දිහා බැලුවේ නෑනේ...... සමහරවිට මම විතරක් වාඩිවෙලා ඉන්න නිසා විශේෂයෙන් මගේ දිහා බැලුනා ද දන්නෙත් නැහැ...... ඒත් ඒ බැල්ම මට වැටුනද......නෑ....... අනිත් අය දිහා බලන විදිහටම මගෙ දිහත් බලලා යන්න ගියා...... රිලැක්ස් යීබෝ රිලැක්ස්.............. සමහරවිට ප්‍රසිද්ධ නළුවෙක් මම මෙහෙම ලඟට දැකපු පලවෙනි වතාව නිසා වෙන්න ඇති..... මේ හාට් බීට් එක අඩු වෙන්නෙ නෑනෙ අප්පා........

.. යීබෝ  අනෙක් අයට නොපෙනෙන්නට අතකින් තම පපුවට ගසා ගනිමින් Xiao zhan  එතැනින් ඇවිද යන විට ඇතිවූ තිගැස්ම නැති කරගන්නට උත්සාහ දරන්නේය....

" දැන් හැමෝම වාඩිවෙන්න... සර් ආවා කියන්නේ ඉක්මනින් ඉන්ටව් එක  පටන් ගන්නවා.... දැන් හැමෝම වාඩිවෙන්න..."

එතැන හිටගෙන සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පිරිස සන්සුන් කළේය...ඇත්තෙන්ම ඒ මොහොතේ නම් යීබෝගේ හිතටත් කෝපයක් ඇතිවිය... කාන්තාවන් පමණක් නොව එතන සිටි පිරිමින් පවා ඉතාමත් නොසන්සුන්ව හැසිරුණු ආකාරය ඔහුටනම් විකාරයක් මෙන් විය ......

" අංක එක........."

ගතවූයේ හරියටම විනාඩි 10 කි..... ඔෆිස් ඇඳුමෙන් සැරසුණු කාන්තාවක් ඔවුන් අසුන්ගෙන සිටියි සිටි ශාලාව ඉදිරියේ තිබෙන කාර්යාලය දුර විවර කර ගෙන පිටතට පැමිණ කතාකලේය...

අවුරුදු විසි හතරක පමණ තරුණියක් අංක එක යටතේ කාර්යාලය ඇතුළට ගියේය..... සාමාන්‍යයෙන් එක් අයකු විනාඩි දහයක් පමණ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අතර ඉන් පිටතට පැමිණෙන සියලුම දෙනා වෙනත් ස්ථානයක අසුන් ගන්නේ ය... ඉතින් එම නිසා ඔවුන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් ආකාරය වත්....එතැන සිටින විනිසුරු මඩුල්ලේ ස්වභාවය වත් ... ඔවුන් ඉදිරිපත් කරන ගැටළු පිළිබඳව වත් කිසිවෙකුටවත් අදහසක් ගන්නට නොහැකි විය...

අඩුම තරමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පිටතට පැමිණෙන අයගේ මුහුණෙහි ඉරියව් වත් හරියට බලා ගන්නට හැකි වන්නේ නැත...

" අංක 18.............."

කලින් පැමිණි කාන්තාව ම යළිත් එළෙසින් පවසද්දී යීබෝ  බර හුස්මක් පිට කරමින් අත රැඳි ලිපිගොනුවත් සමඟ කාර්යාලයේ දොර අසලට ගියේය... සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයකදී පිවිසීමේ දොරටුව අසල සිටම සමහර පරීක්ෂකයින්  අධ්‍යනය කරන බව හොඳින්ම දන්නා වන්ග් යීබෝ  තුන් වතාවක් කාර්යාලය දොරට තට්ටු කර ඇතුලට ගියේය ....

කවාකාර මේසයක ඔහුට මුහුණලා වාඩි වී සිටින පස් දෙනෙක්...... මැදින් Xiao Zhan අසුන්ගෙන සිටි අතර ඔහුට වම් අත පැත්තේ වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයෙකුත් තරුණ කාන්තාවකුත් වාඩිවී සිටියේය.... ඔහුට දකුණු අත පැත්තේ ඔහු මෙන්ම උස මහත ඒ වයසේම යයි සිතිය හැකි තරුණයෙක් සහ ඔහුට එහාපැත්තෙන් නවීන විලාසිතාවන්ට අනුව සැරසුණු කොණ්ඩය තරමක් වවා තිබෙන කන් වලට කරාබු පවා දමාගෙන සිටින තරුණයෙකු අසුන් ගෙන සිටියේය.....

ලබ් ඩබ්..... ලබ් ඩබ්.......

මේ මනුස්සයා මේක ඇතුළට එන මිනිස්සු දිහා මෙහෙම බැලුවහම කොහොමද දෙයියනේ හිත හදාගෙන අහන ප්‍රශ්න වලට වත් උත්තර දෙන්නේ...

.. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති ආසන වෙත ඇවිද යන වන්ග් යීබෝ  දැන් මේ තනිවම කල්පනා කරන්නේ කාර්යාලය දුර විවර කරගෙන ඇතුළට පැමිණි මොහොතේ සිත තමන්ගේ මුහුණ වෙතට එල්ල වී තිබෙන Xiao zhan ගේ බැල්ම නිසාවෙනි....

" වාඩිවෙන්න ..."

