විසිනවවෙනි වර්ෂාව

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි
❣️💕

Episode 29
_________________________________________

"ආ උබ මොකද ගැස්සෙන්නේ.. ? උබ දන්නවද ඒ කියන දිහා . .."

යැස්සැනීගෙ ඔලුව උඩට ප්‍රශ්න පත්තරයක්ම ඇතෑරපු සින්නා එකපාරම අහපු දේත් එක්ක මං හිතුවේ ඒකි
"ඒ මගේ අප්පගේ ගමය.. අපේ පරම්පරාවම උන්නෙ එහෙය" කියලා මහා වැල්වටාරමක් කියයි කියලා උනත් මාවත් ඩිම් කරලා ඒකි තොල් මැතිරුවේ වෙනම වචනයක්..

"බණ්ඩාර දෙයියෝ.."

ඈහ්හ්...

කස්තුරි...!!

මාව ගැස්සුනා.. නිකන් නෙවෙයි බොක්කෙ ඉදන් හිරි වැටීගෙන ගිහින් ඔලුවට තිස්තුන්දාහක කරන්ට් එකක් වැදුනා..  එතකොට ඒකි ආයෙ ඉපදුනාද?? .. මමම හිතලා, මමම ඔලුව දෙපැත්තට වැනුවා..  නැහැ, ඒක වෙන්න බෑනෙ.. බැහැමයිනේ..  මට වැරදුනේ කොතනද?? මට, අහස්නට, ඉසිවර බණ්ඩාරට , අපේ බන්ඩාර දෙයියොන්ටත්  වැරදුනේ කොහොමද  ??. ඒක වෙන්න බෑ...  කියටවත් වෙන්න බෑ.. යැස්සැනී  උබ කස්තුරි උනෙ කොහොමද යකෝ..

මං රැව්වා මං හිතන්නෙ .. හිතට ආව මහා අමුතු කේන්තියත් එක්ක නිකන් නෙවෙයි යැස්සැනීව පිච්චිලා යන්නම මම රවනකොට ඒකිත් සෙකන්ඩ් නොවී මට එරෙව්වා...

"කස්තුරි..."

"මොකක්...??"

"කුවන්නා ..??"

"මොනාද හලෝ කියවන්නෙ.. මොන කුවන්නෙක්ද මං අතිථි.. "

හිතට ආව සැකය හින්දම මම ඒකිට කස්තුරිගෙ නමින්,කුවන්නගෙ නමින් කතා කරත් යස්සැනී කරේ එකෙන්ම මගෙන් ගේම ඉල්ලුව එක... හහ් ඒක හරි කෙලියක් උනානේ යකූ .. එතකොට අත්ථි ඇත්තටම කස්තුරිව දන්නෑද??  අනික මේකී කස්තුරි නෙවෙනම් මොකද කියාපියකෝ අච්චර අලෝදරෙ බණ්ඩාර දෙයියන්ට... ඇට නැති ගොළුබෙල්ලි.. මේකිට කෝමත් ඇට නෑනෙ.. ඇට තියෙන්නෙ කොල්ලන්ට . යකූ මාත් මොනා හිතනවද මන්දා   මෙතන දැන් තියන ප්‍රශ්නෙ ඒකද ඒකද... නෑනේ.. මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ,

"අතිථි, තවුසෙ අතිථි නම් මොකටද බන්ඩාර දෙයියෝ ගැන ඔච්චර අලෝදරයක්.. තමුසේ කොහොමද බණ්ඩාර දෙවියෝ ගැන දන්නේ..."

වැදගත්කමයි, තැන්පත්කමයි , සද්දෙ වහලා දරාගෙන ඉන්නවයි කියාපු ඔක්කොම කැලේ දාලා මාත් කටු අත්ත වගේ යැස්සැනී එක්ක එල්ලුනා.  මේකි නම් අහයි මොන කස්තුරියෙක්ද කියලා...  මගේ හිතේ ඇවිලෙන ගින්න දන්නෙ මම විතරයි... කස්තුරි ආයේ එනවා කියන්නෙ මගේ සංසාර චක්කරේ ආයේ පටන් ගන්නවා කියන එක.. ඒත් මට ඕනෙ ගිය ආත්මෙන්ම මේ හැමදෙම ඉවර උනා කියලා හිත හදාගන්න... අවුරුදු දාස් ගාණක් හමුවෙවී වෙන්වෙවී දුක්වින්දා ඇති මට...

