6• පැනයාම ☔︎

" ආ ආ මොකෝ මේ...😳😳😳"


" ෂ්...🤫😭🤫🤫😭🙏🙏🙏🙏🙏🙏"


අත් දෙක එකට අතුල්ල අතුල්ල ජිමින් මේසෙ යටට රින්ගුවේ යොන්ජුන්ට කට පියාගන්න කියලා වැද වැදයි. යොන්ජුන් ජිමින්ගේ මේ වැඩ දිහා බලාගෙන හිටියා කිසිම දෙයක් හිතා ගන්න බැරුව. ජිමින් කාටවත්ම රින්ගන්න තියා හිතා ගන්නවත් බැරි මේසේ යටට රින්ගුවා මාරම ලේසියෙන්. ජිමින්ට දැන් මේස යටවල් වල රින්ගලම පුරුදුයි වගෙයි.


ලමයි හැමෝම සද්දයක්වත් නෑ. එයාලගේ අලුත් ලෙච්චර් දිහා බලන් ඉන්නවා කන්න වගේ. ඒ මූනේ කිසිම හිනාවක්නම් නෑ. ඒ ඇස් කාවවත් ගනම් ගත්තෙත් නෑ. පුදුම ආඩම්බරකාර පෙනුමක් තිබුනා. හැමෝම අලුත් ලෙච්චර්ට ආචාර කලා ඒත් ලෙච්චර් වැඩිය ගනම් නොගෙන ඔලුව ටිකක් වනලා


" මම මින් යුන්ගි.. ඔයාලගේ අලුත්.."






ලෙච්චර් එයා ගැන කියන්න පටන් ගත්තා. හැමෝම මාරම ආසවෙන් අහන් හිටියා. එයාගේ නම කියද්දිම මෙච්චර වෙලා කට තද කරගෙන බයෙන් වෙවුල වෙවුල හිටපු ජිමින්


" ඒක වෙන්නේ කෝමද.... 😨 අනී... එයා මෙහෙට ආවේ මාව හොයාගෙනද...😰"


ජිමින් දහ අතේ කල්පනා කර කර හිතුවා. ඒ හිතිල්ලේ තරම කොහොමද කියනවනම් ඒක ලෙච්චර්ටත් හොදටම ඇහුනා.


" ඔය ලමයට මොකක් හරි කියන්න තියනවද....? ඉස්සරහට ඇවිත් ඒක කියන්න.. "


ලෙච්චර් අත් දෙකත් පපුවට බැදගෙන යොන්ජුන්ගේ ඉස්සරට එන ගමන් කියද්දී යොන්ජුන් ඇස් දෙකත් ලොකු කරගත්තා නිකන් 'මම මොනාද අනේ කලේ' වගේ.


" අනියා.. 🤷"


යොන්ජුන් උරහිසත් උස්සන ගමන් උත්තර දුන්නා. ලෙච්චර් එකම බැල්මකින් යොන්ජුන් දිහා බලන් ඉදලා ඒ බැල්මෙන්ම ලෙච්චර් රූම් එක දිහාත් බැලුවා. එයා දිගටම ලෙච්චර් එක කරගෙන යද්දී යොන්ජුන්ගේ වැඩේම ජිමින් දිහා බල බල ඉන්න එකයි වේ වේ ගාන එකයි නිසා, අහුවෙයි කියන බයටම ජිමින් යොන්ජුන්ගේ කකුලත් පෑගුවා කට පියන් ඉන්නවා කියාගෙන.


යොන්ජුන්ගේ කකුල පෑගුවා විතරයි


" ආව්...😬......🙂"


හිතුවටත් වඩා සද්දෙන් යොන්ජුන්ට කෑ ගැස්සුනා. ඒ කමක් නෑ කියමූ යොන්ජුන් පුටුව උඩට කකුලත් අරගෙන ජිමින් දිහා අමුතුවිදිහට බලන් හිටියා. ඒ වෙද්දී ලෙච්ච ස්ක්‍රීන් එක දිහාවට හැරිලා හිටියේ, යොන්ජුන්ගේ කෑ ගැහිල්ලට ඇස් දෙකත් පියාගෙන හොද හුස්මක් ගත්ත ලෙච්ච අත් දෙක සාක්කුවට දාගෙන ලමයි දිහාවට හැරුනා.


