Chapter 16

Sohi's p.o.v.


එක පාරට මාව වට කර ගත්ත එළිය නිසා මම ගොඩක් බය වුණා ඒ වෙලාවේ හැටියට මට වැදගත් වුණේ oppa ලාට මෙහෙන් පැනලා ගිහින් බේරෙන්න කියන එක විතරයි...ඒත් ඒ එළිය මාව වට කර ගත්ත නිසා මම ඇස් දෙක පියාගෙන එතනම හිටියා....


ටික වෙලාවක් මම එහෙම ඇස් දෙක වහගෙනම හිටියා..ඒත් ටික වෙලාවකට පස්සේ එක පාරට මාව කාගේ හරි ඇඟේ හැප්පිලා බිමට වැටුණ නිසා මම ඇස් දෙක ඇරලා බැලුවා....ඒත් එක්කම මගේ ඉස්සරහ මොනවදෝ කන ගමන් හිටිය කෙනෙක් එක පාරට යටිගිරියෙන් කෑගහන්න ගත්තේ මාව දැකලා බය වෙලා...එයාගේ කෑගැහිල්ලට ඊට වඩා මම බය වුණ නිසා මමත් ඒ කෙනාට වැඩිය හයියෙන් කෑගහන්න ගත්තා...


එතන දැන් එකම යුද්ධයක් වෙලා...එතන හිටිය කෙනයි මමයි දෙන්නම දෙන්නට දෙන්නා දෙවෙනි වෙන්නේ නැතුව යටිගිරියෙන් කෑගහනවා....


( Author - එහෙම එකක් මවා ගන්න පුළුවන් නේද 😂😂දෙන්නම දැන් මහ හයියෙන් කෑගහනවා මූණට මූණ බලා ගෙන...බය වෙලා නෙමෙයි අනිත් කෙනාට පරාද වෙන්න බැරි නිසා කෑගහනවා 😂😂💔  )


අපි දෙන්නගේ කෑගැහිල්ලට මහ හයියෙන් බැන බැන එතනට තව කෙනෙක් ආවා....


" මොකාද මගේ නින්දට බාධා කරපු එකා...මං අද ඉතුරු........"


එයාට ඉතුරු ටික කියා ගන්න වුණෙත් නෑ මාව දැකපු ගමන් එයාගේ කට වැහුණා...එතකොට තමයි මට මතක් වුණේ මම තාමත් ඉන්නේ වැටුණ තැන එහෙම්ම ඉඳගෙන නේද කියලා....ඒ නිසා මම කෑගහන එකත් නවත්තලා එතනින් නැගිටලා ඒ දෙන්නා ළඟින්ම ටිකක් ඈත් වුණා... තාමත් ඒ දෙන්නම මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා...මාත් එයාලා දිහා ටිකක් උන්නදුවෙන් බලන කොට තේරුණේ මේ ඉන්නේ එදා Tae එයාගේ අමුතු පෙට්ටියෙන් පෙන්නුව දෙන්නෙක් නේද කියලා....


" Jimin.....Yoongi oppa "


මම එයාලා දිහාවට ඇඟිල්ල දික් කරන ගමන් එයාලගේ නම් කිව්වා....එයාලා නම් තාමත් හිටියේ මගේ දිහා කටත් ඇරන් බලාගෙන...මං එයාලව අඳුරන නිසා එයාලා හිටියේ තවත් පුදුම වෙලා....Tae ගේ අර අමුතු පෙට්ටියට පිං සිද්ධ වෙන්න මට දැනටමත් ඒ දෙන්නව අඳුර ගන්න පුළුවන් වුණා....මම එයාලව අඳුර ගත්තට ඒ දෙන්නා තාමත් මාව අඳුරන්නේ නෑ කියලා මට මතක් වුණේ ටිකක් වෙලා ගියාට පස්සේ...


" ඔයා කොහොමද අපි දෙන්නව අඳුරන්නේ...අපි ඔයාව මීට කලින් දැකලා තියෙනවද...අනික ඔයා කොයි ලෝකෙන්ද මෙහෙට කඩා පාත් වුණේ....Jimin ඒ පාර ඔහේ මේ පාරේ යන කෙල්ලොත් මේක අස්සට ගෙනත් දාගන්නවද..."


තාමත් මගේ දිහා හොල්මනක් වගේ බලන් ඉන්න ගමන් Yoongi oppa එහෙම ඇහුවා....


" අහ් අනේ නෑ නෑ Hyung...මං එයාව ගත්තේ නෑ එයා තමයි මෙතන එකපාරට මතු වෙලා මගේ ඇඟෙත් හැප්පුණේ...."