"බණ්ඩාර දෙවියෝ ගැන දන්නෙ ඒ අපේ රැකවල් දෙවි උත්තමයා හින්දා.. අපි දේවනාතලා තමයි පරම්පරාවෙන් පරම්පරාවට දෙවියන්ට දාසකම් කරන්න බැදිලා ඉන්නෙ.. අන්න ඒකයි අලෝදරේ ..."

අතිථි හෙන ආඩම්බරෙන් ඔලුව ගස්සලා කියනකොට අම්මපා මට හිතාගන්න බැරි උනා මෙව්වට හිනාවෙනවද අඩනවද කියලා.. අමෝර් අමෝර් දේවනාතගේ භක්තිය.. උන්ගෙ දාසකමේ තරමට අන්තිමේ බන්ඩාර දෙයියන්ටත් ගලක් වෙලා නවතින්න උනේ.. දැන් එනවා මෙතන අලෝදරෙ ගැන කියවන්න.. මේකිටයි මේකිගෙ අප්පටයි දෙකටම අමු කැවිලද කොහේද...

"රැකවල්..?? හා හා හම්මෝ හරි වටින පරම්පරාව රකින්නම... කවුද උබට ඔය බේගල් කිව්වෙ.."

මං කැත විදියට හිනාවුනා.. හිනායන්නැද්ද හත්තික්කේ මේ යැස්සැනී මරු කියවනවා..

"කොහේද ඕයි බේගල්.. මගේ අප්පච්චිත් සත්දිරුවෙන්.. එයා තමා මට බන්ඩාර දෙයියො ගැන කිව්වෙ.. අපේ ගෙදර හැමදාම දෙවියො මතක් කරලා වතාවත් කරනවා.. තමුසේ තමුසෙගෙ වැඩක් බලාගන්නවකෝ.. "

අනේ සාධු.. කවදද යකො දේවනාත බණ්ඩාර දෙවියෝ තමන්ගෙ ස්වාමියා කියලා පිලිගත්තෙ??  ඒකත් ගොතිරයා.. බන්ඩාර දෙවියො අරක් ගත්තු මනුස්ස සරීරේ කෙලෙසුව පාපතරයා බන්ඩාර දෙවියන්ට පහන තියනවලු  . ඒ අස්සෙ මේකි මට වැඩක් බලාගන්නලු.. වැඩ බලාගන්න තිබ්බ මෙව්ව අහලා මට කෝමා වෙන්න වගේ ආවෙ නැත්නම්..

"ඔව් ඔව් වැඩ බලාගන්නවා .. හැබැයි ඉස්සෙල්ලාම මෙව්වට හිනා වෙන්න තැනකුත් මට කියලම ඉන්නව..නැත්නම් මට ඒ වැඩේට අවධානෙ දෙන්න බැරිවෙයි..."

මං ඒකිට ගස්සලා ඉස්සරහ බලාගන්නකොට යැස්සනී බෝම්බයක් වගේ දුම් දම දම පිපුරුවා..

"මොන වදයක්ද ඕයි මේ.. තවුසෙට මොකද කියනවා මගේ තාත්තා එක්ක ඔච්චරටම තියන තරහා..."

"තරහා...!! හහ්
තරහා ගන්න කාරණා කිව්වොත් උබ දුවනවා  ..."

යැස්සැනී හින්දා ගොතිරව මතක් වෙලා මාව පුපුරන්න ආවා.. පව්කාරයා මාව විනාස කරා.. දැන් පහන තියනවලු .. තොට ලැබෙයි පකක්.. ඊටත් දේවනාතලා කවද්ද බන්ඩාර දෙවියන්ට අවංකව තේවා කලේ.. කලා.. හැබැයි අවුරුදු දාස් ගාණකට ඉස්සර.. මට මතක හැටියට බණ්ඩාර දෙවියන්ට හැබෑවට ආලෙ කරපු අන්තිම දේවදාසය උනේ කුවන්නගේ අප්පොච්චි.. ශාරත.. අනේ ඒ මනුස්සයාගෙන් බන්ඩාර දෙයියො කොච්චර සෙනෙහසක් වින්දද.. ඒත් මොකද්දො කරුමෙකට ඒ රත්තරන් මිනිහා වැදුවේ හැපින්නක්ව.. එතනින්ම බන්ඩාර දෙයියන්ගෙයි දේවනාතලගෙයි බැදිම් අහවර උනා..

