හතරවන කොටස

❤️❤️

"ඇලෙක්ස්... අනේ එපානේ..."

"උබව මෙහෙම ලග තියා ගන්න මං කොච්චර හීන දැක්කද බං... උබව මෙහෙම මූන ඉස්සරහා තියාගෙන මුකුත් නෑ වගේ ඉන්න අමාරුයි...මට ඕනි උබව අර ඇමති මන්දිරේ ඇතුලේ හිර කරා වගේ මගේ පපුව අස්සෙ හිර කරගෙන තියා ගන්න... මට ඕනි උබ මගේ යටට වෙලා කෙදිරිගානවා බලන්න... මට ඕනි උඹේ ලගට වෙලා ඉන්න. කොටින්ම මට ඕනි උඹත් එක්ක හැමදාම ඉන්න... අත් අල්ලගෙන දුර ගමනක් යන්න... "

"අනේ ඇලෙක්ස් ඕම කතා එපා නේ... ම්හ්... බඩ එලිය වගේ නේ ඇලෙක්ස්... අනේ"

"ඇත්තද, ම්ම්ම්, බඩ එලිය යන්න දෙන්නම් මම... ඒත් හැමදේටම කලින් මට තියෙනවා සුදු උඹට කතාවක් කියන්න... ඒක කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕනි... දැන් වොශ් දාලා ඉන්න... රෑට කන්න ඕඩර් කරමු... කතා කරන්න ඕනි නිසා බීච් එක පැත්තට ගිහින් ඉදලා එමු... ම්ම්ම්...හාද???  දැන් යන්න පැටියා මගෙ.. "

ඇලෙක්ස් මාව ඈත් කලේ ආයිමත් නලලට හාදුවක් තියලා... මං හිර කරගෙන ඉදපු හුස්ම පහත දැම්මෙ දැන්... එයා හරියට සිංහයෙක් වගේ... කෑ ගහන එක කොහොම උනත් මට මේ වගේ වෙලාවට එයාගේ කටහඩ අහගෙන ඉද්දි ඇග පුරා හිරිගඩු පිපෙනවා... ඒ තරම් ඒ හඩ ගැඹුරුයි... ඒ වගේම තමයි ඒ වචන... ගලපලා ගලපලා බොක්කටම වැදෙන්න, පපුව පිච්චෙන්නම කතා කරනවා...

ඇලෙක්ස් මට ඇදුමක් අරන් ඇදෙන් තියද්දි මං ඒ ඇදුමයි, ටවල් එහෙකුයි අරන් බාත්රූම් එකට රිංගුවා... මේ ගෙදර අංග සම්පූර්ණයි... පවුලක පස් දෙනෙක් වෙන්න ජීවත් වෙන්න තරම් ඉඩ ඇති... මුලු ගේම සුදු පාටට දිලිසෙනවා... හරියට මට ඕනි උනා වගේම... මට සතුටුයි... මට පැලෙන්න සතුටුයි... සතුට කියන දේ චූටි වලාකුළකින් හරි හොයා ගත්ත මම දැන් මගේ ඇස් මායිමේ ගොඩක් සතුටින්...

.

"සුදු... වතුරේ... ඉදියා ඇති ඔය... "

"එනවෝ... "

කොච්චර වෙලාවක්ද මන්දා සබන් පෙන එක්ක සෙල්ලම් කර කර ඉදපු මම ඇලෙක්ස්ගේ කෑ ගැහිල්ලට ඉක්මනට සබන් හෝදගෙන එලියට ආවා...

"ආහ්... "

"ම්... සුවදයි... රෝස මලක් වගේ... "

"ඇලෙ, "

බාත්රූම් එකෙන් එලියට ආවත් හරි මාව එක පාරටම ගුවන්ගත උනා... ඇලෙක්ස් මාව එක අතකට උස්සගෙන බෙල්ල මුලට නහය තද කරගෙන සුවද බලනවා... මෙයා මේ කරන වැඩවලින් කොයි වෙලේ හරි මගේ නහරයක් ගහලා යනවා... ලැජ්ජා උනත්... හිත ගැස්සුනත් කරන්න දෙයක් නෑ... එයාගේ වැඩවලට එපා කියන්න මට බෑනේ... ඒ කොහොම උනත් අද එයාගේ පෙනුම එක්ක බලද්දි මට තේරුනේ එක දෙයයි... එයා අද ඕනිවට වඩා කතා කරනවා වගේ... හරියට කලබල උනාම වගේ...