ලමයි වගේම ලෙච්චත් එයා දිහා බලන් ඉන්නවා කියලා යොන්ජුන්ට දැනුනා. හිමීට ඔලුව ඉස්සුව යොන්ජුන්


" මියන්දේ..🤭🙂මියන්දේ..🙏🙇😉🙂"


යොන්ජුන් දිගටම සමාව ගනිද්දී ලෙච්චර් යොන්ජුන්ව සතපහකට ගනම් නොගෙන ආයෙමත් ස්ක්‍රීන් එක දිහාවට හැරිලා එයාගේ වැඩේ දිගටම කරගෙන ගියා. අනික් ලමයිනුත් ලෙච්ච දිහා බලාගෙනම හිටියා වසග වෙලා වගේ. අනේ ඉතින් අසරන යොන්ජුන් ලැජ්ජාවෙන් හිනාවෙලා කකුල බිමට දැම්මා.
ජිමින් දිහා හොරාට බල බල හිටපු යොන්ජුන්ව ආයෙත් කීප පාරක්ම ලෙච්ච දැක්කා. ඒත් ගනම් නොගෙනම හිටියා. මේසේ යට මොකක්රි තියෙනවග ඊලගට එයාට තේරුනා. ඒ මොකක්ද කියලා තේරුනේනම් නෑ. ඒත් යොන්ජුන්ගේ ඇස් තිබ්බෙම මේසේ යටට නිසා සැකේ තවත් වැඩි උනා.
ඔහොම යද්දී කෝම හරි වෙලාවත් ඉවර උනා එයාට තිබුන.
අද තියෙන අන්තිම ලෙච්ච එකත් මේක නිසා අනික් කොල්ලෝ කෙල්ලෝ ටික නැගිටලා ලෙච්ච්‍ර් ලගට ගිහින් ආචාර කරගෙනම එලියට ගියා. සමහර කෙල්ලෝනම් දැවටි දැවටි හිටියා සුගා ලගම නම්බ එකවත් දෙයිද බලන්න. ඒත් එයා ඔලුව උස්සලවත් එයාලා දිහා බැලුවේ තියා ගනම් ගත්තෙවත් නෑ. ඔක්කොම ලමයි ගියාට පස්සේ ඉතුරු උනේ යොන්ජුනුයි ජිමිනුයි. ලෙච්චර්ට පේන්න හිටියේ ඉතින් යොන්ජුන්නේ.


යොන්ජුන්ට යන්නනම් කිසිම අදහසක් තිබුනේ නෑ. ජිමින් ඉන්නේ මේසේ යට නිසා යොන්ජුන්ට හෙල්ලෙන්නවත් බැරුවයි හිටියේ. ලෙච්චකාරයා යනකම්ම ඉන්නවා කියලා හිතාගෙන යොන්ජුන් බොරුවට කලින් හදපු නෝට් හදන්න පටන් ගත්තා.



ටිකක්වෙලා ඉදපු ලෙච්ච


" තේරුන්නැති දෙයක් තියනවද..?"


"ආ.. 😳 අනියා... 😁 හොදට තේරුනා..හෙටත් හම්බෙමු සර්... 👋"


ලෙච්ච එයාගේ බඩු ටිකත් අරගෙන යන්න ලෑස්තිවෙලා අහද්දී යොන්ජුන් හොදට හිනාවෙලා උත්තර දීලා අතත් වනලා නැගිටලා ආචාරත් කලා හරියට 'අනේ යන්නකෝ දැන්වත්' කියන්න වගෙයි. ලෙච්චර් ඔලුව වනලා එලියට යන්න ගියා.
එලියටම නෙවෙයි දොර ඇරලා එතනම පේන්නේ නැතිවෙන්න හිට ගත්තා යොන්ජුන්ව පේනමානෙම වගේ. ලෙච්චර්ට තිබුනේ පුදුම සැකයක් යොන්ජුන් ගැන. එයාගේ හැසිරීම ගැන. මොකක්රි මේසේ යට තියෙනවා එයාට ඒක හොදට තේරුනා. ඒ මොකක්ද කියලා දැනගන්න ඔනෙ උනා


" දැන්වත් එලියට එන්න හොර මීයෝ.. ඔයා කොහොමද හුස්ම ගත්තේ ඕක යට ඉදගෙන.. මේ වගේ තැනකට කොහොම රින්ගුවද කියලයි මට හිතා ගන්න බැරි.."


යොන්ජුන් විහිලු කර කර ජිමින්ට එලියට එන්න එහාට උනා. ජිමින් එලියට එන එක කෙසේ වෙතත් එලියට ඔලුව දාලා හතර වටේම බැලුවා ලෙච්ච ගිහින්ද කියලා. එයා නෑ කියලා දැක්ක ගමන් බඩගාගෙන එලියට ආව ජිමින්


" මන් යනවා... "


ජිමින් ඉක්මන්ට එයාගේ බඩු ටිකත් අරගෙන නැගිටලා ඉස්සරහට දුවගෙන යද්දී යොන්ජුන් ඇස් දෙකත් තඩි කරගෙන ජිමින් පස්සෙන් දුවන්න පටන් ගත්තා. ප්‍රශ්න කෝටියයි යොන්ජුන්ට ජිමින්ගෙන් අහන්න ඒත් ඉතින් ජිමින්ගෙන් කිසිම උත්තරයක් හම්බුනේ නෑ. ජිමින් කලේ බෑග් එක පපුවට තද කරගෙන දුවපු එක.