"ආ ආ.. මොකද මොකද උබලා දෙන්නා ඔතන අංකර අල්ලන්න තියාගත්තද ඒ පාර.."

යස්සනීට කියන්න ගත්තු දේත් කියාගන්න බැරි උනා. අපේ වලිය සින්නොන්ටත් ඇහෙන්න තරම් දුරදිග ගිහින්...

"යකෝ මුන්ට හොදින් ඉන්නම බෑනෙ..

ඒ පාර මොකද කියපන් වලි දාගන්නෙ.."

අයියලා දෙතුන් දෙනෙක්ම අපිට ලං වෙනකොට ඔක්කොටම වඩා මල පැනලා හිටි මම මේ වෙලාවෙ යස්සනීට කලින් ඉස්සර වෙන්න හැදුවා..  නැත්නම් මේකි කතන්දර මවලා පෙන්නන්නේ මෙතන..

"මේ මේකගෙ කට හොද නෑ අයියේ..."

නෙදකින් කූඩැල්ලි මාව පාවලා දුන්න ලස්සන.. අනික මගේ කට කොහේද හොද නැත්තේ.. තිගේ වක්කඩේනෙ යකූ කච කච ගාලා කියවන්නේ.  මාළු කාරි.. තිට වඩා හොදයි යකූ බොම්බයිමොටයි කාරි..

"අයියේ එයා තමා හැමදාම රන්ඩු පටන්ගන්නෙ.."

මමත් මට මූනට ගන්න පුලුවන් අහිංසකම පෙනුම ගත්තා .. ම්හ්ක්.. අම්මිගේ සුරංගනා කුමාරයා.. මං දන්නව කට බෙරිකරන් ඇස් දෙක ලොකු කරලා කදුලු පුරොගත්තම ඕනෙම කළු ගලක් දියවෙලා වැක්කෙරෙනවා කියල.. මේවා සුරංගනා පරම්පරාවේ උරුම හත්දෙයියනේ..

"අම්මො අම්මො.. උබලා දෙන්නම එකයි.. නංගී උබත් දැන් ඇති මේ කොල්ලා එක්ක අංකරේටම යනවා.. අනික උබ මල්ලි, උබෙත් ඔය පෙන්නන් ඉන්න අහිංසක මූන නෙවෙයි.. බොරුවට හුරතල් වෙන්ඩ එන්න එපා අපි එක්ක පොඩි උත්තා.. තොපි ඔහොම කුලල් කාගෙනද බැච් ෆිට් එක හදාගන්න යන්නෙ ආහ්.. තොපි හිතන් ඉන්නෙ තාම ස්කෝලෙ යනවා කියලද?? තොපි මේ ඉන්නෙ කැම්පස් එකේ... බබ්බු නෑ තව මෙතන..  අදින් පස්සෙ උබලා දෙන්නා වැරදිලාවත් දෙන්නට දෙන්න මීක් කියාගන්න බෑ.. කොහේදි හරි දැක්කොත් අඩුම බොලා දෙන්න රවාගෙන හරි ඉන්නවා, අන්න එදාට තොපි දෙන්නා ගැනම බලාගන්නන්.."

අර ආලවකයා වගේ සින්නා මට පොඩි උත්තා කියලත් බැනලා මහා දේශනයක් දුන්නේ මට යස්සනිගෙයි උගෙයි දෙන්නගෙම ලේ බොන්න හිතෙද්දි.. හැයි අනේ හුරතල් මූනට රැවටෙන්නෑලු.. මේ මූනට රැවටෙන්නෙ නෑ කියන්නෙ මේකා මහා හිතක් පපුවක් නැති දකුනු මූදේ සිප්පියෙක්.. ඊටත් බබ්බු නෑ කියන්නෙ.. බබ්බු ඉන්නව යකු.. මං මං.. මං අම්මියගේ බබා.. අප්පච්චිගෙත් බබා . මගේ මිනිහගෙත් බබා යකෝ.. මරනවා උබව හිකිරියස් පොමේතියානුවා.. සික් ඒ අස්සේ අහසිදු වෙද අප්පච්චියා දරුණු වෙලා.  ඒත් අනේ මොනා උනත් ආලවකයට වැඩක් නෑනෙ මට පොඩි උත්තා කියන්න.. ඌ දන්නවද ඒකෙ සයිස් එක.. ඌට වැඩක්ද අනික .. පොඩි උනොත් මච... ලොකු උනොත් රන් අයියට....
අනික යස්සැනි එක්ක රන්ඩු වෙන්නත් එපාලු.. මමයැ යකෝ රන්ඩුවට ගියේ ඒකිනේ.. ම්හ්ක්ක්...

