Ep 10

ඔක්කොම අය ලෑස්ති වෙලා පාක් ගාවට ආවෙ එයාලා පුදුම වෙන්න තරම් මෙහෙ තියෙන දේ මොකද්ද කියලා දැනගන්න


" අප්පා දැන් ඔයා අපි කොහෙටද එක්කන් යන්නෙ..."


ජිමින් පාක් එක්ක කැලෑවක් හරහා ගමන් කරන ගමන් අප්ප කිව්වෙ මේ පුදුම දේ මොකද්ද කියලා හිතා ගන්න බැරි උන නිසා...


" පුතා තා පොඩ්ඩක් ඉවසලා ඉන්න කො මන් දැන් යන්න කලින් ඔයාට යන තැන කිව්වොත් කොහොමද ඔයාලා පුදුම වෙන්නෙ "


පාක් පොඩි කපටි හිනාවක් දාලා ඉස්සරහට යන්න පටන් ගත්තා


" ජිමින්..."


කුකී ගොඩක් වෙලා ඉදලා කල්පනා කරේ ජිමින් එක්ක කතා කරන්න විදියක්


" ජන්කුක් ඔව් කියන්න..."


" ඔයා පොඩි කාලෙ ඉදලද මේ වගේ ගමන් යන්න ආස..."


" හුම් ඔව් මන් ආසයි මේවගේ දේවල් බලන්න ඒ වගේම මේ වගේ සැගවිලා තියෙන  දේවල් හොයා ගන්න   "


" ඕ 😁 ඒක හොදයි මාත් ආසයි ඒත් අපේ පපා එයා මට මේවට එන්න දෙන්නෙ නැ නෙ..."


" එහෙමද හරි කමක් නැ ඔයා මේ ගමන ආවනෙ මේකෙන් ඉගෙන ගන්න ඊලගට මේවගේ ගමන් යන්න ලේසි වෙයි..."


" යා.... මොනාද ඔය දෙන්නා කතා කරන්නෙ මාව අමතක උනාද..."


ටේ කෑ ගහගෙන ඇවිත් කුකීගෙ කරට පැන්නෙ පරන පුරුද්දටමයි ...


" යා බහිනවා වලහෝ මගෙ කොන්දෙන් ඕක කැඩිල යාවි ..."


" යා හාවෝ මන් එච්චර බර නැ ..."


" හිතන් ඉන්න විදිය තමයි ඉතින් තමුසෙ මාර බරයි ඕයි..."


" 😂😂 අනේ මොනා නැතැත් ඔය දෙන්නා නියමයි..."


ජිමිනා බඩ අල්ලන් හතරට විතර නැවිලා හිනා ඒ හිනාවට එක්කෙනෙක් වසී වෙලා වගේ බලන් ඉන්නෝ අම්බෝ 



" ඔන්න අපි ආවා..."


පාක් කැලෑව අස්සෙන් එලියට ඇවිත් කෑ ගැහුවා


" වෝ දෙයියනේ....😳😳 "


යුන්ගි ඒක දැක්ක පාර කටත් ඇරුනා...


" හොබියා යුන්ගියා මේ මේ 😳😳 "


ජින්ට ඉන්න තැනත් අමතක් වෙලා වගේ කෑ ගහනෝ


" මේ ඔයාලට කියන්න පුලුවන්ද මේ මොකද්ද කියලා..."


ජුන් ඇහුවෙ මෙතන දැකලා මෙයාලා මෙච්චර පුදුම වෙලා තියෙන්නෙ මොකද කියලා හිතා ගන්න බැරි නිසා


▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂


හායි ලමයි


මොනා වෙන්න ඇද්ද ඒ...


ඊලග එකෙන් බලමු කෝ


1K ගිහින් 🙈 හරිම සතුටුයි Thank you  රීඩ බබාලා....


වෝට් කමෙන්ට් දාන් යන්න...


සරන්හේ ❤️


✍️KishaRD

Comment