"යමු දැන්... "

"හ්ම්... "

වතුර උගුරක් වත් නොබී අපි දෙන්නා ගෙදරින් එලියට බැස්සා... මුහුදු හුලගේ සැරට මගෙ කොන්ඩේ අවුල් වෙද්දි, ඇලෙක්ස්ගේ කුරු කොන්ඩෙට ගානක්වත් නැති තරම්... ගෙදර ඉදන් වැල්ල පැත්තට තියෙන පඩිපෙලෙන් අවසාන පඩියෙන් බිමට අඩිය තියෙනකොට අඩියක් යටට එරෙන සුදු වැල්ල... මං ආසම විදිහ...

"එන්න... අර ගහ යටට යමු... "

පොල් ගහක් එක්ක වට උන ගස් රොත්තක් අතින් පෙන්නද්දි මමත් ඔලුව වැනුවේ හා කියන්න... ඇලෙක්ස්ට ඕනි කියන්න තියෙන කතාව ඉක්මනට කියන්නද කොහෙද, නැත්තං ඉතින් රල පා ගන්නෙ නැතුව බීච් එකට ඇවිත් හෙවනකට යයි යෑ...

"ආකූ...
මෙතනින් ඉදගෙන මට හේත්තු වෙන්න... "

"ම්... "

එයා ඉද ගත්තේ හාන්සි පුටුවක් වගේ... එයා කියන පමාවට මමත් ඉක්මනට එයාගේ ඇගට හේත්තු උනා... දැන් අහන්න එපා ලැජ්ජාවක් නෑ වගේ අද හම්බුන මනුස්සෙක්ට තුරුල් වෙන්නේ කොහොමද කියලා... මට එහෙම ලොකුවට අවුලක් හිතුනේ නෑ... එයා මං ගැන ගොඩක් දන්නවා මට දැනෙන විදිහට... ඇරත් ඇලෙක්ස් ලග හරි comfortable ගතියක් දැනෙනවා...

"දන්නවද සුදු, "

-----------------------------------------------------------------

ඇලෙක්ස්ගේ මානයෙන්...

මං ලගට හේත්තු වෙන්න කිව්වත් හරි ආකූ ඇවිත් ඒකාගේ ඇගේම බර මට දීලා හොදට පස්සත් දෙපාරක් වන වනම හේත්තු උනා... මම ලෝබයි මේ කොල්ලට... දැකපු පලවෙනි දවසේ මං හිතුවේ නෑ මේ කොල්ලට මම මෙච්චර බැදෙයි කියලා... අන්තිමේදි කොල්ලා මං ලග... මගේ ලගටම වෙලා... ඒත් තවම කරන්න, කියන්න ගොඩක් දේවල් තියෙනවා...

"දන්නවද සුදු, "

"මීට අවුරුදු හතරකට කලින්... ඒ කියන්නෙ දෙදහස් විස්සෙ... අප්‍රේල් මාසේ මුලම සතියේ... මං ඉදියේ ඇමරිකාවේ කැම්පස් එකක් ඇතුලේ... මං ලෙක්චර් කෙනෙක්... සුදුට කියන්න මම මහන්සි උනා... අඩු වයසකින් ඒ වගේ තැනකට එන්න මම මාරම විදිහට ගොඩක් මහන්සි උනා... මම වැඩ කලේ හරියට රොබෝ කෙනෙක් වගේ...
වැඩ
වැඩ
වැඩ

අන්තිමේදි මට මහන්සියක් දැනුනා කවදාවත් නැතුව... මට දැනුන වෙනස නිසාම මට හිතුනා මාම් එක්ක කතා කරන්න... මං කොච්චර බිසී වෙලාද කියනවනම් මාස නමයකින් මං මාම්ට කතා කරලා තිබුනේ නෑ... කෝල් ගත්තට ෆෝන් ආන්සර් නොකරපු නිසාම මම මගේ මාම්, ඩෑඩ් හොයාගෙන ගෙදර ගියා... ඒ ගිහින් බලනකොට ඒ දෙන්නා ගෙදර ඉදියේ නෑ වැකේශන් ගිහින්...