"නෑ.. නෑ මචං පොලා.. දැන් උබ කොහොම කිව්වත් ඕකුන් දෙන්නට මේ බෙහෙත් හරියන්නෑ.. නැගිටපන්කෝ දෙන්නම...

එ පාර මොකද ?? ආලවක එකක් කියනකොට තව එකෙක් බේත් දෙන්න ආවා.. ඒව් ඒව් හිච්ච් දොස්තර මාත්තියා. ෂිට්.. මුන් පටන් ගත්තෙ නම් වෙලාව නෑ කියලා තව.. පේන විදියට දවසම මෙතන ගෙවන්න වෙයිද කොහේත ඔක්කොම නඩු විසදනකම්.. ඔච්චර අමාරු නෑනෙ මේකිගෙ කටට ඉබ්බෙක් දැම්මනම්..

අරුන් නැගිටින්න කිව්ව හින්දා පුප හෙන බරයි වගේ මම බැරි බැරි ගානට හිට ගත්තා .. මට මුන්ව පේන්න බෑ අනේ.. අම්මිට වෙච්ච දේ නිසාද මන්දා මට මේ මිනිස්සු කරන හැමදේම වැරදියට පේන්නෙ.. මොකද ඉතින් ඒ මනුස්සයට ප්‍රශ්නයක් උන වෙලාවෙ බැච් ෆිට් එක පෑල දොරින් පැනලා ගිහින් තිබ්බේ එහෙම එකක් තිබ්බෙවත් නැති ගානටනේ ... ඔච්චර රැග් කරලා ප්‍රතිපත්තිගත කරා නම් එහෙම කෙලවෙන්න විදියක් නෑනේ එක පතේ කාගෙන හිටිය කෙනෙක්ට...

"අද ඉදන් උබලා දෙන්නා තමයි මේ බැච් එකේ තාවකාලික රෙපයි රෙපියි.. "

ආච්චිට හික්කඩු යන්න...!!!
මට බැහ් වුත්තෝ...

සින්නා කියනවත් එක්කම මට දේවනාතලාගෙ අලගිය වැලගිය මුලගිය සේරොම මතක් උනා.. හැයි වදේ මේ මොන කරුමයක්ද කියන්නකෝ .. රෙෆ් වෙන්න මං?? ඒකත් යැස්සැනී එක්ක..

ජීවිතේට බෑ බං ජිවිතේට බෑ..

ඒ උනාට..

"ම්ම්... හරි අයියේ.."

කැම්පස් එකට ආවද ඉදලා රෙෆ් වෙන්න බලාගෙනම උන්නා වගේ මම පුදුම ආසාවකින් හා කියනකොට මං දැක්කා යැස්සැනීගෙ ඇස් නලලට යනවා.. ම්හුක්.. හිතුවද දන්නෑ අම්මගේ සුතු මැණික පැටලි පැටලි ඥැහ් බැහ් ගාවි කියලා.. ඒම නැ හලෝ.. අවශ්‍ය මොහොතට සද්දෙ වහලා ඉන්න මං දන්නවා.. ඔය දුන්නු රෙෆ් පට්ටම එයාලම ආයෙ අයින් කරාවි .. බලමුකෝ සතියක් විතර ඉවසලා...

යැස්සැනීට කට කොණින් කින්ඩි හිනාවක් දාලා මම කාටත් කලින් ඉදගත්තා.. හැබැයි ඒ එක්කම මම දැක්කේ,

යැස්සැනීගේ අත පහලට වෙන්න කොටාපු පොඩි පච්චයක්..

