Chapter 28

ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාගෙම තුවාල වලට බෙහෙත් දැම්මාට පස්සේ බොන්න දීපු කසාය නිසා දෙන්නාටම හොදටම නින්ද ගිහිල්ලයි තිබ්බේ...කොහොම හරි ටේහ්‍යුන්ගේ නැන්දාගේ පුතා ටේහ්‍යුන් ආවා කියන ආරංචියට ඇවිල්ලා ටේහ්‍යුන්ව ඇහැරවනකම්ම ටේහ්‍යුන් ජන්ග්කුකවත් තුරුල් කරන් සැප නින්දකයි හිටියේ..

" මොකද යකෝ මේ මහ දවල් කොල්ලෙක්වත් බදාගෙන නිදි ?? "

තාමත් නිදිමතේ ශර්ට් එකේ පැත්තකුත් එල්ලන් කටත් ඇරන් බලන් ඉන්න ටේහ්‍යුන්ගෙන් නැන්දාගේ පුතා අහනකොට ටේහ්‍යුන් ඒ කවුද කියලා ප්‍රොසෙස් කරගන්න එයා දිහා බලාගෙනම හිටියා..ටේහ්‍යුන් ඇත්තටම මෙහෙට ආවේ හුග කාලෙකින්..අවුරුද්දට ඉදලා හිටලා ඇවිල්ලා ගියත් ටේහ්‍යුන්ගේ නැන්දාගේ පුතා කායි ටේහ්‍යුන් පොඩි කාලෙම මැරි කරලා වෙන පලාතකට ගිය නිසා එයාලට කායිව දකින්න ලැබුනෙම නෑ..ඉතින් නිදිමරගාතේ ඉන්න ටේහ්‍යුන්ට තමන්ගේ මූනට එබිලා බලන් ඉන්න කෙනාව තාම මොලේට ප්‍රොසෙස් උනේ නෑ..

" මොකද බන් හොල්මනක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නේ ?? මන් කායි බන් !! "

අහලා පුරුදු නමක් නිසා ටේහ්‍යුන් මූනත් හකුලන් ඒ කවුද කියලා කල්පනා කරා..ටිකකින් ටේහ්‍යුන්ට ඒ කවුද කියලා මීටර් උනා..ඔන්න එතකොට තමයි ටේහ්‍යුන්ගේ නිදිමත ගියේ...

" හිච්චි අයියා !! උබව දැක්ක කල් !! "

" හා හා...පොඩි කාලේ හිච්චි හිච්චි ගෑවට දැන් මන් හිච්චි නෑ යකෝ..මට ලමයිනුත් ඉන්නවා..."

" ඉතින් ?? ලමයි නෙමෙයි මුනුපුරෝ හිටියත් මන් කියන්නේ හිච්චි අයියා තමයි...කරන්න දෙයක් නෑ පුරුද්ද ලොකුයිනේ "

ටේහ්‍යුන් ඇගේ මැලි කඩන ගමන් කියනකොට කායි ඇස් රෝල් කරා..

" උබ කොල්ලෙක් බේරගන්න ගල් ගොඩේ බඩගෑවා කියලා ආරංචියක් ආවා...සුපිරියට ලෙලි ගිහින් වගෙ !! "

කායි ටේහ්‍යුන්ගේ අත එහෙට මෙහෙට අඹරන ගමන් අහනකොට ටේහ්‍යුන්ගේ කටින් පුංචි කෙදිරිල්ලක් පිට උනා..

" ස්ස්ස්ස්...අතාරිනවා..රිදෙනවා !! "

" අපෝ...පොඩි එකෙක් වගේනේ.....එනවකෝ ගමනක්‍ යන්න !! "

ටේහ්‍යුන්ගේ අතින් අදින ගමන් කායි අහනකොට ටේහ්‍යුන් කොහෙද ඇහුවත් කායි හරියට උත්තරයක් නොදී ටේහ්‍යුන්ව බලෙන්ම ඇදන් කාමරෙන් එලියට ආවා..