ඒ දෙන්නා එහෙමයි... හරි ලව්ලි කපල් එකක්... Africa ඉදලා ඇමරිකා ආවත් හරි ඒ දෙන්නා හරිම සැහැල්ලුවෙන් බිස්නස් බලාගෙන ජීවත් උනේ...

ඒකට මම
මම අදටත් දන්නෙ නෑ මම ඇයි මම ඉගෙන ගෙන මහන්සි උනේ කියලා... සල්ලි උතුරන්න තිබුනත් මම ඇයි ජීවත් වෙන්න මහන්සි උනේ කියලා මටම තේරුම් ගන්න බැරි උනා...
මට නිවාඩුවක් ඕන උන නිසාම මම ලෙක්චර් ජොබ් එකෙන් අයින් වෙලා අම්මයි තාත්තා යි වැකෙශන් ඇවිත් තියෙන රටට එන්න පිටත් උනා... "

"ඊට පස්සේ මොකෝ උනේ "

"හිටපිය පොඩ්ඩක් තදියම, "

මං කොල්ලට සැර කරලා ලිස්ස ලිස්ස ඈතට ගිහින් තියෙන නිසා ඇදලා අරගෙන හරියට ඉන්ද කරා... මේකාට ගානක් නෑ ඒකා ඉරටු කෑල්ලක් අරගෙන වැලි හාරනවා... අත වැලිවලට යට කරගෙන ඇගිලි හොල්ලනවා... වැලි ගොඩ ගහනවා... එක විකාරයයි...

"තාත්තලා ඇවිත් තිබුනේ මෙහේ... "

"මෙහේ"

ම්ම්ම්... එයාලා ලංකාවට ඇවිත් තිබුනේ... මමත් පලවෙනි වතාවට හිත නිදහස් කර ගන්න කියලා ලංකාවට පය ගැහුවේ මැයි මාසෙ පලවෙනි සතියේ... ආකූ හිතන්නේ දැන් මට වයස කීයක් ඇතී කියලද???"

කොල්ලා වැලි හාරන එක පැත්තකින් තියලා මගේ මූන දිහා බැලුවා... දකුනු ඇහැ වහලත් බැලුවා... වම් ඇහැ වහලත් බැලුවා... ඊට පස්සේ ඇගිලි තුඩුවලින් කම්මුල්වලට ඇනලා,

"තිහක් වගේ නේ.... නාකි පප්පෙක්නේ අයියෝ... "

ඔන්න කියපු කතාව.. මට හිනා යන්නත් වගේ... කට උල් කරගෙන නාකි පප්පෙක්නේ කිව්ව විදිහ... මං මේ කෝලම දැක්කෙ එක පාරයි... ඒ වෙලාවේ සීරියස් නොවෙන්න දැන් මං මේකාට වහ නොවැටි ඉදිද ඉතින්...

"අනේ මේ... මං නාකි නෑ බං... තාම තිස් අටක් විතරයි... "

"මො..........කාක්
එච්චර වයසයිද??
නාකි තමයි ඔය...
හපොයි "

"මං උඹට දැන් දෙකක් දෙනවා සුදු... මං උඹේ මහත්තයා බොල "

"ක්හ්ම්... ඒකත් ඇත්ත හැබැයි...
සොරි ඉතින්... "

ලස්සනට අපහස කරලා ඇස් පොඩි කරගෙන සොරි කියනවා... මහා මෝඩයෙක් මේකා... මං ඒකාව තව ටිකක් ඇදලා ලගට ගත්තා... ඒ සිනිදු කොන්ඩේ මුහුදු හුලගට ඇවිස්සෙන කොට මුළු කොන්ඩෙම ඇවිත් මගේ මූනේ... ලාවට වවලා තියෙන කොන්ඩෙ නිසාම මේකාව තව ලස්සනට පේනවා..