" දැන් එතකොට ඔයා කියන්නේ මේ කෙල්ල එක පාරට මෙතනට ඇවිත් මතු වුණා කියලද ආහ්...."


" ඔව් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ...😒"


ඒ දෙන්නත් අනිත් අය වගේමයි...දැන් මෙතන හැමදේටම වඩා එයාලට රණ්ඩුව ලොකු වෙලා...ඒක නිසා මාත් කට වහන් එයාලගේ රණ්ඩුව අහගෙන පැත්තකට වෙලා හිටියේ කොයි වෙලාවක හරි මං කියලා කෙනෙක් එතන ඉන්නවා කියලා එයාලට මතක් වෙනකන්....


අන්තිමට ටික වෙලාවකට පස්සේ මම එතන ඉන්නවා කියලා එයාලට මතක් වුණා


" දැන්වත් ඔයා කියන්න...ඔයා කවුද කොහෙන්ද ආවේ කියලා..."


" ආහ්...මම Sohi...සමාවෙන්න මට පේන විදියට මං වැරදීමකින් අනාගතේට ඇවිල්ලා...."


" අනාගතේට...?? ඒ කියන්නේ ඔයා අතීතේ ඉඳන්ද ආවේ.... Hyung...ඒ කියන්නේ මෙයාට Jin hyung වත් හම්බෙන්න ඇති...කොහෙද Jin hyung ලා එයාලා ආවේ නැද්ද...."


" ඕහ් එතකොට මේ Jin oppa ගේ ගෙදරද....මේක මාලිගාවටත් වඩා ලස්සනයි නේ....."


" ඔව් ඔව් මේ Hyung ගේ ගෙදර තමයි Sohi දැන්වත් කියන්නකෝ කොහෙද අනිත් කට්ටිය ඉන්නේ...."


" මේකයි Jin oppa ලා ලොකු කරදරේක Jimin...ම...මට උදව් කරන්න බැරි වුණා එයාලට...මෙන්න මේක නිසා එක පාරට මාව මෙහෙට ආවා...අපි එයාලව බේරගන්න ඕනේ...ඒත් මට එහෙට යන්න බෑ...මට මාලිගාවට යන්න අවසර නෑ..."


" කරදරයක්...ඇයි මොකද්ද වුණේ....ඉන්න ඉන්න අපි මේ ගැන මුල ඉඳන් කතා කරමු එන්නකෝ වාඩි වෙන්න මෙහෙන්...Jimina මෙයාට කන්න මොනවා හරි ගේන්න ඔයා ගිහින්..."


Yoongi oppa එහෙම කියලා මාවත් ඇදගෙන ගිහින් වාඩි වෙන්න කිව්වා...මේ ගෙදර නම් ඇත්තටම මාලිගාවට වඩා ලස්සනයි...අනාගතේ ජීවත් වෙන අය හැමෝම මේ වගේ ගෙවල් වල ජීවත් වෙනවා කියන එක මට හිතා ගන්න බැරි වුණා....


" හරි දැන් කියන්න ඔක්කොම මුල ඉඳන්..."


" මම Lee Sohi....එක දවසක් රෑක Tae kookie යි අපේ ගෙදර ඉස්සරහ සිහිය නැතුව වැටිලා හිටියා...."


" Tae යි kookie යි ඔයාලා ළඟද හිටියේ එතකොට.."


" ඔව් oppa...අපි එයාලව ඒ දවස් ටිකේ අපේ ගෙදර තියා ගත්තා...එයාලා අනාගතෙන් ආවා කියලා කිව්වට අපි පිළිගත්තේ නෑ...ඒ වුණාට Tae මට මේ අමුතු පෙට්ටිය පෙන්නුව නිසා අපි එයාලා අනාගතෙන් ආවා කියලා පිළිගත්තා..."


මම එහෙම කිව්වේ තාමත් මගේ ළඟ තියාගෙන හිටිය Tae ගේ පුංචි පෙට්ටිය Yoongi oppa ට පෙන්නන ගමන්...