" ආ කොහෙ... පොඩ්ඩක් ඉන්න.. ජිමිනා..."


යොන්ජුන් නම කියද්දී ලෙච්ච හැන්ගුනු තැනින් එකපාරටම එලියට ආවා. ජිමින් හරියටම නැවතුනේ ලෙච්චගේ ඇගේ වැදිලයි.
ජිමින්ගේ බඩු ඔක්කොම ඇගේ වැදුනුපාර බිම වැටුනා. කාගේ ඇගේද හැප්පුනේ කියලවත් ජිමින් බැලුවේ නැති ජිමින් ඉක්මන්ට බිමට නැවිලා ඒවා අහුලන්න පටනගත්තේ තවත් පරක්කු නොවී යුනිවසිටි එකෙන් පැන ගන්න හිතාගෙනයි.


" ආ..... මේ... ස...😳.. තාම ගියෙ නැද්ද.. මොනා හරි අමතක උනාද...?"


ලෙච්චර්ව දැකපු යොන්ජුන් අහද්දී


" ආ ඔව්නේ... 😀මට දෙයක් අමතක උනානේ...😌😏"


ලෙච්ච කට කොනට හිනාවක් දාගෙන එහෙම කියාගෙන ජිමින් දිහා බැලුවා. ඒ කටහඩ ඇහුනා විතරයි ජිමින්ගේ ඇස් දෙකේ කදුලු පිරුනා. අහුල ගත්ත බඩු ඔක්කොම ආයෙත් බිමට අත ඇරපු ජිමින් ස්කාෆ් එකෙන් තවත් මූන වහගෙන ඒ තප්පරේට නැගිටලා එලියට දුවගෙන ගියා.


" 😳 ජිමිනා... මේ..🗣️මේ බෑග් එක... "


යොන්ජුන් එකපාරට එලියට දුවන් ගියපු ජිමින්ට කෑ ගහද්දී සුගාත් ඒ පස්සෙන්ම යන්න ගියා.


ජිමින් දිගටම දුවන් ගියා. එයාට තේරුනා එයාගේ පස්සෙන් කවුරුහරි එන වග. ඒ එන්නේ කවුද කියලත් හොදටම දන්නවා, ඒකමයි ජිමින්ට තවත් බය හිතුනේ. පිටිපස්සවත් බලන්නැතුව දුවපු ජිමින්ට අන්තිමට යුනිවසිටි එකෙන් එලියට යන පාරත් මග ඇරුනා. ලමයි කවුරුත්ම නෑ හැමතැනම පාලු පාරවල් කොහාටදෝ මන්දා යන්න විහිදුනු ඒවා.


ජිමින් දිගටම දුවගෙන ගියා.
තවමත් පස්සෙන් අඩි සද්දේ ඇහෙනවා.


දුවලා දුවලා නැවතුනු ජිමින්ට හම්බුනේ ස්පෝට් රූම් එක. ඒකේ දොර හායි ගාලා ඇරලා තිබුනා. ජිමින් ඉක්මන්ට ඇතුලට ගිහින් ඒ දොර වහ ගත්තා. ඒත් ඒකේ ලොක් එක කැඩිලා තිබුන නිසා වහන්න විදිහක් නෑ. ජිමින් දොර තද කරගෙන දොරට හේත්තු උනා. ඊලගට ජිමින් හති දදා කටට අත තියාගෙන වට පිට බැලුවේ හැන්ගෙන්න තැනක්. දොර එහා පැත්තෙන් අඩි සද්දේ දැන් දැන් හොදටම ඇහෙද්දී බයෙන් වෙවුලුව ජිමින් පිටිපස්සෙන් පිටිපස්සට ගියා. යන්න කිය්ලා කොහෙවත්ම නෑ. එයාව අහුවෙන්නයි යන්නේ.
ඒ දොර ඇරෙනවත් එක්කම ජිමින් ඇතුලට දුවන් ගිහින් වොශ් රූම් එකක රැක් එකක් පිටිපස්සේ හැන්ගුනා.