"ඉතින් කොහොම හරි මං ලංකාවට එනකොට රෑ දොළහයි ගානක්... තාත්තා තමයි එයා පෝර්ට් එකට කැබ් එක අරං ආවේ... තාත්තා අතට ආයිමත් කැබ් එක දෙන්නෙ නැතුව කැබ් එක අරගෙන ආවේ
මම"

"මට වාහනේ අරගෙන යන පැත්ත පුරුදු නැති උනත් මං කමක් නෑ කියලා හිතාගෙන මං වාහනේ අරගෙන තාත්තා කියන පාරවල් දිගේ කිලෝ මීටර් පහක් විතර ආවා...
එකම එක හන්දියකදී...
හරවපු එකම එක පාරකදී...
හරවපු ගමන් වාහනේ ඉස්සරහට ආපු මොකක් හරි ලොකු දෙයක් වැදුනා... "

"ඒ කියන්නෙ දුවගෙන ආපු මනුස්සෙක් කැබ් එකට හැප්පුනා... "

"අනේ දෙයියනේ..."

"මාව එතනම ෆ්‍රීස් වෙලා ගියා සුදු... මං බයයි ලොකු ලොකු අනතුරුවලට... මං කැබ් එකෙන් බැහැලා එනකොට හැප්පුන කෙනා වැනි වැනීම නැගිට්ටා... "

"දන්නවද??? "

"ඒ හැප්පුන කොල්ලා හරියට මිහිපිට සුර දූතයෙක් වගේ... සුදුමැලි හමක් එක්ක සුදු පාට පිජාමා එකක් ඇඳගෙන, කොල්ලා ලස්සනම ලස්සනයි... චූටිම චූටි... කම්මුල් රතු පාටට දිලිසෙනවා...කලුවර පාරේ වාහනේ හෙඩ් ලයිට් එකට ඒ පොඩි එකාව පෙනුනේ පුදුම තරම් ලස්සනට... "

"රතු උනු ඇගිලි වලින් පිජාමා එක මිරිකගෙන කලබලෙන් වටපිට බලන ඒකාව මට පෙනුනේ හා පැටියෙක් වගේ...මොනාද මන්දා මුමුණන ගමන් ඒකා වටපිට බලලා දුවන්න ලෑස්ති උන නිසා මං ඒකාව අල්ල ගත්තා...මට පොඩි එකා කියපු කිසිම දෙයක් තේරුනේ නැති නිසා මං තාත්තා දිහා බැලුවෙ මොකද කරන්නේ කියලා අහන්න වගේ... "

"එවෙලේම එතනට ආවේ උස මහත කොල්ලො වගයක්...පස් දෙනෙක් වගේ....මාත් එක්ක බලද්දි උන් පොඩි උන් වගේ උනාට ඒ පොඩි එකා එක්ක බලද්දි ගොඩක් ලොකුයි ඒ මිනිස්සු... "

"එතන ලීඩර් වගේ ඉදපු මනුස්සයා කිව්වෙ ඒ පොඩි එකා එයාලගේ බොස්ගේ බේබි කියලා... ගෙදරින් පැනලා යන්න ට්‍රයි කරපු නිසා අල්ල ගන්න පස්සෙන් පැන්නුවා කියලා..."

"අප්පට සිරි... ඉතින් ඉතින්"

"මමත් කේන්තියෙන් ඉදියේ සුදු... ගමන් මහන්සිය නිසාම මේ ඇක්සිඩන්ට් එකේ කේන්තියත් නිසා මම කොල්ලව අල්ලලා ඒ ආපු උන්ට බාර දුන්නා... ඒ පොඩි එකා ඉදියෙ හොදටම බය වෙලා... එයාගේ අතක් අල්ලගෙන ඉදපු මට ඒ ඇග ගැහෙන විදිහට කියන්න පුළුවන් කොල්ලා ඉදියේ පුදුම විදිහක බයකින් කියලා... "

"ඒත් මං ඒ ගැන හිතන්න ගියේ නෑ...
වැඩක් නෑ නේ... ඒ කොල්ලා අහිංසකයා උනාට මට කරන්න දෙයක් තිබ්බෙ නෑ... මම මෙහේ මිනිස්සු ගැන දන්නෙත් නැති නිසා ප්‍රශ්න දා ගන්න හිතුවේ නෑ... "