" කොහෙද යන්නේ කියහන්කෝ...මගේ යාලුවොත් ඉන්නවා !! "

" ඔය කැකුම හොද කරන්න බඩ්ඩක් දෙන්න එක්කන් යන්නේ...යාලුවෝ ටිකවත් එක්කන් එනවකෝ ගමනක් යන්න...හැබැයි අපේ නෝනට ඇහෙන්න මුකුත් නොකියා සද්ද නැතුව එනවා හොදෙ !! "

කායි කියනකොට කායිට රැව්ව ටේහ්‍යුන් හිමීට ගිහින් කට්‍ටියව එක්කගෙන ආවා..ජිමින්ට තාම 18ක් නෑ කියලා එයාව හලලා පොඩි තුනවයි ජෙනීවයි බලාගන්න කියලා කායි අනිත් සෙට් එකව ගම පෙන්නන්න කියලා එක්කන් ගියා..

කොහොම හරි ජන්ග්කුක් නැගිටිනකොට හවස් වෙලා වගේම එයාගේ එහාපැත්තේ නිදන් හිටපු ටේහ්‍යුන් නැති නිසා නොන්ඩි ගගාම ජන්ග්කුක් ඉස්සරහට ආවා..

" අහ් පුතා නැගිට්ටද ?? දැන් කොහොමද ??"

නොන්ඩි ගගා එන ජන්ග්කුක්ව දැකලා ටේහ්‍යුන්ගේ නැන්දා අහනකොට ජන්ග්කුක් හිනා වෙලා හොදයි කියලා ඔලුව වැනුවා..ජන්ග්කුක් කොහොමත් දන්න අය එක්ක හැරෙන්න නොදන්න අය එක්ක වැඩිය කතා නොකරන නිසා නැන්දා එක්ක හිනා උන ජන්ග්කුක් ගේ පුරාම නොන්ඩි ගගා ගියේ එයත් එක්ක ආපු සෙට් එක හොයාගන්නයි.

" ජිමිනි...!! "

හැමෝමව හොයලා අන්තිමට කොහෙන්දෝ ආව කෙල්ලෙක් එක්ක කිචි කිචිය දාගෙන ඉන්න ජිමින්ව දැකලා ජන්ග්කුක් කකුල ඇද ඇද ලගට ගියා.

" ඔහ්...කුකී ඔයා නැගිට්ටද ?? දැන් කොහොමද ??"

" ම්ම්ම්...හොදයි..."

හිනා වෙලා එතන තිබ්බ බංකුවෙන් වාඩි වෙනකොට ජිමින් ලග හිටිය කෙල්ල ජන්ග්කුක් දිහා ඇසුත් ලොකු කරන් බලලා ජිමින්ගේ කනට කරලා මොනවදෝ අහනවා ජන්ග්කුක් රවාගෙන බලන් හිටියා..අන්තිමට ජිමින් ඔව් කියලත් ඔලුව වනනකොට කෙල්ල ජන්ග්කුක් එක්ක හිනා උනත් ජන්ග්කුක් කෙල්ලට රැව්වා..ඇයි යකෝ එයා ඉන්නකොට මොන මගුලකටද හොරෙන් කුටු කුටු ගාන්නේ..

" මොකද යකෝ රවන්නේ ?? "

ජිමින් ජන්ග්කුක්ගේ කනට කරලා ඇහුවාම ජන්ග්කුක් හිමින්ටත් රැව්වා..

" මොනවද උබලා මන් දිහා බලන් කුටු කුටු ගෑවේ ??"

" ආහ් ඒකද ගොනෝ මේහ් ?? මේ ඉන්නේ යශීරා ඔයාට බෙහෙත් කරපු වෙදමහත්තයගේ පොඩි දුව...එයා ඇහුවේ ඔයා නේද සුලියට වැටිලා බේරුන කොල්ලා කියලා..."

" ඉතින් ඕක පුදුම වෙන්න දෙයක්යැ !! "

ජන්ග්කුක් කියනකොට ජිමින් වෙනුවට කතා කරේ ඒ කෙල්ලයි..