" Tae ගේ phone එක...?? "


" ඔව් oppa එයා මට ඒක දුන්නා....ඊට පස්සේ Tae යි kookie යි ඊළඟ දවසේ ගියා එයාලට ගෙදර යන්න පුළුවන් අර වගේ පෙට්ටියක් හොයා ගෙන..මම හිතන්නේ එයාලා ඒක නැති කරගෙන...ඊට පස්සේ ආයෙත් Tae ව යි kookie ව යි අපි කවුරුත් දැක්කේ නෑ....ඊළඟ දවසේ තමයි Jin oppa ලා එහෙට ආවේ කවුරුත් දකින්න කලින් මම එයාලව අඳුරගත්ත නිසා එයාලවත් අපේ ගෙදර තියා ගත්තා...ඒත් ඊළඟ දවසේ Hobi කරපු වැඩක් නිසා ඔක්කොම අවුල් වුණා..."


" ආෂ්...මට හිතුණා ඒ මනුස්සයා යනකොටම වැඩේ අනා ගන්නවා කියලා.... ඊටපස්සේ.... මොකද වුණේ...."


" යා Hyung....මේක ඇතුළේ කන්න දෙයක් නෑනේ...මං හිතන්නේ මට ඔක්කොම කැවිලා...."


" යා Jimina ඔය තියෙන මොනවා හරි ගේනවකෝ වද නොදී....Sohi හොඳම ටික කියන්න යනකොටම මැදින් පැන්නනේ....shit..."


" කන්න දෙයක් නෑ hyungggggggg ඔක්කොම මගේ බඩට ගිහිල්ලා......"


" Shit Jiminah ඔහොම ඉන්නවා කෑගන්නේ නැතුව මෙන්න මෙහෙට එනවා....මම පස්සේ town එකට ගිහින් මොනවා හරි ගේන්නම්....එනවා දැන් මෙතනට...."


Jimin ගෙ යි yoongi oppa ගෙ යි රණ්ඩුව ආයෙත් පටන් ගත්තා...මම ඒ දෙන්නගේ රණ්ඩුව දිහා බලාගෙන හිටියේ හිනාවත් තද කරගෙන...Jin oppa ට මොකද වුණේ කියලා දැනගන්න ඕනේ නිසා Yoongi oppa මගේ දිහාවට ආයෙත් හැරෙනවත් එක්කම මම ආයෙත් බැරෑරුම් මූණක් දාගෙන කතාව කියන්න පටන් ගත්තා....කතාව පටන් ගන්න හදනකොටම Jimin ත් ඇවිත් Yoongi oppa ට එහා පැත්තෙන් වාඩි වෙලා මම කතා කරනකන් බලන් හිටියා......


" එදා රෑ oppa ලා tae ව යි kookie ව යි හොයන්න යන්නයි හිටියේ....ඒත්......😫"


" ඒත්.. මොකද...."


" යා Jimina පනින්නේ නැතුව ඉන්නවකෝ කියනකන්...."


" ඇයි පැන පැන යන්න මං ගෙම්බෙක් කියලා හිතුවද Hyung...."


" ගෙම්බෙක් වුණා නම් මීට වඩා හොඳයි...."


" යා... Hyunggg  මොකද්ද කිව්වේ......"


" නෑ නෑ මුකුත් කිව්වේ නෑ දැන්වත් ඔය කට වහගෙන Sohi ට මේක කියන්න දෙනවද..."


" හරි ඉතින්....Sohi ඔයා කියන්නකෝ...අහ් ඒක නෙමෙයි ඔයාගේ වයස කීයද...."


" Jimina කට වහන් ඉන්නවකෝ පොඩ්ඩක්...."


" ආහ් හරි හරි වයස ඕනේ නෑ...මං noona කියලා කියන්නම්....ඔයා කියාගෙන යන්නකෝ noona..."


ආයෙත් පටන් ගත්ත රණ්ඩුව ඉවර වෙනකන් මං සද්ද නැතුව බලන් හිටියා...මේ දෙන්නට නම් රණ්ඩු වෙනවට වැඩිය වෙන කරන්න දෙයක් නැද්ද කොහෙද...කොහෙන් ගියත් රණ්ඩු වෙනවා....මට දැන් තමයි තේරෙන්නේ Jin oppa ට අච්චර කේන්ති යන්නේ ඇයි කියලා...ඒ මනුස්සයා පුදුම දුකක් නේ විඳින්නේ මේ කට්ටියව බලා ගන්න ගිහිල්ලා....පව් මගේ oppa...oppa ගැන හිත හිත ඉන්න කොට මය ආයෙත් මතක් වුණේ oppa ලා කරදරේක නේද කියලා...ඒ නිසා මම ආයෙත් Yoongi oppa ට යි Jimin ට යි වෙච්ච හැමදේම කියන්න පටන් ගත්තා....