"ඒකැත්ත... ඒකැත්ත මෙහෙ ඉන්නෙ හරි අමුතු මිනිස්සු"

"ඒත් දන්නවද සුදු,
අහම්බෙන් දැකපු ඒ රූපේ මට අමතක කරන්න හරි අමාරු උනා... ඒක මන් දන්නෙ නෑ ඇයි එහෙම හිතට දැනුනේ කියලා... කදුලු පිරිලා බෝල උන ඇස් නිසා මාව තනිකර පිස්සෙක් උනා... "

"ඒ පොඩි එකාව භාර දීලා ගියත් හිතට හරි මදි උන නිසාම මං කැබ් එක හරව ගෙන එද්දි ගෙයක් ලග නතර කරලා තිබුන ඩිෆෙන්ඩරයක් නතර කරලා තිබ්බා... ඒක වටේට හිටගෙන ඉදියේ පොඩි එකාව අරගෙන යන්න ආපු  එකාගේ අනිත් කට්ටිය...
මං වාහනේ නතර කරලා බැහැලා එද්දි ඇහුනේ
මගේ පොඩි එකාගේ සද්දෙ... "

"ඇලෙක්ස්... එපා ඕක නතර කරන්න..
ප්ලීස්"

මගේ කොල්ලා ඉකි ගහනවා... ඒකා හරි සියුමැලි මලක් කියන්නෙ මං බොරුවටද??

"අහන් ඉදපන් මයේ අම්මා... මට උඹට මේක කියන්න ඕනි... මගේ හිත මාවම මරනවා අවුරුදු හතරක ඉදන්... මං මෙහෙම පව්කාරයෙක් කියලා මට කියන්න දීපන්... "

"ඒ... ඒ...
ඒ ඔයාද ඇලෙක්ස්...
ඒ ඔයාද...
කියපන් මාව විනාස කරන්න දාලා නොදැක්කා වගේ ගියේ උබ ද ඇලෙක්ස්... "

ආකූ මගේ පැත්ත හැරිලා මගේ උරහිස් අල්ල ගත්තෙ ගැහෙන අත්වලින්... ඒකාට මතක් වෙලා... එයා වගේම මමත් ඒ මූසල කාලකන්නි දවසට වෛර කරනවා... අපේ පලවෙනි මුන ගැසීම සිද්ද උනේ වැරදිම විදිහකට.... මාව ලංකාවේ නතර කර ගන්න හේතු උන මුල්ම කාරනාව මේ මගේ ඉස්සරහා ඉන්නෙ.... අවුරුදු හතරක් ඒක පාර්ශවීය විදිහට මම මාවම කැප කරපු මගේ ආදරේ...

"මං ආපහු ආවා රත්තරනේ... උබ ලගට මම එවෙලේ ආවා... විශ්වාස කරන්න මැනිකේ.. මං උඹව හොයාගෙන ආවා... "

"දැ-න් ඇ-ති ඇලෙ-ක්ස්... මං එවෙ-ලේ... දිව්-වා න-ම්... මං තමු-සෙට අහු නො-වී දිව්-වා නම්... මං අ-ද මේ විදිහ-ට කා-ලකන්නි මිනිහෙ-ක් වෙන්-නෙ නෑ... ම-ගේ, මගේ... එවෙ-ලේ... මට බ-යටම කලන්-තේ දැම්-මා ඇ-ලේ... ඌ මා-ව අපිරි-සිදු කලා... ම-ගේ මගේ ආත්මෙ-ම කිලි-ටි වෙලා තියෙ-න්නේ ඇලෙ-ක්ස්... මම ඇ-දෙන් නැගිටිද්දි... මම.. මම අපිරි-සිදු මිනි-හෙක් දෙයියනේ... මං, මං මේ හදා ගත්ත ඔලුව, මට නැති කරන්න එපා ඇලෙක්ස් වදි-න්නම්... ම්.මට තනි-යම ඉන්න දෙන්-න... මට, මට අ-ම්මා ලග-ට ඕනි දෙයි-යනේ... "

අත ගුටි කරගෙන මගෙ පපුවට ගහගෙන ගහගෙන ගිය ආකූ මගෙන් අයින් වෙලා වැල්ලේ පිටි පස්සෙන්, පිටි පස්සට ගියේ එයාගේ අම්මා ලගට යන්න ඕනි කියලා කෑ ගහන ගමන්... මට බය හිතුනා... ආකූ ආයිමත් මගෙන් ඈතට යයි කියලා... මං පුලුවන් ඉක්මනට ආකූව ඇදලා අරගෙන පපුවට තුරුළු කර ගත්තා...