" පුදුමයි තමයි ඉතින්...ඔයා මේ ගමේම හෙන ප්‍රසිද්ධයි දැන්..ඔයා තමයි පලවෙනි පිටගම්කාරයා ඕකට වැටිලා බේරුන...!! ගමේ අය නම් කියන්නේ ලොකු ඉස්කෝලේ මහත්තයගේ මුනුපුරාලා දෙන්නා දෙවිවරු කියලා...මගේ අක්කා එතන හිටියනේ..එයා තමයි වෙච්ච දේ කිව්වේ...ඔයා වෙනුවෙන් මේ දෙන්නාම බය නැතුව වතුරට පැන්නලු..අර සුලිය අස්සේ පීනපු එකම මැදැයි...ගමේ කටකතා වල කියන විදියට එතන අවුරුද්දට සැරයක් බිලි ගන්නවලු...මගේ අප්පච්චි කිව්වා ඔයාගෙයි ටේහ්‍යුන් අයියගෙයි උප්පත්‍ති වෙලාව අසාමාන්‍යයි කියලා...බලගතුයි වගේම ඒක සාමාන්‍ය නැකතක් නෙමෙයිලු...අප්පච්චි හැමවෙලේම කියනවා ඔය දෙන්නාගේ උපන් වෙලාව එකට බැදිලා තියෙන නිසායි ඔයාව බේරගන්න පුලුවන් උනේ කියලා..!!! "

යශීරා කියනකොට ජන්ග්කුක් ඇස් බෝල කරන් එයා කියන දේවල් අහගෙන හිටියා.ජන්ග්කුක්ට ඒ කියන ඒවා ඇහුවාම බයත් හිතුනා..එයා මැරෙන්න ගිහිනුයි බේරුනේ..

" එක අතකට වෙදමහත්තයා කියපු එක ඇත්ත වෙන්නත් පුලුවන් කූ...ඒ හරිය වතුර බොර නිසා වතුර යටදි ඇත්තටම මට ඔයාව තියා ලොකූවවත් පෙනුනේ නෑ...මට හිතාගන්න බෑ ලොකු ඔයාව කොහොම හොයාගත්තද කියලා..එයා ඔයාව උඩට උස්සනකොට කවුරු හරි මගේ ශර්ට් එකෙනුත් මාව උඩට ඉස්සුවා..ඔය දෙන්නාම උඩට ආවා කියලා දැනුනේ ඒ නිසායි..ඇත්තටම එවෙලේ වතුරේ සැර එක්ක මට උඩට ඒ ගන්න බැරුවයි හිටියේ...මන් ලොකුගෙන් ඇහුවා උබයි මායි දෙන්නාවම කොහොමද ඒක අස්සේ හොයගත්තේ කියලා !! උබ දන්නවාද ලොකූ කියපු එක ?? එයාට උබව හොයාගන්න බැරි උනාම පොඩි කාලේ ඇක්සිඩන්ට් එක ආයි මතක් උනා කිව්වා..එදා ඔයාවයි ටේයොන්වයි නැති උනා වගේම අදත් නැති වෙයි කියලා එයාට බය හිතුනාලු...ඒත් එයා දන්නෙ නෑ කිව්වා ඒ අස්සේ අපි දෙන්නව එයාට හම්බුනේ කොහොමද කියලා...එයාට අතට අහු උන ගමන් දෙන්නවම උඩට ඉස්සුවලු..උඩට ආවම රදීශා උබ හුස්ම ගන්නේ නෑ කිව්වාම එයා පිස්සෙක් වගේ හැසිරුනේ..උබට කෘතිම ශ්වසනය පවා දුන්නා  !! "

ජිමින් විස්තර කරන් යනකොට අන්තිමට කිව්ව එක එක්ක ජන්ග්කුක් එකපාරටම ජිමින් දිහා බැලුවා..

" මොකක්ද උබ කිව්වෙ ?? එයා මට කෘතිම ශ්වසනය දුන්නාද ?? "

ජන්ග්කුක් ඇස් බෝල කරන් අහනකොට ජිමින් ඔව් කියලා ඔලුව වැනුවා..

" කීපාරක් දුන්නාද ?? "

" ඒක මන් දන්නේ නෑ යකෝ..!! උබට සිහිය එනකම් ලොකූ ඒක කරා ඉතින්..උබට මතක නැද්ද ?? "

තොල් දෙකත් අත් දෙකෙන් වහන් ඇස් බෝල කරන් ජන්ග්කුක් නෑ කියලා ඔලුව වනනකොට ජිමින් ඇස් රෝල් කරා..