ඔහුට වම් පසින් සිටි වයස අවුරුදු හතලිස් ගණන් වල පසු වන පුද්ගලයා කාරුණිකව පවසද්දී යීබෝ  ඔවුන් වෙත පුරුදු ලා සිනහවක් පමණක් තිළිණ කර එතැනින් අසුන් ගත්තේය...පසුව මෙතෙක් වේලා ඔහු අපේ රඳවාගෙන සිටි ලිපිගොනුව ඔවුන් වෙත දිගු කළේය...

එය අතට ගත්තේ Xiao zhan ය.... දැන් ඔහු එහි ඇති සහතිකපත් එකින් එක පරික්ෂා එකිනෙක පරීක්ෂා කරන්නේය... තත්පර කිහිපයක් එතැන පැවතියේ දැඩි නිහැඩියාවකි....

" ඩිග්‍රියට මැච්වෙන පෝස්ට් එකකට ඇප්ලයි නොකලේ ඇයි....."

ලබ් ඩබ්.... ලබ් ඩබ්......... ඒ මනුස්සයාගේ කටහඬ මේ තරම් බැරෑරුම් ද......ඇයි මේ බය ආපහු දැනෙන්නෙ.....

" මට ඕනේ මුලින්ම මේ පැත්තෙන් ඉස්සරහට යන්න...."

හිත ඇතුලෙන් කොයිතරම් පෙරළියක් තිබුනත් යීබෝ  සෘජුව පිළිතුරු දුන්නේය ...xiao zhan යලිත් අර අමුතු බැල්ම යීබෝ  වෙතට හෙලුවේය ..

" දැනට රැකියාවක් කරනවද....."

දැන් මේ ප්‍රශ්නය අසන්නේ ඔහුට වම් අත පැත්තේ වාඩි වී සිටින වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයා ය...

" හොටෙල් එකක එකක ජොබ් එකක් කරනවා..."

යීබෝ  පිළිතුරු දුන්නේය ...

" මොකක්ද ......"

ඒ අර ගැඹුරු හඩයි....

" පෝන් ඔපරේටර් ...."

දැන් Xiao zhan අත තිබූ ලිපි ගොනුව අනෙක් අය පරීක්ෂා කරන්නේය... යීබෝට බිම බලන්නට නොහැකි නිසා හිස ඔසවාගෙන සිටියත් අර බැල්ම ඔහුව අපහසුතාවයට පත්කර තිබුනි ....

" සල්සා.......... අපිට සල්සා වලින් ස්ටෙප්ස් කිහිපයක් කරලා පෙන්නන්න..."

ඒ Xiao zhan ට දකුණු පඩින් කෙලවරේ සිටි නවීන විලාසිතා කරුය... යීබෝ  හුනස්නෙන් නැඟිට්ටේය..... අර විලාසිතා කරු සල්සා ස්ටෙප්ස් වලට ගැලපෙන්නට මියුසික් එකක් ප්ලේ කලේය...

දැන් Xiao zhan ගේ දෑස් මෙන්ම අනෙක් සියලුම දෙනාගේ දෑස් යොමුවී ඇත්තේ මේ නර්තනය දෙසටයි.....

" ට්‍රැඩිෂනල් ස්ටෙප්ස් කිහිපයක්....."

අවසන් කරද්දී ම Xiao zhan යලිත් කීවේය .... අනෙක් සිව් දෙනා ශාන් දෙස පුදුමයෙන් බැලුවත් ඊලඟ ස්ටෙප්ස් වලට අතපය රිලැක්ස් කරන යීබෝ දෙස පමණක් ඔහු බලාගෙන සිටින්නේය....විලාසිතා කරු ඉක්මනින් ට්‍රැඩිශනල් මියුසික් එකක් ප්ලේ කලේය.....

" වාඩිවෙන්න......"

එතැන සිටි එකම කාන්තාව යලිත් අසුන පෙන්වා කීවේය ....

තවත් ප්‍රශ්න කිහිපයක් අවසානයේ ......

"  දවස් තුනක් ඇතුලත අපෙන් කෝල් එකක් ආවොත් ඔයා සිලෙක්ට් වෙලා.... "

,යැයි පවසමින් Xiao zhan ලිපිගොනුව යීබෝ  වෙතට දිගුකලේය...

" thank you so much ...."

යීබෝ  එතැනින් පිටතට ආවේය ... පරීක්ෂණයට සහභාගී වූ පිරිස අසලින් ඔහුත් අසුන්ගත්තේය ...

", ඔයා අපිට වඩා වෙලාවක් ඇතුලෙ හිටියා...."

එක් තරුණියක් පවසද්දී යීබෝ නිහඩවම සිටියේය ....

" සර් දැනටම එක්කෙනෙක්  සිලෙක්ට් කරලා...... ඉතින් අනිත් කෙනාවත් තෝරලා අපි දැනුම් දෙන්නම්...."

තවත් හෝරාවකට පමණ පසුව අර කලින් අංක අඩගැසූ කාන්තාව කීවේය ...

ඒත් සමඟම Xiao zhan  එතැනින් පිටව ගියේ කිසිවෙකු වෙතට බැල්මක් හෝ හෙලන්නේ නැතිවයි....

**
**
**

මතුසම්බන්ධයි .......

📚 Ru shi .............

🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢🐢

සතුටට පුංචි කොටසක් ගෙනාවා ඉතින්... ආය හිමීට එන්නම්...

මම කොහොමත් මොන ප්‍රශ්න ආවත් ඒ ආදරේ විශ්වාස කරන කෙනෙක්...ඒක ඉතින් අද තවත් ස්තිර වෙලා..... 🐢 විදිහට ආඩම්බර වෙනවා.....

Yizhan forever 💚❤️
Yizhan real 💚❤️

................................................................

Comment