"ම්.මට ය-න්න දෙන්-න ඇලෙ-ක්ස්... මට "

"ශ්ශ්ශ්... මං උඹව තනි කරේ නෑ මැනිකේ... මං එනකොට උඹට සිහිය නෑ... උඹ පිරිසිදුයි රත්තරනේ... ඌට මුකුත් කර ගන්න හම්බුනේ නෑ... මං ඌව එතනම මරලා දැම්මා වස්තුව...
උඹට කියන්න, මේ... මගේ ලග... මගේ ලග උඹගේ රිපෝට් පවා තියෙනවා දරුවෝ... උඹ හොස්පිට්ල් එකෙන් අතුරුදහන් උනත් හරි ඒ හැමදේම මම පරිස්සම් කරා... උඹව හම්බෙලා කතා කරන්න ඕනි කමට මාස ගනන් උඹේ මන්දිරේ ඉස්සරහා තනි රැක්කා...
ඒත් උඹව මං එකම එක පාරකට දැක්කෙ නෑ වස්තුව... මේ අවුරුදු හතරටම... "

"මම, මාව ගෙද-ර හිර ක-රා ඇ-ලේ... තාත්-තා කිව්වෙ මම කාලක-න්නියෙක් කියලා, තාත්තා කි-ව්වා මම කො-ල්ලෙක් නෙවෙයි මිනි-හෙක් කියලා... අනේ මම ඇඩුවා ඇලේ... මම ඔයාට සාප කරා ඇලෙක්ස්... මාව විනා-ස උනේ ඔ-යා කියලා මම සෑ-හෙන ඔයාට වෛ-ර කරා ඇලෙක්ස්... ඔයා-ව වැඩි මතක-යක් නැති උනත් මම ඔයා-ට,

"ඇති ආකූ... මම දන්නවා... උඹව එදා මම එක්කරගෙන හොස්පිට්ල් ගියාට ආයිමත් උදේ එද්දි උඹ රූම් එකේ නැති උන නිසා මම පිස්සෙක් වගේ උඹව හෙව්වා... පස්සෙ තමයි දන්නෙ හදිස්සියේම මගේ ඉස්සරහා පිපුන රෑ කඩුපුල් මල අයිති ඇමති මන්දිරේකට කියලා... ඒත් මම අතෑරියේ නෑ වස්තුව... උඹව හම්බෙන්න මං ගොඩක් උත්සහා ගත්තා... ඒත් නෑ උඹව ඒ ගේ අස්සෙ හිර කරලා තියෙන්නේ කියලා මම දැන ගත්තාම මං ලංකාවට වෙලා අද අපේම වෙන්න ඕනි දවසට පාර හදා ගත්තා... තව ගොඩක් දේවල් මං දන්නවා බබා... උඹ නොදන්න ගොඩක් දේවල්... ඓ
උඹට බොරු කියලා උඹව පිස්සෙක් කරපු අර ඇමතියාට ලගදිම punishment ලැබෙයි... මං හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ... මං උඹව මගෙ ලගට ගන්නකන් ඉවසුවේ..ඒත් දැං එහෙම නෑ... ඉස්සරහට හැමදේම වෙනස් වෙයි...හැමදෙයක්ම කියන්නෙ හැම දෙයක්ම..."



''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


Alwisweerakkody අනේ අම්මපා මේ කෙල්ල...
👉👈❤️ යෝ පරක්කු උනේ වැඩ වැඩි මේ දවස්වල... මේ දිවිල්ල එපා වෙනවා එක වේලාවකට...

මේ දවස් ටිකේම ලොකු වැඩ තිබුනේ ලමයිනේ... මේකත් ලොකු නෑනේ ඉතින්... ඔන්න දුන්නා...

ආයම එන්නම්... තව කතා ටිකක් තියෙනවා කියන්න මට 👉👈❤️

Comment