" අනේහ් ජිමිනි මගේ ෆර්ස්ට් කිස් එක !! "

මූනත් බෙරි කරන් ජන්ග්කුක් ජිමින්ව බදාගන්නකොට ලග හිටපු කෙල්ල නම් බය වෙලා ජන්ග්කුක් දිහා බලන් හිටියා..මෙහෙමයි ජන්ග්කුක් කියන්නේ ෆස්ට් කිස් එක ගැන සුපිරියට හීන මවපු කොල්ලොක්...ඉතින් ඒක එයාට ස්පෙශල් විදියට ඕනෙ කියලා ජිමින් දැනන් හිටියා..එයා ඒ වෙනකම් එයාගේ තොල් කොච්චර පරිස්සම් කරාද ?? ජන්ග්කුක් මූන බෙරි කරගෙන එයාව බදාගත්‍තාම ජන්ග්කුක්ගේ තොල් කොල්ලෙක්ගේ අතින් කිලුටු උන එකට දුකින් ඉන්නවා කියලා හිතලා ජිමින් ජන්ග්කුක්ගේ හිත හදන්න පිටට තට්ටු කරත් ජන්ග්කුක් හිටියේ එවෙලේ එයාට සිහිය නැතුව තිබ්බ එක ගැන තරහින් වගේම දුකින්..

" දැන් ඕක ගැන හිතන්න එපා කුකී !! ඒක කොහොමත් කිස් එකක් නෙමෙයිනේ...ඒක මේ මේ..ඔයාගේ ජීවිතේ බේරගන්න මේ මේ තොල් දෙක එකට තිබ්බ එක විතරයි උනේ !! ඒක කිස් එකක් නෙමෙයි...කිස් එකක් ඊට වඩා වෙනස්නේ..."

" අනෙහ් හිටහන්...උබටත් කිස් එකක් ලැබිලා නෑනේ...මට කියහන් කෝ ලොකූ ?"

" අහ් සුඩු බෝලේ ඔයාගේ ලොකූ පිටිපස්සේ !! "

ජන්ග්කුක් ජිමින්ගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ හුරුපුරුදු කටහඩකින් පිටිපස්සෙන් ඇහුනාම ජන්ග්කුක් එහෙම්ම පිටිපස්ස හැරිලා බැලුවාමයි දැක්කේ මඩ නාගෙන පොල්ලකුත් අල්ලන් ඒක බදන් වැනි වැනි හිනා වෙවී ඉන්න ටේහ්‍යුන්ව..

" ල්..ලොකු ?? "

ජන්ග්කුක් ජිමින් දෙන්නාම බය වෙලා ටේහ්‍යුන් දිහා බලනකොට ටේහ්‍යුන් ඒත් පිස්සෙක් වගේ හිනා වෙවි අත වනනවා දැක්කාම ජන්ග්කුක් ජිමින් දෙන්නා මූනට මුන බලන් ටේහ්‍යුන්ගේ ලගට ගියා..

" ලොකූ මොකද උනේ ?? "

ජන්ග්කුක් ලගට ගිහින් ටේහ්‍යුන්ව අල්ලන් අහනකොට ටේහ්‍යුන් හිනා වෙවී වැනි වැනි ඇවිල්ලා මඩ පිටින්ම ජන්ග්කුක්ගේ උරහිස් දෙකේන් අත් දෙක තියලා මූනට එබුනා.

" ලොකූට මොනවා වෙන්නද මගේ සුඩු හා පැටියෝ..මේ ලොකූ තාම කෙලින් !! ඉක් !! "

තමන් කෙලින් ඉන්නේ කියලා පෙන්නන්න ගිහින් ටේහ්‍යුන් වැටෙන්න ගියාම ජන්ග්කුක් ජිමින් දෙන්නා එයාව ඉක්මනට අල්ලගත්තා..

" ඒයි ලොකූ තමුසේ මොනා හරි බිව්වාද ??"

ටේහ්‍යුන් ලගින් එන ගදට නහය හකුලන ජන්ග්කුක්ගේ මූන දිහා බලලා ජිමින් රවලා අහනකොට ටේහ්‍යුන් දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා ජිමින්ව තල්ලු කරලා ජන්ග්කුක්ව බදාගත්‍තා..

" ඉක් !! ඔව් මන් බිව්වා..ඉක් !! ඇයි දැන් තමුශෙට මුකද ?? පොඩි එවුන් පොඩි එවුන් විදියට ඉන්ඩ ඕන...නැද්ද මගේ හා පැටියෝ ?? "

ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන් ජිමින්ට ඇගිල්ල දික් කර කර කියනකොට ජන්ග්කුක් ඇස් බෝල කරන් ටේහ්‍යුන් දිහා බලන් ඔව් කියලා ඔලුව වැනුවා..