ත්‍රිශූලයක් වටේ එතුනු නාගයා..  ඒ දේවනාත සළකුන.. හැම දේවනාතයෙක්ගෙම ඇගේ ඔය සළකුන තියනවා හරියට හංවඩුවක් වගේ.. හැබැයි ඒවා ටැටූ නෙවෙයි .. අමු අමුවෙම අත කපලා ඒ ලකුන ගහන්නෙ, ඉපදිලා සති තුන හතරක් ඇතුලත.. උන් ඒකට තමා කියන්නේ බෞතිස්ම කරනවා කියලා..

ඒත් යැස්සැනීගෙ අතේ තියෙන්නෙ එහෙව් තුවාල කැලලක් නෙවෙයි.. ඒක ටැටූ එකක්...

ඒ කියන්නෙ යෑස්සැනී....??

"කෝ උබල තාම මෙතනද.. යකෝ ඩීන් එනවා.. "

හිතට ආව සැකේ පෑල දොරින් පැනලා ගියේ හදිසියේ හෝල් එකට කඩාගෙන වැදුනු අනාගත දොස්තර මාත්තියෙක් නිසා.. ඩිනා නෙවෙයි මොකා ආවත් මේවට තමයො දෙයියෝ බලනවා කියන්නේ.. මුලින්ම ආව සීනියර්ට පස්සෙන් තව හෙන උස මහත හයේ හතරේ පොරවල් ටිකක් අපි උන්න හෝල් එකට එබුනම යැස්සැනී එක්ක කුලල් කාගෙන මැරෙන්න වැටිලා උන්න මාව ආයෙ පණ ගහලා ආවා... ඒ උනාට පන ගහලා ආවෙ මාව විතරක් නෙවෙයිද කොහේද.. අපෙ වටේට උන්නු සින්නො ටිකත් තත්පරයක් ඇතුලත ෂර්ට් යට කරන් කොන්ඩ හදාගෙන මල් මල් ලමයි ටිකක් වගේ ඉස්සරහ ස්ටේජ් එකට ගොඩවෙනකොටම,

මට දැනුනේ අමුත්තක්..මහම මහා අමුත්තක්..
ජෝක් ආතල් මොකවත් නෑ.. පිස්සු විකාර යුවිත්ගෙම කොපියක් කිව්ව චූටි පුතාගේ හිනාව කතාව නැවතුනා.. කොටින්ම නසරාණි අහසිදුට සත්දිරුවේ දිව්‍යාත්මේ උන අහස්නව වැහීගෙන ආවා..

ඇයි.???

ඇස් දෙක පියාගෙන හිත එක්තැන් කරගත්තු මම, ඉදගෙන උන්නු පුටුවේ පිටිපස්සට බර උනා.. අමුතුම කුයිලයක් අරගෙන ආව උඩු හුලග හෝල් එක වටේට කැරකෙනවා.. ඒ අස්සේ අහිංසක උගත් බුද්ධිමත් තරුණ නායකත්වයට වෙස් මාරු කරපු සීනියර් අයියලා ඉස්සර ස්ටේජ් එකේ ඉදගෙන මොන මොනවදෝ කියෙව්වත් ඒ මොනවත් අහන මානසිකත්වයක් තවත් මට නොවෙද්දි, මට දැනුනා මගෙ වටපිටාවම මහ අමුතු සීතලක් ගන්නවා..

"භරණා..."

"සුදු මහත්තයා.."

"ඇයි මේ අවේලාවේ..??".

මම කළඹල උනා...  භරණා තුන්සිය හැටපස් දවසම මම ලග ඉන්න එක හැබෑව.. ඒත් මම දන්නවා භරණා මෙහෙම එලිපහලියට එන්නේ මොකක් හරි අනතුරක් ඉව වැටුනම කියලා.. ඒත් මට හිතාගන්න බැරි උනේ මේ කැම්පස් එක ඇතුලේ මොනවා වෙන්නද .??

"කෙනෙක් එනවා.. සුදු මහත්තයා කීයටවත් මුන ගැහෙන්න ඕනෙ නැති..".

භරණාගේ වචන...!!  මම ගැස්සිලා එයා දිහාට හැරුනා..  මගේ එහා පැත්තෙ තිබුන හිස් පුටුවේ මට මුනගැහිලා තියන කඩවසම්ම රාක්ෂ ආත්මය අරක්ගෙන.. අඩි හයක් උස, කාලෙට හුරු උනත් දිලිහෙන හමක් තිබ්බ භරනාගේ රතට හුරු ඇස් ‍යොමුවෙලා තිබ්බෙ කොමන් හෝල් එකෙ එන්ට්‍රන්ස් එක දිහාට.  ඒ ඇස් වල තිබුනේ මහා පිලිකුලක සේයාවක්..