වටපිටාවේ කිසිම සද්දයක් තිබුනෙ නෑ. හැම තැනම වතුර යන බටවලයි භාගෙට වහලු ටැප්වලටි වතුර කාන්දුවෙන සද්දේ දෝන්කාර දෙනවා විතරයි. ජිමින්ගේ හදවත ගැහෙන සද්දෙත් ඒ තාලෙටම වේගවත් උනා.
හයියෙන් හුස්මගන්න සද්දෙත් එක්ක වෙවුල අත් ජිමින් තදින්ම පපුවට තද කර ගත්තේ ඔම්මට කතා කර කර කරයි.
ටිකක් ඉස්සුනු ජිමින් රැක් එකේ තෙමුනු ඇදුම් අතරින් බලාගෙන හිටියා. එයා බලන් හිටියේ කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ දොරක් දිහා. එයා හිතුවා ඔතනින් එයා එයි කියලා. ඔව් හිතුවා වගේම ජිමින් දැක්කා කකුල් දෙකක් ඒ දොරෙන් ඇතුල් වෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි ජිමින්ගේ ස්ටෙප්බ්‍රදර් සුගා. එයාගෙම ලෙච්ච විදිහට ඇවිත් ඉන්නවා. ඒත් සුගාවත් දැනම් හිටියේ නෑ එයාට ජිමින්ව යුනිවසිටි එකේදි හම්බෙයි කියලා.


සුගාගේ හිතේ ජිමින් ගැන තිබුනු තරහව තවත් වැඩිවෙමින් තිබුනේ මේ දවස්වල. ඒ එයාගේ යාලුවො නිසයි. සුගාගේ යාලුවෝ සුගාගේ ඔලුවට එක එක පිස්සු දේවල් දැම්මා. ජිමින් ඇවිත් තියෙන්නේ ඔයාගේ හැමදේම උදුර ගන්න වෙන්නැති කියලා. බොරු අහින්සක පෙනුමක් දාලා ඔයාව පාරට ඇදලා දාන්නයි හදන්නේ කියලා යාලුවෝ කියද්දී සුගාගේ හිතේ ජිමින් ගැන තිබුනු වයිරය තවත් වැඩි උනා. ගෙදර එද්දී ජිමින් හැන්ගිලමයි හිටියේ එයාගේ කාමරේට වෙලා ඒ නිසා සුගාට ජිමින්ට අතක්වත් තියන්න හම්බුනේ නෑ. ජිමින් දවල් වරුවෙම ගෙදර ඇත්තෙත් නෑ. කලින් ලෙච්චස් ඉවර උනාම ජිමින් බීච් එකට වෙලා ඉදලා හවස් වෙලයි ගෙදර යන්නේ. හොරෙන්ම ගිහින් දොර වහගෙන ජිමින් ඇදට වෙලා නිදි නැතුව ඉන්නවා. සුගා ඇවිත් දොරට ගගහා දොර කඩන්න හදදී ජිමින් කෝම නිදා ගන්නද. නිකන් නෙවේ හොදටම බීලා. සුගා පස්සේ වැඩේ අත ඇරියා තවත් එයාගේ යාලුවෝ එක්ක බොන්න ගියා. ඒත් කෝම හරි ජිමින්ව ගෙදරින් පන්නනවා කියලා සුගා හිතයටින් හිතා ගත්තා.


කැඩෙන්න ඔන්න මෙන්න තිබුනු දොර ඇරියම කන්වලට අමාරු කීන් සද්දයක් ඒ දොරෙන් පිට උනා. හරියට බය හිතෙනවා. සුගා වතුර ගොඩේ හයියෙන් අඩි තිය තිය ඉස්සරහට ආවා


" ජිමිනාඅ.. මගේ මල්ලී... කොහෙද ඉන්නේ... මම මොකුත් කරන්නෑ ඔයාට... එලියට එන්න... අපි ටිකක් කතා කරමු... මන් කාලෙකින්නේ ඔයාව දැක්කෙත්.. කෝ ඉතින් එලියට එන්න.. මම කිව්ව එක ඇහුනද ජිමිනා... එලියට එනවා.. මේ දැන්ම.."


__________________________________


Hola 🤭


කෝමද ලමයි. ඉක්මන්ට යාලු කරලා ආදරේ කරන කතාවක් නෙවෙයි හොදේ මේ කතාව😳💔. මගේ ප්ලොට් එක ටිකක් වෙනස්. මන් හිතන්නේ හොදටම වෙනස්🙂💔. විලන්ව හැමවෙලේම වගේ මාරු වෙනවා😌


අඩන්න ලෑස්ති වෙන්න ලමයි 🙂💔



Enjoy 🤗
Ishki...

Comment