" කෝ අනිත් අය ?? "

ජිමින් අහනකොට ජන්ග්කුක්ට බර වෙලා ඔලුව කසන ගමන් ටේහ්‍යුන් අනිත් අය කෝ කියලා මතක් කරා..

" මන් හිතන්නේ ඉක් !! එයාලා තාම එතන ඇති !! හිච්චි අයියා මට කැකුම හොද වෙන්න කියලා ඉක් !! සුදු පාට මොනවදෝ දුන්නා...අරුන් ටිකත් ඒවා බීවා...ඊට පශ්ශේ...ඊට පශ්ශේ...ම්ම්...ඊට පශ්ශේ මොකද උනේ ? මට මතක න්.නෑ නේ ඉක් !!"

ටේහ්‍යුන් තොලුත් උල් කරන් අතින් පයිනුත් කතාව විස්තර කරනකොට ජිමින් ඔලුවේ අත තියාගත්තා...

" අනෙහ් අම්මපා මූ කරන වැඩ !! යශීරා අනේහ් තරහ නැතුව උබේ අයියට අඩගහපන්කො අරුන් ටික හොයන්න යන්න...ඕකුන් එකෙක්වත් බිලා පුරුදු උන් නෙමෙයි...18 අඩු අය එන්න එපා ගානකොට හිතුනා මට මොකක් හරි විනාසයක් කරයි කියලා !! "

ජිමින් යශීරට කියනකොට හා කියලා ඔලුව වැනුව යශීරා හිනා වෙවි එයාගේ අයියව එක්කගෙන එන්න යනකොට ජිමින් ජන්ග්කුක් එක්ක බලෙන් ටේහ්‍යුන්ව ගේ ඇතුලට අරන් ගියා.

" එහාට පලයන් !! ඉක් !! මේ ලොකූට තාම කෙලින් යන්න පුලුවන් ඕකේ !! "

ටේහ්‍යුන්ව එක්කගෙන යන්න හදපු දෙන්නවම තල්ලු කරලා දාලා වැනි වැනි ඇතුලට ආපු ටේහ්‍යුන් සාලේ මැද්දෙම යූන්ගිගේ කකුල් දෙක ඉස්සරහ බැලන්ස් නැතුව පත බෑවුනා..

" ශුවපත් වේව !! "

එයාට වැදෙගෙන පහත් වෙලා ඉන්න ටේහ්‍යුන්ගේ ඔලුව අතගාලා යූන්ගි කියනකොට ජීකුක් දෙන්නා හිනාව කාගෙන බලන් හිටියා..

" ඔහ් පොඩි සාදු කෙනෙක් ඉක්!!...ශුවපත් වේවා...ශුවපත් වේවා...ඉක්!! ඒත් මේ පොඩි සාදු ඉක්!! අපේ යූගී බූගීත් වගේනේ ඉක්!! මුකද ඔයා කලිසමක් ඇදන් කරන්නේ ?? ඉක් !! "

මේ ලෝකේ සිහියක් නැති ටේහ්‍යුනුත් එහෙම්ම ඉදන් අත් දෙක එකතු කරලා යූන්ගිට වදිනකොට ඉතින් යූන්ගිට හෙන ගැම්මක් ආවා..ඇයි ඉතින් ටේහ්‍යුන් බඩගාගෙන එයාට වදින විදිය එයාගේ යාලුවෝ දෙන්නත් බලාගෙනනේ ඉන්නේ..

" දැන් ඒම තමා...සාදුලා කාසම් අදිනවා...ඒත ඔය ලමයත ඕල නෑනේ..."

යූන්ගිත් ඉතින් යාලුවෝ දෙන්නාට පේන්න තමන්ට වැදන් ඉන්න අයියාට ආඩම්බරෙන් කියනකොට ඇස් රෝල් කරපු ජිමින් ඇවිල්ලා යූන්ගිගේ ඔලුවට එකක් ගහලා වැටිලා ඉන්න ටේහ්‍යුන්ව නැගිට්ටෙව්වා..