ඒත් ගිය ආත්මේ මාව අමු අමුවේ විනාස කරපු ගොතිර ආයෙ මුනගැහෙනකොටවත් එලියට නාව භරණා අද මේතරම් කළඹල උනේ මොකා වෙනුවෙන්ද??

මමත් ඇස් දෙක පුලුවන් තරම් බෝල කරගෙන එන්ට්‍රන්ස් එක දිහා බලන් උන්නා.. දොරට එපිටින් ඇහුන අඩි සද්ද ඩිංග ඩිංග ලං වෙනකොට මට දැනුනා මෙච්චර වෙලා අමුතුවට කැරකුනු උඩු හුලග බර වෙනවා.. පිරිසිදු විශ්ව ශක්තියටත් අභියෝග කරන්න පුලුවන් තදබල අව ශක්තියක්... ඔව්.. පව්කාරකමින් පිරුනු ශක්ති කදම්භයක්.. මිනිස්සු පින් කරන්න කරන්න උන් වටේට ධනාත්මක ශක්තීන් එක්කාසුවෙන තරමටම මිනිස්සු පව් කරන්න කරන්න උන් වටා ඍන ශක්තීන් එක්කාසු වෙනවා.. දුශ්ටයි.. ඒත් විශ්ව ශක්‍තිය තරමටම බලසම්පන්නයි..

කුවන්නා, වෛශු  , තෙදැස්..
ඒ තුන්දෙනාගෙන් කවුරු හරිද ??  උනුත් අව ශක්තියෙන් අහස පොලොව කම්පා කරවාපු උන්.. ඒත් ඒ ආත්ම එකකටවත් ආයෙ ඉපදෙන්න වරම් නෑ..

කවුද මේ??

කොඩිකාර ඇමති...

ඒත් නැත්නම් ....
දෙයියනේ...

මේ සජ්ජද  ??

සජාන් වනිගසේකර..

අහස්නගේ ජීවිතේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන හැරවුම් සළකුන.. අහේතුකව අහස්නට ආදරය කල සජාන්... මේඝටම පේවුන අහස්නගෙ ඇගට අහස්නගෙ අවසරෙන් අත තියන්න පුලුවන් අනිත් එකම මනුස්ස ප්‍රාණියා.  අහස්නගේ හදවත මලගම් ගිය කාලයේ , ඒත් පණ රැදුන ජීවි මලකද එක්ක බුදියගත්ත හාදයා.. ඩෝල්ගේ ඇමති තුමා..

ඒත් මම දන්නවා.. මගේ යටි හිත දන්නවා මේ සජාන් නෙවෙයි.. සජාන් පව් කාරයෙක් තමයි... ඌ නිධන් ගොඩ දම දමා රටම හූරන් කනවා තමයි.. හැබැයි ඒ මිනිහා ගාව මෙතරම් අව ශක්තියක් තිබ්බෙ නෑ..

එක්කො මේ අතීතෙදි මං දැනගෙන උන්න කෙනෙක් නෙවෙයි.. නැත්නම් මට අමතක උන කෙනෙක්..

"භරනා...හ්.."

ඉවසීම  නැතිවුන මම නහයෙන් ඇඩුවා..

"මේ එන්නෙ අහස්නට එයාගේ ජීවිතෙ නැතිවුන ලොකුම හේතුව සුදු මහත්තයා.. කොටින්ම ඒ කතාවේ ඉරණම ලිව්වෙ මේ මනුස්සයා.. මේ යකාගේ පෙරේතකම හින්දා තමයි මේ සේරම වුනේ.."

"භරනා..."

මං හිතන්නෙ මට මතක් වුනා.. ඔව් මගේ කතාව වෙනස්ම විදියකට ලියැවෙන්න මූලිකම හේතුව..

මේ එන්නේ  ....

---------------------- to be continued -----------------

හෙහ් සොරි..

කට්..

තැන්ක්  යූ 

කවුත ඒයි එන්නේ.

කවුරුත එන්නෙ නිවසට කවුරුත එන්නේ...


Comment