" ඒත් එදා රෑම සෙබළු ඇවිත් මුළු ගමම පරීක්ෂා කරා...Jin oppa මට මේ අමුතු පෙට්ටිය බලා ගන්න දීලයි තිබුණේ...ඒ වෙලාවේ මම හිටියේ මේක ගැන බල බල...සෙබළුන්ගේ සද්ද ඇහුණ නිසා මම ඒ පැත්තට යන්න හැදුවත් මාව එක පාරට මෙහෙට ඇවිත් මතු වුණා....සෙබළු දැන් Jin oppa ලා ව අල්ලගෙන ඇති...අපි එයාලට උදව් කරන්න ඕනේ...."


" Woow මේක නම් Film එකක් වගේනේ..."


" යා Jimina හැම මගුලම විහිළුවකට ගන්න එපා මනුස්සයෝ...Jin Hyung ලා කරදරේක වැටිලා ඉන්නේ..."


" හරි ඉතින්....අපි දැන් මොකද්ද කරන්නේ noona..."


" අපි ආයෙත් එහෙට යන්න ඕනේ... ඒත් මම දන්නේ නෑ ආයෙත් යන්නේ කොහොමද කියලා....එයාලා Jin oppa ලා ව සිරකුටි වලට දාලයි ඇත්තේ...අපිට එතනට යන්න කිසිම ක්‍රමයක් නෑ...."


" මොනවා වුණත් Sohi අපිට මේ රෑ මුකුත් කරන්න බෑ....අපි හෙට උදේම එහෙට යමු..."


" ඒත් Yoongi oppa එතන මගේ ඔම්මත් ඇති...ඒ කියන්නේ එයාලට අනිවාරෙන් මරණ දඬුවම ලැබෙනවා...."


" ඒත් කොහොමද එහෙම කියන්නේ noona එයාලා වැරැද්දක් කරලා නෑනේ...."


" එ...ඒත්...Jimin.....අපි.... රාජද්‍රෝහි පවුලක්..."


" මොකක්...ඇයි ඒ noona ඔයාලා මොකද්ද කරපු වැරැද්ද "


Jimin එහෙම කිව්ව නිසා මම එයාලට මුල ඉඳන් මගේ කතාව කිව්වා...එයාලගේ මූණු වල තිබුණේ හරිම අසරණ බැල්මක්....


....................


" හරි noona ඔයා බය වෙන්න එපා... Hyung ලාව බේර ගත්තට පස්සේ ඔයයි අජුම්මයි මෙහෙ නවතින්න...."


" ඒත්.. Jimina මම මෙහෙට අයිති නෑනේ..."


" ඉතින් මොකද noona...ඒකට කමක් නෑ...ඔයාලා මෙහෙ ඉන්න...නැත්තන් ඔයාට ඕනේ හැමදාම හැංගි හැංගි ජීවත් වෙන්නද...."


Jimin කියපු දේට මම උත්තරයක් නොදී බලන් හිටියේ මගේ හිතට දැනටමත් මෙහෙ නවතින්න ඕනේ වෙලා තිබුණ නිසා...එතකොට මට Jin oppa ත් එක්ක හැමදාටම ඉන්න පුළුවන්....හිතට ඉඩ දෙන්න Sohi...ඔයා මෙහෙ නවතිනවා දකින්නයි හැමෝටම ඕනේ....


මම මගේ හිතත් එක්කම වාද කර කර ඉන්න කොට Yoongi oppa කතා කරා....


" හරි හරි දැන් මං ගිහින් එහෙනම් කන්න දෙයක් අරන් එන්නම්...අහ් එතකොට ඔයාට ඔහොම ඉන්න බෑනේ Sohi මම ඇඳුම් ටිකකුත් අරන් එන්නම්....එතකන්...Jimin...තමුන් විකාර වැඩ නොකර Sohi ට විවේක ගන්න කාමරයක් හදලා දෙනවා..."


" එහෙමයි උතුමාණෙනි..."


" යනවා ඉක්මනට විකාර නොකර "


" හරි හරි Hyung ඉතින් ඔච්චර කෑගහන්න ඕනෙද...මං යන්නම්..."


Jimin ටත් බැනලා බැනලා අන්තිමට Yoongi oppa කන්න දෙයක් ගේන්න ගියා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


_____________________________________


Hiii...


Sohi අනාගතේට එයි කියලා කවුරුත් හිතුවේ නෑ නේද 😂👉👈


අද කොටස හොඳයිද....මට හිතෙන්නේ ඒක එච්චර හරි නෑ....🙁


කතාව ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවද...තියෙනවා නම් අහන්න පුළුවන් 😊🤗💝


💝👋

Comment