" මෙහේ එනවා සීයා දකින්න කලින් කාමරේට යමු !! "

ටේහ්‍යුනව බලෙන් ඇදන් යන්න හදනකොට ජිමින්ව තල්ලු කර ටේහ්‍යුන් ආයි ගිහින් යූන්ගිට වැන්දා..

" අපි ඉක්!! යන්නම් පොඩි ශාදු !! "

" හා හලි හලි ශුවපත් වේවා ලොතූ !! "

යූන්ගිට වදින ටේහ්‍යුන්ව බලෙන්ම ඇදන් ජිමින් කාමරේට යනකොට ජන්ග්කුක්ත් හිනාව කාගෙන පස්සෙන්ම කාමරේට ආවා..

" කුක්කො මේහ්...ගිහින් මේකව නාවන්නකෝ...එතකොට වෙරි හිදෙයි...මන් ඉක්මනට ගිහින් අනිත් සෙට් එක හොයන් එන්නම්...මොකක් කරගෙනද දන්නේ නෑ..."

ටේහ්‍යුන්වා බාතෲම් එකට තල්ලු කරපු ජිමින් එක දිගට කියාගෙන කියාගෙන ගිහින් ජන්ග්කුක් වචනයක් කියන්නත් කලින් දොරත් වහගෙන එලියට දුවගෙන ගියා..

" ආහ් මගේ සුදු හාවෝ...කෝ එන්න මාව නාවන්න...!! "

කොමඩ් එකේ වාඩි වෙලා හිනා වෙවී තොල් උල් කරන් එයාට අඩගහන ටේහ්‍යුන්ව දැක්කාම ජන්ග්කුක්ට හිනා ගියා..බිව්වාම ටේහ්‍යුන් cuteness overload !!

හිනා වෙවී ටේහ්‍යුන්ගේ ටවල් එකත් අරන් ආපු ජන්ග්කුක් ඒක රැක් එකට දාලා ඔක්කොටම කලින් කරේ ටේහ්‍යුන්ගේ කකුල් දේකේ පිරිලා තියෙන මඩ සෝදපු එකයි...ජන්ග්කුක් පහත් වෙලා කකුල් දෙකේ මඩ සෝදනකොට ටේහ්‍යුන් එක එක සින්දු කිය කිය වැනි වැනි ජන්ග්කුක් කරන වැඩේ බලාගෙන හිටියා..

" කිරි සුදු හාවා...පැන පැන ආවා...එලවලු කොටුවේ...දලුකොල කෑවා...ඉක් !! දැක මගේ පඹයා බිය වී වෙව්ලා ඉක් !! වැටට උඩින් වූ....ඉක් !! මුකක්ද උනේ ?? ඒයි හාවෝ වැට්ටට උඩින් මොකක්ද උනේ ?? "

ටේහ්‍යුන් එකපාරටම පහත් වෙල එයාගේ කකුල් සෝදන ජන්ග්කුක්ගේ මූනට නැවිලා අහනකොට අහම්බෙන් වගේ එවෙලෙම මූන උස්සපු ජන්ග්කුක්ගේ මූන ටේහ්‍යුන්ගේ මූන ලගටම ආවා..තප්පර ගානකින් දෙන්නාගෙම ඇස් එකට යාවෙනකොට කියාගන්න බැරි හැගීම් ගොන්නකින් දෙන්නාම ඒ ඇස් දිහා හුගක් වෙලා බලන් හිටියා..ටේහ්‍යුන්ගේ ඇස් ජන්ග්කුක්ගේ බෝල ඇස් වලත් රෝස පාට තොල් වලටත් මාරුවෙන් මාරුවට යනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ හීනි ඇස් දිහා බලාගෙන හිටියා..

" මට ඔයාගේ තොල් හපන්න ඕන !! "

ටේහ්‍යුන් එකපාරටම එහෙම කියලා ජන්ග්කුක්ට හිතන්නවත් වෙලාවක් නොකියා ජන්ග්කුක්ගේ තොල් අල්ලගන්නකොට ජන්ග්කුක් එහෙම්ම ගල්වෙලා බලාගෙන හිටියා...ජන්ග්කුක් ඇත්තටම දන්නේ නෑ කිස් කරන්න...එයා අසභ්‍ය දර්ශන පවා බලලා තියෙන එක ඇත්ත..ඒ උනාට එයා දන්නේ නෑ කොහොමද කිස් කරන්නේ කියලා...ඒක ටේහ්‍යුන් උනත් හරියට දන්නේ නෑ කියලා තේරුනේ ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ගේ තොල් වල එයාගේ තොල් තියාගෙන හිටපු නිසායි..ජන්ග්කුක් ඇස් බෝල කරන් ටේහ්‍යුන් දිහා බලන් ඉන්නකොට ටේහ්‍යුන් එකපාරටම හිටපු තැනින් නැගිටලා ජන්ග්කුක්වත් කෙලින් කරලා එයාව බිත්‍තියට තද කරගත්තා..

" ඔයා ලස්සනයි....මට හැමදාම ඔයාව මන් ලගම තියාගන්න ඕන ජන්ග්කුක් !! හැමදාටම ඕන...ඔයාව බදාගෙන චප්ප කරන් මගෙ පපුව අස්සේ හංගන් තියාගන්න ඕන...ඒත් ඒත් ඒක මට කරන්න බෑ...ම..මන් දුර්වලයි කූ....මන් - "

ටේහ්‍යුන් වෙරිමතේ එයාගේ හිතේ තියන දේවල් කියන් යනකොට අන්තිම හරියෙදි ටේහ්‍යුන්ගේ ඇස්වලින් කදුලු බේරෙනකොට ජන්ග්කුක්ට ටේහ්‍යුන් කියන්න හදන දේ තවත් දැනගන්න ඕන උනේ නෑ...ඒ නිසාම ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යුන්ගේ තොල් උඩින් එයාගේ තොල් ආයි තියනකොට ටේහ්‍යුන් එයාගේ ලොකු අතකින් ජන්ග්කුක්ගේ කම්මුලක් අල්ලන් හිමීට ජන්ග්කුක්ගේ උඩු තොලයි යටි තොලයි ලීක් කරන්න පටන් ගත්තා...ටේහ්‍යුන් හරිම සන්සුන්ව හිමීට මේ දේ කරන් යනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ට ශර්ට් එක තද කරලා අල්ලගෙනයි හිටියේ..නුහුරු උනත් දැනෙන අමුතු හැගීමට ජන්ග්කුක් හුගක් ආස කරා...ටේහ්‍යුන් කරන විදියටම එයත් ටේහ්‍යුන්ගේ තොල් ලීක් කරන්න ගන්නකොට ටේහ්‍යුන් වේගේ ටිකක් වැඩි කරා...ජන්ග්කුක්ගේ කටින් පුංචි කෙදිරිල්ලක් පිටවෙනකොට වෙරි මතේ හිටපු ටේහ්‍යුන්ගේ හැගීම් තවත් උත්සන්න උන එකයි උනේ...එයා එහෙම්ම ජන්ග්කුක්ගේ බෙල්ලට පහත් වෙනකොට ටේහ්‍යුන්ගේ දිග ඇගිලි ජන්ග්කුක්ගේ ඉන තද වෙලයි තිබ්බේ..

" අහ්ම්...ටේහ්....ම්ම්හ්...."

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ලේ සියුම්ව තැනක් ලීක් කරනකොට ජන්ග්කුක්ගේ කටින් එක දිගට කෙදිරිලි පිට උනා..මේක ජන්ග්කුක්ගේ පලවෙනි අත්දැකීම...ටේහ්‍යුන්ගේ උනත් එහෙමයි..ඒත් ටේහ්‍යුන් සිහියෙන් හිටියා නම් කිසිම වෙලේක ජන්ග්කුක්ගේ ඇගට මෙහෙම අත තියන්නේ නෑ...ඒක ජන්ග්කුක් උනත් දන්නවා...ටේහ්‍යුන් සීමාව පන්නන්නේ නෑ !! එතකොට මේ කරන දේ වැරදී !!

ටේහ්‍යුන් මේ දේ කරන්නෙ සිහියෙන් නෙමෙයි කියලා දැනෙනකොට ජන්ග්කුක්ට  දැනුනේ ලොකු වරදකාරි හැගීමක්...ඒ අස්සේ ජන්ග්කුක්ගේ අත වැදිලා ශවර් එකත් ඇරෙනකොට වතුරෙන් තෙත්වෙලා ඉන්න ජන්ග්කුක්ගේ ඇග මත් වෙලා ඉන්න ටේහ්‍යුන්ගේ ඉවසීම තවත් නැති කරා..ටේහ්‍යුන් එයාගේ ඇග ජන්ග්කුක්ගේ ඇගේ අතුල්ලනකොට ජන්ග්කුක්ගේ මුලු ඇගම පන නැතුව යනවා වගෙයි දැනුනේ..ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ලේ සියුම් තැනක් දත් අතරට අරන් හපනකොට ඒකෙන් හරි සිහියට ආපු ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ව එහාට තල්ලු කරා..වෙරි නිසාම ටේහ්‍යුන්ව එහාට තල්ලු වෙලා යනකොට ජන්ග්කුක් ඉක්මනට බාතෲම් එකෙන් එලියට දිව්වා..

ජන්ග්කුක් එලියට ගිහින් කෙලින්ම ගියේ කන්නාඩිය ඉස්සරහට..තෙමිලා ඉන්න ජන්ග්කුක්ගේ බෙල්ලේ තැන් දෙක තුනකම හයිකී තියෙනකොට ජන්ග්කුක්ගේ මූනට පුංචි හිනාවක් ආවා..

" එයා හැමදේකටම වගේම ඒකටත් නම් දක්ෂයි..!! "

හයිකී එකක් හිමීට අල්ලන ගමන් මුමුනපු ජන්ග්කුක් ටිකක් වෙලා තමන්ව සන්සුන් වෙනකම් එහෙම්ම හිටියා..ටිකකින් ටේහ්‍යුන්ගේ සද්දයක් නෑ කියලා දැනුනාම ජන්ග්කුක් හිමීට බාතෲම් එකට ආයි ඔලුව දාලා බැලුවා..ටේහ්‍යුන් එහෙම්ම කොමඩ් එකේ වාඩි වෙලා නිදි කිරනවා දැක්කාම ජන්ග්කුක්ට හිනාත් ගියා..හිමීට බාතෲම් එකට ගිහින් ශවර් එක ඕෆ් කරපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ශර්ට් එක හිමීට ගැලෙව්වා..

" ලොකූ...කෝ නැගිටින්න..."

ජන්ග්කුක් නිදි කිරන ටේහ්‍යුන්ව බලෙන්ම නැගිට්ටවලා එයාගේ ඉන වටේට ටවල් එක තද කරලා ඇන්දුවා...එහෙම්ම ඇස් දෙක වහන් ටේහ්‍යුන්ගේ කලිසම් පහත් කරපු ජන්ග්කුක් කලිසම බාතෲම් එකේම දාලා ඇස් වහන්ම ටේහ්‍යුන්ගේ ඇගේ ටවල් එක තියෙනවද කියලා බැලුවා..ටවල් එකෙන් අදාල තැන් වැහිලා කියලා තේරුනාම තමයි ජන්ග්කුක් හිමීට ඇස් ඇරියෙ...ජන්ග්කුක් මේවා ඔක්කොම කරනකනුත් ටේහ්‍යුන් එහෙම්ම බිත්තියට හේත්තු වෙලා නිදි..

" කෝ එන්න යමු..."

නිදි කිරන ටේහ්‍යුන්ව බලෙන්ම ඇදන් ගිහින් ඇදෙන් වාඩි කරලා බොහොම අමාරුවෙන් ජන්ග්කුක් ටේහ්‍යුන්ට කලිසමකුයි ශර්ට් එකකුයි අන්දන්න ට්‍රයි කරත් ටේහ්‍යුන් ශර්ට් එක අදින එක තරයේ විරුද්ධ උනා..අන්තිමට ඕන එකක් කරගන්න කියලා ජන්ග්කුක් ශෝටර් විතරක් තියෙද්දි ටේහ්‍යුන්ව හාන්සි කරා..

" හොදට දොයියගන්න මගේ ලොකූ...මන් ඔයාට ආදරෙයි..."

තොල් උල් කරන් නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කන ලග මුමුනපු ජන්ග්කුක් එහෙම්ම ටේහ්‍යුන්ගේ නලලට හාදුවක් දීලා ටේහ්‍යුන්ව රෙද්දකිනුත් පොරවලා කාමරෙන් එලියට ආවේ ජිමින්ගේ සීයාගේ කටේ සද්දේ ඇහුන නිසායි..

" දෙයියනේ පොඩී මේ මොකෝ ?? "

.

.

.

#youaremyenemy

Comment